තාරුණ්‍යයට හෙටක් කොහිද?

 

තරුණයාඅයියේ සිගරටි තියෙනවද

මුදලාලිසිගරටි ඉවරයි

තරුණයාෂිහ්අපරාදේ, මේ ළයින් එකේම සිගරටි නෑ

මුදලාලිසිගරටි ආපහු ගණං යනව කියල ආරංචියි

තරුණයාරු 100 වුණත් කමක් නෑ සිගරටි තියේනං

 

ඉහතින් දැක්වෙන්නේ කිසියම් නවකාතාවකින්, කෙටිකතාවකින් හෝ වෙනයම් කලා කෟතියකින් උළුප්පා ගත් දෙබස් කණ්ඩයක්යැයි ඔබට සිතෙන්නට පුළුවන. එහෙත් එය වැරදිය.

පසුගිය දිනෙක ප්ලේන්ටියක් බීමට මම කඩයකට ගොඩවිය. සවස 2 -3 අතර කාලපාරාසය නිසාවෙන්දෝ මාර්ගයෙහි මෙන්ම, එම වෙඳසැළෙහිද වුයේ දෙතුන් දෙනෙකි. මා තේ කෝප්පය බොමින් සිටින අතරදි කඩයට පැම්ණියේ කොණ්ඩය මදක් දිගුව වවා එය මඳක් තඹපාට කළ, ගෙළෙහි දිගු සුදු යකඩ මාලයක් දැමු මට වඩා දෙවසරකින් පමණ වැඩිමහළු යැයි සිතිය හැකි තරුණයෙකි. එහෙත් මට ඔහුගේ ඇඳුම පැළඳුම හෝ භාහිර ස්වරූපය කිසිසේත්ම වැදගත් නැත. එය ඔහුගේ කැමැත්තය. නැතහොත් ස්වකීය නිදහසයි. එහෙත් ඔහුගේ වචන ස්වල්පය මට ඉතා වැදගත්ය. ඉහත දෙබස මට ඇහුණේ එම කඩයේදිය. අර තරුණයාගේ වචනවලින් පෙනෙන්නේ මෙම සමාජයේ හරස්කඩකි. සමාජමය වශයෙන් අප ලබා ඇති,ලබමින් පවතින සමාජමය බංකොලොත් බවයි. එහෙත් මා කිසිවිටකත් අර තරුණයාට දොස් නොකියමි.

සිගරටිටුව රු100 ක් වුවත් කමක් නැතැයි කියනුයේ මේ පරම්පරාවේම ගජ ඉලංදාරියෙකි. ඔහුට එය කම් නැත. එහෙත් ඔහු තම හෟදය වස්තුව සමඟ දොඩමළු වුවහොත් එම කතාව ඔහු නොකියනු ඇත. ඔහුට එම රු100 න් සිගරටි ඉරීමට වඩා වෙනත් අත්‍යාවශ්‍ය දේවල් කිරීමට තිබෙන්නට පුළුවන. එහෙත් කහමදය දියවී නොයන්නට එය වටා සුදු මදය ඇතුවාක්මෙන් ඔහුට ජිවිතය පිළිඹඳව සිතන්නට නොදි සමාජ අසාධාරණය නැමැති යෝධ බුවල්ලා ඔහු වෙලා ගෙන ඇත.

එහෙත් පැසුණු බුද්ධිමතුන්ට අනුව වැරැද්ද තරුණයන් වන අපගේය.එහෙත් සැබෑ වැරදි කරුවන් අප නොව අපිව ගොදුරුකර ගත්තාවු මේ අඤන පාලකන්ගේය. සවකීය දේශපාලන නිරුවත වසා ගැනීම සඳහා පාලකයෝ සෑම විටම තරුණයා ගොදුරු කර ගත්තේය. එහි ප්‍රථිඵලවය වුයේ බුද්ධිමය වශයෙන් බංකොළොත් වු කායික හා මානසික වශයෙන් රෝගීවු තරුණ පරම්පරාවක් බිහිවීමය. බලයට පත්වන සෑම ආණ්ඩුවක්ම තරුණයාට කප්පරකට බලා පොරොත්තු දෙයි. ඒ සෑම රජයකම තරුණ කටයුතු අමාත්‍යංශයක් ද තිබේ. එහෙත් එය නමට පමණය. සාම්ප්‍රධායිකවම මුදල් කාබාසිනියා කර දමන පරපෝෂිතයෙකි.පසුගිය දශකයක පමණ සිට(මාගේ වයසට අනුව) මොවුන් කළ දෙයක් නැත.කළ එකම දෙයනං තරුණයා බුද්ධිමය වශයෙන් මොට කිරීමය. මේ බඩගෝස්තර වාදින්ගේ පැවැත්ම ඇත්තේ එතනය.තරුණයා බුද්ධිමත් වුයේනම් මෙම අඤන පාලකයන්ට මෙලෙස ක්‍රියා කිරීමට කිසිලෙසකින්වත් හැකියාවක් නොලැබෙනු ඇත.

රුකියා විරහිත බව,ආර්ථික ප්‍රශ්ණ,ආදි කප්පරකට වු ජිවන බලාපොරොත්තු තරුණ මනස වෙලාගෙන තිබේ. ඒ වශයෙන් ගත් කළ තරුණයා ගෙවනුයේ අසහනකාරී වු ජිවිතයකි.කුඩා දරුවකු ලොසින්ජරයකට රුවටෙන්නාක් මෙන් එවිට තරුණයාද ඕනෑම ආකාරයකට ගොදුරු කර ගත හැකිය. විවිධ ප්‍රචාරක පුවරු,ආකර්ෂණිය පොරොන්දු,සිනමා පත්තර ආදිය මඟින් බොහෝම ලේසියෙන් තමන්ට රිසි පරිදි තරුණයා ගොදුරුකර ගත හැකිය. තරුණයා අතට අවි ආයුධ දෙමින් කරන්නාවු මේ ජාතික අපරාධය නිමා කිරීමට කාළය පැමිණ ඇත.

තරුණ පරම්පරාව සෑම අතකින්ම නවී කරණය කළ යුතුය. එසේ සෑම අංශයකින්ම තරුණයා නවී කරණය කරන කළ සිදු වනුයේ සාම්ප්‍රධායිකත්වයට නවීනත්වය එකතු වීමයි.නොයෙසේ නම් පැසුණු බුද්ධියට, තරුණ ජවය එකතු වීමයි. එය ඉතා ආශ්ච්‍යීයමත් සිදු වීමක් වනු නොවනු මානය. රටෙහි සැබෑ සංවර්ධනය් සිදුවනු ඇත්තේ එවිටය.කිසිවකුට අත නොපා නිදහස් නිවහල් ජාතියක් වශයෙන් අපට ඉදිරියට යා හැක්කේ එවිටය.

තරුණයා යහ මඟට ගැනීම පිළිඹඳව තුන් තිස් පැයේම සංවාද කරයි. කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරයි. බොහෝවිට මේවායේ ද සිදු කරනුයේ තරුණයා විවේචනය කිරීමය. කේෂාන්තයේ සිට, පාදාන්තය දක්වාම තරුණයා විවේචනය කරනු ලබන මොවුන් තරුණයා අසංවරයකු බවට පත් කළේ, පත් වුයේ කෙසේදැයි නොකියති. නොසොයති. මැනීමකින් තොරව පරිමාණය කිව නොහැකිය. අනුමාන පැළැස්තර විසඳුම් ඉක්මවා යම්න් සියලු කරුණු කාරණා බුද්ධිමය, ව්වෟත්ත මනසකින් විමසා බලා ත්‍රෛයිකාලික විසඳුම් ඉදිරිපත් කළයුතුය.

අතීතයේ සිදු වු, වර්ථමානයේ ද සිදුවන තරුණයා බුද්ධිමය වශයෙන් මොට කිරීමේ ජාතික අපරාධය අනාගතයේදි ද සිදුනොවනු ඇතැයි අපට සිතිය නොහැක. හැකි ඉක්මණින් මෙම ජාතික සංහාරය නැවැත්විය යුතුය. නැතහොත් වමතින් දකුණත කපා ගත්තාක් මෙන් අපට කෙදිනක හෝ පශ්චාත්තාප වීමට සිදු වනු ඇත. එවිට අපට සිදුවනුයේ ශාපලත් සමාජයක සාම්ප්‍රධායික හීල්ලීමම පමණි.

About nalakadahanayaka


2 responses to “තාරුණ්‍යයට හෙටක් කොහිද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න