Sunday 20 July 2014

New World Order

ඔබ-මා-අපි ජීවත්වන මේ පෘථිවි තලය රටවල් මහා ගොඩකට බෙදි පාලනය වන බව අපට පෙනෙන්නට තිබෙන සත්‍යයකි.

නමුත් මෑත වසර 100 ක පමණ සිට අප ලෝකය මත සිදු වූ - සිදු වන සමාජ - ආර්ථික - දේශපාලනික - සන්ස්කෘතික කාරණා බහුතරයක් මේ සියළු රටවලට පිටින් සිට ක්‍රියාත්මක වන හා ලෝක බල දේශපාලනය තුල නොපෙනෙන , යම් බාහිර බලවේගයක් මගින් පාලනය වන බවට වන මතයක් ( conspiracy theory ) නිර්මාණය වී පවතී.
මේ ඒ පිළිබඳව වන ලුහුඬු සටහනකි.

එම මතයට අනුව  ලෝක පරිමාණයෙන් බලපෑම් සිදුකරන මෙම බලවේගය  New  World  Order  ලෙස හඳුන්වනු ලැබේ.

එම කණ්ඩායම සමන්විතව ඇතැයි සලකනු ලබන්නේ ලොව ප්‍රබල රටවල නායකයින් ( G7/G8 රටවල් වල ) , ජාත්‍යන්තර බැංකු අයිතිකරුවන් , මහා පරිමාණ බහුජාතික සමාගම් අයිතිකරුවන් ... ඇතුළු පිරිසකි.

ඔවුන් විසින් සිදු කරනුයේ නව ලෝක තත්වයන් නිර්මාණය කිරීමයි. එහි අවසාන අරමුණ ලෙස හඳුනගෙන ඇත්තේ මුළු ලෝකයටම පොදු තනි ආර්ථික , දේශපාලනික බල පද්ධතියක් සකසා ගැනීමයි.

මේ ඉලක්කය සපුරා ගැනීම උදෙසා ඔවුන් ලොව සියළු රටවලට අඩු වැඩි වශයෙන් බලපෑම් කරන අතර ඒ සඳහා අවශ්‍ය ඔනෑම තත්ත්වයක් නිර්මාණය කිරීමට තරම් සමත්කම් දක්වයි.

ඒ වෙනුවෙන් ඔවුන් භාවිතා කරන ප්‍රධාන ප්‍ර්සිද්ද මෙවලම් කිහිපයක් නම් ....

# එක්සත් ජාතීන්ගේ සංවිධානය
# ලෝක බැංකුව
# ජාත්‍යන්තර මූල්‍ය අරමුදල
# යුරෝපා සංගමය
# NATO සංවිධානය
# ලොව ප්‍රමුඛ මාධ්‍ය ආයතන ( CNN )
  
       ආදියයි.


මෙම කණ්ඩායම අතිශය රහසිගත වන අතර එහි සකස්වීම සිදුවන අකාරය හෝ පුද්ගලයන් ඒ සඳහා තෝරා ගැනෙන ආකාරය ගැන නිෂ්චිත තොරතුරු නැත.

නමුත් ඔවුන් සිදු කලා යැයි සැලකෙන මහා පරිමාණ මෙහෙයුම් කිහිපයකි මේ ....

# ලෝක යුද්ධ දෙක
# 1917 රුසියානු විප්ලවය හා 1991 දී එය
්    බිඳ වැටීම
#  9/11 අල්ඛයිඩා ප්‍ර්හාරය මගින් ඉරාක
     යුද්ධය
#  අප්‍රිකානු රටවල AIDS අර්බුදය
#   ලෝක වෙළඳපොළේ මිල වෙනස්වීම්
#   ප්‍රධාන රාජ්‍ය නායක මරණ
#   ප්‍ර්බල මාධ්‍ය මෙහෙයුම්

මේ ලැයිස්තුව බෝහෝ දිග නමුත් මෙතෙකින් නවතමි.

ලොව විවිධ රටවල් හා ජනතාව යොදා ගනිමින් ඔවුන් නොයෙක් අත් හදා බැලීම් සිදුකරමින් සිටීයි.ඒ නව ලෝක තත්වයන් පිරික්සීමටයි.

මැලේසියානු MH17 ගුවන් අනතුර පවා තුන්වන ලෝක යුද්ධයකට මග කියවන ඔවුන්ගේ වෑයමක්ද යන්න මේ වන විට සැකයක් මතු වී ඇත.

සත්‍යය - අසත්‍ය අතර දෝලනය වන මෙම හෙලිදරව් කිරීම් විස්මයජනකය. එය ඇත්තම ඇත්තක් නම් හෙට දිනයේ අප සියළු දෙනගේ ඉරණම රැඳී ඇත්තේ මේ මහා බලපුලුවන්කාරයෝ කිහිප දෙනා අත නොවේද ?????

** ලිපිය ලිවීමට තොරතුරු ගත්තේ
     Wikipidia හා www.threeworldwars.
      com  ඇසුරිනි.                                      

2 comments:

  1. තුන් වන ලෝක යුද්ධයක්?????? හීනෙකින් වත් එපා.

    ReplyDelete