Monday, July 21, 2014

ඩ්‍රොග්බා නැවත චෙල්සි කණ්ඩායමට එන හැඩ ?

2011 -12 චෙල්සි කණ්ඩායමට යුරෝපීය ශූරයන්ගේ කුසලානය දිනාගැනීමට ගෝල 6ක් ලබාගත් ඩොග්බා සැ‍ලකෙන්නේ චෙල්සි කණ්ඩායමේ යුග පුරුෂයකු ලෙසින්.


ජර්මනියේ මියුනිච්හි පැවති යුරෝපීය ශූරයන්ගේ අවසාන තරඟයේදී ජර්මනියේ බයිරන් මියුනිච් කණ්ඩායමේ තෝමස් මුලර් 83 විනාඩියේදී ගෝලයක් ලබාගත්තා.  බයිරන් මියුනිච් තරඟය ජයගන්නට ඔන්න මෙන්න තිබියදී 88 විනාඩියේදී ඩ්‍රොග්බා ලබාගත් ගෝලයෙන් චෙල්සි කණ්ඩායමට අමතර කාලයකටත් දඬුවම් පහරවලටත් යාමට හැකිවුනා.  දඬුවම් පහර වලදීද තීරණාත්මක වුයේ ඩ්‍රොග්බාගේ ප්‍රහාරයයි. එදා අති දක්‍ෂ ලෙස ක්‍රීඩාකල ඩ්‍රොග්බා චෙල්සි කණ්ඩායමේ පුරාවෘත්තයක් බවට පත්වුනා.






ලෝක කුසලානයේදී ඩ්‍රොග්බා ක්‍රීඩාකල අයිවරි කෝස්ට් කණ්ඩායමට 16 දෙනාගේ වටයට හෝ යාමට නොහැකි වූවා. නමුත් 36 හැවිරිදි ඔහු නැවත පැමිණීම චෙල්සි කණ්ඩායම ප්‍රබෝධ කරවනු ඇතැයි පුහුණුකරු ජෝසේ මොරේනියෝ පවසනවා.





Match Report

No comments: