HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අනාගත ලෝක පාපන්දු කුසලාන තරගවලට එක්වන නව තාක්ෂණය කෙබඳු වේවිද?

තවත් ලෝක කුසලාන පාපන්දු තරග මාලාවක් පසුගියදා නිමාවට පත් වූ බව ඔබ දන්නවා. මෙවර එය පැවැත් වූයේ බ‍්‍රසීලයේ දී යි. ලෝකයේ වැඩිම රටවල් ගණනක් හා වැඩිම නරඹන්නන් පිරිසක් සහභාගි වන ඒ තරග මාලාව පැවැත්වෙන්නේ වසර හතරකට වරක්. ඒ අනුව මීළඟ ලෝක කුසලාන පාපන්දු තරග මාලාව පැවත්වෙන්නේ 2018 දියි. සත්කාරක රට වන්නේ රුසියාවයි. මෙවර යොදා ගත් නව තාක්ෂණය තවදුරටත් දියුණු කොට එහි දී භාවිත කෙරෙනු ඇති.

අනාගතයේ ලෝක කුසලාන පාපන්දු තරග මාලාවලදී අපට මුණ ගැහෙන නව තාක්ෂණය ගැන දැනටමත් විවිධ අංශවලින් අදහස් පළ වෙනවා.


දැන් ‘පිප්ස්පෝට්ස්’ (PipSports) සන්නාම තානාපතිවරයකු ලෙස කටයුතු කරන ඕස්ටේ‍්‍රලියානු පාපන්දු කී‍්‍රඩකයකු වූ ලූකස් එඞ්වඞ් නීල් පවසන්නේ පාපන්දු ඇඟලූම් හා පැලඳුම් තාක්ෂණයේ විශාල දියුණුවක් අනාගතයේ දී දැකිය හැකි වන බවයි.

”වෘත්තීමය හා විනෝදාංශයක් වශයෙන් කී‍්‍රඩාවල නිරත වන අයට පමණක් නොව කී‍්‍රඩා ලෝලීන්ටත් තමන්ගේ හා තම පි‍්‍රය කරන්නන්ගේ කි‍්‍රයාකරම් ගැන විමසා බැලිය හැකි කුඩා මෙවලම් රාශියක් එකම ඇඳුම් කට්ටලය තුළ අනාගතයේ දී දැක ගත හැකි වේවි.” නීල් කියනවා.

”2022 වන විට ලෝකයේ පාපන්දු කී‍්‍රඩකයන් හා නරඹන්නන් වැඩි දෙනකු මේ නවීන තාක්ෂණයේ ප‍්‍රයෝජනය ලබනවා නිසැකයි. ඒ අය, වෘත්තීමය වේවා ආධුනික හෝ වේවා, තම හැකියාවන් මනින්නට හා නිසි ලෙස පුහුණු වන්නට මෙ තාක්ෂණය යොදා ගන්නවා ඇති.

”කී‍්‍රඩකයන්ගේ තොරතුරු මේ නව මෙවලම්වලින් විමර්ශනය කෙරෙන විට ඒ තොරතුරු අනෙක් කී‍්‍රඩකයන් අතරට වගේම කී‍්‍රඩාලෝලීන් අතරටත් යනවා. ඔවුන්ගේ පි‍්‍රයතම තරගකරුවන් හා අනෙක් තරගකාරීන් ගැන සසඳන්න කී‍්‍රඩාලෝලීනට මේ තාක්ෂණය උපකාර වේවි. එසේම තම ප‍්‍රතිවාදීන් ගැන ගැඹුරින් හදාරන්නටත් ඔවුන්ට මුහුණ දීමට අවශ්‍ය පියවර ගැනීමටත් කී‍්‍රඩකයන්ට ඉඩකඩ සැලසේවි.

”ඒ විතරක් නොවෙයි, සියලූම කී‍්‍රඩකයන් විවිධ දත්ත සපයන යෙදවුම් ඇතුළත් මෙවලම් හා අයිපෑඞ් ළඟ තබා ගෙන ප‍්‍රයෝජනයට ගන්නා අයුරු අනාගතයේ සුලබ දසුනක් වේවි. ඉදිරියේ එන අවුරුදුවලදී ඒවා කමිස හා බොත්තම් තරමට ම ඔවුන් අතර ප‍්‍රචලිත වේවි.” නීල් වැඩිදුරටත් පවසනවා.

ඒ අතර පසුගියදා අවසන් වුණු ලෝක පාපන්දු කුසලාන තරගාවලිය සඳහා නීල් නියෝජනය කරන ‘පිප්ස්පෝට්ස්’ සමාගම නවෝත්පාදනයක් හඳුන්වා දුන්නා. පාපන්දු කී‍්‍රඩාව වෙනුවෙන් විශේෂයෙන් සැකැසුණු ‘ඉන්ස්ටග‍්‍රම්’ (Instagram) නම් වූ ඒ යෙදවුම ඇත්තෙන් ම ලොවපුරා පාපන්දු ලෝලීන් විස්මයට පත් කළා. පරිගණක මෘදුකාංගයක් වූ මෙම යෙදවුම භාවිත කරමින් පාපන්දු නරඹන්නන්ට අන්තර් ජාලය හරහා ලෝක පාපන්දු තරගාවලිය නරඹන අතර තමන් කැමති අවස්ථා එසැණ පටිගත කොට ඒවා යහළුවන්ට යැවිය හැකි වුණා. ඒ සමගම ඒවා ගැන ඒ මොහොතේ තමන් දැරූ අදහස් ෆේස් බුක්’ හෙවත් මුහුණු පොත මගින් හෝ ට්වීටර් වැනි වෙනත් ක‍්‍රම මගින් හෝ ‘පිප්ස්පෝට්ස්’ ධාරාව ඔස්සේ ද යහළුවන් සමග බෙදාහදාගත හැකිවුණා. ඉදිරියේ දී මෙය තවත් දියුණු වේවි.

එපමණක් නොව කී‍්‍රඩාව නරඹමින් සිටින අතර එහි තමන් සිත්ගත් කොටසක් පටි ගත කරන්නේ නම් ඊට අදාළ දත්ත සියල්ල, ඒ තරගය කුමක්ද? ඒ කී‍්‍රඩකයා කවුරුන්ද? ඔහු ගෝලයක් ලබා ගත්තේ නම් ඒ කීවෙනි ගෝලයද? එදා දිනය, වේලාව ආදී ඊට අදාළ සියලූ තොරතුරු කෙටියෙන් ඒ තිරයේ ම සටහන් කර ගත හැකි වුණා.

ඒ තොරතුරු ලබා දීමට ‘පිප්ස්පෝට්ස්’වලට ‘ඔප්ටා’ (Opta) නම් ලෝක ප‍්‍රකට කී‍්‍රඩා දත්ත එක් රැුස් කරන ආයතනයේ සහය ලැබුණා. ඔවුන් එසැණ ලබා දෙන තොරතුරුවලින් අවශ්‍ය ඒවා තෝරා ගෙන රූපය මත (වෙනම ස්තරයක) සටහන් කර ගත හැකියි. මේ දත්ත ලබා ගැනීමට අවශ්‍ය වන්නේ ‘වයි-ෆයි’ (Wi-Fi) හෝ ‘3/4 ජී’ තාක්ෂණය සහිත පහසුකම් ඇතුළත් ස්මාට් ෆෝනයක් විතරයි.

මේ සියල්ල බ‍්‍රසීලයේ අදාළ කී‍්‍රඩා පිටියේ දී හෝ නරඹන්නා ඉන්නා වෙනත් රටක නිවසේ සිට හෝ කී‍්‍රඩා තරගයක් නරඹන අතර එසැණ කළ හැකි ආකාරයටයි, මේ ‘ඉන්ස්ටග‍්‍රම්’ (Instagram) යෙදවුම සකසා තිබුණේ. ඉහත දැක්වූ ඒවා මේ වතාවේදිත් ලෝක පාපන්දු කුසලාන තරගාවලියේ දී භාවිතයට ගත් අතර මෙය මීළඟ ලෝක පාපන්දු කුසලාන තරගාවලියේ දී මීටත් වඩා වැඩි දියුණු වී පාවිච්චියට ගත හැකි වනු ඇති.

 
‘පිප්ස්පෝට්ස්’ සමාගමේ ‘ඉන්ස්ටග‍්‍රම්’ (Instagram) යෙදවුම භාවිත කරමින් තමා කැමති රූප මෙසේ පටිගත කර ගත හැකි වනවා පමණක් නොව ඊට අදාළ දත්ත ඉහත ආකාරයට රූපය මත සටහන් කරවා ගත හැකියි. මේ තොරතුරු ලබා ගැනීමට ඔවුනට සහය වන්නේ ‘ඔප්ටා’ (Opta) නම් ලෝක ප‍්‍රකට කී‍්‍රඩා දත්ත එක් රැුස් කරන ආයතනයයි.

අනාගතයේ දැකිය හැකි විස්මිත දේ අතර වඩාත් කැපී පෙනෙන දෙයක් වන්නේ ‘ඩ්‍රෝන් කැම්’ (Drone Cam) තාක්ෂණයයි. ඒ මගින් කැමරාකරුවකුට යා නොහැකි කෝනවලින් රූප කැමරාවට නැගිය හැකි පියාසර කළ හැකි කැමරාවයි. එයට යොදා ගන්නේ නියමුවන් රහිත කුඩා ගුවන්යානාවලට යොදා ගන්නා තාක්ෂණයයි.

තමන්ගේ පි‍්‍රයතම පාපන්දු කී‍්‍රඩකයාට පිටියේ දී දැනෙන දේ ඒ අයුරින්ම විඳ ගන්න පාපන්දු ලෝලියාට ද පුළුවන්. ඒ සඳහා පාපන්දු කී‍්‍රඩකයා පලඳින ඇඳුම් කට්ටලයට සමාන ඇඳුම් කට්ටලයක් නරඹන්නාත් ලබා ගන්න ඕනෑ. ඒක ඇත්තෙන්ම තාක්ෂණික අතින් අති සංවේදී ඇඳුම් කට්ටලයක්!

මේ දැනට හඳුන්වාදීමට සූදානම්ව ඇති නවෝත්පාදනයන් කීපයක් විතරයි. එළඹෙන ලෝක කුසලානට පෙර තවත් අලූත් නිපැයුම් රැුසක් නිපදවාවි. ඒ සඳහා සැලසුම් දැන් සකස් කරමින් තිබෙනවා.

නව තාක්ෂණය දැන් හැම අතකින් ම කී‍්‍රඩා තුළට ඇතුළුවෙලා. මෙයට දශක අටකට පෙර තිබූ ජගත් පාපන්දු තරග මෙන් නොව දැන් පැවැත්වෙන තරග බොහෝ සෙයින් වෙනස් වෙලා!

”දැන් ලෝකයේ ඔබ යන යන හැම තැන, බලන බලන හැම තැන තාක්ෂණ දියුණුව දකින්න පුළුවන්. ඉතින් කී‍්‍රඩාවට විතරක් ඉන් මිදිය නොහැකියි. පාපන්දු කී‍්‍රඩාව තුළ සිදුවෙමින් පවතින මේ දියුණුව කී‍්‍රඩකයන්ට විතරක් නොවෙයි, නරඹන්නන්ට වාසි ගෙන දෙනවා. කී‍්‍රඩාව ආස්වාදනය කිරීමටත් එය ලොකු රුකුලක් වෙනවා නිසැකයි.” නීල් අවසාන වශයෙන් කියනවා.


ඕස්ටේ‍්‍රලියානු පාපන්දු කී‍්‍රඩක ලූකස් එඞ්වඞ් නීල් දැන් ‘පිප්ස්පෝට්ස්’ (PipSports) සන්නාම තානාපතිවරයකු ලෙස

Post a Comment

0 Comments