Wednesday, February 29, 2012

ඇත්තටම ගෑණුන්ට ඕනෙ මොනවද ??


ඕන්න එකමත් එක රටක රජෙක් හිටියා. එයා එක දවසක අල්ලපු රටේ මොනවද කරන්න ගිහිල්ලා අහුවෙලා හිරේ වැටුනා. ඒත් රජාගෙ තරුන කම ගැන හිතපු ඒ රටේ රජා, මේ රජාව මරන්නෙ නැතුව නිදහස් කලා. හැබැයි කොන්දේසියක් පිට.

අවුරුද්දක් ඇතුලත අමාරු ප්‍රශ්නයකට උත්තරයක් දෙන්න ඕනෑ. එහෙම නැත්නම් ඇවිත් බාර වෙන්න වෙනවා.
රජා උත්තරය දන්නෙ නැති උනත් රාජධානියේ ඉන්න උගත්තු දන්නව ඇතිනෙ කියල හිතල කැමැත්ත පල කලා. ඔච්චර අමාරු ප්‍රශ්නය මෙන්න මේකයි.
ඇත්තටම ගෑණුන්ට ඕනේ මොනවද ?
 ඉතින් රජා තමන්ගෙ රටට ඇවිත් හැමෝගෙන්ම අහල බැලුවා. පූජකයින්ගෙන්, සිටුවරුන්ගෙන්, දිසාපාමොක්ලගෙන්, බමුනන්ගෙන් ... මේ හැමෝගෙන්ම ඇහුවා. උත්තර නම් ලැබුනා ඒත් හරියටම හරියන එකක් ලැබුනෙ නැහැ.

අන්තිමට හැමෝම කිව්වෙ රට කෙලවරේ ඉන්න නාකි මන්තර කාරි උත්තරේ දන්නව ඇති කියල. ඒත් රජා මන්තර කාරි ලඟට යන්න කැමති උනේ නැහැ. මොකද එයා උදව්වට හිලව් වෙන්න සමහර දේවල් ඉල්ලන හින්දා.
ඒත් ඉතින් මැරෙනවට වැඩිය මොනව හරි උත්සාහ කරන එක හොඳයි කියල පස්සෙ රජාට හිතුනා, මොකද අවුරුද්දෙ කාල සීමාවත් ටික ටික ගෙවිල යන නිසා.
ඉතින් වැඩිපුර කාලය කකා ඉන්න වෙලාවක් නැති නිසා හොඳම යාලු මිත්‍ර සෙනෙවියත් එක්ක රජා ගියා මන්තර කාරිහම්බ වෙන්න. ගිහිල්ලා ප්‍රශ්නය ඇහුවා. මන්තර කාරි තමන් උත්තරය දන්න බව කිව්වා. හැබැයි උත්තරයට ඉල්ලපු ගෙවීම ගැන අහපු රජාට හීන් දාඩිය දැම්මා.
මන්තර කාරිට ඕනැ උනේ රජාගෙ මිතුරු සෙනෙවියාව කසාද බඳින්න. ඒත් මන්තර කාරි කැතයි, කුදුයි, කටේ තියෙන්නෙ එක දතයි, හත් අවුරුද්දකින් නාල නැහැ. ඒ තරමට ගඳයි. රජා තීරනය කලා තමන්ගෙ යාලුව අමාරුවෙ දානවට වැඩිය සැපයි මැරෙන එක කියලා. එහෙම තීරනය අරන් එතනින් යන්න ලැහැස්ති උනා.
ඒත් සෙනෙවිය කැමති උනා මන්තර කාරිව බඳින්න. ඒ තරමට යාලුකම ලොකු උනා.

ඊට පස්සෙ කසාදෙ කෙරුනා, මන්තර කාරි උත්තරෙත් දුන්නා.
උත්තරේ උනේ මෙන්නෙ මේක :
ඇගේ ජීවිතේ ඇයටම පාලනය කරන ඉඩ දීම ..... 
හැමෝම පිලිගත්ත ඒක තමයි ඇත්ත කියලා. රජාට ජීවිත දානෙත් ලැබුන.
ඊලඟට තමයි අමාරුම හරිය.
රජාගෙ යාලු සෙනෙවිය මන්තර කාරිව කොහොම හරි අමාරුවෙන් බැන්ද කියමුකො. ඒත් ඉතින් මධුසමය කොහොමද ගත කරන්නෙ. ඒත් ඉතින් කරන්න දෙයක් නැහැනෙ. එන දේකට මුහුන දෙන්න බලාගෙන සෙනෙවියත් හෙමින් හෙමින් නිදන කාමරයට රිංගුවා.
සෙනෙවියගෙ ඇස් අදහගන්න බැරිඋනා. මෙන්න ඇඳ උඩ ඉන්නවා ලස්සන කෙල්ලක්. සෙනෙවියා මේ වගේ කෙල්ලක් ජීවිතේටම දැකල නැහැ.
ඔයා කවුද ? මම කසාද බැන්ද මන්තර කාරිට මොකද උනේ?
සෙනෙවියා ඇහුවා.
බයවෙන්න එපා. ඒ මමම තමයි. ඕනෙනම් මට පුලුවන් දවසෙන් භාගයක් මේවගේ ලස්සනට ඉඳලා ඉතුරු භාගෙ මන්තර කාරියෙක් වගේ කැතට ඉන්න. ඔයා කැමති කොයි විදියටද ? දවල්ට මේ වගෙ ඉන්නද නැත්නම් රෑට මේ වගෙ ඉන්නද ? 
(මන්තර කාරි) ලස්සන කෙල්ල සෙනෙවියගෙන් ඇහුවා.

සෙනෙවිය ආපු වැඩේ පැත්තක දාල දහ අතේ කල්පනා කරන්න ගත්තා.
.... දවල්ට මම ගෙදර ඉන්නෙත් නැහැ, හතර වටේ ඕන තරම් ගෑනුත් ඉන්නවා. ඒත් රෑට මම මේකි එක්ක නිදාගන්නත් එපායැ....
ඔහොම තමයි සෙනෙවිය කල්පනා කලේ ....
ටිකක් හිතල බලන්න
(ඔයා පිරිමියෙක් නම්) ඔයාගෙ උත්තරය උත්තරය මොකක් වෙයිද ??
(ඔයා ගෑණියෙක් නම්) ඔයාගෙ සහකාරයගෙ උත්තරය මොකක් වෙයිද ??


සෙනෙවියගෙ උත්තරේ මෙන්න මේකයි. 
හැබැයි ඉතුරු ටික කියවන්න කලින් අවංකවම ඔයාගෙ උත්තරේ හිතාගන්න.
සෙනෙවිය දන්නවනෙ රජාට ලැබුන උත්තරය. ඒ නිසා සෙනෙවිය මන්තර කාරිට කිව්වා 
ඔයා කැමති තීරනයක් ගන්න. මමත් ඒකට කැමතියි.
කියලා.
ඊට පස්සෙ මන්තර කාරි මෙහෙම කිව්වා.
ඔයා ඇත්තටම මට ගොඩාක් ගරු කලා. ඒනිසා මම තීරනය කලා හැමදාම මේ විදියට ඉන්න
එදායින් පස්සෙ මන්තර කාරි හැමදාම ලස්සන පෙනුමට සෙනෙවියත් එක්ක ජීවත් උනා.

ප.ලි:
මේ කතාවෙන් කාරනා දෙකක් ඉස්මතු වෙනවා
1. ගෑනියෙක්ට එයාට ඕනැ කරන විදියට ඉන්න ඉඩ දුන්නෙ නැත්නම් සේරම අවුල් වෙනවා
2. කොච්චර ලස්සන උනත්, ඕනෑම ගෑනියක්  ඇතුලේ මන්තර කාරියෙක් ඉන්නවා

19 comments:

  1. කාලෙකට පස්සෙ බ්ලොග් එක මතක් වෙලා... දෙවෙනි කාරනාව නම් ඇත්ත වගේ

    ReplyDelete
  2. මේ බ්ලොග් එකට මුලින්ම ආවේ අදයි. 'මහසෙන්ගේ අංශක 23 ක් ඇලවූ ලෝකය' කියන යෙදුමේ, ඇලවී තිබෙන්නේ මහසෙන්ගේ අංශක 23 ක් යන තේරුම දෙනවා. 'අංශක 23 ක් ඇලවූ මහසෙන්ගේ ලෝකය' කිව්වානම්, ලෝකය අංශක 23 ක් ඇලවී තිබෙනවා. එය අයිති මහසෙන්ටයි, කියන තේරුම එනවා. ටිකක් හිතලා බලන්න.

    ReplyDelete
  3. මොනව කියන්නද මන්දා..හැමෝම කැමතියි තමන් කැමති විදියට ජීවත් වෙන්න..ඒත් ඉතින් බැන්දට පස්සෙ කැමති විදියට ඉන්න හදන එක ඒ තරම් ප්‍රායෝගික නෑ....
    ඒ අතින් ගත්තම ගෑණු කියන්නෙ ප්‍රායෝගික නැති කොටසක්...හ්ම්ම්...ඇත්ත තමයි...:P

    ReplyDelete
  4. එත් යක්කු හිතන තරම් කළු නෑ මම හිතන්නෙ..

    ReplyDelete
  5. නියම කතාව... කවදාවත් අහලා තිබුනේ නෑ.. හැබයි ඔයා කියන්නේ මොකක්ද මගේ උත්තරෙත් ඒකමයි කියන කතාව නම් අහලා තියෙනවා. ඒක ඉතින් කාන්තවන්ට සම්බන්ධ එකක් නෙමෙයිනේ...

    ReplyDelete
  6. අවබෝධය කියන දේ තමා නේද වැදගත්?මොකද ගෑණිට කැමති විදියට ඉන්න කියලා පිරිමියා නෝංජලයෙක් වගේ ඉන්න උනොත් මළ තොප්පියයි නේ...

    ReplyDelete
  7. 'සුළඟ' ට : මාස ගානකට පස්සෙ තමයි ආවෙ. ස්තූතියි පොඩි තල්ලුවක් දුන්නට

    ReplyDelete
  8. කිරිපුතා ට : අනිවා ..කනට වදයක් නොවී ජීවත් වෙන්න පුලුවන්

    ReplyDelete
  9. Wicharaka ට : කාලයක් එක එක නමින් බ්ලොග් ලිව්වා. දැන් මේ නම තමයි තියාගෙන ඉන්නෙ. කියන දේ ඇත්තකුත් තියෙනවා තමයි. බලමු වෙනස් කරලා ...

    ReplyDelete
  10. හරී - පිණිපළස ට : මේ ලඟින් යන අත්දැකීමක් වත් නැති කෙනෙක් නැති වෙන්න වෙන්න බැහැ.

    ReplyDelete
  11. මඩිස්සලේ නිශාන් ට : මොකද්ද හිතාගත්ත උත්තරය ... ??? :)

    ReplyDelete
  12. ලකී සිරි ට : කසාද බැන්ද අය නම් දන්නව කොහොමද බටර් පාර ගාන්න ඕනෙ කියලා ... :p

    ReplyDelete
  13. රූ.... ට : හිතන තරං කළු නැහැ ... ඒත් හිතාගන්න බැරි වෙලාවක තමයි දෙන උත්තර වරදින්නෙ ...

    ReplyDelete
  14. මාතලන් ට : ගෑණු ගැන නම් කතා ගොඩයි ... සමහර ඒව ලිව්වොත් ගෙදර යන්න හම්බ වෙන එකකුත් නැහැ ...

    ReplyDelete
  15. මකුළුවා..... ට : අවබෝධය තමයි අංක එක. අවබෝධයෙන්ම නෝංජලයෙක් නොවී ශේප් වෙන්න පුලුවන් උනොත් ගොඩේ ගොඩ ..

    ReplyDelete
  16. මේක කතාවක්ද? උපදේසයක්ද?

    ReplyDelete