Sunday, April 6, 2014

පොළොන්නරුවේ සංචාරය - සවැනි දිගහැරුම (Trip to Polonnaruwa - Part 6)

පොළොන්නරු පුරාවස්තු ඇති පිටත නුවර ආරම්භය ශිව දේවාලය අංක 1න්. ශිව දේවාලය ගැන කලින් ලිපියෙන් කතා කල නිසා අද එතැනින් එහාට යමු. ශිව දේවාලයෙන් පසුව අපට හමුවන්නේ දළදා මළුව. දළදා මළුව කියන්නේ ස්ථාන දොලහක එකතුවක්. ඉතාමත් ලගින් ලගින් පිහිටි ස්ථාන 12ක් මේ දළදා මළුවේ තියෙනවා. ඒ ස්ථාන 12 තමයි,

  • වටදාගෙය
  • ථූපාරාමය
  • බෝධිඝරය
  • බෝසත් ප්‍රතිමාව
  • නිශ්ශංකලතා මණ්ඩපය
  • සැතපෙන බුදු පිළිමය
  • වේලාක්කාර සෙල් ලිපිය
  • අටදාගෙය
  • හැටදාගෙය
  • ගල්පොත
  • සත්මහල් ප්‍රාසාදය
  • පොහොය ගෙය

15. ථූපාරාමය

ථූපාරාම පිළිමගෙය මේ දක්වා ශේෂව පවතින එකම ස්මාරකයයි. ථූපාරාම ගර්භයේ සිට පැත්තකට අඩි 84 අඟල් 06ක් හා පළලින් අඩි 55 අඟල් 2 සහ උස අඩි 44ක් වේ. සම්පූර්ණයෙන් ගඩොලින් නිමකළ ගෙඩිගේ ක්‍රමයේ විහාරයකි.

606579580583585

16. නිශ්ශංකලතා මණ්ඩපය

මෙය ඉදිකර ඇත්තේ දළදා වන්දනාමාන කිරීමට බව පැවසේ. දිග අඩි 34 අඟල් 08ක් සහ පළල අඩි 28 අඟල් 08ක් වේ. විසිතුරු කැටයම් සහිත අඩි 8 අඟල් 04ක් උස ගල් කණු අටකි.

619620613614616

17. බෝසත් ප්‍රතිමාව

බුද්ධත්වය ලැබීමට පෙර ආත්ම බෝධි සත්ව සංකල්පය තුළින් විග්‍රහ කෙරේ.

623

18. අටදාගේ

විජයබාහු රජතුමා ඉදිකළ දළදා මැදුර අටදාගේ නමින් හැදින්වේ. මහල් දෙකකි. පහත මාලයේ අඩි 4 අගල් 7ක් උස කණු 54ක් මත ඉහල මාලය සකස් කරන්නට ඇත.

633631632

19. හැටදාගේ

නිශ්ශංකමල්ල රජුගේ දළදා මැදුර හැටදාගේ නමින් හදුන්වයි. අඩි 120ක් දිගින් හා අඩි 90ක් පළලින් යුතුවේ. මෙයද දෙමහල් මැදුරකි. බිත්ති තනි කළු ගලෙන් නිමවා ඇත.

645634635637638641

20. වටදාගෙය

පොළොන්නරු රාජධානියේ විශිෂ්ටතම නිර් මාණයක්ලෙස පිළිගැනේ. කවාකාර මාලක දෙකකි. පහළ මළුවේ විශ්කම්භය අඩි 81ක්. ඉහල මළුවේ බුදු පිළිම සතරකි. මෙහි මුරගල් ජීවගුණයෙන් ඉහල  විශිෂ්ටනිර්මාණ ලෙස සැලකේ.

686669672673678

21. ගල්පොත

අඩි 26 අඟල් 10 දිග හා ඩි 07 අගල් 02ක් පළල ශිලා ලිපිය දිවයිනේ හමුවන විශාලම සෙල් ලිපිය වේ. අක්ෂර 4300ක් පමණ අන්තර්ගත මෙය ටොන් 25ක් පමණ බරැතිය.

695698692693694

22. සත්මහල් පාය

එක් පැත්තක දිග අඩි 32 අඟල් 02ක් වේ. ඉහලට යන විට කුඩාවන තට්ටු හතකි. සතර දෙසින් ආරුක්කු සහිත දොරටු හතරකි. ආරුක්කු කුහර අතර දේවතා රූප සාදා ඇත.

713715716705


අලුත් ලිපි ගැන විස්තර Email එකෙන් දැනගන්න!

අපිත් එක්ක එකතු වෙන්න!

:) :( ;) :D ;;-) :-/ :x :P :-* =(( :-O X( :7 B-) :-S #:-S 7:) :(( :)) :| /:) =)) O:-) :-B =; I-) 8-| L-) :-$ [-( :O) 8-} (:| =P~ :-? #-o =D7 @-) :-w 7:P 2):) :@) 3:-O :(|) @};- %%- **== (~~) ~O) *-:) 8-X =:) :-L $-) :-" b-( :)>- [-X \:D/ >:/ ;)) o-> o=> o-+ (%) :-@ ^:)^ :-j (*) :)] :-c ~X( :-h :!! \m/ :-q :-bd ^#(^ :bz

1 comment:

  1. සංචාරක ලිපිටික ඔක්කොම බැලුවා. එල.
    පුලුවන්නම් map එකක තියන තැන් ටිකත් දැම්මනම් තව හොඳයි. සමහර වෙලාවට ඔය තැන් තියෙන්නේ කොහෙද කියලා හොයා ගන්න ටිකක් අමාරුයි.
    (google map එකේ ලේසියෙන්ම ලකුණු කරලා දාන්න විදිහක් තියනවා)

    ReplyDelete

මෙතෙක් දිනක් රැදී සිටියාට ඔබට තුති.

Related Posts Plugin for WordPress, Blogger...