Monday, May 26, 2014

ඔබේ දසුනෙන් වියෝවූ හද‍ - පස් වන ගීය

දුන මැනව අවසර 
නිමේෂයකට
ඔබ පසෙක හිඳ ගැනුමට
නිමා කරලනු පිණිස වූ 
සියලු දෑ මම
ඉන් පසුව හඟින්නෙමි.

ඔබේ දසුනෙන් වියෝ වූ සඳ 
නොදනී සේයාවකුදු මා හද 
සහනයෙක හෝ සැනැසුමෙක.
පලායයි සියලු දෑ
හසරක් නොදැන කැලැඹේ
වෙරළක් නුදුටු
සමුදුරු රළ පෙළක් මෙන්

කවුළු දොරකඩ වෙත පැමිණි
ගිම්හානයේ සුසුම් හඬ
රහස් කෙඳුරුම ඇසේ මට 
සුපුෂ්පිත තුරු විසුළ උයනෙහි
අනුරාව නංවති බිඟු 
මියුරු පැසැසුම් ගායනා

හිඳගෙන නිසසලව
ඔබැ මුහුණ පෙනෙනා තැනෙක
මේ නිසංසල මිහිර හා  
පිරී ඉහිරෙන සැනසුම
නමින් පබැඳුණු ගී පද 
ගැයිය යුතු කාලයයි මේ..!
________________________________________________________________

I ask for a moment's indulgence to sit by thy side. The works that I have in hand I will finish afterwards. Away from the sight of thy face my heart knows no rest nor respite, and my work becomes an endless toil in a shore-less sea of toil. Today the summer has come at my window with its sighs and murmurs; and the bees are plying their minstrelsy at the court of the flowering grove. Now it is time to sit quite, face to face with thee, and to sing dedication of live in this silent and overflowing leisure.

No comments:

Post a Comment