Saturday 9 October 2010

ගුරු සුවඳ

සබඳ අප හමුවෙලා
දොඩමළුව සැනසුණා
තුටු සිතක් නොමැති බව 
තව දිනක හෙළි කළා
විඳවන්න ඇත තවත් බෝ දුරක්... දුෂ්කරය...

සුවඳ ඇති මල් අතර
විෂ ඇවුණු මල් කැකුළු පොඩිවෙලා හැකිලිලා
නොහැකි යැයි කරන්නට විකසිත
පවරමුද දොස දස දෙසට
නැත සබඳ
මහා සවියක් ලෙසින් දිස්වෙන
දසුනක් ඇත අප සතුව
නොසිතේ ද ඒ.. ගැන

වන්නට හැකිනම් ශිඛර කලාවක්
දැඩි හිරු රශ්මිය මුද කර පොවනට
ගුඟුලැල්ලක සිසිලස ගෙන දේනම්
මුඩු වී ගිය ඒ හිස් බිම් කතරට
අතුකොළ එළමින් පොහොර සදන්නට මහා රුකක් වී අසල රැ‍‍ඳෙන්නම්
සුවඳ සඟව ගත් පෙති විකසිත වී
රේණු පිරි පැණි බිඳු බේරෙන්නට
ඉඩක් නැතැයි පවසුනු හැකි කාහට

පිනි ඉසිණු මල් කැකුළු පිබිදෙන්න ඇත ඉඩක්
සුවඳවත් මල් ටිකක් මැදට වී තුටු සිතින්
ගැයෙන නිබ ඳව ම ප්‍රශස්තියේ මිහිර
පරයනවා සබඳ නැවුම් මල් සුවඳකින්
පිබිදෙන් නොහැකි වී පොඩිවෙලා ඇකිලිලා
ගිලිහෙන්න තිබූ මල්
නොදැනේවි ද?... අසීමිත සතුටක්

සබඳ අපි සමුගනිමු...
නිමේෂයක එක් දනක
හෙළමු සැනසුම් සුසුම්... දිගු විරාමයකට...

ආචාරිනී දයා
සා. සෙබස්තියන් මහා විද්‍යාලය
කඳාන

No comments:

Post a Comment