Wednesday, April 23, 2014

Google Car

Google Car වැඩසටහන අරම්බ විමත් සමග ලෝකයම වෙනත් මගකට යොමුවීමක් සිදුවෙනවා. රියදුරෙකු නොමැතිව මාර්ගයක වහනක් යාම දැන් පුදුමයට කරුණක් නෙමෙයි. මේ වන විටත් සමහර රටවල නීති පවා වෙනස් කරමින්   Google Car දාවනයට අවසර ලැබී තියනවා.



මේ වැඩසටහන ආරම්භ කෙරුවේ google සමාගමේ ඉංජිනේරුවෙක් වන Sebastian Thurin විසින් වන අතර 2012 අගෝසතු මාසයේ සිට මේ වන විට Lexus RX450h, Audi TT සහ  six Toyota Prius කාර් වලට සවිකර සාර්ථකව අත්හදා බලා තියනවා. එසේම  මේ වනවිට කිලෝමීටර් 500,000 වඩා වැඩි දුරක් දාවනය කර බලා තියනවා. දැන් අපි බලමු මේක වැඩකරන්නේ කොහොමද කියල..

මෙහි ඉතා වැදගත් කොටසක් වන්නේ කාර් එකේ වහලය උඩ සවිකර තිබෙන Laser Range Finder(   The Velodyne 64 beam LIDAR) නම් කොටසයි. එමගින් 3600 අවරණය කෙරෙමින් ත්‍රිමාණ පින්තුරයක් ලබාදෙනවා. මෙය ඉතාමත් නිවැරිදි වන අතර එය පරිගනකියක් පාලනය කරමින් අවට ඇති බාදක හදුනාගන්නව. එසේම වැඩි වේගයෙන් යන අවස්ථාවලිදී ඇතිවෙන මාර්ග අවහිරතා ආදියත් කල්තියාම මෙමගින් හදුනගේන්නේව. 
   The Velodyne 64 beam LIDAR

ඒ වගේම පසුපස බලන කන්නාඩිය අසල සවිකර ඇති කැමරා 3ක් මගින් මාර්ග සලකුණු සහ color light හදුනා ගන්නවා. ඒ වගේම GPS උපකරණය මගින් කාර් එක තිබෙන ස්ථානය ගැන තොරතුරු සපයනවා.එමගින් අපට යා යුතු ස්ථානය දුන් විට එතනට ගමන් කිරීමට මෙම කොටස වැදගත් වෙනවා.

ඒ සේම මෙහි රෝදය අසල සවිකර ඇති වේග මානය (odometer) මගින් RPM අගය මැනෙන , මෙම සැම sensor එකක් මගින්ම ලැබෙන දත්ත එහි එති පරිගණකය මගින් පාලනය කර කාර් එක හසුරවනු ලාබනවා.
එසේම අපට අවශ්‍ය විට පාලනය තමන්ටම කරගෙනිමටද මෙහි පහසුකම් සපයා තියනවා.

1 comment :