Sunday, June 22, 2014

ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ ඩොස් සන්ටෝස් අවෙයිරෝ විවරණය

පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ: ලෝක කුසලාන 2014 විවරණය
ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ ඩොස් සන්ටෝස් අවෙයිරෝ



උපත  පෙබරවාරි 5, 1985, සන්ටෝ අන්ටෝනියෝ, පෘතුගාලය. වයස 29, උස 1.85 m

පෘතුගාලයේ ඉදිරි ප්‍රහාරක, නායක
රියල් මැඩ්රිඩ් ක්‍රීඩා සමාජය (2009-2015)
මැන්චෙස්ටර් යුනයිටඩ් (2003-2009)
ස්පෝටිං ලිස්බන් (2001-2003)
වටිනාකම යුරෝ මිලියන 80







වයස 8දී රොනල්ඩෝ අන්ඩොරිනා සමාජයෙන් ක්‍රීඩාව ආරම්භ කලේ! ඔහුගේ පියා අන්ඩොරිනා සමාජයේ ක්‍රීඩක ඇඳුම් බාරකරු! වසර 2කට පසු  සී.ඩී නැෂනල් සමාජයට!  රොනල්ඩෝ ඉතා දුප්පත්, එක කාමරයයි සහෝදර සහෝදරියන් 4දෙනාටම! වයස 14දී ඔහු පාසලෙන් ඉවත්කලේ ගුරුවරයෙකුට පුටුවකින් ගහලා!

1997 දී රොනල්ඩෝ පෘතුගාලයේ දැවැන්ත ස්පෝටිං ලිස්බන් සමාජයට! රොනල්ඩෝ ස්පෝටිං ලිස්බන් 16 පහල, 19 පහල, B කණ්ඩායම සහ ප්‍රධාන කණ්ඩාමට එකම තරඟ වාරයකදී ක්‍රීඩා කළා!
ඔහුගේ දස්කම් කැපී පෙනුනේ මැන්චෙස්ටර් යුනයිටඩ් පුහුණුකරු ශ්‍රීමත් ඇලෙක්ස් ෆර්ගියුසන්ට! ඒ පෘතුගාලයේ අග නගරය ලිස්බන් හිදී ස්පෝටං ලිස්බන් මැන්චෙස්ටර් යුනයිටඩ් 3-0 පරාජය කළ දා!

2003 යුරෝ මිලියන 12.2කට එංගලනිතයේ මැන්චෙස්ටර් යුනයිටඩ් සමාජයට රොනල්ඩෝව ගත්තේ ඩේවිඩ් බෙකම් රියල් මැඩ්රිඩ් ගිය නිසයි! එදා පටන් ඔහු අංකය 7 ඒ බෙකම්ගේ අංකය!







2004 FA කුසලානය ජයග්‍රහණය මැන්චෙස්ටර් යුනයිටඩ් දිනාගන්න කොට වයස 18 රොනල්ඩෝ තරඟ 40 කදී ගෝල 6ක්!
2004ට තරඟ 50 ගෝල 9, 2005ට තරඟ 47 ගෝල 12,2006ට තරඟ 53 ගෝල 23,2004ට තරඟ 49 ගෝල 42,2008ට තරඟ 53 ගෝල 26යි!

රොනල්ඩෝ PFA තරුණ ක්‍රීඩකයා, රසිකයන්ගේ ක්‍රීඩකයා, ක්‍රීඩකයන් අතර ක්‍රීඩකයා, FWA වසරේ ක්‍රීඩකයා, වසරේ PFA ප්‍රීමියර් ලීග කණ්ඩායමේ ප්‍රහාරක සම්මාන 5ක් දිනා ඉතිහාසයේ එකම ක්‍රීඩකයා!






වයස 22යි!
2009 රොනල්ඩෝ, මැන්චෙස්ටර් යුනයිටඩ් සිට ස්පාඤ්ඤයේ රියල් මැඩ්රිඩ් සමාජයට මාරු කලේ යුරෝ මිලියන 80කට!

2008 හා 2013 FIFA ලෝක ක්‍රීඩකයා සහ තවත් සම්මාන රැසක්!

අඩුම කාලයකින් ස්පාඤ්ඤයේ ලා ලීගයේ ගෝල 100ක් ලබාගත් රියල් මැඩ්රිඩ් ක්‍රීඩකයා රොනල්ඩෝ!
2006, 2010, 2014 පෘතුගාලය වෙනුවෙන් ලෝක කුසලානයට ආ රොනල්ඩෝ යුරෝ 2012 දී අවසාන මහා තරඟයට පෘතුගා‍ලය ගෙන ගියා!








රියල් මැඩ්රිඩ් වෙනුවෙන් වසර 5කදී රොනල්ඩෝ තරඟ 246 ක්‍රීඩාකර ගෝල 252ක්! සහය ගෝල ගොඩක්!

2011–12 තරඟ වාරයේ ලා ලීගා ශුරතාවය රියල් මැඩ්රිඩ්!
රොනල්ඩෝ තරඟ 38කදී ගෝල 46 ක්!
කොපා ඩෙල් රේ ශූරතාවය 2012, අනුශූරතාවය 2013
ස්පාඤ්ඤ සුපරි කුසලානය 2012, අනුශූරතාවය 2011









2013–14 රියල් මැඩ්රිඩ් ට යුරෝපා ශූරයන්ගේ ලීග ජයග්‍රහණයර
රොනල්ඩෝ තරඟ 11කදී ගෝල 17 ක්!
2013 FIFA ලෝක ක්‍රීඩක සම්මානය නැවතත් රොනල්ඩෝට!


















රොනල්ඩෝ හිතන හැටි!
පාපන්දු නොමැතිව මඟහ ජීවිතේ වටිනාකම බිංදුවයි!
මම ජීවත්වෙන සිහිනෙන් මට ඇහ අරින්න ඕනෑ නෑ!
මට කාටවත් ඔප්පු කරලා පෙන්නන්න තවත් දෙයක් නෑ!
හැමදාම ඉගන ගන්න වයස ප්‍රශ්නයක් නොවේ!
මම අකමැතිම තනියම ඉන්න!





"රොනල්ඩෝ බෝලෙන් කරන දේවල් මට හිතාගන්නත් අමාරුයි!"
සුපිරි පාපන්දු ක්‍රීඩක ලුවිස් ෆිගෝ!

"මේ කොල්ලාට හැම හැකියාවක්ම තියනවා! "
ශ්‍රීමත් ඇලෙක්ස් ෆර්ගියුසන් මැන්චෙස්ටර් යුනයිටඩ් පුහුණුකරු

"රොනල්ඩෝ බෝලේ ගත්තම අපිට කරන්න දෙයක් නෑ! ඔහු ක්‍රීඩකයෙකුට පසුව ක්‍රීඩකයකු පරදවනවා"
සුපිරි පාපන්දු ක්‍රීඩක රයන් ගිග්ස්

රොනල්ඩෝගේ විශේෂය නිර්මාණශීලිත්වය, වේගය, ඉලක්කය සහ සහය වීම. පිටියේ ඕනෑම තැනක ක්‍රීඩා කළ හැකියි! දේහ ශක්තිය හා නම්‍යතාවය ඉහලම ක්‍රීඩකයෙක්!

රොන‍‍ල්ඩෝ ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩකයා! ඔහු පාපන්දු විලාසිතාවක්!
පුවත් මවන්නෙක්! සාමාන්‍ය ජීවිතයේ සාමකාමී පුද්ගලයෙක්!
බොහෝ දුරට 2015 දී ඔහු නැවත මැන්චෙස්ටර් යුනයිටඩ් යන්න පුළුවන්!

පෘතුගාලය වෙනුවෙන් වැඩිම ජාත්‍යන්තර ගෝල 43ක් ලබාගෙන රොනල්ඩෝ අද ඇමරිකාව සමග තරඟයට! ඊ ලඟ තරඟය ඝානා! තරඟ දෙකම ජයගත්තොත් ඔහු 16 දෙනාගේ වටයට!









No comments:

Post a Comment