චීන
ආණ්ඩුවේ ආයතනවල පරිගණක වලදී වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතිය භාවිතා කිරීම
සම්පූර්ණයෙන් තහනම් කර තිබේ. වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතිය යොදාගෙන ඇමරිකාවේ ජාතික ආරක්ෂක ඒජන්සිය(NSA) චීනයේ ඔත්තු බැලීම මෙම තහනමට හේතු වූයේ යැයි
පසුගියදා චීන ජනමාධ්‍ය වාර්තා කළාය.
මෙම
තහනම මුලින්ම පනවන්නට යෙදුණේ පසුගිය මැයි මස 20 වැනිදාය. වින්ඩෝස් 8 මෙහෙයුම්
පද්ධතිය ක්‍රියාත්මක වන විට වැඩි විදුලි බලයක් වැය වන බැවින් බලශක්තිය ඉතිරි
කිරීමේ පියවරක් ලෙස එය භාවිතා කිරීම අත්හළ බව චීන ආණ්ඩුවේ මිලදී ගැනීමේ
දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් එදා කීවේය.
එහෙත්
ඊට නියම හේතුව නම් වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතිය ඇමෙරිකානු ආණ්ඩුවට ඔත්තු බැලීම බව
ඒත්තු ගන්වන විශේෂ වාර්තා වැඩසටහනක් ජූනි 05 වැනිදා චීන ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය
කළේය.
මේ
තත්ත්වය උඩ රාජ්‍ය ආයතන වලට යොදාගනු පිණිස ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධතියක් චීන
රජයෙන් දියුණු කරයි. එහෙත් වින්ඩෝස් XP හෝ වින්ඩෝස් 7 භාවිතා කරයි. ඇතැම් රාජ්‍ය ආයතන
චීනයේ පුචලිත කයිලින් (Kylin)
සහ ස්ටාට්
ඕඑස් (StartOS) යන ලිනක්ස් මෙහෙයුම් පද්ධති භාවිතා කරයි.
3 comments:
hkuytriu
අපිත් දාගමු එහෙනම් Hanthana Linuxවත්....
ඔව් ඔව්.. හික්ස් :D
Comment එකක් දාන්න