Wednesday, May 9, 2012

මගේ පරන බ්ලොග් අඩවියෙන් (iii) - කැම්පස් එකේ ජීවිතයෙන් ටිකක් (කෙටියෙන්) ...


මම ගියේ කැලනිය කැම්පස් එකට. කලින් දවසක ඇවිත් වේවැල්දූවෙන් ඇනෙක්ස් එකක් කුලියට ගත්තා. මුල්ම දවසේ තාත්තත් එක්ක වාහනයෙන් ඇවිත් කැම්පස් එක ඉස්සරහින් බැස්සා. බැහැලා වාහනය යවලා පාර අයිනට වෙලා ටිකක් බලාගෙන හිටියා. කට්ටිය මාර ඇක්ටිව්. මම ඩෙනිම්/ ටී ෂර්ට්/ ඩෙක් ෂූෂ් විදිහෙ කෙනෙක්. මම දැක්කා ගම්පහ ගෙල්ට් එකට ආපු අය කාන්ඩ පිටින් එනවා. මම ඒ අයත් එක්ක ගියේ නැහැ. ටිකක් බලාගෙන ඉඳලා තනියම කන්ද නගින්න පටන් ගත්තා.
හිතේ චකිතයක් තිබුනත් ඒක පෙන්නුවෙ නැහැ. ඔන්න ටික දුරක් යද්දි ජේෂ්ඨ කට්ටිය මොකද්ද හෑන්ඩ් බිල් එකක් බෙදනවා. මම ඒ ලඟින් යනකොට මට ඒක දික් කරලා ආයේ ඇදලා ගත්තා. මම හිතුවා "නියමයි.

මාව අඳුන ගත්තෙ නැහැ" කියලා. ඕන්න මගේ බය නැතිඋනා. ඊට පස්සේ මට මගේ ගෙල්ට් යාළුවෝ හම්බ උනා.

ඉංගිරිසි පාඨමාලාවට කට්ටිය තෝරන විභාගයට ඉඳගත්තම තමයි දැක්කේ ඒ පේපර් එකම තමයි අපිට ගෙල්ට් එකෙනුත් දුන්නේ. ඕනෙනම් 100% ම ගන්න තිබුනා. ඒත් මම හිතලාම සමහර ඒවට වැරදි උත්තර දුන්නා. එතකොට පොඩි ක්ලාස් එකකට ගිහින් වැඩ පෙන්නන්න පුළුවනි. මම දැක්කා සමහර ගම්පහින් ආපු අය උඩ පැන පැන ලියනවා.


සයන්ස් ෆැකල්ටි එක ..
මුල් දවසේ ඉඳන් ජේෂ්ඨයෝ ටික ටික තෙල බෙදන්න පටන් ගත්තා. තෙල් බැම්ම තමයි කේන්ද්‍රස්ථානය. තෙලට වැඩිපුරම අහුවෙන්නේ හොස්ටල් ඉන්න අය තමයි. අපි සයන්ස් කලේ. ඒ නිසා ආට්ස් කට්ටියට හිතාගන්න බැහැ අපි මොන ඉයර් එකේද කියලා. අපිත් ශේප් එකේ හිනාවේගෙන එතනින් යනවා. රැග් සීසන් එක ගැන කතා කරලා වැඩක් නැහැ. හැමෝම ඒ ගැන දන්නවා. හැබැයි අනිත් කැම්පස්වල වගේ නෙමෙයි, කැලනියේ රැග් එක අඩුයි.
තෙල් බැම්ම ..

මට හම්බ උනු යාළුවෝ පොෂ් කට්ටිය (ඒ වගේ හිතන අය).ගම්පහ, කොළඹ අවට අය. සිංග්ලිශ් කතා කලේ. සයන්ස් ෆැකල්ටි එක, ජිම් කැන්ටින් එක, ඉංග්‍රීසි පන්තිය තමයි මුල් දවස් වල අපි වැඩිපුරම ගැවසුන තැන්. හොස්ටල් වල ඉන්න අපිත් එක්කම ආපු අය කැන්ටින් කෑම පෝලිමේ ඉඳන් "කෑම දියව්" කියල කෑගහනකොට අපි ඉඳගෙන බලාගෙන හිටියා.

දන්නවද වැඩක්. ඒ දවස්වල කොම්පියුටර් සෙන්ටර් එක (දැන් IT Unit ) පැය 24ම ඇරලා. රෑට කාලා ඉන්ටර්නෙට් ගිහිල්ලා අපි බෝඩිමට යන්නේ පාන්දර 2ට විතර. ඒ පුරුද්දට තිත වැටුනේ කට්ටිය ගහ ගත්තට පස්සේ. අපි එතනින් ගිහිල්ලා ටික වේලාවකින් තමයි වලිය පටන් අරගෙන තියෙන්නේ. අපි දන්නේ උදේ අයෙමත් කැම්පස් එකට එනකොටයි. පාර වහලා හන්දා රවුමෙන් ආවා නුවර පාරට. මෙන්න පාරේ පොලිසියෙන්. පාර අයිනේ ලමයි පිරිලා.


අපි කන්න කියලා ඒ ලඟ කඩේකට ගියා. කකා ඉන්න ගමන් අමුතු සද්දයක් එලියෙන් ආවා. අපි කඩෙන් එලියට පැනලා කැම්පස් එක පැත්තට ආවා. මෙන්න කැම්පස් එකේ කන්ද උඩින් ගල් වරුසාවක් එනවා. පාරේ වාහන වලටත් වැදුනා. පොලිසියෙන් රබර් උන්ඩ වෙඩි තියන ගමන් කඳුලු ගෑස් ගහන්න ගත්තා. කැම්පස් එක පැත්තෙන් හුලඟ ආපු නිසා සැරේ වැඩිපුරම දැනුනේ පාරට.


අලුත් අත්දැකීමක් හින්දා අපිත් පාරට වෙලා බලාගෙන හිටියා. ටික වෙලාවකින් කැම්පස එක වැහුවා. ඇතුලේ ඉන්න අයට ගෙදර යන්න බස් කැම්පස් එක ඇතුලේ ඉඳන් ආවා. කවුදෝ පාර අයිනේ තිබ්බ කඩේකින් කොකාකෝලා බෝතලයක් අරගෙන යන බස් එකකට ගැහුවා. ඒක දැක්ක පොලිසිය පාර අයිනේ ඉන්න අයට පන්න පන්න ගැහුවා. මමත් දුවලා හැංගිලා ගුටි නොකා බේරුනා.


ඔය සිද්දිය නිසා කැම්පස් එක මාස 6කට වැඩිය වහලා තිබ්බා. පැය 24 ඇරලා තිබ්බ කොම්පියුටර් සෙන්ටර් එක කලින් වහන්න ගත්තා. රෑට කිසි කෙනෙකුට කැම්පස් එකේ ඉන්න තහනම් උනා. රෑ 8ට කලින් හොස්ටල් ඉන්න අයට අතුලට යන්න උනා.

ංආ .. මට කියන්න අමතක උනා. පදනමේ දෙන්නෙක් රෑ බයික් එකේ කන්ද නැගලා එනකොට හැංගිලා ඉඳලා මහා ශිෂ්‍ය සංගමේ අය ගහලා තෙල් බැම්මේ ගහක බැඳලා තියෙනවා. (ඒ ගහ ඊට පස්සේ කපලා දැම්මා) . ඒ දෙන්නගෙන් එක්කෙනෙකුගේ ඇහක් අන්ධ උනා. ඔය සිද්දිය තමයි අර මම කලින් කියපු ලොකු වලියට හේතුව.

කියන්න ආපු ඒව පැත්තක තියෙද්දි කියවුනේ වෙන වෙන ඒවා. ඉතුරු ටික පස්සේ කියන්නම්. සමහර සිදුවීම් කියන්න අමාරුයි. සමහර අයගේ පුද්ගලිකත්වය නිසා. සමහර දේවල් අමතකයි .. මතක් වෙන්නේ පස්සේ ..
  කැලනිය කැම්පස් එක ..
 * සියලු පිංතූර වල අයිතිය මා සතුය ...

2 comments:

  1. එල එල..මතක් වෙච්ච වෙලාවක තව ලියන්න.

    ReplyDelete
  2. ඒකාලේ හැඩිදැඩි කොල්ල නෙව.. :D

    ReplyDelete