“පැරණි පෙම්වතිය එපා,අලියා බාත් ඔිනෑ“ – රන්බීර් කපුර්

Avatar Cinema.lk A | March 20, 2014 159 Views 0 Likes 0 Ratings

159 Views 0 Ratings Rate it

ඉමිටියාස් අලී කියන්නේ ඉන්දීයාවේ තරුණ පරපුර ආකර්ෂණය කරගත් දක්ෂ අධ්‍යක්ෂකවරයෙක්.ඉමිතියාස් මේ දවස්වල ඉන්නේ තමන්ගේ අලුත්ම සිනමා පටය වු “හයි වේ“ හි ප්‍රවර්ධන කටයුතු සමඟයි.මේ චිත්‍රපටයේ ඉන්නේ නව පරපුරේ නිලියක් වු අලියා බාත්.අලියා බාත්ගේ රංඟනය ගැන ප්‍රසංසාමුඛයෙන් කතා කරපු අය අතර එක් විශේෂ පුද්ගලයෙක් සිටිනවා.ඒ තමයි රන්බීර් කපුර්.රන්බීර් මේ සිනමාපටය නරඹලා අලියාට විශේෂාකාරයෙන් සුභපතලා තියෙනවා.රන්බීර් මේ සිනමා පටයේ අධ්‍යක්ෂකවරයා වු ඉමිතියාස් අලීගේ ගජ මිතුරෙක්.ඉමිතියාස් කියන විදියට රන්බීර් තමයි මේ සිනමාපටය හදන්න ඉමිතියාස්ව දිරිගන්නලා තියෙන්නේ.රන්බීරුත් මේ සිනමාපටයේ ප්‍රවර්ධනය සඳහා තමන්ගේ උපරිම දායකත්වය ලබා දිලා තියෙනවා.රන්බීර් මේ විදියට තමන්ගේ වැඩත් පාලුකරගෙන මේ විදියට ඉමිතියාස්ට උදව් කරන්නේ ඇත්තටම යාලුකම නිසාමද?

මොකද මෙහමෙ කියන්නේ කනින් කොනින් ඇහෙන ආරංචියේ හැටියට මේ දවස්වල රන්බීර් මේ චිත්‍රපටයේ එන අලියා බාත් ගැන හොයනවා වැඩියිලු.ඉන්දියාවේ ගොසිප් අඩවිනම් කියන්නේ රන්බීර් මෙහෙම ඉමිතියාස්ට උදව් කරමින් වටේ කැරකෙන්නේ අලිියා හින්දලු.ඉමිතියාස්ගේ ඉදිරියට කරන්න ඉන්න චිත්‍රපටයක් වු “වින්ඩෝ සීට්“ හි රඟපාන්න තෝරාගෙන තියෙන්නේ රන්බීර් හා රන්බීර්ගේ පැරණි පෙම්වතියක් වු දිපිකා පදුකෝනුයි.ඉතින් ඉමිතියාස් රන්බීර්ගේ යාලුවා නිසා රන්බීර් ඉමිතියාස්ට කියලා තියනවා දීපිකා වෙනුවට අලියා ගන්න කියලා.නමුත් ඉමිතියාස් ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරලා තියෙනවා.ඒ වුනාට වෙනත් සිනමාපටයක් හරහා මේ දෙන්නා ප්‍රදාන චරිතමවන්න සුදානමින් සිටිනවා.මෙ දෙන්නා රඟපාන ඒ චිත්‍රපටයෙන් පස්සේ අපිට තවත් ප්‍රේම කතා ගොන්නක් අහන්න ලැබේවිද දන්නේ නැ.

Ranbir-Joins-Highway-With-Imtiaz-And-Alia- Ranbir-Joins-Highway-With-Imtiaz-And-Alia ranbir-kapoor-alia-bhatt-2 ranbir-kapoor-alia-bhatt-1 Alia-Bhatt-in-bikini

Share

159 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.