Thursday, June 26, 2014

ප්‍රංශය දණ නොනැමූ ඉක්වදෝරයේ සමුගැනීම!

ඉක්වදෝරය තරඟ 2ක් දිනා ගෝල 8ක් ලබාගෙන සිටි ප්‍රංශය සමග තරඟයට ආවේ අනිවාර්යෙන් වැඩිගෝල ගණනකින් දිනිය යුතු තරඟයක් ලෙසය. එය ඉක්වදෝරයේ අවසාන තරඟය වූයේ 0-0 ලෙස සම වීමේනි. ඉක්වදෝරය ලෝක කුසලානයෙන් සමුගත්තේ කාණ්ඩයේ පළමුවැන්නා වූ ප්‍රංශයට හිස නොනමාය. ඔවුහු ප්‍රංශයට අභියෝග කර සම වූහ.











 බෙන්සිමා ප්‍රමුඛ ප්‍රංශ කණ්ඩායම ප්‍රහාර පිට ප්‍රහාර 20 ක් දියත් කලද ඉලක්කය කරා ගිය 13කි. ඉක්වදෝරයේ ගෝල රකින්නා දොමින්ගෝස්  හා ආරක්‍ෂකයන් ඒවා වැලකූහ. දොමින්ගෝස් ගෝ‍ල ප්‍රහාර 9ක් රැක ගත්තේ අවසාන තරඟයේ වීරයා බවට පත් වෙමිණි.

ඉක්වදෝරය අවස්ථා ගණනාවක ප්‍රංශ ගෝල කලාපය ආක්‍රමණය කර ප්‍රහාර 11 ක් එල්ල කළද 7ක් පමණක ඉ‍ලක්කය තිබුණි. නමුත් ගෝලයක් නොලැබුණි.






50 වන විනාඩියේදී ඉක්වදෝරයේ නායක, මැදපෙල අන්තෝනියෝ වැලෙන්සියා රතු පතක් ලබා ඉවත් වීමෙන්, ඉක්වදෝරය තරඟ අවසානය දක්වා ක්‍රීඩා කලේ 10 දෙනෙකුගෙනි.





ප්‍රංශයේ පෝල් පොග්බා හා බෙන්සෙමාගේ ඉලක්කය නොතිබීම කැපී පෙනුනු ප්‍රංශය 16 වටයේදී ආජන්ටීනාව සමග තරඟය අභියෝගයකි.

දකුණු ඇමරිකා කණ්ඩායම් අතරින් ඉක්වදෝරය පමණක් 16 වටයට නොතේ්රුණු මේ තරඟයේ දක්‍ෂ ලෙස ක්‍රීඩා කල ගෝල රකින්නා දොමින්ගස් තරඟයේ වීරයාය.

විඩියෝව පහල !


#ප්‍රංශය දණ නොනැමූ ඉක්වදෝරයේ සමුගැනීම!

No comments:

Post a Comment