Sunday, May 11, 2014

දිනයක් නොමැති කවියක්....



දිනයක් නැතත්

නුබ වෙනුවෙන් මා ලග වෙන් වී...

දිවියම කැපයි

නුබේ සෙනෙහස පුරා රැදි...


කවදාවත් නොසිතුවේමි

මම,

නුබ

සිර කරනට

කවි පදයක් තුල...


සෙනෙහසක බර දරන්නට කවි පදක බර

මට මදි නිසා...

පන්හිඳක් ලග ලඟු කරනු නුබ මගේ

සිත ඇකමැති උනා... 


"අම්මේ නුබයි

සෙනෙහස් නිම්නයේ ආදර  දිය දහර...

ජිවිතේ අඳුරු කතර

අස්වැද්දුව....."


වේල්ලක් බැද තියා ගන්නට සිතයි නුබේ

ආදරේ බැදි දිය දහර...

වාන් දොරකින් කෙලෙස බෙදනු ඒ

ස්නේහයේ රැදි දිය දහර...


9 comments:

  1. මව් ගුණ වයන්නට පද කොහෙන් හොයන්නද?

    ReplyDelete
  2. //වේල්ලක් බැද තියා ගන්නට සිතයි නුබේ
    ආදරේ බැදි දිය දහර...
    වාන් දොරකින් කෙලෙස බෙදනු ඒ
    ස්නේහයේ රැදි දිය දහර//

    ලස්සන ටම ලියල තියෙනවා...

    ජය වේ....

    ReplyDelete
  3. "දිනයක් නැතත්
    නුබ වෙනුවෙන් මා ලග වෙන් වී...
    දිවියම කැපයි
    නුබේ සෙනෙහස පුරා රැදි..."

    පට්ට වදන!!!!

    ReplyDelete
  4. නියමයි!!

    ReplyDelete
  5. මවු ගුණ ලියන්න දිනයක් නෑ වගේම වචනත් හැමදාම මදියි කියන එකයි මගේ අදහස නම්..

    ReplyDelete
  6. හරියටම හරි. අහවල් දේකටද දින නියම කරගන්නෙ. "අම්මා". දිනයකින් නියම කල හැකි නීතිමය රාමුවක්ද මේ?

    ReplyDelete
  7. ඉතා වටින සංකල්පයක්

    ReplyDelete

මං පටන් ගත්ත කතාව ඉස්සරහට අරන් යන එක උබලට බාරයි.
ඒක වෙන්නෙ කමෙන්ට් හරහා....
මේ සංවාදයකට කාලයයි...