Wednesday, April 23, 2014

බුදු මේසය.(තුන් තේරවිල්ලක් නොවේ).(Buddha Table)

Buddha Head Table and Pouf
මෙය මට අහම්බෙන් දැකගන්නට ලැබුණු වෙළඳ භාණ්ඩයක රුප පෙළකි. සිතට කණගාටුවක් දැනෙන මෙවැනි බොහෝ භාණ්ඩ අන්තර්ජාලය හරහා විකිනීමට තිබේ. මෙය 21st Living Art නම් ආයතනය විසින් සැලසුම් කර ඇති අතර මෙය ගැන විස්තර  මෙම අඩවියේ ඇත.

විදෙස්වල මෙන්ම ලංකාවේද වෙසෙන බොහෝ දෙනා බුදුදහමට සහ එය හා බැදී පවතින දේට අපහාස කිරීමට නැබුරුවක් පවතී. මෙය අද ඊයේ සිදුවූවක් නොවේ. සමහර දේවල් නොදැනුවත් කමින් විදේශිකයන් අතින් වන අතර බොහෝ අවස්ථාවලදී සිදුවන්නේ දැනුවත් කමින් වේ. මේවා දකිනවිට මුස්ලිම් ජාතිකයන් මහමත්තුමාගේ රුපය භාවිතා නොකිරීමේ වටිනාකම පැහැදිලි වේ.

සුද්දෙක් බුදු හිමිගේ රුව පපුවේ හෝ  උරහිසේ පච්චයකට කෙටුවාට එහි වැරද්දක් නම් මට නොතේරේ. ඔවුන් එය අපහාසයක් ලෙස නොසිතා කරන දෙයකි. ඔවුන් ජේසු,කුරුසිය මෙන්ම බුදු රුවද එසේ පච්ච සඳහා යොදා ගන්නේ ගරු කිරීමක් ලෙසයි. බුදු රුවට අපහාස කරන අවස්ථා දැක එවැනි පච්ච සහිත සුද්දන් එළවීම මෝඩ වැඩකි. මෙවැනි දේ වෙනුවෙන් අපි කුමක් කලයුතුද?



එසේම ලංකාවේ බුදුදහම අදහන අපේ වැඩ නිසා ද බුදු රුවට අවමන් සිදුවේ. පුවත් පත් ලිපි සහ වෙසක් සුබපැතුම් සහිත දැන්වීම් මෙන්ම වෙසක් සුබපැතුම් පත් සඳහා බුදු රුව යොදයි. පුවත් පත් පරණ වී කඩේට යයි. බඩු ඔතයි. බිම වැටී පෑගෙයි. බුදු රුව පන්සලේ තිබුනාට ගෙදර් වඳින්ට තිබුනාට කම් නැත පුවත් පත් පිටු වලට නිකරුනේ එය යොදා ගැනීම අවශ්‍ය නැත. 
සුද්දියෝ අඳින බිකිනියට, වාඩිවන පුටුවට මේසයට, පුකේ ඇති පච්චයට බුදුරුව යොදා කරන අපහාස වලට එරෙහිව යාමට පෙර එයට වඩා  පහසුවෙන් අපට වලක්වාගත හැකි දේද පවතී. 
ඔබ සැමට බුදු සරණයි.


43 comments:

  1. මා හිතන විදියට බුදුන්ට වැඩිපුරම අපහාස කර අැත්තේ අපේ දේශකයායි උෟ බුදුන් වඳින කුටියේ ගෑනුන්ගෙ හෙළුවැලි පින්තූරත් තියලා අහිංසක උපාසක මහත්තුරු අනේ දණ ගහං වැඳලා..
    මෙන්න ලින්ක් එක
    උඹ අාපහු ලියන්න අාපු එක හොඳයි. කොහෙද මෙච්චරකල් මකබෑවිලා හිටියේ...
    (කකුල කඩං ගෙදර හිටියද)
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. අඩෝ විදානේ කෝ උඹ මකසිට පොරොන්දු වෙච්චි මලදානේ...

      Delete
    2. දේශකයා කරලා තියෙන වැඩ.
      විදානේ අර පොරොන්දුව ඉටු කලේ නැහැ නේ. ටියුට් එක ලැබුනේ නැද්ද?
      ලොකු වැඩ ගොඩකට සෙට් වුන නිසා ලියන්න බැරිවුණා.

      Delete
    3. එ්ක දෙනවා බය නැතිව ඉන්න

      Delete
  2. දේශකයා කළ දේ කොලු කාලයේ ආතල් එකට කල දෙදයක් මිසක, අපහාස කරන්නට කෙරු දෙයක් නොවන බවයි මා සිතන්නේ...

    අබුද්දස්ස කාලෙ නොවැ..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් එක බුදුන්ට අපහාසයක් වෙන්න හිතලා කල දෙයක් නොවේ නේ.
      චේතනාහන් භික්කවේ කම්මන් වදාමි.

      Delete
  3. මම නම් හිතන විදිහට ආගමකට කරන්න පුළුවන් ලොකුම ගෞරවය ඒ ආගම නිසි ආකාරව තේරුම් ගෙන ඒ අනුව ජීවත් වීමයි.

    ඇති යන්තම් ආයෙ ලියන්න හිතුනා. :)

    ReplyDelete
  4. අපහාස උපහාස විදිය නොහැකි ආගමක් පවතින්නේ නැහැ බං...

    ReplyDelete
    Replies
    1. එකත් ඇත්ත හැම ආගමකටම අපහාස ලැබෙනවා. අපහාස කරන්නෝ කිසිම ආගමක් දන්නේ නැහැ.

      Delete
  5. ඊට වැඩිය අපහාසයක් අපේ සමහර පන්සල් වල වෙනවා..අවුරුදු ගානකින් මකුල් දැල් නොකඩපු, අත්ගාලා පිරිසිදු නොකරපු, වව්ලු බෙටි කුරුලු බෙටි බලින් නෑවුනු බුදු පිළිම ඕන තරම් හොයාගන්ට පුළුවන්.

    ReplyDelete
    Replies
    1. දායකයන්ගේ කම්මැලි කම සහ හාමුදුරුවන්ගේ කම්මැලි කම තමයි ඕවට හේතුව.

      Delete
  6. කියන්න දෙයක් නෑ මේ ගැන

    ReplyDelete
  7. ඕක මොකක්ද බන්. බුදු රූවල පපුව, සිරස, මුහුණ නෙමෙයි සමහර වෙලාවට ඔක්කෝම කුඩු කරලා දාන්නේ. දර්ශණය තියෙන්න ඕන මිනිසුන්ගේ හිත් තුල. අපො කොහොමද බන් මේවා ගැන කතා කරන්නේ. වටරැක හාමුදුරුවෝ බලෙන් නිවන් දක්කන්න යන රටක් ඉඳගෙන. ඒවත් විහිළු. මේවත් විහිළු.

    ReplyDelete
    Replies
    1. දර්ශනය හිත් තුල තබා නොගෙන පිළිම වල තියාගන්න් ගිය නිසා නේ මෙහෙම වෙලා තියෙන්නේ. මේ ෆොටෝ ටික නානසාර දැක්කොත් මොනවා කරාවිද?

      Delete
  8. මොනවා කියන්නද මන්දා මකසි..බුදුහාමුදුරුවෝ හිටියා නම් උපේක්ෂාවෙන් ඔයදෙස බලා හිඳියි. ඥාණසාර දැක්කා නම් අළුතෙන් හම්බවුන පිස්තෝලෙන් හදපු එකාව නිවන් යවයි.

    ReplyDelete
    Replies
    1. මේවා දෙස උපේක්ෂාවෙන් බලන එක තමයි බුදු දහමම අනුව කරන්න ඕන.ක්‍රෝධය සහිතව බැලුවොත් දෝමනස්ස සහගත ප්‍රතිඝ සම්ප්‍රයුක්ත අසංස්කාරික සිතක් තමයි පහල වෙන්නේ ඒක අපිටමයි හොඳ නැති වන්නේ.

      Delete
  9. කොයි ආගමටත් අපහාස වෙනවා.. ඒත් බුදු දහමට වෙන අපහාස නම් වැඩියි.. ඒකට මේ සුද්දෝ කරන දේවල් විතරක්ම නෙමෙයි අපේ රටේ ඉන්න උන් කරන ඒවත් බලපානවා..

    ReplyDelete
    Replies
    1. ඔව් දිනේෂ් වැඩිහරියක් තියෙන්නේ සැලසුම්ගත අපහාස.

      Delete
  10. cvpsur@gmail.com
    මේකට මේලක් දැමමොත් ??

    ජය වේවා!!!

    ReplyDelete
  11. සිම්පල් කේස් එකක්නෙ.. ඕවයෙන් බුදු දහම තව තවත් බැබලෙනවා මිසක් විනාස වෙන්නෑ..හරිනම් ඕවා කරන්න අපි කට්ටියව තව තවත් උනන්දු කරවන්න ඕනා..

    ReplyDelete
    Replies
    1. එහෙනම් අපිත් ටිකක් ඩිසයින් කරලා දුන්නා නම් හරි.

      Delete
  12. ඕක නානසාර සාධුට පෙංනුව නං නඩුත් දායි...
    ආපහු ලියන්න ආපු එකට සතුටුයි මකසි

    ReplyDelete
    Replies
    1. සිවුර උස්සන් රට යයි. මේවා හදපු එකා මරන්න.

      Delete
  13. මේවගේ දේවල් දැන් නිතරම වගේ වෙනවා

    ReplyDelete
  14. අපි හැමදාම කලේ අපේ ඇස්වල තියෙන පොල් පරාල එහෙමම තියෙන්න ඇරල අනුන්ගෙ ඇස්වල පොල් කෙඳි හොයපු එකනෙ.

    අදයි ආවෙ මේ ඉසවුවට.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි වැඩියෙන් වෙන්නේ
      ඔබව සාදරයෙන් පිලිගන්නවා. දිගටම එන්න

      Delete
  15. උඹ හින්දා තමා අර නයෝමි කෙල්ල රටින් පැන්නුවේ... හැක්..

    ReplyDelete
    Replies
    1. නයෝමි කෙල්ල රටින් පන්නපු එකට මම එකඟ නැහැ

      Delete
  16. අටලෝ දහමින් කම්පා නොවන්න මකසි, බුද්ධා බාර්, බුද්ධා සෙරප්පු සපත්තු තව අනමං මනාං ගොඩක් හද හද එපියට දාන එකේ බුද්ධා මේස තවත් අළුත් දෙයක් විතරයි මකසි, දඹදිව ගියපු අපේ ගමේ උපාසක අම්මලා වගයක් බුද්ධා කී ටැග් බෙදුවා බොහෝම සර්ධාවෙන් ඔලුව හිල් කරලා එල්ලන කෑල්ල හයි කරපු, අපේ ලංකාවෙම මොඩර්න් ආර්ට් ආකිටෙක්චර් වලදි බුදු පිලිමය තවත් එක ගේ ලස්සන කරන්න තියෙන අයිටම් එකක් වෙලා, උදේ හවස ඒක බලන් ගියාට සැබෑ බුද්ධ දර්ශණය කවුරුත් තේරුම් ගන් නෑ, මුස්ලිම් මිනිහා හැම සිකුරාදම කුරාණය කියවද්දි, කතෝලිකයා බයිබලය නියවද්ද අපේ මොකාද ත්‍රිපිටකය තියා පිරිත් පොත වත් කියවන්නෙ, ඔව් බුදු හාමුදුරුවො එහෙම කරපිය කියලා නෑනේ, ඉතිං මොකටද කරන්නෙ, බුදු හාමුදුරුවො මැදුම් පිලිවෙතේ ඉදලා අදහන්න්ට නොව අනුගාමිකයන්ට ඒ තරම් නිදහසක් දුන්නේ ඇයි, මාවත පෙන්වා තියෙද්දි, වෙන බයිලානෙ කරන්නෙ, එවන් වෙන බයිලාවන් අදහන්නන්ගෙන් ඉටු කරගෙන බුදු දහම කුපිත කරවන ආගමක් කියලා පෙන්වීම තමයි මේවා කරන එවුන්ගේ අරමුණග, උන් එදත් බුදු හාමුදුරුවන්ට ගැහුවා අදත් ගහනවා, මෙතරම් අපහාස කර නැත්තට නැති කරන්න දගලන්නේ උන්ගේ ආගමේ සැබෑ ගැලවීමක් නැති නිසයි, උන් හණ මිටිය කරේ ගහන් හැමදාමත් යනවා ඒ හණ මිටිය උන්ගේ කරේ බලෙන් එල්ලපු නිසා. මේ මගේ පලමු පැමිණීමයි අපූරු ලිපිය, ජය වේවා, ඒ වගේම මගේ පැත්තෙත් අැවිත් බලන්න. :D

    ReplyDelete
    Replies
    1. ආයුබෝවන් සොඳුරු මිනිසා.
      ඔබේ කතාව හරි.
      දිගටම එන්න

      Delete
  17. තමන් කන ඒවා දිරවන්නේ තමන්ටනේ.. ඉතින් මේ දේවල් දිහා බලල තරහ අරන් වැඩක් නෑ. මේවයින් බුද්ධ ධර්මයට හානියක් වෙන්නේ නැ මම හිතන විදියට, ධර්මයට හානියක් වෙන්නේ එක අදහන, එක අනුගමනය කරනව කියන පුද්ගලයෝ තමන්ගේ පහසුවට එක විකෘති කරනකොට..
    ලෝකය දවසින් දවස විනාශයට යන්නේ, දවසින් දවස මිනිස් සිත විකෘති වෙනවා,ඒක කාටවත් නවත්තන්න බෑ. මේවා දිහා බලල පුළුවන් තරම් ඉක්මනට අපි මේ සසරින් එගොඩ වෙන එක තමයි කරන්න ඕන..

    මහා කළු සිංහලයට ස්තුතියි මේ තොරතුරු අරගෙන ආවට..

    ReplyDelete
    Replies
    1. දුල්ෂාන් ඇත්තටම මේවයින් බුදු දහමට හානියක් වෙන්නේ නැහැ කරන කෙනාගේ මානසිකත්වය ප්‍රදර්ශනය වීම තමයි වෙන්නේ.

      Delete
  18. මොනදේ කලත් සත්‍ය යටපත් කරන්න බෑ වගේ බුදු දහම විනාස කරන්න බෑ කියන එකයි මගේ අදහස ...

    අදයි මේ පැත්තට ගොඩ වුනේ ...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත තුශානි. සත්‍ය යටපත් කරන්න අපහාස වලින් බැහැ. කරන කෙනාගේ මානසිකත්වය හෙළිවීම තම්මයි වෙන්නේ.

      පැමිණියාට ස්තුතියි දිගටම එන්න

      Delete
  19. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා කලු සිංහලයො....බටහිර රටවල ඇත්තො බුදු සිරස පාවිච්චි කරන්නෙ විසිතුරු භාණ්ඩයක් හැටියට...ඒ කියන්නෙ නිවස, පරිසරය, අලංකරණය කරන දෙයක් හැටියට....ඒ අය බුදු දහම අදහන අය නොවන නිසා මේ චරිතයේ වටිනාකම, ගෞරවනීයත්වය ගැන නිසි වැටහීමක් නෑ....මම දන්නා නෙදර්ලන්ත සුද්දියක් තමාගෙ මිදුලෙ පොකුණ අලංකාර කරන්න බුදු පිළිමයක් තබා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔවු වැටහීමක් නැති අය ඉන්නවා නමුත් මේවා සැලසුම් කරන අය නම් හිතා මතා කරන දෙයක් වෙන්න පුළුවන්.

      Delete
  20. මේවා දකින්නත් පව් කරලනේ හැබෑට... :(

    ReplyDelete
  21. ඔබ ඉතා නිවැරදි දිනෙන් දින අධර්මයට යන ලෝකය තුළ මේවා දැකීම පුදුමයක් නොවේ.

    ReplyDelete