10 April 2014

කුසලානේ උණුසුම ළඟ දුක දැනෙන්නේ නෑ



සින්දුවක් අහලම පටන් ගනිමු . මොකද දැන් හැමෝම ගහයිනේ සින්දු ජය සමරන්න . ඉතින් මම ලියුවා එකක් කලින්ම . පරණ තනුවකට නව පද මාලාවක්

කුසලානේ උණුසුම ළඟ දුක දැනෙන්නේ නෑ 
මැච් එක දෙක දිනපු ගමන් , දුක පෙනෙන්නේ නෑ 
දේශප්‍රේමි  කඳුළු උනා මග පෙනෙන්නේ නෑ 
මැජික් වෙට්ටු ඩමී නැතිව රට කොරන්න බෑ 

චියර් එකෙන් විසිල් එකෙන් සැමගේ කුසගින්න නිවේ 
ලෝකය උඩු යටිකුරු වී ප්‍රාර්ථනා අමතක වේ 
සැමදා  එක විජ්ජාවම නොහැකි ලෝකයේ 
මේකෙන් ටික දවසක් රන් කල හැකි සාමිනේ 

කුසලානේ උණුසුම ළඟ ....

කුසලානේ පසක තබා , එකිනෙකාට  කේක්  කවයි 
කැප්ටන් පැත්තකින් තියා , මණ්ඩලයක් ගේම දුවයි 
ඔල්වරසන් හඬින් ගිගුම් දෙවන දීපයේ 
සාටකේ හුවා "මෑන්  ඔෆ් ද මැච් " සිනාසේ 

කුසලානේ උණුසුම ළඟ ....

කරමි පාපොච්චාරණයක් . ඔන්න මම නම් තනිකර දේශප්‍රේමී , ජාතිවාදී ක්‍රිකට් ලෝලියෙක්මි . ඒ කියන්නේ ඉඳලා ඉඳලා බලන්නේ ලංකාව ගහන මැච් එකක් විතරයි . ඒ වගේම අවස්ථාවාදී ක්‍රීඩා ලෝලියෙක් . ෂුවර් එකටම පැරදෙන මැච් මම බලන්නේ නෑ .
(නිකන් පැය  ගානක් නාස්ති කරලා ලේ පුච්ච ගන්න ඕනේ නෑනේ ).

අපි ඉතින් මැච් බලන්නේ අන්තර්ජාලය ඔස්සේ නේ .  ගිය සති අන්තයේත් ඔන්න මම, මගේ පාට වියකුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ටි ෂර්ට් එකත් ඇඳ  ගෙන,  බැලුවෙමි අවසන් තරඟය . පරදේසක්කාර කඩුල්ලෙන් කඩුල්ල දැවී යනකොට මගේ හද ජාතිආලයෙන් පිරී  ගියා . ඔන්න අපි දිනනවා , සංගා  උඩ පනිනවා , ජාල සම්බන්දය බිඳෙනවා . "buffering " තිරයේ දිස් වෙනවා. තිරයේ රූපය  ගල් වෙනවා.මට ගහපු විසිල් එකක් ඉස්පොල්ලේ යනවා .

පලි : අවුරුදු 18ට පසු ලබා ගත ජය ලඝු කරනවා නෙමෙයි මම , ඒත්  අනු හයේ දැනුනු මොකක්දෝ දෙයක් මේ සැරේ නොදැනෙනවා වගේ .
මොකද කියන්නේ ? කොහොමද සිංදුව ?

10 comments:

  1. කොහොම උණත් කමක් නෑ මැච් එක බලපු විදිය නම් හිතට වැදුණා...:D

    ReplyDelete
    Replies
    1. ඇයි පොඩි මැච් බලන්නේ එහෙම නෙමෙයිද?

      Delete
  2. නියමයි නියමයි. ඇත්ත තමා. කුසලානේ අපේ ඇස් දෙක ළඟටම කරලා පෙන්නලා, ඇරියා හාල් මිලට. නොදෝකින් මේ වගේ අමන පාලකයෝ.

    ReplyDelete
    Replies

    1. ඇත්තටම හාල් වැඩි කරලාද?

      Delete
  3. මට නම් එහෙම දෙයක් නෑ. 96 බලපු සෙට් එක එක්කම ඒ රසයම වින්දා.. පැරදුනා කියලා වෙනසකුත්. ජීවීතේ ගෙනියන්න එපයි ගමනේ..

    ReplyDelete
  4. කෙතරම් හොඳ නිලියන් බිහි වුවත් හෙළයේ මහා නිලි රැජිණිය මාලිනී..
    නළුවන් කොතෙක් රඟපෑවත් සිනමා සක්විති ගාමිණි...
    කෙතරම් විස්කම් දේ නිමැවුවත් අති උතුම් දේ සිගිරිය....
    ලෝක කුසලාන කීයක්‌ ගෙනාවත් කප් එක 96...

    හදවතින්ම ශ්‍රී ලාංකිකයි :P

    ReplyDelete
    Replies
    1. මාතලන් නම් සතුට ශොට් ශොට් එකෙන් බුක්ති වින්ද හැටි කියවා ඇත්තටම රස වින්දා

      මාතලන් අයාල්
      ෆස්ට් ලව් එක තමයි ලව් එක., එකනේ වැඩේ

      Delete
  5. සින්දුව නම් නියමයි :D ඇත්ත කතාව නෙට් එකෙන් මැච් එක බලද්දී bufring එද්දී මරාගෙන මැරෙන්න කේන්තියක් එනවා..

    ReplyDelete
  6. //ජාල සම්බන්දය බිඳෙනවා . "buffering " තිරයේ දිස් වෙනවා. තිරයේ රූපය ගල් වෙනවා.//

    හැබෑමයි..
    අරක හරි පලවෙනි එක තමයි හොදම එක..

    ජය වේවා!!!

    ReplyDelete
  7. සිංදුව මරු.. කුසලානේ ලග ඉතින් තිබ්බ දුක ඔක්කොම ගහගෙන ගියා වගේ තමයි ඉතින්..

    ReplyDelete

Have commented