ඩිජිටල් එනතුරු බලාඉන්නෝ…

Avatar Cinema.lk A | March 24, 2014 31 Views 0 Likes 0 Ratings

31 Views 0 Ratings Rate it

ලාංකේය සිනමාව ඩිජිටල්කරණයට අවසර ලැබුවේ මීට මාස කිහිපයකට පෙරයි.සුපුරුදු කාබන්ආක් ප්‍රක්ෂේපණයන්ට සමුදීලා ඩිජිටල් ප්‍රක්ෂේපණයන්ට ගමන් කරන්න දැන් අපේ නිර්මාණකරුවන්ට ඉඩහසර ලැබිලා තියෙනවා.මුල් කාලයේ දළ සේයා පට පිටපත් කරන්න අපේ නිර්මාණකරුවන්ට විශාල මුදලක් යටකරන්න සිදුවිය.මේ ක්‍රමවේදය නිසාවෙන් දැන් දැන් ඉන්දියානු රසායනාගාරවල රස්තියාදුවුනු,පිටපත් මුද්‍රණය සඳහා විශාල මුදලක් යටවුනු කාලය නිම වී DCP(digital cinema package) ක්‍රමවේදයට පිටපත් සකසා විශාල මුදලක් ඉතිරිකර ගැනීමට නිර්මාණකරුවාට ඉඩප්‍රස්ථාව ලැබී ඇත.නමුත් තත්වය මෙය වුවද මේ අයුරුන් DCP ක්‍රමවේදයේ පුර්ණඵල නෙලා ගැනීමට නම් ලංකාවේ සිනමාශාලා ඩිජිටල් මාධ්‍යයට පෙරලිය යුතුය.සරලව කියනවානම් ලංකාවේ චිත්‍රපට පෙන්නන්න ප්‍රක්ෂේපණ යන්ත්‍ර ඩිජිටල් ඒවා විය යුතුය.එසේ නොවී ඩිජිටල්කරණයට බලධාරීන්ගෙන් අවසර ලැබුණු පමණම,නිර්මාණකරුවන් තමන්ගේ සිනමාපටය DCP ලෙස මුද්‍රණය කරද,ඒවා පෙන්නන්නට මෙරට සිනමාශාලා ඩිජිටල් වී නොමැතිනම් ඇත්තටම එම තාක්ෂණයෙන් මෙරට නිර්මාණකරුවාට සෙතක් සැලසෙ‍න්නේ නැත.

ඇත්තටම මේ තාක්ෂණය මෙරටට හරියාකාරයෙන් එනතුරා බලාසිටින නිර්මාණකරුවන් බොහෝ දෙනෙක් සිටි.තරුණපරපුරේ සිනමාකරුවන් සියල්ලක්ම පාහේ මෙය වනතුරු බලා සිටියද පෙර පරම්පරාවේ අතිදක්ෂ සිනමා අධ්‍යක්ෂකවරයෙක් වු ප්‍රසන්න ජයකොඩිද මාධ්‍ය වෙත පවසා සිටියේ තමන්ගේ නවතම සිනමා පටය වු “28“ ද මෙරට සිනමාශාලා ඩිජිටල් වනතුරු නොපෙන්විය හැකිබවයි.එලෙසම තමන්ගේ නවතම සිනමාසිතුවමේ වැඩනිමා කරමින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉනෝකා සත්‍යාංගනී නම් සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂිකාවද පවසා සිටියේ මෙරට සිනමාශාලා ඩිජිටල්වනතුරු තමන්ද බලා සිටින බවයි.තවදුරටත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මෙවැන්නක්ද පවසා සිටියා…

“මේ දවස්වල ‘සින්ඩ්‍රෙල්ලා’ සිනමා පටයේ සියලුම රූගත කිරීම්, සංස්කරණ කටයුතු අවසන් කරලයි තිබෙන්නේ. එය ප්‍රදර්ශනය කිරීමට බලාපොරොත්තුවෙන් තමයි සිටින්නේ. නමුත් පසුගිය දිනෙක සිනමා ශාලා ඩිජිටල්කරණය කොට සිනමා නිර්මාණ නූතන තාක්ෂණය යටතේ ප්‍රදර්ශනය කරන්නට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බවට ජනාධිපතිතුමන් ප්‍රකාශයට පත්කරල තිබුණා. එය කාලීන අවශ්‍යතාවයක් වගේම සිනමාවේ හෙට දවස වෙනුවෙන් ගත් ඉතාම හොඳ තීරණයක් ලෙස මම දකිනවා.

මොකද මෙතෙක් කලක් අපි ඉන්දියාවට ගිහින් සෑහෙන වියදමක් දරලයි පිටපත් ලංකාවට රැගෙන ආවේ. මේ තීරණය ක්‍රියාත්මක කිරීම හරහා එම මුදල ලංකාවේ ඉතිරි වෙනවා. සිනමා කරුවන් වශයෙන් අපිට ඉතාම හොඳ සිනමා නිර්මාණ මේ තාක්ෂණය හරහා ‍මේ රටේදීම ප්‍රේක්ෂකයන්ට පෙන්වන්න හැකිවෙනවා. එය ක්‍රියාත්මක වෙනතුරු මං වගේම ක්ෂේත්‍රයේ බොහෝ ප්‍රවීණ අධ්‍යක්ෂවරුන් පිරිසක් බලාගෙන ඉන්නවා“

Share

31 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.