HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ලෝක පාපන්දු තරග නරඹන්න ලෝකයේ ලොකුම ටෙලිවිශනය එයි!

සිවු වසරකට වරක් පැවැත්වෙන ලෝක පාපන්දු තරගාවලිය දැන් පටන් අරන්. ඒ තරග මාලාව බ‍්‍රසීලයට නොගිහින් ගෙදර ඉඳන් ඒ විධියට ම නරඹන්න කැමති නම් දැන් ඒ වෙනුවෙන් ම ටෙලිවිශනයක් නිපදවා තියෙනවා.

ඒ ටෙලිවිශනයේ තිරයේ කී‍්‍රඩකයන් පෙනෙන්නේ ඔවුන් නියම ශරීර ප‍්‍රමාණයෙන්මයි. එහෙනම් ඒක ලෝකයේ ලොකුම ටෙලිවිශනය වෙන්න ඇති. ඔබ කියාවි. හරියට ම හරි! ඒක තමයි ලෝකයේ තියෙන ලොකුම ටෙලිවිශනය!

මේ ටෙලිවිශනය නිපදවා ඇත්තේ ලන්ඩනයේ නිෂ්පාදකයෙක්. ටයිටන් කියන මේ නිෂ්පදකයා මේ නව ටෙලිවිශනය හඳුන්වා ඇත්තේ සූස් (Zeus) කියලයි. සුස් කියන්නේ ගී‍්‍රක මහ දෙවියන්ටයි.

අඟල් 370ක තිරයක් මේ ටෙලිවිශනයට තියෙනවා. පළලින් අඩි 32ක්. උස අඩි 15ක්. හැබැයි මිල නම් ටිකක් සැරයි. ඩොලර් ලක්ෂ 16ක්!

 
ලොව ලොකුම ටෙලිවිශන තිරය මෙයයි. මෙහි පළල මීටර අටක්, උස මිටර පහක්. වෙනත් විදියකින් කීවොත් මෙය අඟල් 370ක ටෙලිවිශනයක්! මිල ඩොලර් මිලියන 1.6ක්!

මෙහි වර්ණ බිලියන 65ක් තියෙනවා. බර ටොන් එකකට වැඩියි! පුංචි ඉඟිවලින් මෙය හැසිරවිය හැකියි! ඇසිලිය ගැසීමකින් මෙහි චැනල වෙනස් කරන්න පුළුවන්.

ඒ වගේ ම මේ තිරය විශාල නිසා චැනල 20ක වැඩසටහන් 20ක් එක විට එකම තිරයෙන් නරඹන්නත් පුළුවන්.

කාමරයේ ඇති ආලෝකයට අනුව තිරයේ ආලෝකය අඩුවැඩි කර ඉබේම හැඩ ගැහෙන්න මේ ටෙලිවිශනයට පුළුවන්. මේ හැකියාව ඇති ලොව එකම ටෙලිවිශනයත් මෙයයි.

මීට කලින් ලෝකයේ ලොකුම තිරය ඇති ටෙලිවිශනය ලෙස ලෝක වාර්තාව තබා තිබුණේ ජපානයේ පැනසොනික් සමාගමේ අඟල් 152කේ තිරයක් සහිත පැනසොනික් ‘අඟල් 152 -4කේ’ සෙට් එකයි.

මේ නව ටෙලිවිශනය ඊට වඩා දෙගුණයකටත් වඩා විශාලයි. මේ තිරයේ හොඳින් නැරඹීමට නම් අඩි 50ක් ඈතින් ඉන්න ඕනෑ.

 
ලෝකයේ ලොකුම ටෙලිවිශනය විසිත්ත කාමරයේ තැබුවොත් පෙනෙන්නේ මෙහෙමයි. සජීවී ප‍්‍රමාණයෙන් බලන්න අවශ්‍ය නැත්නම් මේ යෝධ තිරය කොටස් 20කට කඩා චැනල 20ක වැඩසටහන් 20ක් එකවර නරඹන්න පුළුවන්.

තවත් සුවිශේෂත්වයක් මේ තිරයෙහි තියෙනවා. ටෙලිවිශන් නොබලන වෙලාවට මෙය විසිතුරු මසුන් ඇතුළත් ‘සීජීඅයි (CGI) ඇක්වේරියම්’ එකක් හෙවත් සැබෑ එකක් සේ පෙනෙන කෘති‍්‍රම මාළු ටැංකියක් ලෙසට පරිවර්තනය කර ගන්නත් පුළුවන්.

මේ වර්ගයේ ටෙලිවිශන හතරක් විතරයි මුලින් ම නිපදවා ඇත්තේ. මුල්ම ටෙලිවිශනය අළෙවි කළේ නම ප‍්‍රසිද්ධ කරනවාට අකමැති මිලියනපති මාධ්‍ය හිමිකරුවකුටයි. දෙවැන්න ප‍්‍රංශයේ කෑන්ස්හී පැවැත්වෙන 64 වැනි කෑන්ස් චිත‍්‍රපට උළෙල වෙනුවෙන් කෑන්ස් නගරයේ වෙරළබඩ පිහිටි ෆැෂන් හෝටලයේ සවි කෙරෙනවා. කෑන්ස් චිත‍්‍රපට උළෙල පැවැත්වෙන තෙක් ලෝක පාපන්දු තරග නරඹන්න එහි එන අයට පුළුවන්.

ටයිටන් සමාගමේ ප‍්‍රධාන විධායක ඇන්තනි ගන්ජූ කියන්නේ, ඔවුන් රටේ ඇති හොඳම තාක්ෂණය මේ ටෙලිවිශන තිරයට එක්ක කළ බවයි. ‘මෙය ලොව විශාලතම තිරය පමණක් නොව මෙතෙක් නිෂ්පාදිත විස්මිත හැකියාවන් සහිත තිරයත් මෙයයි.’ ඔහු පවසනවා.

ඔවුන් මෙයට පෙරත් අවශ්‍යතා අනුව ටෙලිවිශන සඳහා විශාල තිර තනා තියෙනවා. ඒත් මේ තරම් විශාල තිරයක් සහිත ටෙලිවිශනයක් නිපද වූ පළමු වතාව මෙයයි.

ඩොලර් ලක්ෂ 16ක් වැඩි නම් ඩොලර් ලක්ෂ දෙකහමාරකට තිරයක් ඇනවුම් මත තනා දෙන්නත් ඔවුන් සූදානම්. හැබැයි මේ විස්මිත තිරයේ ඇති පහසුකම් සියල්ල එහි නැහැ. ඔවුන් තනන යෝධ තිර අතර අඟල් 173, 196, 250 යන ප‍්‍රමාණවලිනුත් ඔවුන් ටෙලිවිශන් තිර නිපදවනවා.

 
පරිසරයේ ඇති ආලෝකයට අනුව තිරයේ ආලෝකය අඩුවැඩි කර ගන්න පුළුවන් ලෝකයේ එකම ටෙලිවිශන තිරය මෙයයි.

 
විසිත්ත කාමරයට සුදුසු පරිදි විහාල ටෙලිවිශන් තිර ටයිටන් සමාගම විසින් තනනු ලබනවා.

 
මේ අලියකුගේ රූපයක් සමග සන්සන්දනය කර දැක්වෙන්නේ ටයිටන් සමාගම නිපදවූ සූස් ටෙලිවිශන තිරයයි. අඟල් 370ක් විශාල මේ තිරය මෙතෙක් ලෝකයේ නිෂ්පාදිත විශාලතම තිරයයි. මේ හැරෙන්නට ඔවුන් අඟල් 173, 196, 251 යන ප‍්‍රමාණයේ තිරත් නිපදවනවා.


Post a Comment

0 Comments