12 May 2014

සති අන්තයේ ක්‍රිකට් තරඟය

මේ සති අන්තය මට සුවිශේෂි සති අන්තයක්. ඒකට හේතුව උනේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සම්මේලනය විසින් පවත්වපු සය සාමාජික ක්‍රිකට් තරඟය. තරඟය තිබ්බේ පී. සරවනමුත්තු ඕවල් ක්‍රීඩාංගණයේදී. ඔය ක්‍රිකට් තරඟය පවත්වනවයි කියපු දවසේ ඉදලා මගේ හිතේ ලොකු ආසාවක් තිබ්බා කණ්ඩායමක සෙල්ලම් කරන්ඩ.

සෑහෙන කාලෙකින් ඔය වගේ මැච් එකක් ගහලා තිබුනේ නෑ. අනික දිනනවට වඩා ආස උනේ මැච් එකක් ගහලා ෆන් එකේ ඉදලා ඒ අත්දැකීම විඳගන්ඩ. දිනන්ඩ මැච් ගහනවා නම් මම කීයටවත් යන්නේ නෑ. මේ වාගේ මහත දෙහෙත ශරීරත් එක්ක දුවන පනින සෙල්ලම් කොහොම කරන්ඩ කියලද.

අනික මගේ දනිහත් පනිනවා නෙව.

ක්‍රිකට් තරඟය ගැන විස්තර අහන්ඩ ලැබුනු දවසේ ඉදලා අපේ කන්තෝරුවෙන් කණ්ඩායම් දෙකකට කට්ටිය තේරුවා. මාත් එක කණ්ඩායමකට තේරුනා. මැච් එක තියෙන්නේ මැයි 11 වෙනිදා. ඒ කියන්නේ ඊයේ දවසේ.

මැයි 11 වෙනිදාට කලින් අපි කට්ටියම මහරගම පිට්ටනියක පුහුණුවීම් වලට සහභාගි උනා. ඒකත් මරු අත්දැකීම පිති, බෝල, කෑම බීම හැමදේම කන්තෝරුව ගානේ වියදම් කරලා තිබ්බා.

එදා විතරක්ම පුහුණුවීම් කරලා අපි ඊයේ මැච් එකට සහභාගි උනා. අපේ තරඟය තිබුනේ උදේ 11ට විතර. ඒ වෙලාවේ අවුව සැරටම තිබ්බ වෙලාවක්. කට්ට අවුවේ අපි පිට්ටනියට ආවා.

මේ තරඟයේ නීති රීති ගැන කියනවා නම් ඕවරයකට බෝල් 4යි. එක පිලකට ඕවර 4යි. ඒ කියන්නේ බෝල් 16ක සෙල්ලමක් තියෙන්නේ. වයිඩ් බෝල් නෝ බෝල් වලට ලකුණු 6ක් දෙනවා. හැබැයි බෝලේ ඔට්ටුයි !
පිල් දෙකම සම උනොත්  විකට් කීපර් ඕවරයක් දාන්ඩ ඕන.

අනිත් කණ්ඩායමට කාසියේ වාසිය ලැබුන නිසා අපිට පන්දු රකින්ඩ සිද්ධ උනා.  මම තමා විකට් කීපර් !
අපේ පන්දු දහසයට ලකුණු හැට හතක් ගැහැව්වා. අපට ගහන්ඩ හම්බ උනේ ලකුණු හතලිහක් විතරයි. අපි මැච් එක පරාදයි. ඒ උනාට අපි පුලුවන් උපරිමේට සෙල්ලම් කලා.

ආහ්.. කියන්ඩම අමතක උනා. අපි සෙල්ලම් කරනවා බලන්ඩ මගේ සුදු නෝනත් ආවා. ඒයැයිත් ආස උනා මම සෙල්ලම් කරනවා බලන්ඩ.  මැච් එක ඉවර වෙලා අපට දවල් කෑමත් ලැබුනා.

හැබැයි ඔය පරාදවීම් අතරේ මම නම් දිනුවා. මොකද මට ඕන උනේ සෙල්ලම් කරන්ඩ.. ඒ විතරක් යෑ.. මට ටී ශර්ට් එකකුයි කැප් එකකුයි ලැබුනා නෙව.

ඔන්න ඔහොමයි මේ සතිය ගෙවුනේ. සතුටින් පිරුණ සති අන්තයක් !

17 comments:

  1. එළනේ. මාත් කාලෙකින් සෙල්ලං කරෙ නැහැ බං.. මේ අවුරුදදේ සෙල්ලං කරන්න සෙට් වෙන කොට මෙන්න බෝතල් මාමාලා ඇවිත් අපිට එක්ක ගියා. හැක්..

    සුදු නෝනා එන්නම ඇත්තේ උඹ සෙල්ලං කරන හැටි හොදද බලන්න තමා..

    ReplyDelete
  2. සුදුනෝනා එන්න ඇත්තෙ උඹේ සෙල්ලං බලන්නමයි.ක්‍රිකට් ගහපු කාලයක් මතක නෑ බං.

    ReplyDelete
  3. හේ හේ නියම මැච් එක ආ, වයිට් නො බෝල වලින්ම මැච් එක ගොඩ දාන්න පුළුවන්, මටත් බෝල ගහපු කාලයක් මතක නෑ, හැබැයි ගැහුවොත් පහුවෙනිදට අංග රිදෙනවා, අපි ඉතින් සරීර හොරුනේ අම්මප, අම්මත් බනිනවා බෝල ඕකෙම එල්ලිලා ඉන්නේ අර පිට්ටනියට ගිහින් සෙල්ලන් වත් කොරපන්කෝ කියලා, එත් මන් කොහොමැයි 25න් පහල සෙල්ලන් කොරන කොට 8න් පහල ගහන්නේ හේ හේ

    ReplyDelete
  4. මගේ හිත ගියේ ඔ්වර් 4 බෝල් 16, නෝ බෝල් වයිඩ් වලට 6යි..
    මාත් හිටියනං හයක් ගහන්න තිබ්බා!!!

    ReplyDelete
  5. T20 මැච් වගේ ඉස්සරහට ඔහොම තරඟත් එයි ICC එකට.

    ReplyDelete
  6. අප්පේ.. ඒක මාර බෝල ගැහිල්ලක් නේ.

    ReplyDelete
  7. මරු ක්‍රිකට් නීති ටික.. අපි පොඩි කාලේ ගෙවල් පැත්තේ ගැහුවා වගේ.. හැබැයි මොනවා වුනත් ඒකේ මරු ගතියක් තියෙනවා..

    ReplyDelete
  8. අපි දැක්කනේ ඔයා සුදු නෝනට හොරෙන් බත් කවන පින්තූර...:)
    මේ ඔයාගේ දනිහ කොහාටද පනින්නේ? :D

    ReplyDelete
  9. ක්‍රිකට් මැච් එකක් ගහපු කාලයක් මතක නෑ...අන්තිමට බෝලයක් බැට් එකක් අරන් සෙල්ලම් කලේ ගිය අවුරුද්දේ ලංකාවට ගිය වෙලාවේ අපේ පවුලේ ඉන්න අයියල මල්ලිලා එක්ක.. ජොලි වැඩක් ඔහොම හරි මැච් එකක් ගහන එක..

    ReplyDelete
  10. නියම මැච් එකක්නෙ. වයිඩ්, නෝ බෝල් වලට දෙන පනිෂ්මන්ට් එකනම් මරු! කොහොම උනත් ඔබ කියන්න වගේ දිනන්න නෙවෙයි, ෆන් එකට ක්‍රිකට් ගහනෙකනම් හරිම වටිනවා.

    ReplyDelete
  11. දේශක යා :
    ඔවු මම හොඳට සෙල්ලම් කලාලු.. ආස හිතුනලු එයාට.. :)

    Helapa kade :
    පොඩ්ඩක් හරි දුවල පැනලා ඉන්න ඕන. නැත්නම් මහත්වෙන එකේ සීමාවක් නැතුව යනවා.

    ඉවාන් පවුලූශා :
    එච්චර මහත නෑ..

    ReplyDelete
  12. සොමි යා :
    ප්‍රැක්ටිස් කරපු දවසේ නං සෑහෙන අමාරුවක් දැනුනා... මේ මැච් එකේ එච්චර සෙල්ලම් කරන්ඩ නැති හන්දා ගේමක් නෑ.

    සී.ජේ. විදානේ. :
    මුළු ග්‍රවුන්ඩ් එක හතරට බෙදලා සෙල්ලම් කලේ.. ඒ නිසා ලේසියෙන්ම හයක් ගහතෑකි.

    චතුරංග ප්‍රියශාද් (ප්‍රියා) :
    අනිවාර්යෙන්ම එයි.. :)

    ReplyDelete
  13. Nethin Eha :
    ඔවු.. අමුතු තාලේ මැච් එකක් තමා.

    වීරේ :
    ඔවු.. මාරයි නේන්නම්..

    Dinesh :
    අපිත් එහෙම ගැහුවා. වතු වලට ගියොත් අවුට්. ගස් කැච් ඔට්ටුයි වගේ නීතිත් තිබ්බා.

    ReplyDelete
  14. Podi Kumarihami :
    හොරෙන් බත් කවන පින්තූර ? ඔයා පැපරාසියෙක් ද..

    Pathum Herath :
    ජොලියට හරි මෙහෙම සෙල්ලම් කරන එක හොඳයි..

    Manosh Sandaruwan :
    ඔවු.. චුට්ටක් සෙල්ලම් කරන එක ශරීර කූඩුවටත් හොඳයි නෙව..

    ReplyDelete
  15. සුදු නෝනා ඇවිල්ලා ක්‍රිකට් බැලුවනම් ඉතින් ඒකම මදෑ

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.