Wednesday, April 23, 2014

වටරැක හිමි බුදු සසුනින් නෙරපා හරිනු!!!

වටරැක විජිත හිමි මුස්ලිම් දේශපාලන පක්ෂයක සභාපතිවරයෙකි. මහියංගණ ප්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී හිමිනමකි. එහිමියන් නිතර මුස්ලිම් පල්ලිවල දේශන පවත්වයි. සිංහල බෞද්ධයින්ට වඩා මුස්ලිම්වරු ශ්‍රේෂ්ඨ ජාතියක් බව එහිමියන්ගේ අදහසයි. මුස්ලිම්වරු හලාල් කළ තෝරා ගත් මස් වර්ග කිහිපයක් අනුභව කරන මුත්‍රා කොට ශික්ෂ්ණය හෝදන වැදගත් මිනිස්සුය. සිංහල බෞද්ධයින් වනාහි ඌරා ද හරකා ද එළුවා ද මුවා ද මීමින්නා ද තලගොයා ද ගිරවාද මයිනා ද මරාන කන ම්ලේච්ඡයෝය. ගඳ ගහන උරුලෑවන් පවා මරාගෙන කයි. උන් කබරා මරාගෙන නොකන්නේ කබර මස් විෂ නිසාය.ෙ  

ඉතින් එවන් අශිෂ්ට ම්ලේච්ඡයින්ගෙන් ලැබෙන සිව්පසයෙන් යැපෙන එක වටරැක හිමියන්ට තරම් නොවේ. එහිමියන් අශ්රොෆ් සමඟ එකම රථයෙන් ගමන් බිමන් ගිය බව එහිමියන් පවසයි. (අශ්රොෆ් සමඟ ගුවන් යානයේ වැඩියේ නැත.) මුස්ලිම් ජනතාව ද එහිමියන්ට මහත් භක්තියක් දක්වන වන නිතර නිතර මුස්ලිම්වරුනට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කිරීමට කැඳවීමෙන් පෙනේ. 

වටරැක හිමියන්ගෙන් බුදු දහම උගත් බුද්ධිමත් ගෝල නමක් වන තවුහීක් ජමාල් පවසන පරිදි තෙරුවන යනු මැණික් ගල් තුනකි. මැණික් වුවත් ගල් ගල්මය. එහෙයින් මැණික්වලට වඳින්නේ මෝඩයෝය. බුදුන් ද මස් කා තිබේ. හරක් මස් පමණක් නොව මිනී මස් ද කා තිබේ. 



එසේ නම් එහිමියන් කළ යුත්තේ අශිෂ්ට සිංහල බෞද්ධයින්ගේ සිව්පසය අළුයම ලූ කෙළ පිඬක් සේ ඉවත දමා බුද්ධ චීවරය ද පසෙකලා මුස්ලිම් පල්ලියක නතර වීමය. තවත් බුද්ධ චීවරය දරාගෙන සිටීම නම් වටරැක හිමිට තරම් නොවේ.  එහිමියන් කරන මුස්ලිම් ආගමික කටයුතු එවිට තවත් හොඳින් කළ හැකිය. භක්තිමත් මුසල්මානුවෙකු ලෙස ජීවත් විය හැකිය. එවිට බෞද්ධ භික්ෂූන් සහ ගිහියන් ඒ මහතා ලුහුබඳින්නට ද නොපැමිණෙනු ඇත. 

ඒ සඳහා වටරැක හිමියන් එකඟ නොවන්නේ නම් පෙර රජ දවස සේ භික්ෂූන් එක්ව සංඝාධිකරණයක් පිහිටුවා එහිමියන්ට බ්‍රහ්ම දණ්ඩනය පැනවීම මැනවි. එයින් ද ප්‍රතිඵලයක් නැත්නම් බලෙන් සිවුරු හරවා ශාසනයෙන් නෙරපා හැරීමට කටයුතු කළ යුතුය. 

වටරැක හිමියන්ගේ ක්‍රියා කළාපය බෞද්ධයින්ගේ විවේචනයට ලක්වූයේ අද ඊයේ නොවේ. ඒ ගැන ගංගොඩවිල සෝම හිමි ද විවිධ අවස්ථාවල සඳහන් කර තිබේ. 

කෙසේ වුව ද එහිමියන්ට එරෙහිව මේ දඬුවම් ක්‍රියාත්මක කිරීම සඳහා බොදුබල සේනාව නොව තෛයිනිකායික මහා සංඝ රත්නය පෙරමුණ ගත යුතුය. මෙවැනි අවස්ථාවල අතීත මහ සඟරුවන කටයුතු කළ ලෙස වර්තමාන මහ සඟරුවන කටයුතු කළ යුතුය. මෙය දැනටමත් ප්‍රමාද වී ඇති බව මගේ අදහසයි. එසේ නොකළ හොත් නොබෝ කලකින් ම බුදු සසුනට වටරැක නිකායක් ද බිහිවනු ඇත.

ඉඳ ඉඳ එක වෙහෙර
විඳ විඳ දහම් මනහර
සිඳබිඳ දුක් සසර
අහෝ! වටරැක නොදිටි මොක්පුර

21 comments:

Anonymous said...

අගනාම පෝස්ටුවක්... හොදින්ම ලියලා තියෙනවා වටරැක ගැන සෝම හිමි කියපු දෙයින් තමයි හැමෝගෙම ඇස් ඇරුනේ.. නැත්තං වෙන්නේ බොබසේ අහිංසක භික්ෂුවකට හිරිහැර කරන ජවනිකාවක් හැමෝගෙම හිතේ මවන එක....
ඒකට ලේසියෙන්ම රැවටෙන්න තිබුනා අපේ සර්වාගමික යාලුවො ටික....
මේ ගැනත් සදහන් කරමු.

නාමල් උඩලමත්ත said...

ඔව් ඒක ඇත්ත. කොහොම වුණත් මේ සත්‍ය පෙනි පෙනි වුණත් අදත් බොහෝ දෙනා උත්සාහ කරන්නේ වටරැක හිමි අහිංසක චරිතයක් කරලා, ඔහුගේ ක්‍රියාදාමයට එරෙහිව නැඟී සිටින භික්ෂුන්ගේ වහන්සේ ඇතුලු ගිහි නායකයින්ගේ සුජාතභාවය සොයන්න. ඇතැම් බෞද්ධ යැයි කියාගන්න උගත් මෝඩයින් පවා බුදුන් දෙසූ හේතුඵලදහම අනුව හේතුව නිහේධනය කිරීමට කටයුතු නොකර ඵලයට පහර දෙනවා. ගෙදර තියෙන මුව හමට තඩිබාන්න හරි ලේසියිනේ. ඇඟටත් සනීපයි.

නාමල් උඩලමත්ත said...

Dharshana Kasthurirathna වටරැක විජිත හිමි පොරක් කරේ උන්නාන්සේට ගහන්ඩ පන්නන අයම තමයි. සිරාවට මමනං මාසෙකට කලිං ඔහොම නමක් අහලා තිබ්බෙවත් නෑ. තමන්ගෙ හතුරා තමන්ම හදලා ඌට තඩිබානවා වගේ වැඩක් මේක. අන්තිමට වදින්නේ අහක ඉන්න මිනිස්සුන්ට. අද බෞද්ධ විරෝධී කතා වැඩියෙන්ම ප්‍රචාරය කරන්නේ බෞද්ධ සංවිධානවල ඉන්නවා කියන අයමයි. ඇයි? ඒවා පෙන්නලා තමන්ගේ ගොඩ වැඩි කර ගන්ඩ. මට ෂුවර් නෑ ඒ ගොල්ලම සම්බන්ධ වෙලා මේවා හදනවාද කියලත්.

Namal Udalamatta මම නම් වටරැක හිමි ගැන දන්නේ බොහොම කල් ඉඳලා. 2003- 2004 විතර තමා සෝම හිමි ඒ හිමි ගැන කතා කළේ. ඒ දවස්වල මහා නායක හිමිවරු මේ පිළිලය ඉවත් කළා නම් අද කාටවත් පන්නන්න කෙනෙක් ඉතිරි වෙන්නේ නෑ. පෙරත් ධර්ම සංගායනා තියලා කළේ ඒ ටිකම තමා. ඒ කාලේ මහා නායක හිමිවරුන්ට රජවරු කාර් පර්මිට් දෙන්න නැතුව ඇති.

Dharshana Kasthurirathna ඔව් සෝම හිමිගේ දේශනාව අහන්ඩ ලැබුනා. නමුත් මං හිතන්නේ නෑ රටේ සමස්ත බෞද්ධයන්ගෙන් 1%ක්වත් ඔවැනි හාමුදුරුනමක් හෝ කියන දේවල් හෝ දැන ගෙන හිටියා කියලා. කොටින්ම වටරැක විජිත හිමිගෙන් බෞද්ධ සමාජයට වූ බලපෑම ශුන්‍යයි. ඊට වඩා බලපැමක් ඥාණසාර හිමිගෙන් වෙලා තියෙනවා. ඒක පොසිටිව්ද නෙගටිව්ද කියන එක බලන කෙනා අනුව තිරණය වෙන දෙයක්. මටනම් ඒක ලොකුම නෙගටිව් බලපෑමක්. හෙළ උරුමයෙන් හාමුදුරුවන්ව ඡන්දෙට කඩේ යැව්වට පස්සේ හෙළ බොදු සසුනට වෙච්ච ලොකුම අබග්ගය තමයි ඥාණසාර හිමි/මැර බල සේනා නාඩගම.

Wishwa Chinthana අයියේ පිළිල ඉවත් කරන්න ගත්තොත් මේකෙ ඉතිරිවෙන්නෙ කිහිප දෙනයි... හොදම විහිළුව පිළිල ඉවත් කරන්න යන්නෙ තවත් පිළිලම ටිකක්...

නාමල් උඩලමත්ත said...

Namal Udalamatta 9/11 ප්‍රහාරය වන තුරු බින් ලාඩන් ගැනත් ලෝකයේ ගොඩක් අය දැනගෙන හිටියේ නෑ. හැබැයි එයින් කියවෙන්නේ නෑ බින් ලාඩන් උදේ පාන්දර නැගිටලා නිකන් හිතිලා ගැහුවා කියලා. ඒක දිර්ඝ ගමනක සංධිස්ථානයක් විතරයි. එදා සෝම හිමි කී වේලාවේ බෞද්ධයින් සහ නායක හිමිවරු අවදිවෙලා අවශ්‍ය කටයුතු කළා නම් අද මේ ප්‍රහ්නය පොරවෙන් කඩන්න වෙන තත්වයට පත් වෙන්නේ නෑ. ඥානසාර හිමිට භූමිකාවක් හිමි වෙන්නේ නෑ.

Namal Udalamatta මම කියලා තියෙනවා මේ සඳහා බොබසේ නොව තෛයිනිකායික මහා සංඟ රත්නය පෙරමුණ ගත යුතු බව.

Dharshana Kasthurirathna අවුරුදු 10කටත් වඩා කාලයක් බලපැමක් උනේ නැත්තං ඉදිරියට බලපෑමක් වෙයි කියලා හිතන්ඩ බෑ. කෙසේ වෙතත් මැර බල සේනා මෙහෙයුම හින්දා අපරාදෙ කියන්ඩ බෑ වටරැක විජිත හිමිගේ ව්‍යාපෘතිය අති සාර්ථක වෙලා තියෙනවා. උන්නාන්සෙගෙ දේශනා දැන් හොදට ප්‍රචාරය වෙනවා. මැර භික්ෂුන්ගෙන් පහර කන අහිංසක ප්‍රතිරූපයකුත් හැදිලා තියෙනවා. ඔව් ලංකාවේ ථෙරවාද භික්ෂු පරම්පරාවට නායකත්වයක් නෑ. මහා නායක හිමිවරුන් කියලා හිටියට එතනින් නායකත්වයක් එන බවක් පේන්ඩ නෑ. නාමිකව වැඩ ඉන්න බවක් පේන්නේ. ඒක තමයි මෙ ඔක්කොටම මුල. ඉදලා හිටලා හරි උන්වහන්සේලා අවදි වෙන්නේ විපක්ෂයේ නායකත්වය වෙනස් කරන්ඩ, ෆොන්සේකා නිදහස් කරගන්ඩ වගේ පොලිටිකල් වැඩකට විතරයි. මඩිහේ හාමුදුරුවන්ගෙන් පස්සේ ථෙරවාද භික්ෂු පරම්පරාවට නායකත්වයක් නෑ. ඒක නිසා තමයි එක එක කල්ලි හැදිලා ඒ මදිවට භික්ෂු මැර කල්ලිත් හැදිලා තියෙන්නේ. කොහොමත් ලංකාවේ බුදුසසුන එන්ඩ එන්ඩම විනාශ වෙන මගක් තමයි පේන්ඩ තියෙන්නේ.


Namal Udalamatta සමහර පිල්ලිවල බලපෑම් මනින්න අවුරුදු 10ක් නම් මදි වෙයි. කොළඹ නගරයේ බලය සුළු ජාතීන් අතට ගියේ අවුරුදු 10න් නෙමේනේ. දැන් ගාල්ල නගරයේ බලයක් සුළු ජාතීන්ට ගිහින්. මෙවර මැතිවරණයේදී ආණ්ඩුව පරාද බහුතරයක් ආසනවල බහුතරය අසිංහල. කොහොම වුණත් මම මෙතනදී මතු කළේ වටරැක හිමි කියන සාධකය විතරයි.

නාමල් උඩලමත්ත said...

Namal Udalamatta මේ මම වෙන තැනක දාපු කමෙන්ට් එකක්. ඒක කොපි කරලා දාන්නේ මට වෙන කියන්න දෙයක් නැති නිසා. "අපි ඉතිහාසයේ ඉඳලා බැලුවොත් සිංහල බෞද්ධ භික්ෂුව තරම් මේ රට දැය සමය වෙනුවෙන් පරිත්‍යාග කළ පිරිසක් වෙන නැහැ. ගැමුණු රජ දවස ථේරපුත්තාභය හිමියන්ගේ සිට ඉතිහාසය එහෙමයි. විදෙස් සතුරන්ට එරෙහිව ජාතික සටන්වල පෙරමුණේ සිටියේ හාමුදුරුවරු. ඒක මුල් බුදු දහමට අදාළ නොවුණාට සිංහල බුදු දහමට අදාළයි. ඒ සටන්වලදී උන් වහන්සේලා ඉතා ශාන්ත ලීලාවෙන් මිහිරි බස් තෙපලමින් කටයුතු කළා කියලා හිතන්න අමාරුයි. කුඩාපොල හාමුදුරුවෝ, වාරියපොල සුමංගල හාමුදුරුවෝ, බැදිගම රතනපාල හාමුදුරුවෝ ඒ සඳහා හොඳ නිදර්ශන. මෑත කාලයේ ධර්මපාල තුමා වුණත් කතා කළේ දැඩි වචනවලින්. සෝම හාමුදුරුවෝ සහ විරාතු හිමිගේ ස්වරය වෙනස්.

නමුත් කිරෙන් බැද්දෙත් කොබෙයියා තෙලෙන් බැද්දත් කොබෙයියා කියලා එදා සෝම හිමි කතා කළ දේමයි මෙදා ඥානසාර හිමි කතා කරන්නේ. එදා සෝම හිමි කාරුණික ස්වරයෙන් කී දේවලට බෞද්ධයින් අවදි වුණා නම් පාලකයින් අවදි වුණා නම් ඒ ප්‍රශ්නවලට විසඳුම් ලැබුණා නම් අද ඥානසාර හිමිට භූමිකාවක් නැහැ. නමුත් ඥානසාර හිමිට ඔහුගේ ක්‍රමයට මේ සටන ඉදිරියට ගෙනි යන්න වෙලා තියෙනවා. අද සෝම හිමි දවසටත් වඩා ප්‍රශ්නය උග්‍රවෙලා කියෙනවා. පාලකයෝ සුළු ජාතියේ ඡන්ද ටිකට රට දැය සමට පාව දෙනවා.

ඥානසාර හිමි කතා කරන විදිහ අපේ හිත්වල ඉන්න ශාන්ත සුපේක්ෂලකාමි භික්ෂූ ප්‍රතිරූපයට හානි කරන නිසා අපි ඒකට අකමැති වෙන්න පුළුවන්. කෙසේ වුණත් අපිත් ගෙදර කතා කරන විදිහට නෙමේනේ උද්ඝෝෂණයටකට ගියාම කතා කරන්නේ. මම දැකලා නෑ ධනපති පන්තිය භංගවේවා කියලා වෛරය වපුරන සහෝදරවරු "අනේ අපේ ඉල්ලීම් අපට දෙන්නකෝ" කියලා ඉල්ලනවා. මම කියන්නේ නෑ මේ ව්‍යාපාරවල ප්‍රශ්න නෑ කියලා.

නමුත් මේ වෙලාවේ අපේ වගකීම දිගු කරපු ඇඟිල්ල දිහා බලල එහි වටකුරු බව දිගු බව සියුමැලි බව ගොරහැඬි බව ගැන විවාද කිරීම නෙමේ ඒ ඇඟිල්ල යොමු වුණු දිශාවට යොමු වී අනතුර අවබෝධ කරගැනීම. ඒ අතරම සියලු බෞද්ධයින් සහ භික්ෂූන් වහන්සේලා විවිධ දේශපාලන පක්ෂවල පිළිකණුවල නොලැග තම එකම පක්ෂය රට දැය සමය බව අවබෝධ කරගෙන සමගියෙන් කටයුතු කළ යුතු අවස්ථාවක් මේක. එසේ කටයුතු නොකළොත් මේක සපරිස්ථානයක් වන එක වළක්වන්න බෑ."

නාමල් උඩලමත්ත said...

Medhananda Himi http://www.youtube.com/watch?v=ZZe7LQmkOH8&feature=share

Rohana Pothuliyadda · 24 mutual friends
NAMAL UDALAMATHTHA, RATA WINASA UNOTH APITA INNA THANAK NAHA. EKA ATHTHA. API RATA ARAKSHA KARANA EKA PARISARA AMATHYANSAYATA WAGE ADALA AYATHANA WALATA DEMU

Namal Udalamatta ඥානසාර හාමුදුරුවන්ටත් ලස්සනට කවි බණ කියන්න පුළුවන්. ඒ හඩ නම් හරි ම මිරිහියි. කැමති අයට ඒ හඩ අහලා සැනසෙන්න පුළුවන්. https://www.youtube.com/watch?v=v-YlOVCNFSI

Chaaminda Wijekoon අහෝ අධිකරණ සංඝනායක නොදිටි වටරැක...

Rohana Pothuliyadda · 24 mutual friends
ETH DAYA ,SAMAYA WINASA WUNATA APITA AHIMI WENNE MONAWADA?

Medhananda Himi සාධාරණව හිතුවොත් බොදුබල සේනාවට විරුද්ද කෙනෙකුට පවා වටරැක විජිත කරන වැඩවලට එකග විය හැකිද?.

Namal Udalamatta අපෝ පුළුවන් හාමුදුරුවනේ. මොකද සතුරාගේ සතුරා අපේ මිතුරනේ. බටහිර අපේ සතුරා වගේම මුස්ලිම් ලෝකය බටහිර සතුරා. ඒ නිසා මුස්ලිම්වරු මොනවා කළත් එයාලා හරි හොඳයි. ඒ වගේම බොබසෙ අපේ හතුරා. වටරැක හිමි බොබසෙ හතුරා. (එහිමියන් බුදුදහමේ නොව බොබසේ හතුරාය) ඒ නිසා වටරැක හිමි මොනවා කළත් අපිට හරි හොඳයි. ඒ නිසා අපි ඥානසාරගේ කටහඬේ තාරතාව මනිනවා. ඇඟිල්ලේ පුරුක් මනිනවා.

Dharshana Kasthurirathna වටරැක හිමිගේ කතාවලට එකග වෙන්ඩ බෑ. නමුත් ඒකට විසදුම මාධ්‍ය ඉස්සරහා මරණ තර්ජන කරන එකවත්, ගල් ගහලා පන්නන එකවත් නොවේ. ඇත්තටම මේ දක්වා වෙච්ච දේවල් වලින් වෙලා තියේනනේ වටරැක හිමි ප්‍රසිද්ධ වෙන එකත්, දේශනා ප්‍රචාරය වීමත්, බෞද්ධ භිකෂූන් මැරයන් බව තවත් තහවුුරු වීමත් විතරයි. වටරැක හිමියි මැර බල සේනාවයි මේ මැච් එකේ සෙල්ලං කරන්නේ එකම ටීම් එකට. දෙගොල්ලොම දෙපැත්තෙන් සාසනේ කාගෙන කාගෙන යනවා. වටරැක හිමි බෝලෙ උස්සලා දෙනවා. සේනාවෙන් ඩෑෂ් ගහනවා.

නාමල් උඩලමත්ත said...

Namal Udalamatta මම නම් හිතන්නේ වටරැක හිමි ප්‍රසිද්ධ වුණු එක හොඳයි. ප්‍රසිද්ධ වුණා කියන්නේ ජනප්‍රිය වුණා කියන එක නෙමේනේ. පහුගිය කාලේ මැරුම් කෑ මුස්ලිම් පතාළයා මාමාස්මි හරි ප්‍රසිද්ධයි. ගෝපිත් ප්‍රසිද්ධයි. සෝම හිමි ජනප්‍රියයි. ධර්මපාලතුමාත් එහෙමයි. වටරැක හිමි ප්‍රසිද්ධ වීම නිසා බෞද්ධයෝ දන්නවා දැන් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා. වටරැක හිමි වගේ අයට සිව්පසය ලබා දීලා ආරක්ෂා කරන බෞද්ධයින් වටරැක හිමිගේ බණ අහන්නම ඕන. බංගලිදේශයේ පන්සල් ගිනි තියනවා. තායිලන්තයේ භික්ෂූන්ට හමුදා ආරක්ෂාව නැතුව පිඬු සිඟා වඩින්න බෑ. මෙහේ වටරැක හිමි සහ ඔහුගේ ආරක්ෂකයින් ඊළඟ බංගලිදේශය, තායිලන්තය ලංකාවේ බිහි කරන්න මාර්ගය සකස් කරනවා. බටහිරට අවශ්‍ය නම් කවුරු හරි මැරයෙක් කියන්න ඒ අය ඒක කරනවා. බුදුන් හිටියත් උන්ට උවමනා නම් මැර හංවඩුව ගහනවා. උන් අකමැති සයිලු දෙනා ත්‍රස්තයෝ සහ මැරයෝ. විරාතු හිමියන් ත්‍රස්තයෙක් කීවේ උන්. නමුත් උන් වහන්සේ කිසිම මැර ක්‍රියාවක් කළේ නෑනේ. බෞද්ධ අයිතිය වෙනුවෙන් පෙනී සිටියා විතරයි.

Lal Kumara නාමල් නියමයි ඔයාගේ අදහස් නම්.

Lal Kumara https://www.facebook.com/photo.php?v=772843369414832&set=vb.124089857623523&type=2&theater

Lal Kumara මුන්ට අල්ලන අපේ එඋන්ටත් මේ වගේ තමයි වෙන්න ඕන. එදාට තේරෙයි

Dharshana Kasthurirathna හෙහෙ. සාදු සාදු

Dharshana Kasthurirathna චිරාතු හිමියන් ත්‍රස්ත වැඩ කරේ නෑ තමයි. නමුත් චිරාතු හිමියන්ගේ සංවිධානයේ මෙහෙයවීමෙන් කරපු බුරුමයේ ජාතිවාදි කෝලාහලවලින් සෑහෙන පිරිසක් මැරුණා. ඒවට චිරාතු හිමියන්ද වගකිව යුතුයි. වාසනාවකට මැර බල සේනාවට තාම එහෙම හපන් කමක් කරන්ඩ බැරි උනා. ඒකට තමයි වලිකන්නේ.

Lal Kumara https://www.facebook.com/photo.php?v=419197224867923&set=vb.100003329469496&type=2&theater

Namal Udalamatta ජාතිවාදී කෝලාහල ඇති නොවෙන්න වත බලා ගන්න ඕන බහුතර සිංහලයින්ට හලාල් කවන්න එන එවුන් නෙමේද? රටේ මුස්ලිම් කලාප හදන්න එන එවුන් නෙමේද? ඒවාට විරුද්ධ වීම නිසා නම් ජාතිවාදී කෝලාහල හැදෙන්නේ අහවල් මගුලකටද සිංහල බෞද්ධ කොල්ලෝ දහස් ගාණක් බිලි දීලා උතුරු නැගෙනහිර ත්‍රස්තවාදියෙන් දිනාගත්තේ? ඒක මුලින්ම තේරුම් ගත්තා නම් යුද්දේ නිසා මැරුණු සිංහල දෙමළ දහස් ගණනක් තවම ජීවත් වෙනවා. කොටින්ගෙන් නිදහස් කරගත්තේ ඌරන්ට දෙන්නද? විරාතු හිමියන් බෞද්ධයින් වෙනුවෙන් සංවිධානයක් හදාගත්තේ මුස්ලිම්වරු මුස්ලිම් නොවන නිෂ්පාදන වර්ජනය කරමින් ව්‍යාපාරයක් හදා ගත් නිසා සහ බෞද්ධයින්ට දිගින් දිගට ම වෙච්චි අසාධාරණකම් නිසා. හේතුව නොදැක ඵලයට පහර දීම බුදුන් දෙසූ හේතුඵල දහමට නම් අදාළ නෑ. සියලු අසාධාරණකම් හමුවේ නිහඬවීම නිවට කම මිස වෙන මුකුත් නෙමේ. ඒ නිවටකම හාරන්නේ ජාතියේ මිනි වළයි.

නාමල් උඩලමත්ත said...

Lal Kumara මේ දර්ශන ඔය ඔලුවේ බැදගෙන ඉන්න විදිහ දැක්කම මොහොමඩ් කෙනෙක් වෙන්න යන බව පේනවා.
එට පෙරහුරුවක් වෙන්න ඇති මේ. කියන දේ වලිනුත් එක පේනවා. කෙලින්ම මුස්ලිම් තොප්පියම දාගන්න.
එතකොට අවුලක් නෑ

Namal Udalamatta ලාල් එමෙ කියන්න එපා. අපි විවිධ මතවාදවල ඉන්න පුළුවන්. දර්ශන ජාතික මතවාදයේ ඉන්න බුද්ධිමත් තරුණයෙක්. ඔහු ගැන මම දන්නවා කාලයක ඉඳලා. ඔහු ඔබ වගේම මමත් සංවාද කරනවා. අපි සියලු දෙනා හිතනවා අපේ අදහස් අනුව තමා ප්‍රශ්නය නිරාකරණය කරගත හැක්කේ කියලා. ඒ නිසා අපි සංවාද කරමු. සංවාදය නිසා අපි තුළත් අලුත් අදහස් පහළ වෙනවා. ඒ ඔස්සේ ඉදිරියට යමු.

Nalinda Karunarathna නාමල්ගේ ලිවීමේ හැකියාව විශිෂ්ටයි, රට වෙනුවෙන් හැකියාව ප්‍රයෝජනයට ගන්නා ආකාරය ප්‍රසංෂනියය්

hammike Subasinghe පටු ලාභ තකා පවතින රජයන් මුස්ලිම් අන්තවාදය සුරතල් කිරීමේ විපාක තමයි අපි මේ අත්දකින්නෙ. එදා සිටම මේ අකටයුතුකම් වලට විරුද්දව හඩ නගපු චරිත සින්හල සමාජයේ කොටස් විසින්ම හන්වඩු ගැහුවා. ධර්මපාල තුමාගේ සිට බොබසේ දක්වා දකින්න තියෙන්නේ එකයි. හේතුවට ඔන කරන බෙහෙත නොදි, ඵලය ට ගල් ගහන එක තමයි බහුතරයක් කරන්නෙ.

Sandamal Perera · 5 mutual friends
thmbiyo hath awuruddakin nanney naha e unata karanney arakata wathura poddak ihaganna eka vithrai

Namal Udalamatta අපි මේ සංවාද කරන්නේ මුස්ලිම් අන්තවාදයට විරුද්ධව මිස, මුස්ලිම් ජනතාවට විරුද්ධව නෙමේ. අපි කලින් සටන් කළේ කොටින්ට විරුද්ධ මිස දෙමළ ජනතාවට විරුද්ධව නෙමේ. මේ කාරණාව සියලු දෙනා හොඳින් අවබෝධ කරගත යුතුයි. සියලු දෙමළ ජනතාව ත්‍රස්තවාදී නොවනවා වගේම සියලු මුස්ලිම්වරු අන්තවාදීන් නෙමේ. සිංහල දෙමළ ජනතාව සමඟ සමගියෙන් ජීවත්වන මුස්ලිම්වරු මම දැකලා තියෙනවා. අපේ වගකීම ඒ පිරිස ආදරයෙන් රැක බලා ගැනීම. ඔවුන් අන්තවාදයට තල්ලු කරන විදිහට ඔවුන්ගේ හිත් තැලෙන විදිහට කතා කරන එක අපි රටට කරන හානියක් බව සියලු දෙනා හොඳට මතක තියාගන්න ඕන. අපේ සටන ඒ ජනතාව අන්තවාදය වෙත දක්කන අන්තවාදී කල්ලි සමගයි. හැබැයි ඔබ සියලු මුස්ලිම් ජනතාවට එකට තියලා පහර දීම නිසා වෙන්නේ ඒ අහිංසක ජනතාව අන්තවාදීන්ට දිනාගැනීමට උදව් කිරීම. ඒ නිසා ඉතා සීරුවෙන් පරිස්සමින් මේ අන්තවාදීන් සමඟ සටනට මුහුණ දෙමු.

නාමල් උඩලමත්ත said...

Sandamal Perera · 5 mutual friends
මුස්ලිම්වරු හැමෝම සිදුකරන්නේ එකම කාර්ය ඒ බුමි අක්‍රමණයයි,

Yasanath Dhammika Bandara හාමුදුරුවන්ගේ සමහර දේවල් අනුමත කරන්න බෑ. මොනවා වුණත් හාමුදුරුවෝ කියා ඇති සමහර කරුණු ඇත්ත කියන එකත් පිලිගන්න වෙනවා.

Darshila Rathnayaka · 29 mutual friends
නාමල්ගේ අදහස්වලින් මගේ මතවාදය පවා වෙනස් උණා.
මම මීට පෙර සිටියේ වෙනස් තැනක.
නාමල් ඔයා කියන දේ ඇත්ත. වටරැක හිමි ගැන සෝම හාමුදුරුවෝ පවා
හෙළිදරව් කර තිබෙන වීඩ්යෝ බණක් මම දැක්කා. එයා මුස්ලිම් පල්ලියෙන්
යැපෙන්නේ අද ඊයේ නෙමෙයි එහෙනම්. නාමල් ඔයා කියන දේ සම්පුර්ණ ඇත්ත

Sudarshana Hemal oka mitya dustikayek.hamduru kenek nam newe.

Fadi Hasan · 2 mutual friends
aththa kiyannata melowa thanak natha

Namal Udalamatta Yasanath Dhammika Bandara අයියේ මම කැමතියි වටරැක හිමි දේශනා කළ සමහර ඇත්ත කරුණු මොනවාද කියලා දැනගන්න.

Dharshana Kasthurirathna කොහොම වෙතත් වටරැක විජිත හිමි සාසනයෙන් නෙරපන්ඩ නම් ඉස්සරවෙලාව කරන්ඩ ඕනේ මහානායක හිමිවරුන්ගෙන් එවැනි ඉල්ලීමක් කරන එකයි. ඔන්නං මහනායක හිමිවරු හම්බවෙලාම මාධ්‍ය ඉස්සරහා ප්‍රසිද්ධියේ ඒ ඉල්ලීම කරන්ඩ පුළුවන්. තාම එවැනි ඉල්ලීමක්වත් කරපු බවක් දැන ගන්ඩ නෑ (ඒක ඉතිං එච්චර මාධ්‍ය අවධානය ගන්ඩ පුළුවන් වැඩක් නම් නෙමෙයි. සංඝයාට එතරම්ම නොගැලපෙන වැඩකුත් නෙමෙයි. මරණ තර්ජනය කරන්නා වගේ. නැත්තං ගල් ගහන්නා වගේ). ඊට පස්සේ සංඝයා රැස් වෙලා තීන්දුවක් ගත යුතුයි. මීට පෙර ඒ. සෝභිත භික්ෂුව සම්බන්ධයෙන් එහෙම කරා. යම් භික්ෂූවක් ධර්ම විරෝධීව හෝ විනය විරෝධීව හැසිරෙනවානම් ඒ භික්ෂුව කාටවත් තමන්ගේ තනි මතයට ශාසනයෙන් පහ කරන්ඩ බෑ. එවැන්නකට කාටවත් බලයකුත් නෑ. එසේ කරනවානම් ඒක වැරදි පූර්වාදර්ශයක්. ශාසනයට කරන හානියක්. මොකද ඊළගට පිරිස් බලය, දේශපාලන සහ මුදල් බලය තියෙන ඕනම කෙනෙකුට පුළුවන් සිල්වත් හාමුරුදුනමක්ව උනත් ශාසනයෙන් පන්නන්ඩ. නැත්තං ශාසනයේ ඉන්ඩ බැරි තැනට වැඩ සලස්වන්ඩ (මීට පෙර ඥාණසාර හිමිට එවැනි චෝදනාවක් එල්ල උනා).

නාමල් උඩලමත්ත said...

Namal Udalamatta දර්ශන ඔබේ මේ අදහස සමඟ එකඟ නොවීමට මට කිසිදු හේතුවක් නැත. වටරැක හිමි ශාසනයෙන් නෙරපා හැරිය යුත්තේ බොදු බල සේනාව නොව සමස්ත සඟ සමාජය විසිනි. මගේ ලිපියේ එය පැහැදිලිව සඳහන් කර ඇත්තේ වෙනත් විකල්පයකට ගියහොත් එය වැරදි පූර්වාදර්ශයක් වන බව දන්නා හෙයිනි. "කෙසේ වුව ද එහිමියන්ට එරෙහිව මේ දඬුවම් ක්‍රියාත්මක කිරීම සඳහා බොදුබල සේනාව නොව තෛයිනිකායික මහා සංඝ රත්නය පෙරමුණ ගත යුතුය." ඒ සඳහා අවශ්‍ය සියලු සුදුසුකම් වටරැක හිමි මේ අවස්ථාව වන විට උඩින්ම සපුරා තිබේ. එපමණක් නොව මෙහිමියන් දරන බෞද්ධ කටයුතු සමායෝජක තනතුර වහා අහෝසි කර ඒ වෙනුවට ඉස්ලාම් ආගමික කටයුතු සමායෝජක තනතුර ලබා දිය යුතුය. එහිමියන් බෞද්ධ කටයුතු සමායෝජක තනතුරින් ඉවත් කරන ලෙස පළාතේ සියලු භික්ෂූන්වහන්සේලා සහ බෞද්ධයින් බලකළ යුතුය. ආරම්භයක් ලෙස පළාතේ සියලු දහම් පාසැල් තාවකාලිකව වසා දමා පාසැල්වල බුදුදහම ඉගැන්වීම ද නතර කළ යුතුය. මෙවැනි දැඩි ක්‍රියාමාර්ගවලට නොයා මෙවැනි කූට ආක්‍රමණවලින් ශාසනයේ චිරස්තිය තහවුරු කළ නොහැකිය. බුදු සසුන ආරක්ෂා වුවහොත් සිංහල ජාතිය ද රට ද ආරක්ෂා වනු ඇත.

Dharshana Kasthurirathna බල කිරිම කෙසේ වෙතත් අඩු ගානේ බල සේනාව මහානායක හාමුදුරුවන්ගෙන් මේ සම්බන්ධයෙන් ලිඛිත ඉල්ලිමක්වත් කරලා තියෙනවාද? ප්‍රසිද්ධියේ මරණ තර්ජනය කරන්ඩ හෝ ගල් ගහන්ඩ පෙර ඒක කරානම් හොද නැද්ද?

Namal Udalamatta ඔයා ඇයි මේ ඇම්ඩගේ මැක්කා තියරිය වගේ බල සේනාවක් හැම එකට ම ඇද ගන්නේ? බල සේනාව විතර ද මේ වැඩ කරන්න ඕන? සේනාව තර්ජනය කරන්න කලින් ඔයා වටරැක හිමි ගැන දැනගෙන හිටියෙත් නෑ කියලා කීවනේ. දැන් ඉතින් තර්ජනය කළ නිසා හරි සංදර්ශන දාපු නිසා හරි එහිමියන් ගැන දන්නවනේ බෞද්ධයෝ. දැන් අපේ වගකීම බලසේනාව කරන එක වැරදි නම් ඊට වඩා හොඳ විකල්පයක් වෙත යෑම. ඒකට අවශ්‍ය පසුබිම හදන එක. එහෙම නැතුව බලසේනාවේ පාරිශුද්ධභාවය පරික්ෂා කරන එක නෙමේනේ. බලසේනාවේ කන්‍යභාවය පරික්ෂා කරමින් මුස්ලිම් අන්තවාදීන්ට අනියමින් සහය වීම නෙමෙනේ. අවසාන වශයෙන් මට වැදගත් වෙන්නේ ප්‍රශ්නයට පිළියම් මිස පුද්ගලයෝ නෙමේ. එක දේශහිතෛෂි ජාතික ව්‍යාපාරය, මානෙල් මල් ව්‍යාපාරය, ත්‍රස්ත විරෝධි ජාතික ව්‍යාපාරය වගේ ම අද බලසේනාව මට පවුරක් විතරයි. ඒ පවුර හොඳ නැත්නම් වෙන පවුරක් හදා ගනිමු. මේ පවුරට වඩා ඒ පවුර හොඳ නම් මේ පවුර විසි කරලා අපි ඒ පවුරින් මේ දුර්ගයෙන් එතෙර වෙමු දර්ශන.

නාමල් උඩලමත්ත said...

Dharshana Kasthurirathna බල සේනාව මේ තරම් හැගිමෙන් මේ ගැන වැඩකරනවානම් අඩුම තරමින් ආරම්භක පියවරක් ලෙස වත් අර වගේ සම්මත, ශිෂ්ට සම්පන්න, නීති ගරුක නිල ක්‍රියාමාර්ගයක් ගන්ඩ බැරි ඇයි? මුල්ම පියවර ලෙස තගරියටම බහින්නේ ඇයි? නොතේරුම්කමද නැත්තං ඔවුන්ගේ අරමුණ ප්‍රශ්නය විසදිම නොවන නිසාද?

Namal Udalamatta මම කීවනේ 2004 විතර සෝම හිමි මේ ගැන කතා කළා කියලා. නැවත බල සේනාව කතා කරන තුරු කවුරුත් ඒ ගැන කතා කළේ නෑ. රජතුමාවත් රජතුමාට ප්‍රශස්ති ගයන ඇතැම් භික්ෂූන්වත් කතා කළේ නෑ. අපි විවිධ අවස්ථාවල මේ ගැන කතා කරන්න උත්සාහ කළත් ජාතික සංවිධාන ඒ ගැන අවධානය යොමු කළේ නෑ. ඔයා වුණත් කළේ ඉස්ලාම් ආක්‍රමණය බටහිර කුමන්ත්‍රණයක් කියලා ඒ මතවාද නිශේධනය කළ එක විතරයි. ජාතිකවාදීන්ට බටහිර කුමන්ත්‍රණ මිස ඉස්ලාම් කුමන්ත්‍රණ තේරෙන්නේ නෑ.

සිරිපාදේ මුදුනට යන්න තියෙන්නේ එක පාරක් නෙමේනේ. මම යන පාර වෙනස්. ඔයා යන පාර වෙනස්. ඔයා යන පාර දීර්ඝ එහෙත් මහන්සි නැති එක විය හැකියි. මම යන්නේ කෙටි එහෙත් ඉක්මණින් පද්මෙට ළඟාවිය හැකි මාර්ගය විය හැකියි. ඒක අපේ කැමැත්ත සහ විශ්වාසය. ඒ වගේම බලසේනාවේ ක්‍රමය අපේ ක්‍රමය නොවෙන්න පුළුවන්. ඒක සෝම හිමිගේ ක්‍රමයත් නෙමේනේ. සෝම හිමිගේ ක්‍රමයට ප්‍රශ්නය නිරාකරණය වුණෙත් නෑනේ. බල සේනාවේ ඒ ක්‍රමය හොඳ නැත්නම් ඊට වඩා හොඳ ක්‍රමයක් ජාතික බලවේග හෝ බෞද්ධ සමාජය හෝ තනාගත යුතුයි. එවිට වඩා හොඳ ක්‍රමය ජනතාව තෝර ගනීවි. ඒ ඔස්සේ අවශ්‍ය පිළියම් සොයා ගත යුතුයි. එසේ නොකර උඹලා අපි හිතන පාරේ සිරිපාදේ නොයන්නේ ඇයි කියලා අහලා වැඩක් නෑනේ. එහෙම ඇහුවා කියලා මිනිස්සු සිරිපාදේ යන එක නතර කරන්නෙත් නෑ.

Shanaka Liyanage Dharshana මේ අයගෙ අරමුනත් ප්‍රශ්ණ විසඳීම තමයි. නමුත් මොළේ තමයි නැත්තෙ. බුද්ධිමතුන් මුකුත් නොකරන නිසා මම කොරන්නම් කියන එක තමයි මෙතන වෙන්නෙ. හතුරො දන්නව මෝඩයො වැඩට බැස්සොත් විසඳිල්ල කොහොම වෙතත් තවත් අනනව කියලා. එක නිසා තමයි ඔය නොර්වෙ වගෙ අය බොදු බල අයට යටින් සහය දෙන්නෙ. බොදු බල සෙනා ගොඩේ ඇති මුදලට බා ගත් අයත්, බොරු සිවුරු දාගත්ත අයත්. උද්ගෝෂනයකදි රතුකට්ට පන්නවන්නෙ මෙන්න මේ අය. එකෙක් ගලක් ගැහුවහම ඇති වැඩේ ස්ටාට් වෙන්න.

නාමල් උඩලමත්ත said...

Dharshana Kasthurirathna අරමුණ ප්‍රශ්න විසදිම කියලා හිතන්ඩ අමාරුයි. පොඩි ළමයකුට උනත් තේරනවානේ මේකෙන් ප්‍රශ්නය විසදීම නොව තවත් ප්‍රශ්න අවුල් වීමයි වෙන්නේ කියලා. උදා ලෙස වටරැක විජිත හිමි ගුටිකාලා ඉස්පිරිතාලෙක ඇදක් උඩට වෙලා මාධ්‍යවලට සාකච්ඡා දෙනවානම් ඒකෙන් ‘සිංහල බෞද්ධයාට‘ තවත් අයහපතක් මිස යහපතක් වෙන්නේ නෑ. ඒක ඕනැම පුද්ගලයෙකුට තේරෙන දෙයක්.

Namal Udalamatta අන්න හරි. බුද්ධිමතුන් මුකුත් නොකරන නිසා තමා බලසේනාවට අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඔවුන් වටා ගොඩනැගෙන සමාජ බලයෙන් පේනවා බුද්ධිමතුන් මුකුත් නොකළාට මිනිසුන්ට දැනෙන ප්‍රශ්නයක් තියෙනවා කියලා. මම කියන්නේ නූගත් ගොන් මිනිසුන්ට බැන බැන නොඉඳ බුද්ධිමත්තු වැඩට බහින්න. එතකොට ප්‍රශ්නය නිරාකරණය කර ගත හැකිනේ.

Shanaka Liyanage //පොඩි ළමයකුට උනත් තේරනවානේ මේකෙන් ප්‍රශ්නය විසදීම නොව තවත් ප්‍රශ්න අවුල් වීමයි වෙන්නේ කියලා//
නෑ නොතේරෙන වැඩිහිටියො ගොඩක් ඉන්නවා. ඒ අය තමයි ඔය වටේ ඉන්නෙ.

Dharshana Kasthurirathna දැං බල සේනාව බලය අල්ලලා ඉවරයි. ඔවුන්ගේ දේශපාලන බලය එක්ක වෙනත් හාමුදුරුවන්ටවත් අනිත් අයටවත් හැප්පෙන්ඩ බෑ. ඔවුන්ට පැහැදිලිවම ආණ්ඩුවේ හයිය තියෙනවා. නැත්තං කොහොමද රජයේ අමාත්‍යාංශයකට බලෙන් ඇතුළු වෙලා පරික්ෂා කරන්නේ. පොලිසියටත් එවැන්නක් කරන්ඩ වරෙන්තුවක් නැතුව බෑ. හාමුදුරුවොත් බලසේනාවට විරුද්ධ වෙන්ඩ බයයි. ඒ වගේම පිරිස් බලය, මුදල් බලයත් ඔවුන්ට තියෙනවා. සංවිධානයක් ගොඩනගන්ඩ ඒ සේරම ඕනේ. නිකං හැගීමක් තිබ්බට බෑ. කොහොම වෙතත් ඉස්සරහට බල සේනාවට විරුද්ධ ගිහියන්ටත් (සොරි. අවජාතක නපුංසකයන්ට) ඔවුන්ට විරුද්ධව කතා කළොත් ගුටි කන්ඩයි වෙන්නේ. ඇත්තටම මේ සංවිධානය බෞද්ධ විරෝධී සංවිධානයක්.

Namal Udalamatta ඒකයි මම කීවේ වටරැක විජිත හිමි වහාම ශාසනයෙන් නෙරපා දැමීමට තෛයිනිකායින මහා සංඝ රත්නය පෙරමුණ ගත යුතු බව කීවේ. ඒක වුණත් මෝඩයින් ඇවිල්ලා මෝඩ විදිහට කරනවාට වඩා බුද්ධිමතුන් මැදිහත් වන එක හොඳයි.

Namal Udalamatta අවාසනාවට ඔය හැඟීම බල සේනාව ගොඩනඟන තුරු එළියට ආවේ නෑ.

Dharshana Kasthurirathna හැගීම කියන්නේ කුණුහරප කියන එකවත්, මරණ තර්ජනය කරන එකවත් ගල් ගහන එකවත් නොවේ. කොහේවත් ඉන්න හාල්කැලි ෆෝම් කරලා ඊට පස්සේ ගහන්ඩ පන්නන එක නොවේ. ඒක ගොන්කම. ඒක සාධාරණිකරණය කිරිම, උඩගෙඩි දිම සහ අනුබල දීම ඊටත් එහා ගොන්කමක්

නාමල් උඩලමත්ත said...

Namal Udalamatta ඔව් වෙන්න පුළුවන්. වැඩේ කියන්නේ ඒ ගොන් විදිහට වුණත් අමතන්නේ මේ සමාජයේ අපි අත්දකින ප්‍රශ්නයක්. කිසිම බුද්ධිමතෙක් නොදැකපු, නැත්නම් නොදැක්කා වගේ අහක බලා ඉඳපු ප්‍රශ්නයක්. කවුද වැරදි? ප්‍රශ්නය ඔඩු දුවන්න ඇරලා නිහඬව හිටපු බුද්ධිමත්තු නෙමේද?ගොන්නුන්ට ප්‍රශ්න විසඳන්න අවස්ථාව දුන්නේ ඒ බුද්ධිමත්තු නෙමෛ්ද?

Shanaka Liyanage Dharshana බැරි බැරියාවයි බොලඳ කමයි පැත්තකින් තිවුවොත් පුලුවන්. මේක බුද්ධියට අභියොගයක්. හරියට බුද්ධි පරීක්ෂන ප්‍රශ්ණයක්වගේ.

Shanaka Liyanage කොහොමත් පුටුවෙ වාඩිවෙලා වටයක් කැරකුනා කියල මෙකට විසඳුම් එන්නෙ නෑ ඔලුවට. විශාල උත්සාහයක් ඕන කරනවා විශාල බුද්ධිමතුන් ප්‍රමාණයකින්.

Dharshana Kasthurirathna මං හිතන්නේ අල් කයිදාවෙන් සහ වහාබ්වාදයෙන් සම්ප්‍රදායික මුස්ලිම් රටවල් සම්ප්‍රදායික මුස්ලිම් සංස්කාතිය රටවල් විනාශ කරා වගේ දෙයක් තමයි මැර බල සේනාව සහ මැර බල සේනාවේ මතවාදය ඇති කරපු සහ පවත්වාගෙන යන අය (උඩින් ඉන්න මේක මෙහෙයවන තීරණ ගන්න අය. යට පෙළ ඉන්න අවංක මෝඩයෝ නොවේ) බලපෛාරොත්තු වෙන්නේ. අන්තගාමී මතවාදයක් ඇති කරලා ඒකෙන් සම්ප්‍රදායික බුදුසසුන සහ බෞද්ධ සංස්කෘතිය විනාශ කරන්ඩ.අවසානයේ මැර බල සේනාව නිසාම තමයි බුදුසසුන විනාශ වෙන්නේ. බාහිර ආක්‍රමණ වලින් නොවේ. ඒක දැනටත් වෙමින් පවතිනවා. ඒ නිසා මටනම් අද බුුදුසසුනට ඉන්න ලොකුම හතුරා මැර බලසේනාවයි.

Namal Udalamatta මේ මොහොතේ ඔබෙන් ඉන් එහා ගිය අදහසක් මම කිසිසේත් බලාපොරොත්තු නොවෙමි. එක් අතකින් කුඩාපොල හිමි, බැදිගම රතනපාල හිමි, වාරියපොල සුමංගල හිමි මෙන් ම අනගාරික ධර්මපාල තුමා ද ඒ ඒ යුගවල ක්‍රියා කළේ මුල් බුදු දහමට එකඟ නොවන ක්‍රමවලය. එය ද ඔබ වැන්නන් විසින් වහාබ්වාදය හෝ එවැනි වචනවලින් එකල හඳුන්වා දෙන්නට ඇත. විශේෂයෙන් ධර්මපාලතුමා ගෙන ගිය බෞද්ධ පුනරුද ව්‍යාපාරයට මෙරට උගත් බෞද්ධ නායකයින් සහාය නොදුන් අතර අකුල් හෙළීය. එහෙත් ඉතිහාසය විසින් ධර්මපාලතුමාගේ කාර්යභාරයට අවශ්‍ය පිළිගැනීම අද හිමිව ඇත. මම පෞද්ගලිකව බොදු බල සේනාවට සම්බන්ධ නොවුණ ද ඔවුන් පිළිබඳ මා තුළ විවේචනයක් තිබුණ ද මේ අවස්ථාවේ ඒ ගැන කතා නොකරමි. ඔවුන් මහානායක හිමිවරුන් සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ දුර්වලතා නිවැරදි කරගත යුතුය. සෙසු සියලු සංවිධානවල සේම ඔවුන්ගේ ද භූමිකාව ඉතිහාසය විසින් තීරණය කරනු ඇත.

නාමල් උඩලමත්ත said...

Chandana J. Hewawasam @ Namal Udalamatta " සෙසු සියලු සංවිධානවල සේම ඔවුන්ගේ ද භූමිකාව ඉතිහාසය විසින් තීරණය කරනු ඇත. " yes.....will see

Shanaka Liyanage Dharshana, දැන් ඔය බොදු බල එකේ ඉන්න ඔක්කොම හාමුදුරුවන්ගෙ අරමුණ බුද්ධාගම විනාශ කිරීමද? ඕකෙ ඉන්න වැඩි දෙනෙක් හිතන්නෙ ඒ අය විතරයි මොනව හරි කරන්නෙ කියල. බොහෝ දෙනෙක් දන්නෙ නෑ ඒ අයගෙ ක්‍රියා වලින් වෙන්නෙ වඩේ තවත් අවුල් වෙන එක සහ බුද්ධාගම විනාශවෙන එක කියල.

මම කැමති ප්‍රතිමාවක් කවුරු හරි කටුවයි මිටියයි පාවිච්චි කරල කඩනවනම් මගෙ හතුරා කටුවයි මිටියයි නෙවෙයි. එක පාවිච්චි කරන මිනිහා.

කොහොම උනත් බොදු බල සේනාවෙන් බුද්ධාගමට වෙන්නෙ විශාල හානියක් කියන එකට මම 100% එකඟයි.

Namal Udalamatta මෙතෙක් කල් ඉස්ලාම් ආක්‍රමණ ගැන මර නින්දේ සිටි ජාතික චින්තන බුද්ධිමතුන් දැන් අඩු තරමේ එවැනි ආක්‍රමණයක් ඇති බව පිළිගනි. ඔවුන්ගේ නව අදහස පිළිතුරු සොයන විදිහ වැරදි බව මිස ප්‍රශ්නයක් නැති බව නොවේ. ඉතින් බොබසේ 100%ක් වැරදි නම් කළ යුත්තේ 1%ක් හෝ නිවැරදි කතිකාවක් දැනට ඔඩුදුවා ඇති ප්‍රශ්නවලට විසඳුම් සෙවීම සඳහා ගොඩනැගීමය.

Dharshana Kasthurirathna කරුණාකර ජාතික විරයන් වන භික්ෂුන් වහන්සේලාව මේ මැර කල්ලිවල තුට්ටු දෙකේ වැඩ සාධාරණිකරණය කරන්ඩ පාවිච්චි කරන්ඩ එපා. උන් වහන්සේලා කරේ යටත්විජිත විරෝධි අරගලයක්. අනික උන් වහන්සේලා මේ වගේ හිතාමතාම ශාසනයට අගෞරව කළාය කියලා මං හිතන්නේ නැ. උන්වහන්සේලාගේ දේශපාලනයයි මේ මැර කල්ලිවල ක්‍රියාකාරීත්වයි මතවාදයි එක්ක ඇත්තේ අහසට පොළව වගේ වෙනසක්. ඒ වගේම මේ මෝඩ මැර කල්ලිවලට විරුද්ධව බුද්ධිමතුන් ඒකරාශි විය යුතුයි කියන එක ටිකක් කපටි කතාවක්. ඒකට හේතුව ෆැසිස්ට්වාදී මැර කල්ලිවල ස්වභාවයම තමන්ට ඇති විකල්ප මර්ධනය කිරිම නිසයි. දැන් හිටු කියලා විරවංශට ගහන්නේ ඔහු මුස්ලිම් ව්‍යාප්තවාදයට විරුද්ධ නොවන නිසාම නොව ඔහු ජාතික ව්‍යාපාරයේ විකල්පයක් වීම නිසයි. මේ මැර කල්ලිවලට විරුද්ධ සිංහල බෞද්ධ සංවිධානයක් ආවත් ඒකත් මේගොල්ල මර්ධනය කරන්නේ වටරැක විජිත මෙහෙහුම වගේ මෙහෙයුමක් දාලා තමයි. ඇත්තටම මේ තුට්ටු දෙකේ මැර කල්ලි 2012න් පසුව එන්ඩ කලින් ලංකාවේ ජාතික සංවිධාන තිබුනා. ගිහි පැවිදි නායකයනුත් හිටියා. ඒ සංවිධාන නිසා තමයි දෙමළ බෙදුම්වාදි ත්‍රස්තවාදය පරාජය කරන්ඩ හැකි උනේ. අද ඒ සංවිධාන හෝ ඒවාට මුලිකත්වය ගත්ත ගිහි පැවිදි උගතුන් නෑ. ඒ ඇයි? මේ මැර කල්ලිවලට ඇති මාධ්‍ය අවධානය හෝ දේශපාලන හයිය ඒ අයට නෑ. එ් අය යටපත් වෙලා. අද හාමුදුරුවරුවත් මේ කල්ලිවලට විරුද්ධ වෙන්ඩ බයයි. මේ ළගදි මං දැක්කා පැවිදි සංවිධානයක් මේ මැර කල්ලියට විරුද්ධව මාධ්‍ය සාකච්ඡාවක් තියලා තිබ්බා. හැබැයි උන් වහන්සේලා මේ මැර කල්ලියේ නමවත් කල්ලියේ නායකයන්ගේ නම්වත් කියන්ඩ බයයි. ඒක එච්චර action-packed නැති හන්දා ඒවාට මාධ්‍ය අවධානයකුත් නෑ. අපේ මැර පොලිසියත් මී පැටව් වගේ කරන දේශපාලන මුදල් හයිය තියෙන මැර කල්ලියකට බය විම සාධාරණයි. එවැනි පසුබිමක් උඩ ‘බුද්ධිමත්තු නැති හන්දා තමයි අපි මේ මෝඩයන්ට සපෝට් කරන්නේ‘ කියන එක සෑහෙන්ඩ කුහක කතාවක්.

නාමල් උඩලමත්ත said...

Namal Udalamatta තාම මේ රටේ ෂාරියා නීතිය ක්‍රියාත්මක නොවන නිසා මගේ අදහස් ප්‍රකාශ කරන්න කාගෙවත් අවසර අවශ්‍ය නෑ. ඒ නිසා අපි දෙන්නාගේ සීමා නොපැන සංවාද කරමු. මේ යන විදිහ බැලුවාම නම් 1505 පරංගියා ආවේ නැත්නම් මේක දැනටමත් මුස්ලිම් කොලනියක් තමා කියලා දැන් මට හිතෙන්නේ.

කොටි පරාද කරන සටනේ දි අපි අපෙන් විය යුතු යුතුකම් කොටස කළා. කැමති කෙනෙකුට මගේ කසාපබ්බත, සංහිඳ බ්ලොග්වල ඊට අදාළ ඇතැම් ලිපි බලාගන්න පුළුවන්.

බොදුබල සේනාව විතරක් නෙමේ, රාවනා බලය, ජාතික භික්ෂු පෙරමුණ, ජාතික සංඝ සම්මේලනය කියලා තවත් සංවිධාන තියෙනවානේ. ඒ නිසා තවත් සංවිධාන හදාගන්න පුළුවන්. ඒත් ඉතින් ඒවා පර බරවාට පිටිකර බෙහෙත් බඳින බටහිර විරෝධි සංවිධාන නෙමේ ආක්‍රමණ විරෝධි සංවිධාන විය යුතුයි.

මෙදා වටරැක විජිත හිමගේ සංවිධානයට එරෙහිව වගේම එදා ඩිලාන්ලා, හමුදාව උතුරේ කොටි පරාද කරගෙන යද්දි විහාරමහා දේවී පාර්ක් එකේ සංවිධානය කළ යුද විරෝධි රැස්වීමකටත් ඥානසාර හිමි ඇතුළු භික්ෂු පිරිසක් කඩා වැදුණා. ඩිලාන්ලා ඒ භික්ෂූන්ට පහර දුන්නා.

එදාත් මේ ඩිලාන්, වාසුදේව, නිර්මාල්, ජෙහාන්, පාක්‍යසෝති වගේ අය ත්‍රස්ත විරෝධීන්ට කීවේ යුදකාමියෝ, ජාතිවාදියෝ, ත්‍රස්ත කල්ලි කියලා තමා. අදත් ඒකේ වෙනසක් නෑ.

එකම වෙනස ඒ අය කියපු ත්‍රස්ත කල්ලිවල පිරිසක් පාර පැනලා උඹලා ත්‍රස්තයෝ කියලා අනිත් අයට බනින එක විතරයි.

නාමල් උඩලමත්ත said...

Shanaka Liyanage Namal, මම ජාතික චින්තනයට සම්බන්ධ කෙනෙක් නෙවෙයි.ඒක නිසා මගේ අදහස් ජාතික චින්තනයේ අයගේ අදහස් හැටියට බාරගන්න එපා.මම බොදු බල සේනා එකටත්,හාමුදුරුවෝ චංදෙ ඉල්ලන එකටත්,එහෙම නැත්නම් driving license ඉල්ලන එකටත් විරුද්ධයි.ඒ හැම එකෙන්ම වෙන්නේ බුද්ධාගම විනාශ වෙන එක.මගේ අදහසේ හැටියට බුද්ධාගම ආගමක් නෙවෙයි.

ඒවා පැත්තකින් තියමුකෝ.අපි ඉන්නේ එක්දාස් පන්සීය ගණන් වල වත් අටසිය ගණන් වල වත් නෙවෙයි. ඒ වගේම අපි මුහුණ දෙන්නේ ඒ කාලේ මුහුණදුන් විදිහේ අභියෝග වලට නෙවෙයි.1960 ගණන් වලින් පස්සේ ඒ ඔක්කොම වෙනස් උනා. දැන් ඉන්නේ හැම දේ ම ලස්සන හිනාවක් දාල කරන කාලෙක. තැචර් සහ රේගන් ප්‍රසිද්ධියේ කියපු විදිහට මානව හිමිකම් තමයි ඒ අයගේ ප්‍රධානම ආයුදේ.ඒක වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඒ අය පාවිච්චි කරනවා.ඉස්සර ආයුදේ වෙනස්, ඉස්සර නොකැපෙන තැන්වලදී දැන් කැපෙනවා.මොකද ආයුදෙ වෙනස් නිසා.මෙහෙ ඉන්න කුමන්ත්‍රණ කාරයෝ දන්නවා අලුත් ආයුදේ ස්වභාවය. ඒ අයට ඕනේ අපිව අර කැපෙන තැනට ලංකරලා කැපෙන්න සලස්වන්න. ක්ෂණික මුස්ලිම් විරෝධයත් එහෙම එකක්. කොටවන්න තමයි හදන්නේ. නමුත් විවිධ ප්‍රශ්න තියනවා කියන එක හරි. හැබැයි ක්‍ෂනික පිළිතුරු නෑ. ප්‍රශ්න වලට පිළියම් බුද්ධිමතුන් එකතුවෙලා හදාගන්න ඕනේ. ඒ වගේම අයුදේ ලඟට ගිහින් කප්පගන්න එකත් නවත්තන්න ඕනේ.

Suranga Manage http://www.youtube.com/watch?v=sn_f4aRiRuo
ඕනම ප්‍රශ්නයක් සාකච්චාවෙන් සුහදව විසඳගන්න පුලුවන් කියපු "යුධ විරෝදී ව්‍යාපාරයෙන්", එදා ඥානසාර හාමුදුූරුවන්ට පහර දෙන්න වැඩ සලස්වා ගැනීම මතක් වෙනකොට නං, ඥානසාර හාමුදුරුවො ගැන ලොකු ගෞරවයක් ඇති වෙනවා.

Shanaka Liyanage මේ video එකෙන් ඔප්පු වෙන්නෙත් මම කියන එක තමයි.මේ අයට ඕන විසඳන්න, කෑගහල,බැනල,ගහල. තමන්ගේම ජාතිය එක්ක ඕක ඒ තරම් ප්‍රශ්නයක් නොවෙන්න පුළුවන්. එත් වෙන අය එක්ක එහෙම බැහැ. අනික මේ කියන ප්‍රශ්න අද ඊයේ ඇතිවුණු ඒවා නෙවෙයි.කාලයක් තිස්සේ තියන සංකීර්ණ ප්‍රශ්න.වර්තමානයේ තියෙන්නේ පැහැදිලිවම කෙටවීමක්. ඒ වගේ කෙටවීම් වලට බොදුබල සේනා කියන්නේ පහසු ඉලක්කයක්.යුද්ධෙට විරුද්ධ වෙනකොට නොර්වේ මේඅයට විරුද්ධයි. දැන් මුස්ලිම් අය එක්ක ගහගන්න යනකොට යටින් කැමතියි.

නාමල් උඩලමත්ත said...

Suranga Manage ඉහත වීඩියො එකේ කෑගහලා, බැනලා, ගහලා ගනුදෙනු බේරගන්න හදන්නෙ "යුධ විරෝධී ව්‍යාපාරය". "යුද්දෙ එපා" රැස්වීමකට වැඩම කරපු ඥානසාර හාමුදුරුවො බැනර් එකක් ප්‍රදර්ශනය කරා. මට මතක විදියට ඒකෙ තිබුනෙ කිලිනොච්චි ගිහිල්ලත්‍ යුද්දෙ එපා කියමු වගේ දෙයක්. ඕක දැක්ක ගමන් තමයි යුද විරෝදි කට්ටිය හාමුදුරුවන්ට නෙලන්න සෙට් වුනේ.

Shanaka Liyanage දැනුත් එහෙම බැනර් විතරක් පෙන්නලා ව්රෝධය පානවා නම් මීට වඩා ප්‍රයෝජනවත්.

Yasanath Dhammika Bandara Namal Udalamatta ඇයි ඔය ඵල කරලා තියෙන සටහනේ තිබෙන සමහර දේ වල් ඇත්ත. සමහර දේවල් ඇත්ත වුණත් ප්‍රකාශිත ස්වරය ද්වේශසහගතයි. වෙනත් ඇසකින් නොබලා එය කියෙව්වොත් එහි සමහර කොටස් ඇත්ත වෙනවා. වෙනස් ඇසකින් බලා කියෙව්වොත් එය සම්පූර්ණයෙන්ම බැහැර කළ යුතුයැයි සිතේවි.

නාමල් උඩලමත්ත said...

Namal Udalamatta භික්ෂූන්ගේ පක්ෂ, ඡන්ද දේශපාලනයට මම විරුද්ධයි. නමුත් ඒක ඒ මොහොතේ කළ යුතුව තිබුණු දෙයක්. බෞද්ධ හඬ නඟන්න කිසිම පාලකයෙක් එදා හිටියේ නෑ.

අද එහි කාර්යභාරය අවසන්. ඒ නිසා දැන් භික්ෂූන් වහන්සේලා එය කළ යුතු යැයි මම හිතන්නේ නෑ. නමුත් අනාගතයේ අවශ්‍යතාව අනුව එය වෙනස් විය හැකියි.

රියදුරු ලයිසන් දීම කළ යුතු නෑ. ඒ වගේම භික්ෂූන්ට පල්ලිවල ලගින්න සහ පල්ලිවල සිට බුදු දහමට සහ සිංහලයින්ට නින්දා කරන්න ඉඩදිය යුතුත් නෑ.

මට නම් මුස්ලිම් විරෝධයක් නෑ. මට තියෙන්නේ මුස්ලිම් අන්තවාදය ගැන විරෝධයක්. අපි එදා විරුද්ධ වුණේ කොටින්ට මිස දෙමළ අයට නෙමේ. අද විරුද්ධ අන්තවාදී වහබ්වාදීන්ට සහ එවුන්ට සහය දෙන එවුන්ට මිස මුස්ලිම් ජනතාවට නෙමේ.

අපි කුරගල සිද්ධ වන මුස්ලිම් ආක්‍රමණය ගැන කතා කළා. මුහුදු මහා විහාරයේ සිද්ධ වන ආක්‍රමණ ගැන කතා කළා. මුස්ලිම් කළාප ගැන කතා කළා. හෙරොයින්, ගබ්සා පෙති ආදී සියල්ල පිටුපස හිටියේ මේ අන්තවාදී කල්ලි. මුස්ලිම් වෛද්‍යවරු සිංහල ස්ත්‍රීන්ට සලකන ආකාරය අපි කතා කළා. මෙවුන් මුහුදු මහා විහාරයේ සියලු ඉඩම් කොල්ල කෑවා. අන්තිමට විහාරයට යන පාර වැහුවා. පන්සලේ පුරාණ චෛත්‍යය හදන්න දුන්නේ නෑ, උන්ට හඳ පේන්නේ නෑ කියලා. බුද්ධාගම ආරක්ෂා කරන රජතුමා ගිහින් වෙන තැනක චෛත්‍යය හැදුවා. අදත් පෝය දවසට මුහුදු මහා විහාරයේ ලයිට් කපනවා මේ යක්කු. අපේ උගත්තු ඒවට විරුද්ධව කතා කළාම ඉවසීම ගැන වැදි බණ කිය කිය නිදිවදිනවා. මට නම් අර විරාතු හිමි කීවා වගේ ඔබට සියලු දෙනාට මෛත්‍රී කළ හැකිය එහෙත් පිස්සු බල්ලෙකු සමඟ නිදාගත නොහැකිය කියලා තමා කියන්න තියෙන්නේ.
දැන් කල්පිටිය, පුත්තලම, මාම්පූරිය රෝහල්වල සහ ආලන්කුඩා බෙහෙත් ශාලාවේ මුස්ලිම් හෙදියෝ හෙදි නිල ඇඳුම වෙනුවට ගෝණි බිල්ලා ඇඳුම අඳිනවලු. යකෝ මේක පුදුම රටක්නේ. හෙදි, පාසැල් නිල ඇඳුම් අඳින්න ඕන සිංහලයෝ විතරද? ඒ නිල ඇඳුම් සිංහල බෞද්ධ ද? අන්තවාදී වෙන්නේ මේ වගේ වැඩද? ඒ අන්තවාදී වැඩවලට විරුද්ධ විමද?
අපි සිංහල තරුණියන් ඉස්ලාම්කරණය කිරීම ගැන කතා කළා. අන්තිමට දඹුල්ලේ පන්සල් ඉඩමේ පල්ලියක් මතුවුණා. ශ්‍රී මහා බෝධිය ළඟ අටවපු ගුබ්බෑයම පිරිසක් ගිහින් විනාශ කළා. ළමයි 3000ක් ඉන්න ඉස්කෝලේ නිල ඇඳුම මුස්ලිම් ළමයෙක් නිසා වෙනස් කරන්න බල කරනවා. ඉස්කෝලේ ඉන්නේ මුස්ලිම් ළමයි 30යි. නමුත් ඉස්කෝල ඇඳුම සිංහල බෞද්ධ නෙමේනේ. අපි සිංහල බෞද්ධ කියලා ළමා සාරි ඇඳගෙන පාසැල් යන්න ඉල්ලුවා නම් මොකද වෙන්නේ? නමුත් මුස්ලිම් ඉස්කෝලවලට යන සිංහල ගෑණු ළමයි ඒ මුස්ලිම් ඉස්කෝලවල ඇඳුම ඇඳගෙන යනවා. හකීම් අධිකරණ ඇමති වුණු ගමන් නීති විභාගයෙන් කලින් 10-12ක් පාස්වුණු මුස්ලිම් ප්‍රමාණය 70-80 වෙනවා. සමහර දේවල් ගැන දැනට දශකයට එහා සෝම හාමුදුරුවෝ කතා කළා.

නාමල් උඩලමත්ත said...

Namal Udalamatta ඒ නිසා ක්ෂණික මුස්ලිම් විරෝධයක් කියන කතාව පිළිගන්න බෑ. ඒක මුස්ලිම් විරෝධයක් නෙමේ මුස්ලිම් අන්තවාදී විරෝධයක්. අනෙක පසුගිය කාලයේ අපට ඒ ගැන කතා කරන්න වැඩිපුර අවස්ථාව නොලැබුණේ කොටි ත්‍රස්තවාදය නිසා. ඇත්තටම තව කාලයක් මේ කොටි හිටියා නම් අපට නොදැනීම අපි මේ මුස්ලිම් ආක්‍රමණය තුළ නැවත ගොඩ එන්න බැරි වෙන්නම ගිලෙන්න තිබුණා.

උතුරේ කොටි ත්‍රස්තවාදය ඇතිවෙලා වසර 30ක් විතර යද්දී තමා ජාතියක් විදිහට එකට එකතුවෙලා අපි එවුන් පරාද කළේ. ඉතින් ඒ වෙලාවේ යුධ විරෝධීන් කීවේ මේක මේ අද ඊයේ හටගත් ප්‍රශ්නයක් නෙමේ. හදිසි වෙලා බෑ. අපි හෙමින් කොටි එක්ක සකච්ඡා කොරමු කියලා. ඉතින් එවුන් කියපු විදිහට සාකච්ඡා කොළා නම් තාම කොරනවා ඒක. (විහිළුව කියන්නේ එදා සන්නද්ධ මිනීමරු කොටියා එක්ක සාකච්ඡා කරමු, සාකච්ඡාවෙන් ප්‍රශ්නය විසඳමු කියපු එවුන් තමා නිරායුධව හඬක් නඟපු ඥානසාර හිමියන්ට ඇට්ටි හැලෙන්න දෙන්නේ.) එදා මං දැක්කේ නෑ මේ මුස්ලිම් ආක්‍රමණ හමුවේ සාමකාමී බුද්ධිමත්තු ඩිලාන්ලා කළ වැඩේ නරකයි කියලා ලියලා තියෙනවා.

මේ වෙද්දී විල්පත්තුවේ කැලේ කපලා පදිංචි වුණා කියලා එවුන් පිළි අරගෙන තියෙනවා. නමුත් ආණ්ඩුව හරි වෙන කවුරු හරි ඒ ගැන කතා කළේ නෑ. දැන් මේ සක්කිලි ආණ්ඩුව මොකද කරලා තියෙන්නේ? කැලේ කපපු එවුන් අල්ලලා දඬුවම් නොකර උන්ට අක්කර 50ක් දීලා. දැන් දකුණේ ඉඩම් නැති සිංහලයෝ සිංහරාජේ ගෙහුන් පදිංවි වුණාම මේ ආණ්ඩුව ඒ හැමෝට ම ඉඩම් ලබා දේවිද? නෑ. කවදාවත් නෑ. අපේ අල්ලපු ගෙදර මනුස්සයා රක්ෂිතයක් නොවන ඇළ අයිනේ තිබුණු වල්ල පට්ට ගහක් කැපුවා කියලා දැන් නඩු. ඇයි මේ නීති දෙකක්? ඒ මිනිහා තොප්පියක් දාලා නැති නිසාද?

රටේ සාමය සහජීවනය පවත්වා ගෙන යෑමේ වගකීම තියෙන්නේ මහ ජාතියට විතරද? මම හිතන්නේ එහි වැඩි වගකීම තියෙන්නේ සෙසු ජාතීන්ට. ඔවුන් වගබලා ගත යුතුයි පවතින සංස්කෘතියට අනුගතව ජීවත් වෙන්න. මේක සෞදි අරාබිය නෙමේ. මම ජාතික චින්තකයින් කියලා කීවේ ශානක අයියා නෙමේ.

අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ අපට තෝරා ගන්න තියෙන්නේ බටහිර කොලනියක් හෝ ඉස්ලාම් ෂාරියා කොලනියක් කියන විකල්ප දෙකෙන් එකක් නම්, අපට වෙන විකල්පයක් නැත්නම්, දුකින් වුණත් මම අත් දෙකම උත්සලා මුල් විකල්පය තෝරනවා. බටහිර විරෝධි චින්තකයින් නොවන මේ රටේ බහුතරයක් මෝඩ මිනිස්සු ඒකට එකඟ වෙයි කියලා මම හිතනවා

නාමල් උඩලමත්ත said...

Suranga Manage //.. දැනුත් එහෙම බැනර් විතරක් පෙන්නලා ව්රෝධය පානවා නම් මීට වඩා ප්‍රයෝජනවත්...//

නාමල් මේ ගැන පැහැදිලි කිරීමක් කරලා තියනවා. බො.බ.සේ පෙන්වාදෙන අන්තවාදී ඉස්ලාම් කොටස් විසින් ඇති කරන ප්‍රශ්න විසඳන්න වෙන කවුරුත් ඉදිරිපත් වෙන්නෙ නැති නිසා තමයි බො.බ.සේ තමන් දන්න විදියට ඒවා විසඳන්න ඉදිරිපත් වෙලා තියෙන්නෙ. ඔවුන්ට යම් කිසි ජන බලයක් ලැබිලා තියනවා නං, ඒක ලැබිලා තියෙන්නෙත් අනිත් අය කතා කරන්න බය, ඒත් ජනතාව ප්‍රශ්න විදියට දකින දේවල් ගැන ක්‍රියා කාරී වන එකම සංවිදානෙ නිසා. ඉස්ලාම් අන්තවාදී කොටස් ගැන කතා කරන්න අනිත් අය පුදුම බයකින් නෙ ඉන්නෙ. ඉස්සර දෙමල බෙදුම් වාදය ගැනත් ඔය වගේ කතා නොකර හිටපු එකෙන් වුනේ ප්‍රශ්නෙ දිග් ගැස්සිච්ච එක.

මේ් කියන්නෙ බො.බ.සේ කරන වැඩ ඔක්කොම හරි කියන එක නෙවෙයි. වෙන අය ප්‍රශ්නෙ විසඳන්න මොකුත් නොකරනව නං, බොබසෙ තමන් දන්න විදියට ප්‍රශ්නෙ විසඳන්න උත්සාහ කරනවා.

පිඟන් හෝදන කෙනා අතින් ලු නෙ පිඟන් බිඳෙන්නෙ.

පිඟන් නොබිඳ හෝදන්න දන්න කට්ටිය ඉන්නව නං එයාල වැඩේ බාර අරං කරන්නෙ නැතුව කරන කෙනාගෙ අඩුපාඩු හොය හොය ඉන්න එක ඵලදායී නැහැ.

Namal Udalamatta Suranga Manage මම ඔයා එක්ක 100%ක් එකඟයි අයියේ.

නාමල් උඩලමත්ත said...

Yasas Bandara දර්ශණ මහතාගේ මතය අනුව "සාම්ප්‍රදායික මුස්ලිම්" කියල රටවල් ජාතියක් ඇති අතර ඒවා "අන්තවාදී මුස්ලිම්" රටවල් බවට පත් වන්නේ බාහිර බලවේග වල ක්‍රියාකාරීත්වයෙනි. ඔහුට අනුව මෙම "බාහිර බලවේග" මුස්ලිම් නොවේ. ඒවා පිටසක්වල බලවේගදැයි ඊළඟට ඇසිය යුතු ප්‍රශ්ණයයි.

"සාම්ප්‍රදායික" යන වචනයෙන් කියන්නේ සම්ප්‍රදායක් අනුගමනය කරන බවයි. මුස්ලිම් වරු අනුගමනය කරන්නේ කුරාණයේ ඇති සම්ප්‍රදාය මිස වෙනත් අටමගලයක් නොවේ. වහාබ්වාදය "සාම්ප්‍රදායික මුස්ලිම්" වලින් වෙනස් බව ඒ මහතාට කුරාණය හා සංගතව පෙන්වා දිය හැකිද? මුස්ලිම් ප්‍රතිශතය ක්‍රමයෙන් වැඩි වන විට වහාබ්වාදය පැතිරී නොගිය රටවල් මොනවාදැයි පෙන්වා දිය හැකිද? "වහාබ්වාදය මුස්ලිම් ව්‍යාප්තවාදයේ ස්වභාවික විකසනයක් වේ" යන මතය එකඟ නොවන්නේ කුමන නිරීක්ෂණ සමඟද? ඒ මතය පිළි නොගැනීමට තිබිය හැකි හේතු මොනවාද?

Sanjaya Bandulawarna මේ සම්බන්දව මගේ මතයත් පහුගිය මාස කිහිපයට ටිකක් වෙනස් වුණා. බටහිර චින්තනයට, දැනුමට අභියෝග කරමින් අපේ දැනුමක් නිර්මාණය කරනව වගේම... දෙමල ජාතිවාදයේ ඉතිරි වී ඇති බලය බිඳ හෙලන ගමන්ම බටහිර ආධිපත්‍යයට වඩා උපක්‍රමිකව වෙනස් මුස්ලිම් ව්‍යප්තිවාදයටත් ඍජුව මුහුණ දිය යුතු බව මමත් පිලිගන්නවා!
මගේ අදහස් වෙනස් වෙන්න නාමල්ගෙ කරුණු දැක්විමුත් බල පෑව... මේ දවස් වල විකාශය වෙන ස්වර්ණපාලි ටෙලි නාට්‍යයේ හාමුදුරුවන්ගෙ චරිතෙ දැක්කම මට හිතෙනව නාමල් කිව්වත් වගේ අපේ ඉස්සර ස්වාමින් වහන්සේලා ඒ ඒ තැනට ඒ ඒ ආකාරයෙන් හැසිරිලා තියෙනවා කියලත්.

ඒත් මම තවමත් හිතනව වත්මන් සන්දර්භය ඇතුලෙ නම් අවෙගශීලි බව අඩුවෙන් සහ උපක්‍රමශීලි බව වැඩියෙන් ඇතිව කටයුතු කරන්න අවශ්‍ය වෙනවා කියල.... බොදු බල සේනාවත් එක්ක ගොඩ නැගුනු සිංහල බෞද්ධ බලය කාටවත් කොල්ල කන්නවත් සිංහල බෞද්ධයා විනාශ කරන කුමන්ත්‍රණ සඳහා පාවිච්චි කරන්නවත් නොදී රැක ගන්න වගකීමක් අපි හැමෝටමත් තියෙනව මම හිතන්නෙ!

ඒකට පහර දීමෙන්වත් ඒකෙන් ඈත්ව සිටිමෙන්වත් අවසානයේදී හොඳක් නොවෙන බව නම් පේන්න තියෙනවා...!

 
සිය රට දේ සිරි සැප දේ !