HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

පසුගිය පෝදා ඇරඹුණු ලෝහිත සඳ ඇතුළත් ‘චතුෂ්කය’ ලෝක අවසානය ගැන ඉඟි කරන්නක්ද?

පසුගිය සිංහල අවුරුදු දා, එනම් අපේ‍්‍රල් 14දා, බක් පුරපසළොස්වක පෝදා, පූර්ණ චන්ද්‍ර ග‍්‍රහණයක් ඒ කියන්නේ හඳ රාහු ඇල්ලීමක් සිදු වුණා. ඒ විතරක් නොවෙයි, ඒ පුන් සඳ ලේ රත්පැහැ ගැන්වුණා. ඒ හඳ හැඳින්වෙන්නේ ලෝහිත සඳ (blood moon) කියලයි.

මේක හරිම දුර්ලභ අවස්ථාවක්. මේ ආකාරයට ලෝහිත චන්ද්‍රග‍්‍රහණයක් සිදු වීම ඉදිරියේ දී සිවුවතාවක්ම සිදුවන නිසා එය හැඳින්වෙන්නේ චතුෂ්කයක් (Tretrad) කියායි. මෙය අනාගතයේ දී සිදුවන අසිරිමත් සිදුවීම් මාලාවක පෙර නිමිත්තක් හැටියටයි, ඇතැම් කිතුනු බැතිමතුන් සලකන්නේ. ඔවුන් විශ්වාස කරන්නේ දෙවන වරට යේසුස් වහන්සේ ලොව පහළ වීම සනිටුහන් කරන බවයි.

කොහොම වුනත් කිතුනුවන් වැඩි දෙනකු එහෙම හිතන්නේ නෑ. ඔවුන්ට මෙය විස්මිත දසුනක් විතරයි. සඳ ලේ පාටට හැරෙමින් සිදුවන මේ අපූර්ව චන්ද්‍රග‍්‍රහණය අපට නම් අහසේ දර්ශනය වන අසිරිමත් දසුනක් විතරයි!
මීට පෙර 2010 දෙසැම්බර් 21 වැනිදා මෙක්සිකෝ නගරයට දක්නට ලැබුණු පූර්ණ චන්ද්‍රග‍්‍රහණය මෙවර ඇමරිකාවට 14 වැනිදා රාති‍්‍රයේ පෙනුණේ මෙහෙමයි.

ඒවා යළි සිදුවන්නේ කවදාද?

ලේ පාටින් පුන්සඳ පෙනෙන්නේ සය මසකට වරක් පමණයි. ඒවා දළ වශයෙන් පහත දැක්වෙන දිනවලට ලොව කොතැනකට හෝ දිස් විය හැකියි.
  • 2014 අපේ‍්‍රල් 15 වැනිදා, ඇමරිකාවට. (ශී‍්‍ර ලංකාවට පුන්සඳ පෙනෙන දිනය යෙදුණේ 14 වැනිදාටයි. එසේ ම පූර්ණ චන්ද්‍රග‍්‍රහණය දිස් වුණේ ද නැත.)
  • 2014 ඔක්තෝබර් 8 වැනිදා
  • 2015 අපේ‍්‍රල් 4 වැනිදාට
  • 2015 සැප්තැම්බර් 28 වැනිදාට

මේ විධියට සිවු වතාවක් සිදු වීම තමයි, ‘චතුෂ්කයක්’ කියලා හැඳින්වෙන්නේ.

ලෝහිත චන්ද්‍රයා පෙනෙන චන්ද්‍රග‍්‍රහණ මාලාවේ මුල් ම සංසිද්ධියට සතියකට පෙර සූර්යයා, පෘථිවිය හා අඟහරු එක එල්ලයට පිහිටීමත් ඉන්පසු හය මසකට වරක් සිවු වතාවක් ලෝහිත චන්ද්‍රයා දිස්වීමත් ලෝක අවසානය සනිටුහන් කරන්නේ යැයි ඇතැම් කිතුනු ලබ්ධිකයන් සුළු පිරිසක් විශ්්වාස කරනවා.

වසරක් තුළ පුරපසළොස්වක දාට චන්ද්‍රග‍්‍රහණයන් කිහිපයක් සිදු වුනත් මේ පසුගියදා සිදු වූ චන්ද්‍රග‍්‍රහණය උතුරු ඇමරිකාවට සුවිශේෂ එකක් වුණා. එය සිදු වෙද්දී බටහිර අර්ධගෝලය සඳ දෙසට හැරී තිබීම නිසා ඇමරිකා මහාද්වීපයේ වැඩි දෙනකුට ඉතා හොඳින් මුල සිට අගටම නැරඹිය හැකි වුණා. ඊට අමතරව එය මධ්‍යම රාති‍්‍රයේ දී සිදු වීමත් විශේෂ වාසියක් වුණා.

මේ ආකාරයට මුළු මහාද්වීපයටම සම්පූර්ණ චන්ද්‍රග‍්‍රහණයක් අවසානය තෙක් නරඹන්නට නැවත ඔවුන්ට ලැබෙන්නේ නෑ 2119 වන තෙක්.

”ඒ කාලයට පෙර චන්ද්‍රග‍්‍රහණ ඇති වෙනවා, ඒත් ඒවා පෙනෙන්නේ පෘථිවියේ වෙන වෙන තැන්වල ඉන්නා අයටයි.” මෙහෙම කියන්නේ නෝවා පෙට්රෝයි. ඔහු නාසා ආයතනයේ ගොඩාඞ් අභ්‍යවකාශ පියසැරි මධ්‍යස්ථානයේ විද්‍යාඥයෙක්. සඳ මත අනාගතයේ කෙරෙන කටයුතුවලට අවශ්‍ය විමර්ශන හා පර්යේෂණ කටයුතු සඳහා හඳේ කක්ෂයකට යවා ඇති ලූනා රෙකනයිසන්ස් ඕබිටරයේ නියෝජ්‍ය ව්‍යපෘති විද්‍යාඥයා.

චන්ද්‍රග‍්‍රහණයක් සිදු වන්නේ පොළොවේ ඡුායාව සඳ මතට වැටුණු විටයි. ඒ අවස්ථාවේ දී පෘථිවිය පිහිටන්නේ සූර්යයාත් චන්ද්‍රයාත් අතරයි. සඳ බැබලෙන්නේ හිරු එළිය ඒ මතට වැටීමෙනි.

මේ අවස්ථාවේ දී හිරු එළිය එහි ඍජු ලෙස පතිත වීම අපේ ග‍්‍රහයා නිසා වැළකෙනවා. මේ අවස්ථාවේ දී හිරු එළිය වායුගෝලය තුළ වෙනත් පැතිවලින් අපවර්තනය වී සඳ තලය මත වැටෙනවා. පූර්ණ චන්ද්‍රග‍්‍රහණයක් ඇති විට ඒ ආලෝකය නිසයි, සඳ ලේ රත්පැහැ ගැන්වී පෙනෙන්නේ.

චන්ද්‍රයා මුලින් ම පෘථිවියේ අර්ධ ඡුායාව හෙවත් උපඡුායාව (penumbra) තුළට ඇතුළු වෙනවා. ඉන්පසුවයි, පෘථිවියෙහි තද අඳුරු සෙවණැල්ල චන්ද්‍රයා මත වැටෙන්න පටන් ගන්නේ.

ඒ මොහොතේ චන්ද්‍රයා තුළ සති ගණනක් තිස්සේ සිදුවන කලාවන් වෙනස් වීම මිනිත්තු කීපයක් තුළ ඔබට දැක ගන්න පුළුවන්.

ඇමරිකාවට ඉහළින් 15 වැනිදා පාන්දර 2කට ආරම්භ වූ චන්ද්‍රග‍්‍රහණයේ දී චන්ද්‍රයා සම්පූර්ණයෙන් ම වැසී යාම සිදු වූයේ පාන්දර 3.45ටයි. ඒ මොහොතේ දියි, පෘථිවියේ පූර්ණ ඡුායාවට (umbra) ඇතුළු වූයේ. මේ මුළු සංසිද්ධියම පැය තුනක් තිස්සේ දැක ගන්න ඇමරිකානුවන් වැඩි දෙනකුට හැකි වුණා.

මේ අවස්ථාවේදී පෘථිවි වායුගෝලයෙන් සූර්යයාගේ රතු දෘශ්‍යාලෝකය විසුරුවා හැරීමක් සිදු වෙනවා. මේ වගේ දෙයක් තමයි, ඉර බහින අවස්ථාවෙදිත් සිදු වෙන්නෙ.

මෙහි ප‍්‍රතිඵලයක් ලෙස රත්පැහැ ආලෝකය සඳ මතුපිටින් පරාවර්තනය වෙනවා.

 
පූර්ණ චන්ද්‍රග‍්‍රහණයක් ඇති විටයි, මෙසේ සඳ සිත් ගන්නාසුලූ රත්පැහැයකින් දිස් වෙන්නේ.

අපට අපේ ග‍්‍රහයාගේ හෙවණැල්ල නිතර දකින්නට ලැබෙන්නේ නැහැ. චන්ද්‍රග‍්‍රහණයකදි තමයි අපට යම්තම් හරි ටික වෙලාවකට ඒ හෙවණැල්ල දැක ගන්න ලැබෙන්නේ. ඒකත් ඉතා කලාතුරකින් සිදුවන දෙයක්. මේ දුලබ සිදුවීමේ දී පූර්ණ චන්ද්‍රයා ඉක්මනින් අඳුරු වී රත්පැහැයෙන් දිළිසෙන්න පටන් ගන්නවා.

චන්ද්‍රග‍්‍රහණයක් දැක ගන්න හැකි වෙන්නෙ හැම විට ම රාති‍්‍ර කාලයේදි පමණයි.

පසුගිය චන්ද්‍රග‍්‍රහණය පෙනුනු ආකාරය මේ සිතියමෙන් දැක්වෙනවා. අඳුරු ප‍්‍රදේශවලට එම චන්ද්‍රග‍්‍රහණය දැක ගන්න ලැබුණේ නැහැ.

”අපේ පොළොවේ හිරු නැග එන හා හිරු බසින වේලාවල අහස රත් පැහැ ගැන්වී තියෙනවා ඔබ දැක ඇති. ඒවා සියල්ල එක්කොට හඳ මතට පරාවර්තනය කළ කලෙක මෙන් ඒ අවස්ථාවේ හඳ ඔබට දිස් වේවි.” පෙට්රෝ කියනවා.

”එය අපූරු දසුනක්! හඳේ කොතැනකට හෝ හිරු එළිය වැටී තිබුණොත් ඔබට එය දැක ගන්න බැහැ. ඒවගේම ඒවා හැම විට ම සිදු වෙන්නේත් නැහැ. අහස. ඉතා පැහැදිලිව තියෙන්න ඕනෑ. හඳේ කලාවන් ඇති වන්නේ කෙසේදැයි තේරුම් ගැනීමට එය හොඳ අවස්ථාවක්.” ඔහු වැඩිදුරටත් කියනවා.

පෙට්රෝ මෙහෙම කීවත් මීට වඩා ලොකු දෙයක් මේ සංසිද්ධිය තුළ තියෙන බව කියන අයත් ඉන්නවා.
චන්ද්‍රග‍්‍රහණයට පෙරාතුව තවත් දුර්ලභ සංසිද්ධියක් සිදු වුණා. ඒ, සූර්යයා, පෘථිවිය හා අඟහරු (කුජ) එක එල්ලයක පිහිටීමයි. චතුෂ්කය ආරම්භ වීමට පෙර මෙවන් සංසිද්ධියක් ඇති වීම ලෝකාවසානය වැනි අහිතකර සිදුවීමක් ඇති වීමේ පෙර නිමිත්තක් ලෙසයි සමහර අය විශ්වාස කරන්නේ.

මේ චතුෂ්කය පිළිබඳ සංසිද්ධිය ගැන පොතක් ලියා තියෙනවා, ජෝන් හැගී (John Hagee) නම් කිතුනු පූජකවරයා. ඒ පොතේ නම ‘ෆෝ බ්ලඞ් මූන්ස්: සම්තින් ඉස් අබවුට් ටු චේන්ජ්‘ (Four Blood Moons: Something is About to Change). එහි අරුත ‘ලේ පැහැ චන්ද්‍රයන් හතරකට පසු කිසියම් වෙනසක් සිදු වෙනවා’ යන්නයි. ඔහු ඒ පිළිබඳව ලන්ඩනයේ ‘ඬේලි එක්ස්ප‍්‍රස්’ පුවත්පතට ප‍්‍රකාශයක් කරමින් කීවේ, ලෝකය විශාල ලෙස වෙනස් කළ හැකි සිදු වීමක් ඉදිරියේ දී සිදු වන බවයි.

ඒත් ඒ මතය කිතුනුවන් වැඩි දෙනකු පිළිගන්නේ නැහැ. ඔවුන් එය වගකිවයුතු ආගමිකයකුගේ ප‍්‍රකාශයක් ලෙස පිළිගැනෙන්නේ නැහැ.

ඒත් නාසා ආයතනය නම් තහවුරු තරනවා, මෙය ඉතාමත් කලාතුරකින් සිදුවන දෙයක් බව. ඔවුන් කියන්නේ වසර 500ක් තුළ චතුෂ්කයක් ඇති වී තියෙන්නේ තුන්වතාවක් පමණක් බවයි. ‘ඒ දුලබ සංසිද්ධිය මෙතැන් සිට ඇරඹෙනවා.’ ඔවුන් පවසනවා.

ඔවුන් කියන විධියට මෙතැන් සිට හඳ ලේ රතු වෙන චන්ද්‍රග‍්‍රහණයන් හතරක් සෑම පුර පසළොස්වක පෝදා හයකට වරක් බැගින් සිදු වෙනවා. එය අවසන් වන්නේ 2015 සැප්තැම්බර් 28 දායින්.

මේ විසි එක් වෙනි සියවස තුළ මෙවැනි අවස්ථා වැඩි ගණනක් උදා වෙනවා. ඒවා ගණනින් නවයක්. ඒත් මින් පෙර එහෙම වෙලා නැහැ. 1600 සිට 1900 දක්වා කාලය තුළ මෙවැන්නක් කොහෙත්ම සිදු වී නැහැ.

හිරුත්, පොළොවත්, අඟහරුත් එක එල්ලයට පිහිටීමත් සමග ගිය සතියේ චතුෂ්කය පටන් ගත්තා. ඒ අනුව ලේ රත් පැහැති චන්ද්‍රයන් හතරක් මාස හයෙන් හයට දැක ගන්න පුළුවන්, 2015 සැප්තැම්බර් 28 වැනිදා දක්වා. සමහරුන් විශ්වාස කරන්නේ එයින් පසු ලෝක අවසානය සිදු වෙනවා කියලයි.

ජේම්ස් රජුගේ බයිබලයේ ජොඑල් පොතේ (The Book of Joel in the King James Bible) මේ ලෝහිත චන්ද්‍රයන් උදාවීම පිළිබඳ අනාවැකියක් දක්වා තියෙනවා, ලෝක අවසානයක් ගැන. ”හිරු සම්පූර්ණයෙන් ම අඳුරු වෙනවා. හඳ රුධිරයෙන් වැහෙනවා. දෙවියන් වහන්සේගේ ලබා දෙන බිහිසුණුම දවස එළඹෙන විට.” යනුවෙන් එහි සඳහන් වෙනවා.

ජෝන් හැගී කියන විධියට මෙවැනි චතුෂ්කයක් එළඹි හැම විට ම ආගමික වශයෙන් වැදගත් දෙයක් සිදු වෙනවා.

1493 දී මුල්ම චතුෂ්කයේ දී කතෝලික ස්පාඤ්ඤවරුන් විසින් මිථ්‍යාදෘෂ්ටිකයන් පලවා හැරීමේ දී යුදෙව්වන් එළවා දමනු ලැබුවා.

දෙවැන්න සිදු වූයේ 1949 දියි. ඒ ඊශ‍්‍රායල රාජ්‍යය පිහිටු වීමයි. මෑතදී සිදු වූ දෙයක් ලෙස දැක්විය හැක්කේ 1967 දී සිදුවූ අරාබි- ඊශ‍්‍රායල දින හයේ යුද්ධයයි.

 
අඟහරු පසුගිය දා රාති‍්‍ර කාලයේ දී පියවි ඇසට දැක ගත හැකි වූයේ පෘථිවි හා අඟහරු කක්ෂ එකිනෙකට වඩාත් ළංව යන නිසා බව මේ සටහනෙන් ඔබට පෙනේවි.

ජෝන් හැගී කියන විධියට මුල්ම ලෝහිත චන්ද්‍රයා දිස් වූ පසුගිය අපේ‍්‍රල් 15 වැනිදාට යුදෙවු පාස්කු දිනය යෙදී තිබුණා.

දෙවැන්න සිදු වීමට නියමිත ඔක්තෝබර 8 වැනිදා සත්ප‍්‍රසාද මංගල්‍යය දිනයයි.

තුන්වැන්න 2015 අපේ‍්‍රල් 4 වැනිදා යළිත් යුදෙවු පාස්කු දිනය වෙයි.

අවසාන හා හතර වන දිනය වූ 2015 සැප්තැම්බර් 28 වැනිදා යළිත් සත්ප‍්‍රසාද මංගල්‍යය දිනයයි.

මෙවැනි අනාගත සංසිද්ධියක දී එහි ඇත්ත සිද්ධිය උදා වූ පසු ඇත්ත නැත්ත තේරුම් ගත හැකියි. ඒ නිසා විශේෂයෙන් ම බියපත් විය යුතු නැහැ.


Post a Comment

2 Comments

  1. ක්‍රිස්තියානි එවුන් විස්වාස කරන ඒවා හරි ගියානං ඉතිං හිහ් හිහිහ්..හිහ්...

    ReplyDelete