Monday, June 23, 2014

නෙදර්ලන්ත - චිලී තරඟය ලෝක කුසලාන අවසාන තරඟයක් සේ වේවිද?


B කාන්ඩයේ තරඟ 2ක් දිනූ නෙදර්ලන්තය හා චිලී ලකුණු 6 ක්!

ස්පාඤඤය සහ ඕස්ට්‍රේලියාවට ආපසු යාමට කලින් එක තරඟයක් හෝ ජයග්‍රහණය කිරීමටයි ලෑස්ති!

ඕස්ට්‍රේලියාව නෙදර්ලන්තයට පරාජය උනේ 2-3 කට, චිලී 1-3 ට, නාය ටිම් කාහිල් ගෝල 2ක් ලබාගත් ක්‍රීඩකයෙක්! තවමත් ලෝක ශූර ස්පාඤඤය ලද එකම ගෝලය දඬුවම් පහරකින්!



දක්‍ෂ ක්‍රීඩකයන් රැසක් සිටියත් ස්පාඤඤයේ "ටිකි ටාකා" කෙටි දැමුම් ක්‍රම වෙදය දකුණු ඇමරිකාවේ ප්‍රහාරාත්මක පාපන්දු සමග ගැලපුනේ නෑ! 






බෝලය තබාගැනීමෙන් නිර්මාණශීලී මෙහෙයුම් මගින් ගෝල ලබාගැනීමේ ක්‍රමය ලෝක කුසලානයේදී පරාජය උනේ තරඟ 2 කදී ගෝල 1-7කට!

ස්පාඤඤයට තම මානය අවමයෙන් වත් රැක ගැනීමේ තරඟයයි මේ!
ඕස්ට්‍රේලියාව දැනට සිටින 3 ස්ථානය රැකගැනීමට සමවීම හෝ ජයග්‍රහණය අවශ්‍යයි! ලජ්ජාව යන්න ගෝල වරුසාවක්! 
ස්පාඤඤයට එයයි පැත‍ුම!
ඕස්ට්‍රේලියාවට ස්පාඤඤය පරාද කර ගෙදර ගෙනයන්න තත්වයක්!
හොඳ වේගවත් තරඟයක් තියෙයි!



මේ දක්වා තරඟ හොඳින්ම ක්‍රීඩාකල කණ්ඩායමක් නෙදර්ලන්තය!

ආජන් රොබන් හා වෑන් පර්සි, පැත්තෙන් එන විරිජ්, ඉහල පහල ක්‍රීඩා කරන උස ඉන්ඩි චිලීට ලොකුම තර්ජනයක්!









නෙදර්ලන්තය ඉතා හොඳින් දකුණු ඇමරිකාවට අනුවර්ථනය වෙලා!
ගෝල 3 ක් දී , ගෝල 8ක් ගහලා! ආබාධ වලින් තොරයි!
වේගවත්, නිර්මාණශීලී හා ශක්තිමත් ශරීර!






ඇලෙක්සි සැන්චේස්, අරන්ගුයිස්, එඩුඩෝ වරගාස්, වැල්ඩිවියා හා ජීන් ගෝල ලබාගත් ක්‍රීඩකයෝ!
විඩාල්ගේ මෙහයුම්!
ඔවුන්ගේ ආරක්‍ෂාවත් හොඳයි! ගෝල රැකීමත් හොඳයි!
ක්‍ෂණික ප්‍රහාර දියත් කර ක්‍රීඩකයින් 3ක් 5ක් අතර ගණනක් ගෝල කොටුවට කඩා පනිනවා! 









දකුණු ඇමරිකාවේ කාලගුණයට යුරෝපා ක්‍රීඩකයන්ට වඩා ඔවුන් ඔරොත්තු දෙනවා!

සන් පාලෝ කොරින්තියන් ක්‍රීඩාංගනයේ අද උණුසුම 24°C යි!
අර්ද්‍රතාවය 63% යි! 
නෙදර්ලන්තය කාලගුණයට හුරුවෙලාද? 
සති දෙකක් දැන් එහේ!

මේ තත්වය යටතේ නෙදර්ලන්ත - චිලී තරඟය කාණ්ඩයේ සුපිරි භාවය සඳහා පමණක් නොවේ! 
මේ තරඟය දිනන්නාට 16 දෙනාගේ වටයේදී 
බ්‍රසීලය හමුනොවීමත් වාසියක්! 
පරදින්නාට ඊ ලඟට 16 දෙනාගේ වටයේදී හමුවන්නේ බ්‍රසීලය!
මේ තරඟය ලෝක කුසලාන අවසාන තරඟයක් සේ වේවි!
අද රාත්‍රී 9.30 තරඟ දෙකම!

කොයි තරඟයද බලන්ඩ හොඳ?

නෙදර්ලන්ත - චිලී තරඟය ලෝක කුසලාන අවසාන තරඟයක් සේ වේවිද?

No comments:

Post a Comment