13 May 2014

පොලිසිය ගැන දුක සිතීම හා සිවුරට බය වීම

මචං  

ඔව් 

දැක්කද අර කුරුණෑගල කොස්සෝ දෙන්නෙක්ව උස්සන් ගිහින් වෙඩි තියලා 

ඔව් ඔය පත්තරේ තිබ්බේ 

මචං  උඹ බැලුවද අර 360 , අර පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමා කතා කරනවා .

ඔව් 

මචං  මිනිහත්  කරන්නේ රස්සාවක්නේ කියලා හිතුනා මට, එක බලනකොට .අපි කොච්චර නම් බිග් මැච් දවස් වල කොස්සොන්ට හූ කියලා ඇත්ද . කැම්පස් එකේ කොල්ලෝ ගෆුර්ට ගල් ගහපුවම, උගේ ඔලුව පැලුණම, ඒ දවස් වල අපිට කොච්චර ජොලියක් හිතට දැනුනද. ඒත්  දැන් මට පාරේ හිටන් ඉන්න රාළහාමිලා දැක්කම පව් කියලා හිතෙනවා.

හ්ම්ම්

******************************************************


මචං  

ඔව් 

 අද අර සීට්ටු සල්ලි හම්බු උනා . ඉතින් ත්‍රී  වීල්  එකක අම්මවයි පුතාවයි දාගෙන මම කූල්  ප්ලැනට්  එකට ගියා  පොඩි එකාට ටී  ෂර්ට් එකක් අරන් දෙන්න . බඩු  අරන් එලියට බහිනකොටම , සුදු එල කිරි ජීප් එකක් නතර කලා  . ඉස්සර සීට්  එකේ හාමුදුරු කෙනෙක් පස්සේ සිට්  වලත් තරුණ හාමුදුරු වරු . මට හීන්  දහඩිය  දැම්මා . 

ඔව් ඔව් ඔය මුස්ලිම් කඩ වලින් බඩු  අරන් , අර සේනාවට අහු උනොත් ...උඹට කන්න තමයි වෙන්නේ 

ඔව් මචන් දැන්  සිවුරක් දකිනකොටත් බය හිතෙනවා 



පලි :
පරණ කාර් කඳු නගිද්දී මග නවත්වන්න බැරිය . එක හැල්මේ පිඹ ගෙන අදින්නේය . ඒත් එක හැල්මේ පිඹ ගෙන ගිය කල එන්ජිම රත් වේ . එවිට නවත්වන්නම සිදුවේ . එවිට පල්ලම දිගේ රූටා පහලට වැටේ .

පොලිසිය ගැන දුක හිතීම හා සිවුරට බය වීම, මෙවැනි ලක්ෂයක් අත  ළඟ බව කියා පානවා යයි මට සිතේ   

12 comments:

  1. දැන් නම් පොලීසියත් සිවුරට බයයි. පව් අප්පා පොලිස් කාරයෝ...

    ReplyDelete
    Replies
    1. ඇත්ත නේන්නම්

      Delete
  2. දවසක් මං පුංවි බොරුල්ල හරියේ තාප්පයක් උඩ නැගලා කතා කරන කොට මෙන්න ගෆුර් ආවා කුළු පොළු හමුදාවත් එක්ක!

    ගෆූර්ව මතක් කළාට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. සතුරෝ අඩූ කාලෙක සිටි, ඇහැ පුරොලා පේන්න පොදු හතුරෙක්

      Delete
    2. ඒ වගේම පොරක් තමයි නුවර පොලිසියේ ෂන්මුගම්..

      Delete
    3. AnonymousMay 14, 2014

      ගෆූර්ගේ දුවව යාළුවෙලා බඳින්න හිටියේ මෙහේ ඉන්න සිංහල කොල්ලෙක්. දැන් බැඳලත් ඇති. මම ඇහුවා උඹට බය හිතුන්නැද්ද කියලා. ඌ කිව්වා ඒ දවස්වල ගෆූර් පෙන්ෂන් ගිහින්, ඒ මදිවට හොඳටම අසනීපයි. ඒ නිසා බයක් තිබුනේ නැහැ කියලා.

      Delete
  3. වයස් සීමාවක් නැතුව සිවුරට වදින එකේ ඔය වගේ බය වුනාම මොකද වෙන්නේ අප්පා එක අතකට..

    ReplyDelete
    Replies
    1. කාලයක් සිවුරුලූ කවුරු ගෙට ආවත් සුදු රෙද්දක් දාලා ආසනයක් පැනවූවා. පාත්තරේ අරන් දනට වඩිනකොට ශර්ධාවෙන් හිත පුරෝගෙන ගිහින් දන් බෙදුවා.
      කාකි යුනිෆොර්ම් එකට බයට වැන්දා

      Delete
  4. "එවිට පල්ලම දිගේ රූටා පහලට වැටේ"

    උඩ පැන්නොත් බිම වැටේ :)

    ReplyDelete
  5. AnonymousMay 14, 2014

    ලෝකේ දරුණුම හිගන්නෝ ඉන්නේ ලංකාවෙලු.. උන්නට කන්නත් දීල දනගහල වදින්නත් ඔ්නලු...
    සුද්දෙක් කිව්වලු....

    ජය වේවා!!!

    ReplyDelete
  6. .... ඔය වගේ වැඩ වෙන්නේ අබුද්ධස්ස කාලෙට කියලනෙ කියන්නෙ... ඔය වගේ දවසක් එයිද දේශපාලඥයෝ මහජනයාට බයේ වැඳගෙන ඉන්න.. මහජනයා එයාලට චණ්ඩි පාට් දාන...

    ReplyDelete
    Replies
    1. එතකොට කාර් බස් යනකන් කෝච්චි නවත්තන් ඉඳියි . ආණ්ඩුවට විරුද්ධ පක්ෂයට බය වෙයි ...

      Delete

Have commented