Saturday, July 12, 2014

පුපුරන සමාජයක අලූත්ම කැඩපත සමාජ මාධ්‍ය ද?


සමාජ මාධ්‍ය ජාලයන්හි සැරිසරන. ලියන කියවන සෑම දෙනා විසින්ම කියවිය යුතුම ළිපියක්.

උපුටා ගැන්ම.....

බීබීසී සිංහල සේවයේ වැඩ කරන ලාංකික මාධ්‍යවේදියෙක් විටින් විට මට දුරකථනයෙන් කථා කොට පසුබිම් කරුණු විමසනවා. සමහර අවස්ථාවල සම්මුඛ සාකච්ඡා ද ලබා ගන්නවා. නව මාධ්‍ය ගැන ඔහුට කුතුහලයක් ඇතත් ඔහු ඒ ගැන සැම විටම බලන්නේ වපර ඇසකින්.

අපේ හැම සංවාදයක්ම ඉක්මනින් යොමු වන්නේ ‘මේ සමාජ මාධ්‍යවලට ආචාර ධර්ම හෝ සමාජ වගකීමක් නැහැ නේද?’ යන්නටයි.

වරක් මා ඔහුගෙන් ඇසුවේ ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය සියල්ලම ආචාර ධර්මවලට අනුව සැම විටම කටයුතු කරනවා ද කියායි. බීබීසීයට යන්නට පෙර මුළු වෘත්තීය කාලයම රජයේ ගුවන් විදුලියේ වැඩ කළ ඔහු එවිට කීවේ ‘‘රාජ්‍ය මාධ්‍ය නම් සැම විටම වගකීමෙන් කටයුතු කරන නමුත් සමහර FM නාලිකා එසේ නොකරන’’ බවයි.

ඔහුගේ තර්කයට අනුව මෙරට මාධ්‍ය රැසක් අතරින් වගකීමෙන් කටයුතු කරන්නේ රාජ්‍ය නාලිකා පමණයි! පෞද්ගලික රේඩියෝ නාලිකා හා සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් හිතුමතයට තොරතුරු හා අසත්‍යයන් පතුරුවන බවත්, සංයමයකින් තොර බවත් ඔහු කියනවා.

රජයේ මාධ්‍ය බලයේ පවතින රජයට සුවචව, කීකරුව ක‍්‍රියා කරන බව නම් සැබෑයි. එහෙත් ඒවා ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතියට ගරු කරනවා ද හෝ ආචාර ධර්මීය රාමුවක ක‍්‍රියා කරනවා ද යන්න නම් අතිශයින් විවාදාත්මකයි.

බීබීසී ගතානුගතිකයා උදාහරණයක් ලෙස මා ගත්තේ වාරණවලින් තොර මාධ්‍ය පරිසරයකට ගිය පසු පවා අපේ සමහර ඇත්තන්ට තමන් ජීවිත කාලයක් පුරා පටවා ගත් මතවාදී පොට්ටනි බිමින් තබන්නට බැරි සැටි පෙන්වීමටයි. එසේම අළුත් හැම දෙයක්ම හෙළා දකින හෝ ප‍්‍රතික්‍ෂෙප කරන හෝ පුරුද්ද පිළිබිඹු කිරීමටයි.

උපුටා ගැන්ම අවසන්........

4 comments:

  1. මාධ්‍ය වලට වාරන හා ආචාරධර්ම ඕනේ. මමනම් විශේෂයෙන් බලන්නේ කාන්තාවගේ පැත්තෙන්. අද ගොඩක් ජනමාධ්‍ය විතරක් නෙවෙයි සමාජ මාධ්‍ය ජාල පවා පිරිමින්ගේ කාම තෘප්තිය වෙනුවෙන් කාන්තාව යොදාගන්න අනියම් ආකාරයට උදවු කරනවා. මෙන්න මේව වලක්වන්න මාධ්‍ය හා අන්තර්ජාල සමාජ වෙබ් අඩවි සියල්ලට වාරන ආචාරධර්ම අවශ්‍යයි.

    ReplyDelete
    Replies
    1. "ඇහැළ මල් පිපෙයි - පශ්චාත් භාගය කසයි" වගේ කමෙන්ට් එකක්නෙ මේක.

      Delete
    2. බස්සි +++++++

      Delete
  2. අම්මපා මේ පිරිමින්ට වෙන වැඩක් නැති හැටි. ඔය අහවල් තෘප්තිය වෙනුවෙන් යොදාගන්නවා ඇර.

    ReplyDelete

Followers

Powered By Blogger