Tuesday, June 24, 2014

නෙදර්ලන්ත චිලී තරඟය ආරම්භයේ සිටම උණුසුම් හා ප්‍රවේගවත්!


නෙදර්ලන්ත චිලී තරඟය ආරම්භයේ සිටම උණුසුම් හා ප්‍රවේගවත්! විනාඩි 35 ක් පමණ දෙපිලම දිගු බෝල හා උස් බෝල ප්‍රහාර දියත් කලහ. නෙදර්ලන්තයට ආසන්න ගෝල අවස්ථා කීපයක්ම මඟ හැරුණු අතර, චිලී ප්‍රහාර ඉලක්කයට නොවීය. එතැන් පටන් අර්ධ කාලය දක්වා තරඟය තරමක් මන්දගාමී වූයේය. දෙවන භාගයේ සිට අවසානය දක්වා ඇස් ඉවතට ගත නොහැකිසේ ප්‍රහාරාත්මක විය. නමුත් කිසිවෙකුටත් ගෝල නොලැබිණි.







නෙදර්ලන්ත පුහුණු කරු වෑන් ගාල් 75 මිනිත්තුවේදී  මැදපෙල වෙස්ලි සනයිඩර් වෙනුවට ලියරි ෆර් ආදේශ කලේය.  76 මිනිත්තුවේදී ලියරි ෆර් කෝණයකට දර්ශනීය හිස් පහරකින් ගෝලයක් ‍ලබාගත්තේය.



චිලී තරඟ කාලයෙන් 64% බෝලය තබාගත්තත් ප්‍රහාර 7කින් ඉලක්කය කරා ගියේ 1 කි. නෙදර්ලන්තයේ ප්‍රහාර 13කින් 8 ක ඉලක්කය තිබිණි. නෙදර්ලන්තය කෝණ 2යි චිලී 7යි. තරඟයේදී උස් මහත් ශරීර තිබුණු නෙදර්ලන්තය වරදවල් 35 ක්, චිලී 14ක්. නෙදර්ලන්තයේ දැඩි ආරක්‍ෂාවක් තිබූ අතර 26 වතාවක් චිලී බෝලය උදුරා ගති. චිලී ගත්තේ 6යි!


දෙපිලම දක්‍ෂ ලෙස ක්‍රීඩා කලහ. නෙදර්ලන්තය ආරක්‍ෂාවට මුල්තැන දී හදිසි ප්‍රතිප්‍රහාර ක්‍රමය අනුගමනය කරන ලදි. නෙදර්ලන්ත ආරක්‍ෂා කල ව්ලාර්, ඩෙලේ බ්ලයින්ඩ් හා ජන්මත් උස් පවුරක් සේ චිලී ක්‍රීඩකයන්ගෙන් ගෝල ප්‍රහාර කලාපය ආරක්‍ෂා කලහ.



92 විනාඩියේදී ඩේලේ බ්ලයින්ඩ් පසුපස කලාපයේ සිට චිලී වම් ප්‍රහාරක කලාපයට උඩින් ලබාදුන් බෝලය වේගයෙන් දුවගොස් ලබාගත් ආර්ජන් රොබන් හරස්ව ලබාදුන් බෝලය මෙම්පිස් ඩිපේ දැලටම එල්ල කලේය.




නෙදර්ලන්තයට ඊ ලඟ තරඟය මැක්සිකෝව සමග!

හරියටම ජූනි 29 ඉරිදා ප.ව 9.30ට!

නෙදර්ලන්තය හා මැක්සිකෝව පෙර පැවති තරඟ 6 ක්!
3ක ජය නෙදර්ලන්තයට! 2ක් මැක්සිකෝවට!
1ක් සමවී දෙපිලම ගෝල 11 බැගින් අරන්!

කහපත් නිසා තරඟ තහනමකට ලක්වූ නෙදර්ලන්තයේ නායක රොබින් වෑන් පර්සිද  සහ විවේක ගන්වා සිටි මැක්කෝවේ විඩාල් තරඟයට සහභාගී වූයේ නැහැ. අද නෙදර්ලන්තයේ නායක ආජන් රොබන්!
ඔහු චිලී තරඟය ජයග්‍රහණය කලා! ඔහු තරඟයේ වීරයා!
ආජන්ට තරඟ තුනකදී ගෝල 3 ක්! තරඟයේ වීරයා සම්මාන 2 ක්!
ඔහු නේමාට 1 ගෝලයක් පසු පසින්!

දිගටම ජයග්‍රහණය කළොත් දෙදෙනාට හමුවිය හැකිය!
ඒ අවසාන තරඟය්‍දී පමණයි! #නෙදර්ලන්ත චිලී තරඟය ආරම්භයේ සිටම උණුසුම් හා ප්‍රවේගවත්!

No comments:

Post a Comment