ads

Monday, February 3, 2014

අපිට මයිල් තියෙන්නේ ඇයි?

අදත් පොඩි වෙනස් මාතෘකාවක් ගැන කතා කරන්න හිතුනා.අපිට තියන හැම අවයවයක්ම වගේ අපිට වැදගත්නේ.මම දන්නා විදිහට අනවශ්‍ය ගැජට් එකකට තියෙන්නේ උණ්ඩුකපුච්ඡය විතරයි.එකත් කල් යද්දී අපේ නැට්ට නැති උනා වගේම පරිනාමයත් එක්ක නැති වේවි.

මට තිබ්බ පොඩි ගැටළුවක් තමා අපිට මයිල් තියෙන්නේ ඇයි කියලා.මම එකට උත්තරයක්‌ හොයා ගත්තා.මේක මගේ නිගමනයක් විතරයි.



හොදට දාඩිය දාන්න වැඩ කරපු දවසක කිහිල්ල දිහා බලන්නකෝ.මයිල් ගස් වල දාඩිය බින්දු දකින්න පුළුවන්.

අපිට දාඩිය දැම්මම ඒවා මයිල් ගස් දිගේ කුඩා බින්දු විදිහට පල්ලෙහට එනවා.එතකොට ඒවා ලේසියෙන්ම වාෂ්ප වෙනවා.මම හිතන්නේ එකට තමා මයිල් තියෙන්නේ.

නිකමට හිතලා බලන්ඩකෝ.අපිට වැඩිපුර දාඩිය දාන තැන් වල තමා මයිල් වැඩිපුර තියෙන්නේ.

හැබැයි මෙහෙම කියනකොට කාට හරි අහන්න පුළුවන් කෙස් තියෙන්නේ ඇයි කියලා.මොකද කෙස් දිගේ යට ඉදන් උඩට දාඩිය යන්නේ නෑ නේ.ඒකට හේතුවනම් හිත ගන්න බෑ. සමහර විට අව්වේ යද්දී ඔලුව කර වෙන එක අඩු වෙන්නද දන්නේ නෑ.


සුභ දවසක්..........!!!
මේ වගේ අමුතු දේවල් දැන ගන්න යන ගමන් Like එකක් දා ගෙනම යන්ඩ.

4 comments:

  1. කෙස් තියෙන්නෙ ඔලුවට සොට් එක වැදුනොත් බර සෙයා වෙන්න කියලා මම අහල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. වෙන්න ඇති, වෙන්න ඇති. සතුතියි යාළුවා

      Delete
  2. තියෙන්නේ ඇයි කියලා හොයලා බලනවට වඩා ඕවා නැති කර ගන්නම් කට්ටිය ලොකු වියදමක් දරනවා.

    ReplyDelete
    Replies
    1. එකත් ඇත්ත.කෙල්ලෝ වැක්ස් කරන හැටි දැක්කම ඇඩෙනවා.මට පොඩි plaster එකක් ගලවද්දීත් තරු විසිවෙනවනේ.

      Delete

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න.....