HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අහසේ සිට ඔබට විදුලි බලය දෙන විස්මිත වවුලෙක් (BAT)!

වවුලෙක් කිව්වාට වවුලෙක් නොවෙයි. පාවෙන බමනයක්! අනාගතයේදී අපේ ගෙවල්වලටත් ඉහළ අහසේ සිට මේ පාවෙන බමනවලින් විදුලිය ලැබේවි. අද තැන තැන ඉදිවෙන ජංගම දුරකථන කුලූනු වගේ මේ යෝධ පාවෙන බමන අනාගතයේ දී දක්නට ලැබේවි.

ඇමරිකාවේ මැසචුසෙට්ස්හී පිහිටුවා ඇති ‘ඇල්ටීරෝස් එනර්ජීස්’ (Altaeros Energies) සමාගම ඇලස්කා බලශක්ති අධිකාරිය සමග එක්ව මේ නව විදුලි බලශක්ති සැපයුම් පද්ධතිය පසුගිය දා ඇලස්කා ජනපදයට හඳුන්වා දුන්නා. මෙය හැඳින්වෙන්නේ ‘බයොයන්ට් එයාබෝන් ටර්බයින්’ (Buoyant Airborne Turbine) හෙවත් එහි මුලකුරු එක්කොට ‘බැට්’ (BAT) හෙවත් ‘වවුලා’ කියන කෙටි නමින්.

 
‘ඇල්ටීරෝස් එනර්ජීස්’ සමාගම ඇලස්කා බලශක්ති අධිකාරිය සමග එක්ව මේ ‘බැට්’ කියන නව විදුලි බලශක්ති සැපයුම් පද්ධතිය ඇලස්කා ජනපදයට හඳුන්වා දීලා තියෙනවා. මෙය අඩි 1000ක් පමණ ඉහළ අහසේ රඳවනවා.

මේ බැට් ක‍්‍රමයට අයත් වන්නේ සුළං බලයෙන් විදුලිය නිපදවන ජනකයක්. එය රඳවන්නේ අඩි 1000ක් එනම්, මීටර 305ක් ඉහළ අහසෙයි. අහසේ ඒ මට්ටමේ දී සුළං සැර වැඩියි. ඒ වගේම සුළෙඟ් නිතරම වැඩි මට්ටමකයි, පවතින්නෙ. මේ ක‍්‍රමය භාවිත කළොත් විදුලිය නිපදවන්නට යන වියදම සියයට 65කින් විතර අඩු කරන්න පුළුවන් කියලයි, ඒ අය කියන්නෙ.

පාවෙන බමන විදුලි ජනකය කි‍්‍රයා කරන්නේ කෙසේ ද?

බැට් නම් වූ පාවෙන බමන විදුලි ජනකය අඩි 1000ක් (මීටර 305ක්) පමණ ඉහළ අහසේ පාවෙමින් තිබෙන්න සලස්වනවා. පාවෙන බමන විදුලි ජනකය හොඳින් කි‍්‍රයා කරවන්න එතරම් උසක ඇති සුළඟ ප‍්‍රමාණවත්. ඒ සුළෙඟහි වේගය අඩු වෙන්නෙත් නැහැ.

 
ඇල්ටීයරෝස් සමාගමේ අලූත් ම නිපැයුම ‘බැට්’ ඉහළ අහසේ සුළං මෙල්ල කර විදුලිය නිපදවනවා.

‘ඇල්ටීරෝස්’ සමාගම කියන්නේ මේ තරම් උසක පවතින සුළඟ සාමාන්‍යයෙන් සුළං කුලූනුවලට ඇති බමනවලට ලැබෙන සුළෙඟ් වේගය මෙන් 5ත් 8ත් අතර ගුණයකින් වැඩි බවයි.

වෙනත් ක‍්‍රමවලදි විදුලි බලය සපයන්න යන වියදමෙන් සියයට 65ක් ඉතිරි කරනවා. සවි කරන්න වැඩි කාලයක් ගත වෙන්නෙත් නැහැ. මේ සඳහා යොදා ගන්නෙ හීලියම් පුරවපු යෝධ රෝදයක් වැනි ව්‍යුහයක්.

පොළොවට සවි කළ අධි ශක්තිමත් දම්වැල්වලින් තමයි මෙය අහසේ රඳවලා තියෙන්නෙ. ඒ රැුහැන් ඔස්සේ තමයි, ඉහළ ඇති බමනය හෙවත් ටර්බයිනය මගින් නිපදවන විදුලි බලය පහළට ගේන්නෙ.

මේ බැට් පද්ධතිය එසවීමට යොදා ගත්තේ එරෝස්ටැට් ආයතනය නිපදවන අහසේ පාවීමට සලස්වන බැලූන් තනන තාක්ෂණයමයි.

ඇල්ටීරෝස් මේ බැට් සැලසුම් කරල තියෙන්නෙ ඈත එපිට පිටිසරබද පළාත්වලට රැුහැන්වලින් විදුලි බලය සැපයීමට යන වියදම් අඩු කරන විධියක් හැටියටයි.

මේ ක‍්‍රමය ඈත පිහිටි දූපත්වලට, තෙල් හා ගෑස් කැණීම් කරන තැන්වලට, නගරයෙන් දුර බැහැර පිහිටි කෘෂිකාර්මික ගොවිපළවලට, සන්නිවේදන ආයතනවලට, ආපදා සහන සංවිධානවලට හා හමුදා කඳවුරුවලට ඉතාමත් සුදුසුයි කියලයි, ඔවුන් කියන්නේ.

මේ තාක්ෂණය වෙළඳපොළට හඳුන්වා දුන් මුල් අවස්ථාව මේ ඇලස්කා ව්‍යාපෘතියයි. මෙයින් ලබන අත්දැකීම් අනුව මෙය වැඩි දියුණු කර පුළුල් ලෙස ලොවට හඳුන්වා දීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා.

 
‘බැට්’ හෙවත් ‘වවුලා’ ඉහළ අහසේ රඳවා ඇති අන්දම. හීලියම් පිරවූ මේ ව්‍යුහය ඇතුළේ ඇති බමනයෙන් හා විදුලිජනක උපකරණ මගින් නිපදවන විදුලිය එය පොළොවට බැඳ තබන රැුහැන් ඔස්සේ ලබා ගන්නවා.

‘ඇල්ටීරෝස් එනර්ජීස්’ සමාගම මේ තාක්ෂණය වැඩි දියුණු කරන්න පසුගිය වසර හතරක් තිස්සේ ම වෙහෙසුණා. 2012 මාර්තුවෙදී තමයි, මේ නව ක‍්‍රමය ගැන ඔවුන් ලොවට කිව්වෙ.

ඒ අවස්ථාවේ ඔවුන් මෙහි ආකෘතියක් ඉදිරිපත් කළා. එය අඩි 350ක් ඉහළ අහසේ මේ පාවෙන බමනයක් රඳවලා විදුලි බලය නිපදවලා පෙන්නුවා.

දැන් මේ වෙළඳ පොළට ඇලස්කා ව්‍යාපෘතිය යටතේ හඳුන්වා දෙන්නේ හැම අතින්ම වැඩි දියුණු කළ පාවෙන බමනයක්. මෙය පරිසරයට හානිකරන දෙයක් නෙවෙයි. ශබ්දයක් නංවන්නෙත් නැහැ.

”අපට දශ ගණනාවක් තිස්සේ සුළං බමන කුලූනු සවි කරන්න දොඹකර අවශ්‍ය වුණා. සති ගණන් ගත කරන්න සිදු වුණා. බිම සවි කරන ඒවාට වෙලාවකට ප‍්‍රමාණවත් තරම් සුළං හමන්නේ නැහැ. මේ නව ක‍්‍රමයට ඒ ගැටලූ කිසිවක් ඇති වන්නේ නැහැ.” යැයි ඇල්ටීරෝස් ආයතනයේ ප‍්‍රධාන විධායක බෙන් ග්ලාස් කියනවා.

ඞීසල් විදුලිජනක යන්ත‍්‍රවලට මෙන් ඉන්ධන අවශ්‍ය වෙන්නේත් නැහැ. බිම් මට්ටමේ සුළං අඩු ප‍්‍රදේශවලට මේ ක‍්‍රමය ඉතා හොඳ පිළියමක් වනු සිකුරුයි.
 
මේ තරම් උසක පවතින සුළඟ සාමාන්‍යයෙන් සුළං කුලූනුවලට ඇති බමනවලට ලැබෙන සුළෙඟ් වේගය මෙන් 5ත් 8ත් අතර ගුණයකින් වැඩියි.

 
අනාගතයේ දී ඞීසල් විදුලි ජනක යන්ත‍්‍ර වෙනුවට මේ ‘වවුලන්’ අහසේ දක්නට ලැබේවි.

 
දැන් ලොව පුරා පවතින මේ වායු බමන කුලූනුවලට වඩා මේ නව ක‍්‍රමය ලාබදායී කරන්න සමාගම බලාපොරොත්තු වෙනවා.

Video:





Post a Comment

1 Comments

  1. then what about aeronautical activities? how these obstacles can be helpful with it???

    ReplyDelete