Pages

Friday, June 13, 2014

ලෙන්ගතු සිත..


ඔබ නොදන්නවා වුනාට, 
ඔබෙ දෙනෙතට නොපෙනුනාට,
දිව්‍ය අංඟනාවක් ඈ, සුර ලෝකයේ එළිය දුටුව.. 
ලෙන්ගතු හදවතක අරුත..

තනිවූ මොහොතක සිතන්න,
කඩඉම් නැති ආදර සිත 
ඔබත් එක්ක ඉන්නා බව, 
නොනිමෙන තුටු දැල් දල්වන..

යටගිය වංහුං මොකටද,
සෙනෙහස් රැස් විහිදෙන කල,
හුදෙකලාව නැත කිසි කල,
ඔබේ ගුණවත් සිත් මඩලට..




7 comments:

  1. පසළොස් වසරක් "තනිකම" විය නිතරම මා එක්කම..
    සෙවනැල්ලක් සේ මාගේම, මාත් එක්ක සිටිය එකට..

    නොපෙනන බව සිතුවට ඔබ
    මට පෙනෙනා දේ ඔබ හට
    කෙසේ කියම්දෝ නොරිදා
    සිත සහ පිවිතුරු හදවත

    අප සිටිනා මහා පොළොවේ
    නැත හිඩැසක් මෙමට් නගේ
    එනිසයි මා බොහෝ සිතුවේ
    ඉන්නම් මා ලෙන පතුලේ

    ලෙනේ නොමැත මහද රිදෙන වදන්
    ලෙනේ නොමැත කවුරුත් මට අහක බලන්
    ලෙනේ නොමැත මට ඇනුම් බැනුම්
    ලෙනේ ඇත සිතට සුවයක්, අනේ එනිසා මේක අහන්

    අන්ගනාවෝ ඇත අප අතරම මේ පොළොවේ
    සැමෝම නැත මා සමගින් සිනහෙන්නේ
    සිනසුනාට සැමෝම නැත තතු දන්නේ
    තතු දන්නා "ඇය" ඇයි මෙය නොදකින්නේ

    That being said, I just wanted to say..

    ෂා මේ ළමයාගේ උස..
    දුටුව ගමන් සිතුනි මට
    උස වාගේම හැඩ කාරි
    මම දැක්කම හරි ගෝරි

    කව්ද යකෝ බොල මේකී ?
    බැලුවා අනේ මම ගොලු වී
    හනේ හපොයි මගේ කරුමි
    ඒ සිටියේ අපේ දිග නංගි.........

    ReplyDelete

  2. පාලු ලෙනෙහි, අඳුරක් මැද..
    කිසිවෙක් නැත, ඔහු පමණය..
    සීතල ඒ ලෙන මැද්දේ
    වියලුනි ඔහුගේ හදවත..

    තනි කම සහ වේදනාව
    ඇය හට හරි පළපුරුදුය
    තනිවම ඔහු සිටිනව දැක..
    දැනුනේ දුක ඇයගේ හදට..

    ඔහුගේ ලොවට එළිය දෙන්න
    පිනවන්නට දුක්බර හද..
    භියකරු ඒ ලෙන ඇතුලේ..
    පියවර ගත් තැති හදවත..

    නොදන්නා වූ ඒ ලෝකයේ
    තනිවුනෙ ඈ අරමුණු මැද
    අධිෂ්ඨාන විශ්වාසය
    සියුමැලි හද ශක්තිය කල

    පිරිපුන් උනි ඇගේ ලෝකය
    ඔහු සබදැති මිටියාවතෙ..
    ජීවිතයේ මිහිරි සුවඳ
    ඇයත් එක්ක සෙල්ලම් කල.

    කඩයිම් නැති ඇගේ හදවත
    සෙව්වා නිවහනක් ඔහුට
    ලෙන් කට ලඟ නැවතෙන්නට
    සිදුවුනේ ඇගේ හද තැතිගෙන..

    ලෙන අතුලේ ඉන්නා කල්..
    සඳ මඩලට වරමක් නැත..
    හුදෙකලාවේ තනිවෙන්නට
    ඔහුගෙන් සමුගන්නද ඇය..

    The first poem I ever wrote in Sinhala......Didn't know I could do it till now.....it just came from my heart I guess

    ReplyDelete
  3. මගේ ලෙනේ නැත අඳුරක්
    දැම්මානේ මම ලයිට් එකක්

    ලයිට් කොහෙද ගල් ලෙන් වල ?

    ගත්තා මම බෝතලයක්
    කලාමැදිරි එකසීයක්

    මගේ තනියට මදුරුවෝ ඇත
    කලාමැදිරි එළියත් ඇත

    ලෙනේ සිටින මට දැනේය
    පිට සිටිනා අවදානම්

    කුසගින්නේ ගොරවන්නේ
    ත්‍රාසජනක වන සතුන්ද ?

    පිට වීමට මගේ ලෙනින්
    කිව්වට මට සෙනහේ සිතින්

    මනාපයක් නැත මා හට
    මානව ගොදුරක් වෙන්නට

    බුද්ධියක් නැති මට
    කුමටද මේ වද ?

    ========================

    කියන්නා කෙසේ කීවත්
    අසන්නා සිහි බුද්දියෙන්
    ඇසිය යුතුය .. ?


    ReplyDelete
  4. පිස්සු හෑදෙන සද පලුව x 2 = පුන් සද!!! :D

    ReplyDelete
    Replies
    1. ආ.. සකු නංගී, කෝමද.. ? පුන් සඳ හොඳයි අනේ .. :)

      Delete
  5. I want to destroy this cave.. :D

    ReplyDelete
    Replies
    1. Destroy my cave ? Yikes....

      You and I are friends
      You laugh, I laugh
      You cry, I cry

      You scream, I scream
      You run, I run
      You jump, I jump

      You jump off a
      bridge, I'm going to
      miss you buddy:)

      I know... I know... been told many times am impossible :)))

      Delete

Your comments are highly appreciated ...
- Sharmila :)

Live Tweets -- Follow Me

    Total Pageviews