Wednesday, June 25, 2014

ඉතාලියට නිවාඩුවක් - උරුගුවේ 16ට! සුවාරෙස් හපා කයි!

තරඟයේ  57% තරඟ කාලයක්  ඉතාලිය තබාගත්තද විශේෂ යමක් නොකිරීම නිසා ගෝලයක් නොලැබිණි. උරුගුවේ තරඟය ජයග්‍රහණය කළේ  1-0 ලෙසය.



ආරම්භයේ සිටම මන්දගාමීව ඇදී ගිය තරඟයකි. ඉතාලිය ප්‍රහාරයට වඩා ආරක්‍ෂාව වෙත යොමු වූ අතර උරුගුවේට 16ට යාමට තරඟය දිනිය යුතුව තිබිණි.



 



ඉතාලියේ ගෝල ප්‍රහාර 9කින් ඉලක්කය කරා ගියේ 4 කි. 4ක් වැලකුණි. උරුගුවේ ගෝල ප්‍රහාර 14කින් ඉලක්කය කරා ගියේ 5 කි. 4ක් වැලකුණි.



59 වන විනාඩියේදී ඉතාලියේ මාචීසියෝට විවාදාත්මක රතු පතක් ලැබිණි. එතැන් සිට ඉතාලියට ක්‍රීඩා කලේ තරඟ කරුවන් 10 දෙනෙකුගෙනි.



81 විනාඩියේදී ගැස්ටින් රමිරේස් ගේ කෝණයට ආරක්‍ෂක දියාගෝ ගොඩින් ගේ  හිස් පහරි ගෝලයක් ලබාදී උරුගුවේ 16 දෙනාගේ වටයට ගෙන ගියේය.  තරඟයේ වීරයා වූ උරුගුවේ ආරක්‍ෂක දියාගෝ ගොඩින් ලා ලීගයේ ශූරතාවය සහ යුරෝපීය ශුරයන්ගේ අනුශූරතාවය දිනූ ඇත්ලටිකෝ මැඩ්රිඩ් සමාජයේ ක්‍රීඩකයාය.






මහත් බලාපොරොත්තු තැබූ ප්‍රහාරක බටලෝලි ලෝක කුසලාන තරඟාවලියේ දස්කම් නොදැක්වූ අතර 1934, 1938, 1982, 2006 වර්ෂ වලදී ලෝක ශූරයන් වූ ඉතාලිය 1958 න් පසු 2014 දී 16 දෙනාගේ වටයට නොතේරුණි.

16 වටයේදී උරුගුවේ ජූනි 28 ඉරිදා අළුයම 1.30ට C කාණ්ඩයේ පෙරමුණ ගත් කොලම්බියාව සමග තරඟ කරයි.



මේ තරඟයේදී උරුවේ ප්‍රහාරක සුවරෙස් ඉතාලියේ චිලීනිගේ උරහිස සපා කෑ බවට චෝදනා විණි. FIFA මේ චෝදනාව සත්‍ය වේනම් සුවාරෙස්ට ඉදිරි තරඟ වලට තහනමක් පණවනු ඇතිද? මීට පෙර ප්‍රීමියර් ලීගයේදී එවන් සිදුවීමක් නිසා සුවාරෙස්ට තරඟ 10 ක තහනමක් පැණවිනි.


#ඉතාලියට නිවාඩුවක් උරුගුවේ 16ට! සුවාරෙස්  හපයි!

No comments:

Post a Comment