හිස්කමින් පිරුණු කාන්සියට,
හිදගන්න විට ඇවිත් පිල උඩ,
උන්නේ මේ මා ලග…
නොහැකි බව යන්නට,
කෙලෙසකින්වත් මා අත් හැර,
සිටියෙමි මම පාඩුවේ ,
ඉන්නට දී උන්දැට උන්ගේ පාඩුවේ…
ටිකකින් මේන් පටන්ගත්තා
සක්මන මට පේන මානයේ…
මටත් දැනුනු අස්වැසිල්ලට,
තරවටු නොකර වචනයකින,
වෙන දෙයක් වෙන්නට හැර,
සිටියෙම කරබාගෙන…
විද උපරිමව දුන් නිදහස,
ගොස් මට උරුම නැති මානයට,
හැරි සිටි බලාන මා දෙස,
කදුළු එකතු කර මාගේ දැසට…
කෙලෙස නම් නවත්තන්න ද?
කියන දෙයක් කනට නොගන්නකොට…
හිතුවක්කාරයි දැන් නම් හොදටෝම…
මගේම මුරණ්ඩු සිත…
ඔබේ අදහස්