සරසවි පෙම

Share

නැවුම් සිනා පොදි
හද තුල සඟවා
නෑඹුල් නෙතඟින් මදෙස බැලූ
හදේ ලැගුම් ගෙන
හද ලඟ දඟ පෑ
ඔබයි සෙනේ මල
ඔබමයි.. ප්‍රිය ලඳුනේ

සරසවි විදුබිම
ආ මඟ මුල් දින
මා නෙත් අබියස නෙතු මානේ
අත්තටු සැඟවූ
සමනළියක සේ
කිසිත් නොදැන ඔබ
සිටියා..මැවී පෙනේ

ආල නුරා සිත
කෝල බැලුම් මැද
යා වන පැතුමන් හදේ ඇඳේ
කෙදිනද ලඳුනේ
ඇරයුම ඔබගේ
කුලුඳුල් පෙම මා
හදවත..මුලා කරන්නේ

Image : http://www.hdnicewallpapers.com