Sunday, November 28, 2010

පිහි ඇනුමකින් කෙලවර වූ කැම්පස් ආදරය ....

එක දවසක් මම කැම්පස් එකට යනකොට තෙල් බැම්මට මෙහා කට්ටිය රොක් වෙලා. ගොඩාක් වෙලාවට එහෙම වෙන්නෙ වලියක් වගෙ එකක් උනොත් තමයි. කසු කුසු අතරින් ආරංචි උනා කොල්ලෙක් කෙල්ලෙකුට පිහියෙන් ඇනලා කියලා. කෙල්ල ඉස්පිරිතාලෙ ගෙනිච්චලු, කොල්ලා හොයාගන්න නැතිලු. 
පස්සෙ ආරංචි උනා කොල්ල පඳුරක් අස්සෙ ඉඳල සෙකියුරිටි එකට හම්බවෙලා කියලා. කොල්ලා වහ බීලා.

දෙන්නම ඉස්පිරිතාලේ. පස්සෙ බැලින්නම් මේ කපල් එක අපි දන්නවා. ඒ කියන්නෙ අපිට සීනියර්. මම අඳුනන්නෙ නැති උනාට මගේ සමහර යාළුවෝ හොඳට අඳුනනවා. හැබැයි මට මේ කපල් එක හොඳට නෝට්. හේතුව තමයි දෙන්නම එකට දැකල තිබීම.
දෙන්න හොඳ ආදරෙන් ඉඳල තියෙනවා. ඒත් ඒ ආදරේට කණ කොකා අඬල තියෙන්නෙ ප්‍රැක්ටිකල් වලට කෙල්ල කොම්පැනි එකක ජොබ් එකට යන්න ගත්තට පස්සෙ. එතන පොරක් මෙයා එක්ක සෙට් වෙලා. අන්තිමට කෙල්ලගෙ ගෙදර අයත්, කෙල්ලත් දෙගොල්ලම කැමති අර අළුත් කොල්ලව බඳින්න. කැම්පස් ආදරය නවත්තන්නයි කෙල්ලට ඕනෑ වෙලා තිබුනේ.දෙන්න ඒක නවත්වන්න කතා බහ කරගෙන එකඟ වෙලා ඉඳල තියෙන්නෙ.
ඉතින් කැම්පස් කොල්ලා එක දවසක් කෙල්ලට පිහියෙන් ඇන්නා. ඊට පස්සෙ කෙල්ල මැරුනා කියලා හිතලා පඳුරක් අස්සෙ හැංගිලා වහ බිව්වා.
දෙන්නටම අමාරු උනා. ඒත් දොස්තරල මේ දෙන්නවම බේර ගත්තා.
කෙල්ල සුපුරුදු පරිදි ගෙදරට වෙලා ජොබ් එකට ගියා. (හැබැයි ආයෙමත් කැම්පස් ආව කියල ආරංචියක් තිබුනෙ නැහැ). කොල්ල බෙල්ලෙ වැල දාගෙන සිය දිවි නසා ගත්තා.

ප.ලි : මේ ගැන පත්තරේකට හෙදියක් ලිපියක් ලියල තිබ්බ. මට මතකයි ඒකෙ තිබුනේ ආදරය ඉල්ලල නොලැබුන තැන පිහියෙන් ඇන්නා කියලා. ඒ ලිපිය පුරාම තිබ්බේ කොල්ලගෙ වැරැද්ද විතරයි.

12 comments:

  1. අම්ම ගහයි බැට් එකෙන් කිව්වලු :(

    ReplyDelete
  2. ඔවු ඉතිං වාර්තාකරණයේදී උවමනාවෙන්ම එක පැත්තකට වැරැද්ද දාන එකනේ දැන් කරන්නේ. නැතිව කියවලා පාඨකයට තීරණය ගන්න දෙන්නෙ නෑ.
    හැබෑටමඒ කොල්ල කෙල්ලට ආදරේ නං පිහියෙන් අනීද?

    ReplyDelete
  3. ඔව් ඉතින් මම දැකපු දෙයක් තමයි දෙයක් වර්තා කරනකොට ආසාදාරනය උන කෙනා කවුද කින්ද මන්ද කියලා සොයා බැලිමක් නැතිව එක පැත්තක් ගන්න එක.

    ReplyDelete
  4. මෝඩ මිනිස්සු රාගයට යට උනාම වෙන විපත් වලින් එකක් තමයි ඔය!!!

    ReplyDelete
  5. ඔය තෙල් බැම්මට වෙලා පාහර කම් කරන අමනයන්ට, තමන්ගෙ සහෝදර සහෝදරියන්ට ජීවිතේ ජීවත් වෙන්න කියල දුන්න නම් මොන තරම් වටිනවද...

    ReplyDelete
  6. ඔබ විශ්ව විද්‍යාලයේ සිටි වසර මොකක්ද?මම දන්න තරමින් මේ ප්‍රේමලාල් නඩුව සම්බන්ධ සිද්ධිය විය යුතුයි.මේකට අදාල නඩුව මිනීමැරීම සම්බන්ධ ලංකාවේ නඩු නීතියේ තීරනාත්මක වෙනසක් ඇති කල නඩුවක්.විත්තිකාරයාට හදිසි හා බලවත් ප්‍රකෝපය උඩ මිනීමැරුම කලා කියන පදනමින් අවසානයේදී දඩුවම ලිහිල් කලා.

    ReplyDelete
  7. තර්ඩ් මෑන් (SIDATH)ට : අම්මට ගහන්න දෙයක් ඉතුරු වෙන එකක් නැහැ.

    ReplyDelete
  8. ගයාන් තාරක : "හැබෑටමඒ කොල්ල කෙල්ලට ආදරේ නං පිහියෙන් අනීද?" : ආදරයට එක එක මාන තියෙනවනෙ. ....

    ReplyDelete
  9. Nadun ට : ඔව්. මට එයාගෙ ලිපි බලන එකත් එපා උනා.

    ReplyDelete
  10. Kaniskha Dilshan ට : හ්ම්ම් .. ඒක ටිකක් හිතන්න ඕනෙ කාරනාවක් වගේ ..

    ReplyDelete
  11. venura9 ට : ඇත්තටම දැන්නම් ඔය ඉන්න කට්ටියට එහෙම දෙයක් තේරුම් කරල දෙන්නවත් තරම් දැනුමක් තියෙනවද කියන එක සැකයි.

    ReplyDelete
  12. Ramachandra ට : නැහැ. ඔය සිද්ධිය වෙලා තියෙන්නෙ අපි එන්න කලින්. ඒ ගැන විස්තර මට කිව්වෙ ඒක ඇහින් දුටු ගාඩ් කෙනෙක්. මට මතක හැටියට ඒ පිහි ඇනුම හැමෝම දැකලා තියෙනවා. එතනදි කෙල්ල මැරුනා.
    මම out උනේ 2003

    ReplyDelete