ක්‍රිකට් අවසාන මහා සංග්‍රාමයට පෙර

Share

අන්තර් විශ්ව විද්‍යාලයීය ක්‍රිකට් තරගාවලියේ (Inter University Cricket) අවසාන මහා තරගය එළඹෙන 19 වන සෙනසුරාදා,කොළඹ විශ්ව විද්‍යාලයීය කණ්ඩායමත් කැළණිය විශ්ව විද්‍යාලයීය කණ්ඩායමත් අතර පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා සූදානම් වන කොළඹ විශ්ව විද්‍යාලයීය කණ්ඩායමේ පෙර සූදානම ගැන සොයා බලන්නට FOS Media කණ්ඩායම එහි නායක තිසර මධුශාන් සේතුංග හමුවුණා.

WP_20140716_009

තියුණු තරග කීපයක ජයග්‍රහණයෙන් අනතුරුව, අවසාන මහා තරගයට තේරී පත්වීම පිලිබඳ සුභ පැතුම්. කොහොමද කණ්ඩායමේ සූදානම?ඇත්තටම හොඳයි. ජයග්‍රාහී මානසිකත්වයෙන් කණ්ඩායම සිටින නිසා හොඳ ආත්ම විශ්වාසයක් ක්‍රිඩකයන් සතුව පවතිනවා.

නායකයා විදිහට ඔබට ලැබෙන සහයෝගය ගැන කථා කලොත්?ආබාධයකට ලක් වීම නිසා පළමු තරගයට මම ක්‍රිඩා කලේ නෑ. නායකත්වයේ වගකීම පැවරුනු නිපුන් ප්‍රනාන්දු හොදින් සිය කාර්යභාරය ඉටු කළා. ඊට පසු පැමිණි තරගවලදීත් ඔහු සිය දායකත්වය මැනවින් ලබා දුන්නා. අනෙකුත් ක්‍රිඩකයන් ද ඉතාමත් උද්යොගයෙන් කටයුතු කළ බව කියන්න ඕන.

අවසාන මහා තරගයේ පූර්ව සැලසුම කොහොමද? පසුගිය තරගවල දී සාර්ථක වූ නිසා, දෙවන වර පන්දුවට පහර දීම කණ්ඩායමට අමතර වාසියක් ද?කණ්ඩායමක් විදියට දෙවන වර පන්දුවට පහර දීමට අපි කැමතියි. නමුත් අවසාන මහා තරගය අභියෝගයක්.ඒ නිසා පූර්ව සැලසුමක් විදිහට පලමු වර පන්දුවට පහර දීමට වුවත් අපි සූදානම්.

තරග කිහිපයකදී මැද පෙළ අසාර්ථක වීම කණ්ඩායමේ ජයග්‍රහණයට බාධාවක් ද?මෙහෙමයි, මැද පෙළ ශක්තිමත්. පලමු කඩුලු කිහිපය ඉක්මනින් බිඳ වැටුන නිසා ඔවුන් යම් පීඩනයකට හසු වුනා. මම බලාපොරොත්තු වෙනවා ඔවුන් නැවත සුපුරුදු දක්ෂතා අතරට පැමිණේවි කියලා.

අවසාන මහා තරගය දක්වා පැමිණීමේදී උදවු කල අය ගැන සඳහන් කලොත්?විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන කණ්ඩායම් කළමණාකරු සහ පුහුණුකරු සෙනරත් අල්විස් මහතාගෙන් ලැබුන අගනා මෙහෙවර. ඒ වගේම ශාරීරික අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ Alumina Club එකේ සියලු දෙනා ද අප වෙත නොමසුරු සහයෝගයක් ලබා දුන්නා.

කැළණිය විශ්ව විද්‍යාලයීය කණ්ඩායම ඔබට අභියෝගයක් ද?ඔව් අභියෝගාත්මක කණ්ඩායමක්. හොඳ තරගයක් ලබා දෙයි කියලා අපි විශ්වාස කරනවා.

FOS Media මගින් ලැබෙන මාධ්‍ය ආවරණය ගැන කිව්වොත්?ඉතාමත් හොඳයි. ඇත්තටම විශ්ව විද්‍යලයීය කටයුතු වලදී කෙරෙන මේ ක්‍රියාදාමය අගය කළ යුතුයි.

මෙවර ශූරතාවය කොළඹ විශ්ව විද්‍යාලයට ද ?දෙවරක් අනුශූරයන් වූ නිසා අනිවාර්යයෙන්ම ශූරයන් අපි…

අන්තර් විශ්ව විද්‍යාලයීය ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණය ලබා ගැනීමට කොළඹ විශ්ව විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමට FOS Media අපෙන් සුබ පැතුම්…!!!!!!!!!!

සටහන : ගයත් උදාර වීරසේකර සමඟ හේෂාන් මධුසංඛ.