Monday, October 7, 2013

වැහි බිඳිති - අන්තර්ජාල නවකතාවේ මුහුරත් ලිපිය

 
 

 
 

මම හිතුවා මුහුරත් ලිපියකින්ම වෙබ් පොත මත පලවන ප්‍රථම අන්තර්ජාල නවකතාවේ ඇරඹුම සනිටුහන් කරන්නට.  මේ වැයම නවකතාවත්, අන්තර්ජාලයත් ඒවගේම ටෙලි නාට්‍ය සම්ප්‍රදායත් එකට එක්කරන නවතම කලාවක් ගොඩනගන්නනේ. ප්‍රතිචාර කොහොම වෙයිද දන්නේ නෑ. නමුත් ලස්සනම ලස්සන චීන දියණියකගේ කතා පොඩිත්තක් ඔබලාට පලමුවෙන්ම තිළිණ කරන්නයි වෑයම

2021 වසරේදී චීනයේ ඉතාම ජනප්‍රිය වූ ටෙලිනාට්‍යයක් ඇසුරෙන් ලියවෙන මෙය ඔබට ඉතාම සුන්දර අත්දැකීමක් එකතු කරාවීයැයි මම එක සිතින් බලාපොරොත්තු වෙනවා. දුප්පත් පවුලක උපන්, සියාඕ යු (වැහි බින්දුව යන තේරුම ගෙන එන චීන නමක්) සිය මාමා සමග ඉතාලියට ගොස් ජීවිතය ගොඩනාගා ගැනීමට කරන අරගලය මෙහි කතා තේමාව වෙනවා.

ලංකාවේ ජනප්‍රියම බ්ලොග් සින්ඩිකෙටර් දෙකට වෙබ් පොත එකතු කරන්නට ඉල්ලා සිටියා, කොත්තු එකේ ඉන්ඩි නම් දැනටමත් මේක කොතුවට එක් කරලා, සිංහල බ්ලොගර් මල්ලිලා ටික නම් තාම වෙබ් පොත එක්කරලා නෑ. මම කාලිංග මල්ලීටත් කිවුවා ..... තාම ප්‍රතිචාර නෑ. කමක් නෑ. ප්‍රමාණාත්මකව නැතත් ගුණාත්මක ප්‍රතිචාර හා පිරිසක් ඒවී කියලා හිතාගෙන වැඩේ පටන් ගන්නවා. කියවන අයත් ෆේස් බුක් එකේ හා ටුවිටර් එකේ මේ ලිපිය බෙදාහදාගෙන පොඩි ප්‍රචාරණයක් ලබාදෙන්න.

No comments:

Post a Comment