Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

සුද්දන්ට අලි පිට යන්න දෙන්නේ නෑ


- වනජීවි ඇමැති කියයි
2014 මාර්තු 16 03.05 p.mVijith-vijithamuni-soysa‘දිවයිනේ විහාරස්ථානවල කරඬු වඩම්මන අලි ඇතුන් පිට සුද්දෝ සුද්දියන් ඇදීමේ වැඩපිලිවල වහාම වෙනස් කළ යුතුයි. පූජනීය ධාතූන් වහන්සේලා වැඩමවන අලි ඇතුන් පිට සංචාරක ව්‍යාපාරයේදී හෝටල් මගින් සුද්දෝ සුද්දියො ගෙනයාමට කටයුතු කිරීමට ඉඩ නොදිය යුතුයි. දේශපාලන වශයෙන්ප්‍රතිවිරුද්ධ අයත් එක්කවත් මගේ තරහක්නැහැ. ජනතාව කොයි වෙලේ කිව්වත් අපි එලියට බහින්න ඕණ. ඉතාම පින්වන්ත රස්සාවක් මට ලැබිලා තියෙන්නේ. ඉන් උපරිමපිනක් කර ගන්න මම උත්සාහ කරනවා’
යැයිවනජීවී අමාත්‍ය විජිත් විජයමුණි ද සොයිසා මහතා පෙරේදා (15) පැවසීය.
aliyaපසුගිය දින වල කතා බහට තුඩු දුන්  අරැවූවල ප්‍රදේශයේ නිවසක සිටි බව කියන අලිපැටවා නිරීක්ෂණය කිරීමට පැමිණි අවස්ථාවේ අමාත්‍යවරයා එසේ කීවේය.එහිදී තවදුරටත් මාධ්‍ය වෙත අදහස් දක්වූ අමාත්‍ය සොයිසා මහතා ‘වසරකට අලි ඇතුන් දෙසිය පනහක් පමණ මිය යනවාබල්ලෙක්බූරුවෙක්,හරකෙක්අශ්වයෙක් හදන්න බැරි  රටේ අලි හදන්න පුළුවන් මිනිස්සු ඉන්නේ බොහොම ටික දෙනයි. අලි ඇතුන්  හදන්න පුළුවන් අයට දෙන්න ඕණ. හැබැයි එය සිදු වියයුත්තේ නිසි නීත්‍යානුකූල ක්‍රම වේදයකට අනුව.
අලි ටික
ලියාපදිංචි කරලා ඩී.එන්.ඒ පරීක්ෂණ කරන්න කිවුවේ මේ දේනවත්වන්න.අලින්,කැස්බෑවන් වෙනුවෙන් අපේ වෛද්‍යවරු ටික ඇලෙන්න ඕන. ඉදිරියේදී ඕගොල්ලන්ව ගෙනල්ල සාකච්චා කරන්න බලාපොරොත්තු වෙනවා.වැරදි ක්‍රියාවන්වෙනවානම් ඒවා නවත්වන්න පොරොන්දු වෙන්න ඕන.’
ජනක හෙට්ටිආරච්චි / පී.දයාරත්න - මහරගම / නන්දන රණසිහ-හෝමාගම