සමකය වටේ

ඔබගේ අද්දැකීම එවන්න මෙන්න ලිපිනය ndilruksha@gmail.com

Full width home advertisement

සංචාරක

පුවත්

Post Page Advertisement [Top]


දෙහිඅත්තකණ්ඩිය හෙන්නානිගල හිටපු ආදී වාසී නායක හා  වයස්ගතම ආදිවාසී පුද්ගලයා වන තාලාවරිගේ කළු අප්පු (වයස114කට වැඩි) ඊයේ දින30ද) දෙහිඅත්තකන්ඩිය රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටිය දී  අභාවප්‍රාප්ත විය.























දේහය අංක 17, හේනානිගල දකුණ, නව මැදගම යන ලිපිනයේ වු නිවසේ මේ වන විට තැම්පත් කර ඇති අතර දේහය ආදිවාසි පාරම්පරික චාරිත්‍ර හා වත් පිළිවෙත්  අනුව ඖෂධිය බත්හික් පොත්තෙන් හා ගැටකිරි වැල් ආධාරයෙන් සෑදු පෙට්ටියක තැන්පත් කර ඇත.

දරුවන් 10 දෙනකුගේ ( පිරිමි දරුවන් 06ක් හා දියණියන් 04ක් ) පියකු වු ඔහු පරම්පාරා හතරක මුණුබුරු,මිනිපිරියෝ 105 දෙනෙක් දුටහ.

හෙනානිගල පොදු සුසාන භූමියේදී ඉරිදා (04) සවස ආදිවාසී නායක දඹානේ වන්නිලා ඇත්තන් හා හේනානිගල ආදිවාසී නායක ගුණබංඩියා ඇත්තන්ගේ  ප්‍රධානත්වයෙන් අවසන් කටයුතු ආදී වාසි සිරිතට සිදු කෙරේ.

දඹානේ කන්දෙගන්වල සිටි කළුඅප්පු අතුලු පිරිස මහවැලි ඉඩම් ලැබ 1982 වසරේදී හෙනානිගලට පැමිණයේ අභාවප්‍රාප්ත මහවැලි ඇමැති ගාමිණි දිසානායක මහතාගේ ගේ ඇරියුමකට අනුවය. දඩයමෙන් ජීවත් වු ආදී වාසීන් කෘෂිකර්මයට යොමු කිරීමට හිටපු මහවැලි ඇමැතිවරයා සමත් විය.


රන්ජිත් කරුණාවීර මහියංගනය

20 comments:

  1. අවසන් කටයුතු කරන පින්තූර ටික නං මරු ^_^ විස්තරේකුත් දැම්මා නං තවත් හොඳයි! නැත්තං අපි දන්නේ නෑනේ මොකද වෙන්නේ කියලා!

    ReplyDelete
  2. දෙහිඅත්ත කණ්ඩිය /හේනානිගලගල /නව මැදගම ඉන්න දවස්වල වැඩි ජනයා මුණගැසුන හෙනානිගල දී..... මෙයත් ඉන්න ඇති ...මතකයක් ....නැහැ....
    කළු අප්පු හුරාට නිවන් සුව අත් වේවා...!
    වනජීවී එකෙන් දඩ ගැහැව්වෙ නැද්ද දන්නෙ ගස් පොජ්ජෙන් ..පොත්ත ,,මං ගැච්චේව්වට ....
    ස්තුතියි ...රන්ජිත් K .....

    ReplyDelete
  3. ආදිවාසීන් යනු ඇත්තෙන්ම නොදියුණු පිරිසක් නෙවෙයි. අවුරුදු 114 ක් ජීවත් උනා කියන්නේ ඒ මිනිස්සුන්ගේ නිරෝගීකම ගැනත් හිතාගන්න පුලුවන්. දැන් ඉන්න ප්‍රම්පරාවේ පොඩි එවුන්ට හිටන් දියවැඩියාව වගේ ලෙඩ සමහරු කණ්නාඩි දානවා. මේ මිනිස්සුන්ගේ ජීවිත වල යම් සාර්ථකත්වයක් තිබුණානම් එය අදටත් ආදර්ශමත්.

    ReplyDelete
  4. හ්ම්ම් හ්ම්ම් නිවන් සුව පතන එක ඔවුන්ගෙ ඇදහිල්ලට අනුව හරිද මන්ද. හොඳ ලිපියක්!

    ReplyDelete
  5. ඒ උත්තමයාට නිවන් සුව අත් වේවා.

    ReplyDelete
  6. නිවන් සුව අත්වේවා..

    ReplyDelete
  7. අන්න ඒ වගෙ ඔක්කොමලා ලමයි හදන්න ගලගොඩාත්තෙ සාදු ලමයි බලාගන්නවයි කියන්නෙ !

    ReplyDelete
  8. මහියංගනේම ඉඳලත් මෙහෙම දෙයක් දන්නෙ අද. සැක් විතරක්.

    ReplyDelete
  9. මංඅහල තියෙන විදියට කෙනෙක් මැරුණාම වැදි ජනතාව ඒ ගස් වැල් ඖෂධ භාවිතා කරන අවසන් කටයුතු සදහා මළ සිරුර සකස් කිරීමේ ක්‍රියාවලිය නිසා සළ සිරුර සෑහෙන දිනක් නරක් නොවී තබාගත හැකී

    ReplyDelete
  10. අර ගස් පොත්ත මොකටද? මිනී පෙට්ටිය වෙනුවටද?

    ReplyDelete
  11. අර ගහක පොත්තක් වගේ එකක් ගේන්නේ ඇයි?

    මොන ආගමක උණත්, ඔහුට නිදහසක්, සැනසීමක් ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
  12. කළු අප්පු මාමාණ්ඩිට නිවන් සුව ලැබේවා.
    ඔය චාරිත්‍රනම් දැණගන්න හරි කැමතියි. අර හික් ගහේ පොත්ත ගලවන විදිහයි. ඒකෙන් පෙට්ටිය හදන වැඩෙයි නම් හරි පුදුමයි.

    ReplyDelete
  13. සුභ ගමන් කළු අප්පු අයියේ..

    ReplyDelete
  14. කිසිදා නොදැකපු චාරිත්‍රයක් පෙන්නුවට ස්තුතියි. ඔහොම ගස් පොතු ගලවන්නේ විශේෂ කෙනෙක් මැරුණාම විතරද?

    ReplyDelete
  15. මේ සිදුවිම්ම කලින් අහන්න ලැබුනත් පින්තූර දකින්න ලැබුනේ නෑ.
    කළු අප්පු සීයාට නිවන් සුව පතනවා ...

    ReplyDelete
  16. ඉස්සර කෑලේ ජීවත් වූ ආදි වාසින් නම් කලේ මිනිය ගල් ගුහාවෙ තියල ඉක්මනට එතනින් යන එක. මියගිය අයගෙ ආත්මය (නෑ යකෙකු ලෙස ) තමන්ට වෑහෙයි කියල ඔවුන් බිය වුනා.
    වලහ ගහපු තමන්ට ඉතා කිට්ටු කෙනෙක් රෝහලෙ තනිකර ගිය වෑද්දෙක් ගෙන් ඈයි ඒ කියල ඈහුවහම කිව්වෙ ඔය හේතුව. ස්පිට්ල් කියවල බලන්න.

    ReplyDelete
  17. එකත් මැයි පලවෙනිදාම වෙන්න හේතුව අධිරාජ්ජ්‍යවාදී කුමන්ත්‍රණයක්ද ???

    ReplyDelete
  18. ඇත්තටම ඔවුන්ගේ මිනී පෙට්ටිය නියමයි. නමුත් ඔහුගේ වයස ගැන ගැටළු ඇති වෙනවා නේද ? අපේ සීයලා ආච්චිලාගේ වයසවත් හරි සඳහනක් නැති නිසා.

    ReplyDelete
  19. විස්තර ටිකට ස්තුතියි .

    ReplyDelete

මගේ මේ පුංචි වෑයම පිළිබඳ අදහසක් දැක්වුවොත් එය මට විශාල ශක්තියක්.මල් මෙන්ම ගල් වුව කම් නැත.

Bottom Ad [Post Page]

| by NT