Sunday, June 8, 2014

මගේ #100HappyDays කියන්නෙ මොකද්ද ??


දවසක අහම්බෙන් Facebook වල දැක්කා photo එකක් tag කරල තියෙනවා #100HappyDays කියලා. ඉතින් ඒ ගැන ටිකක් google වල search කලාම තමයි දැනගත්තෙ එහෙම project එකක් තියෙන බව.
http://100happydays.com/ {මේ web site එකට ගියොත් ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන් වෙයි.}
 මේ website එකේ කියන්නෙ, මේ අති ධාවනකාරී ජීවිතයෙ අපට කැමති දෙයක් කරල සතුටු වෙන්න වෙලාවක් නැහැ කියලයි. අපි කැමති උනත් එහෙම කරන්න අපිට වෙලාවක් නැහැ. ඒ නිසා අපි ට පුළුවන් නම් එදිනෙදා කරන දේවල් වලින්, සිද්ධ වෙන දේවල් වලින් සතුටු වෙන්න, සතුටු නොවී ඉන්නවට වැඩිය ඒක අපේ ජීවිත වලට පොඩි හෝ වෙනසක් සිදු කරාවි.

#100HappyDays කියන්නෙ අභියෝගයක්. පුළුවන් නම් එක දිගට දවස් 100 ක් happy එකේ ඉන්න කියන එක තමයි අභියෝගය. 29% යි මේක ජයගන්න පුළුවන් වෙලා තියෙන්නෙ. අනිත් අයට වෙලාව තමයි හරස් වෙලා තියෙන්නෙ.
අපිට කරන්න තියෙන්නෙ අද දිනය ඇතුලත අපි දකින/ අත්විඳින යම්කිසි දෙයක්, අපිව සතුටට පත් කලානම් එයට අදාලව photo එකක් facebook, twitter, instagram වගෙ social media site එකකට upload කරල #100HappyDays කියල tag කරන එක විතරයි. මේ විදියට එක දිගට දවස් සීයක් කලොත් අපි දිනුම්. හරිම ලේසියි වගෙ හිතේවි, ඒත් පටන් අරගෙන බලන්න.



මේ #100HappyDays එක්ක තවත් ඒව එහෙමෙහෙ වෙනවා. "සතුට යනු ... ", "Happiness is ... "



ඒවගේම තමයි මේ video එකත්. Happy 24 hours කියලා පැයක් දිග සිංදු 24කුත් මෙයා කරලා තියෙනවා. 
[මෙන්න youtube plalist එක]


ඉතින් මොකක් හරි වෙනසක් හොය හොය හිටිය මටත් හිතුන මේක try කරල බලන්න. හැබැයි පටන් අරන් දවස් දෙක තුනකින් මගෙ mobile phone එක කැඩුනා. ඒ නිසා මේ project එක මට ඕනෑ හැටියට මගදි වෙනස් කරගත්තා. #SlashedMemories කියල tag එකක් මමම හදාගෙන පරන photos upload කලා.
මගෙ 67 වෙනි දවසේ uploaded picture එක වුනේ මේ blog article එක ලියන්න පටන් ගැනීමයි. (හේතුව දැන් පාන්දර 01:27 වීමයි)

ජීවිතය ඒකාකාරීයි, ඒකෙන් මිදෙන්න අපිට හැකියාවක් නැහැ. ඒත් ඒ ඒකාකාරීත්වය අතරේ වෙනසක් දැකගන්න පුළුවන් උනොත් මේ "අනේ මන්දා" ගතිය නැතිවෙලා යයි.

#100HappyDays :

2 comments: