Saturday 11 January 2014

විද්‍යාලීය වෙබ් අඩවිය

අපගේ වෙබ් අඩවිය පිළිබඳව සංක්ෂිප්ත තොරතුරු මෙසේය.
  • වෙබ් ලිපිනය : www.ssc.sch.lk
  • ඩොමේන් නාමය සහ වෙබ් හොස්ටින් සේවාව සපයනුයේ School Net විසිනි. School Net යනු සියළුම රජයේ පාසල් සඳහා නොමිලේ වෙබ් සේවාවන් සපයන රාජ්‍ය ආයතනයකි. මෙහි .sch.lk යන අග කොටසින් School Net ජාලයට ඇතුලත් බව අඟවයි.
  • වෙබ් අඩවිය නිර්මාණයට ජනප්‍රිය අන්තර්ගත කළමණාකරණ පද්ධතියක්(CMS) වන Joomla 1.5 යොදාගෙන තිබේ. ජූම්ලා! යනු GNU/GPL වරපත යටතේ නිකුත් වූ නිදහස් මෘදුකාංගයකි(FOSS). ඔබ දකින වෙබ් ආකෘතිය Open Source Matters සතු Milky Way ආකෘතිය(Template) තව දුරටත් සංස්කරණය කරන්න ලද්දක් වේ. තවද දත්තපාදක මෘදුකාංගය ලෙස MySQL භාවිතා වේ.
  • තවද වෙබ් අඩවිය ඉංග්‍රීසි මෙන්ම සිංහල බසින්ද භාවිතා කළ හැකි අතර ඒ සඳහා JoomFish ප්ලගිනය යොදා ගනී. අඳාළ ජාතික කොඩි මත ක්ලික් කිරීමෙන් එසැණින් භාෂා පරිවර්තනය සිදු වේ.
  • බ්ලොග් අඩවියේ ලිපිනය  www.ssc.sch.lk/blog වන අතර එහි RSS Feed ලිපිනය sebastianite.blogspot.com/feeds/posts/default?alt=rss වේ. බ්ලොග් අඩවිය ගූගල් බ්ලොගර් සේවාව ඔස්සේ ක්‍රියාත්මක වේ.
වෙබ් අඩවිය සහ බ්ලොග් අඩවිය ඉදිරියට පවත්වාගැනීම සඳහා ඔබ සැමගේ සහය බලාපොරොත්තු වෙමු.


SchoolNet Sri Lanka   

No comments:

Post a Comment