HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

370 මැලේසියානු ගුවන් යානය බලෙන් ගෙන ගියේ කොහේටද? 1948 පසු ප‍්‍රධාන යානා අතුරුදන් වීම් 83ක්!

2014 මාර්තු 15 : මැලේසියානු අගමැතිවරයා කතා කිරීමෙන් පසු...
මැලේසියානු ගුවන්යානය ලෝකයේ ධාවන පථ 634කින් එකකට ගොඩ බා ඇතැයි විශ්වාසයක් පළ කර තියෙනවා. පාකිස්තානයේ සිට බටහිර ඔස්ටේ‍්‍රලියාව තෙක් විහිදී ඇති මේ ධාවන පථ අතර ශී‍්‍ර ලංකාවේ ස්ථාන කීපයක් ද දක්වා තියෙනවා. ඒ අතර යුද සමයේ දී කොටි සංවිධානය තැනූ ධාවන පථ පවා තියෙනවා. යානය කොල්ලකෑමකට ලක්ව ඇතැයි විශ්වාසය යානයේ සිටි මගීන්ගේ ඥාතීන්ට, ඔවුන් ජීවතුන් අතර වෙතැයි සිතා කිසියම් සහනයක් ලැබෙන මගක් පෑදී තියෙනවා. මැලේසියානු අගමැතිවරයා වූ නජීබ් රසාක් ප‍්‍රකාශ කර ඇත්තේ යානයේ ගමන් කළ කිසියම් යම් අයකු සිතාමතා මේ යානය පැහැර ගෙන යන්නට ඇතැයි යන්න පිළිබඳව පරීක්ෂණ පවත්වන බලධාරීන් විශ්වාස කරන බවයි. ඔහු මේ මතය පළ කර ඇත්තේ විශේෂ පුවත්පත් සාකච්ඡාවකදීය. ඔහු කියා ඇති පරිදි යානයේ ඇති ට‍්‍රාන්ස්පොන්ඩරය කිසිවකු විසින් අකි‍්‍රය කර රේඩාරයේ අතුරුදන් වීමට පෙර ගමන් මග වෙනස් කර ඇති බවට චන්ද්‍රිකා සාක්ෂි ලැබී තිබෙන බවයි.


මේ අනුව දකුණු චීන මුහුදේ කරන සෙවීම් නතර කර අලූතින් හඳුනා ගත් ප‍්‍රදේශ දෙකක සෙවීම් ආරම්භ කිරීමටයි යන බව අගමැතිවරයා එහි දී කීවා. උතුරු පැත්තෙන් යුරෝපට දෙසට ටර්ක්මෙනිස්තාන් සිට තායිලන්තය දක්වාත් අනිත් පැත්තෙන් ඉන්දුනීසියාවේ සිට දකුණු ඉන්දියානු සාගරය තෙක් පිරික්සුම් කරන්නට ඔවුන් බලාපොරොත්තු වෙනවා.


අගමැතිවරයා කතා කිරීමෙන් පසු පොලිස් ප‍්‍රකාශකයා කීවේ යානයේ නියමුවා වූ 53 හැවිරිදි සහාරි අහමඞ් ෂාගේ නිවසට යම් හෝඩුවාවක් ලබා ගැනීම පිණිස පරීක්ෂණ කණ්ඩායමක් පිටත් කර යැවූ බවයි.

2014 මාර්තු 13 : පියසැරි 370 (බෝයිං 777) යානයේ බඳෙහි දෝෂයක් නෑ!
ඇමරිකන් ගුවන්ගමන් ආරක්ෂාව පිළිබඳ නිරීක්ෂකයන් මාස හයකට ඉස්සරින් මේ අනතුරට පත් යානා වර්ගය වූ බොයිං 777 යානයක ඉරිතැලීමක් ඇතැයි හඳුනාගෙන ඒ පිළිබඳව ෆෙඩරල් ගුවන් ගමන් අධිකාරියට දන්වා තියෙනවා. එවැනි ඉරිතැලීමක් නිසා කැබින් තුළ පීඩනයේ හදිසියේ බිඳ වැටීමක් ඇති වීමෙන් ගුවනේදී යානය හදිසියේ දෙකට කැඞීමට ඉඩ ඇතැයි අවවාද කර තියෙනවා. ඒ අනුව ගුවන් ගමන් අධිකාරිය පසුගිය වසරේ සැප්තැම්බරයේ නිවේදනයක් නිකුත් කරමින් මේ වසරේ අපේ‍්‍රල් 9 වැනිදාට පෙර සියලූ බොයිං 777යානාවල බඳෙහි එවැනි පිපිරීම් ඇද්දැයි විමසා බලා ඊට පිළියම් යොදන ලෙස දැනුම් දුන්නා.

ඒ අධිකාරිය මේ මැලේසියානු ගුවන් යානය ගුවන් ගත වන්න දෙදිනකට පෙර වසර 14ක් පැරණි මේ වර්ගයේ වෙනත් යානයක අඟල් 16ක් පිපිරීමක් හමු වීමෙන් පසුව යළි අවසාන නිවේදනයක් නිකුත් කළා.

ඒ ගැන සඳහන් කරමින් මැලේසියානු සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා කීවේ මේ යානය නිවේදනයට අනුව හොඳින් පරීක්ෂා කර බලා ගුවන් ගත කිරීමට කලින් එවැනි කිසිදු දෝෂයක් නැති බව තහවුරු කර ගත් බවයි.

1948 පසු ප‍්‍රධාන යානා අතුරුදන් වීම් 83ක්
දෙවන ලෝක යුද්ධයෙන් පසු, එනම් 1948න් පසු යානා අතුරුදන්වීම් 83ක් වාර්තා වෙනවා. ගුවන් ගමන් ආරක්ෂක ජාලය (Aviation safety network, Bloomberg Visual Data) සැකසූ රූප සටහනකින් දැක්වෙනවා. මෙයට ඇතුළත් වන්නේ මගීන් 14කට වැඩියෙන් අතුරුදහන් වූ ඒවායි.
  • (කහ තිතෙන්) දැක්වෙන්නේ අතුරුදන්ව මේ තාක් හමු නොවූ ඒවායි.
  • (රතු තිතෙන්) දැක්වෙන්නේ දැඩි පරිශ‍්‍රමයකින් පසු සොයා ගන්නා ලද ඒවායි.

2009 ජූනි 1, එයා ෆ‍්‍රාන්ස් යානය 447
අත්ලාන්තික් සාගරය හරහා යද්දී මගීන් 228ක් හා නාවික පිරිසත් සමග අතුරුදන් විය. යානයේ කොටස් කීපයක් හමුවූයේ දින පහකට පසුවයි. යානය හා පියසැරි රැකෝඩරය සොයා ගන්නට වසර දෙකකට වැඩි කාලයක් ගත වුණා.

1985 ජනවාරි 1, ග්ලැසියරයකින් හමුවෙයි
වසර 31කට පසුව 2006 දී බොලියාවේ දෙවන උසම ශිඛරය නඟින්නට ගිය කඳු නඟින්නන් පිරිසකට හමු විය. ඊස්ටර්න් එයා ලයින්ස්වලට අයත් බොයිං 727 යානය 1985 දී ගුවන් ගත වී සුළු වෙලාවකදී කඩා වැටුණේ 29 දෙනකු මරුමුවට පත් කරමිනි.

1972 ඔක්. 13, කඳුකරයේ දින 72කක්
උරුගුවේ ගුවන් හමුදා යානයක් කුලියට ගත් රගර් කණ්ඩායමක් ඇතුලූ 45 ක පිරිසක් සමග ඇන්ඞීස් කඳුකරයට කඩා වැටුණා. ඔවුන්ගෙන් 16 දෙනකු දින 72කකට පසුව බේරා ගනු ලැබුවා. ඔවුන් දිවි රැක ගෙන ඇත්තේ මියගිය සගයන්ගේ සිරුරු ආහාරයට ගනිමිනුයි.

1957 මාර්තු 22, ඇමරිකානු යානයක් මුහුණ දුන් බලවත්ම ව්‍යසනය
ඇමරිකා එක්සත් ජනපදයේ ගුවන් හමුදාවට අයත් බොයිං සී-97සී-35- බී ඕ හමුදා ප‍්‍රවාහන යානය කැලිෆෝනියාවෙන් ගුවන්ගත වී ජපානයේ තෝකියෝ නුවරට දකුණෙන් සැ. 200ක් දකුණට වෙන්නට අහසේ දී අතුරුදන් වුණා. නැවියන් 10ක් හා මගීන් 57ක් යළි හමු වූයේ නෑ.

2014 මාර්තු 8, මැලේසියානු මගී ගුවන් යානය 370
මෙය මැලේසියාවේ සිට බෙයිජිං බලා යද්දී අතුරුදන් වුණා. තවමත් මේ පිළිබඳව රටවල් 11ක් සොයමින් සිටී. මෙය මෙතෙක් ලෝකයේ ලොකුම සෙවුම් යාන්ත‍්‍රණය භාවිත කර ඇත්තේ මේ යානය සඳහාය.

Visual Data By: www.bloomberg.com

අතුරුදන් වීම වසරින් වසර
  • 1966 දී වියට්නාම් වෙරළේ දී පමණක් යානා තුනක් අතුරුදන් වුණා.
  • 19 - වැඩිම අතුරුදන් වීම් සංඛ්‍යාවකට මුහුණ දී ඇත්තේ ඩග්ලස් ඞීසී යානායි.
  • 13 - සෑම යානයකම සිට අහිමි වූ අවම ජීවිත ගණන. (2014 වසර ඇතුළත් නොවේ.)
  • 1.2 - වසරකට යානා අතුරුදන්වීම්
මෙහි ඇති සිතියමෙන් දැක්වෙන්නේ අලූත්ම යානය වූ 370 අන්තිමට සම්බන්ධ වූ ස්ථානය.

සම්බන්ධිත පුවත් : MH370 මැලේසියානු ගුවන්යාන අබිරහස! ලෝකයේ අබිරහස් ලෙස අතුරුදන් වුණු ගුවන්යානා 10 මෙන්න!

Latest Update 2014/3/16: Doomed airliner pilot was political fanatic: Hours before taking control of flight MH370 he attended trial of jailed opposition leader as FBI reveal passengers could be at a secret location. Read More: http://www.dailymail.co.uk/news/article-2581817/Doomed-airliner-pilot-political-fanatic-Hours-taking-control-flight-MH370-attended-trial-jailed-opposition-leader-sodomite.html

Post a Comment

4 Comments

  1. යකඩ ගොඩක් කවදාවත් මුහුදුපතුලට ගියානම් ජංගම දුරකථන නාදවෙන්නේ කොහමද මොකද මේ බීච් එකක් නෙමේනේ මේ පියාසර කරපු මුහුදු පතල අපිට හිතාගන්න බැරිතරම් ටොන්ගානක යානයක් අනික මුහුදට වැටුනානම් කැලි පාවෙනවා චන්ද්‍රිකාවකින් එහෙම දෙයක් හොයාගෙන නැහැ අනික තෙල් උඩට මතුවෙනවා එහෙම දේකුත් නැහැ තියෙන සාදක වලිනුත් මේ නැතිඋන යානයට ගැලපෙන දේවල් නෙමේ කියලා පවසනවා එහෙනම් මේක මුහුදට වැටිලා නැහැ

    මේක පැහර ගත්තලු හරි ගොඩක් මුහුදට ආසන්නව පියාසර කරනකොට රේඩාර් වලින් නොපෙනී යනවා ඒක ඒක කාරණාවක් අනික නාවික රේඩාර් පද්දතියක් තියෙනවා චන්ද්‍රිකා පටිගත කෙරුම් තොරතුරු තිබෙනවා අදහසක් වශයෙන් මෙයාලා අපහු ඇවිත් තියෙනවා කියලා අදහස් කරනවා එහෙනම් ලදු කැලාවක් මැද්දෙන් ඇවිත් තියෙනවා මේ අතරතුර කඩාවැටුන වෙන්න පුළුවන් අනික දුරකථන නාද වෙනවා ඒකෙන් සැකයක් ඇතිවෙනවා අනික ජංගම දුරකථනය හරහා ඉන්න තැන සොයාගන්න පුලුවන්නම් කාලේ මම කියන්නේ ඔතන ඉන්න අයගේ ගොඩක් පොන් ස්මාර්ට් පොන් ඉතින් නැතක් හොයාගන්න පුළුවන්

    ඇයි මෙයාලා හොයන්නේ නැත්තේ වැටුනා තැන මුහුදු පතුල සබ්මැරී වලින් හොයන්නේ නැත්තේ ඇයි රොබෝ තාක්ශනේ බවිත නොකරන්නේ ඇයි

    මෙතැනදී මෙයාලා තොරතුරු හංගනවා අනික තාක්ශනේ ගැන බොරුකරනවා ඒඅනුව ත්රුම් ගන්න පුළුවන් දේවල් කිහිපයක් තියෙනවා මේ යානේ මුහුදට වැටුනේ නැහැ අපහු ආව ඒ එනකොට කඩාගෙන වැටුනා හැමෝටම කලින් මෙයාලා සුන්බුන් අයින්කරා ඒ ගොඩේ ජංගම දුරකථන තියෙන්නට ඇති ඒවා වටුන තැන්වල නාද වෙනවා එහෙම කරනම් මෙතන යටිකුටු වැඩක් තියෙනවා

    අනිත් ඒක යානේ පහර ගත්තා ඒක හොරෙන් අරගෙන ගියා සියලුම රේඩාර් පද්දතිවලට හසුනොවී මෙතන එහෙම වැඩ කරන්න පුළුවන් දක්ෂයන් කිහිපදෙනෙක් ඉදල තියෙනවා එහෙනම් එයාලා ලගදීම එලිකරයි යානය පැහැර ගත්තා කියලා

    නැතිනම් පිටසක්වල කෙස් එකක් තියෙන්න පුළුවන් එහෙනම් හමුදාව මේක යට ගහනවා මොනනම හරි පරීක්ෂණය කරලා ඉවරවෙලා ගුවන් යානය කඩන් වැටුනා කියලා මුහුදට දායි

    සමහර අය විවිද කතාකියනවා මොනවා උනත් මේවගේ විශාල ගුවන්යානයක් නිකන්ම අතුරුදහන් වෙන්නේ කොහොමද අනිවා මේකේ අපිට නොපෙනෙන පැත්තක් තියෙනවා

    ReplyDelete
  2. කදිම ලිපියක්..

    ReplyDelete
  3. මා දන්නා තරමින් ගුවන් යානා වල යනවිට ජංගම දුරකථන ක්‍රියා විරහිත කරනවා. අනික ඉතාම ඉහල අහසේ හෝ මුහුදේදි සාමාන්‍ය ජංගම දුරකථන නාද වීමේ සම්භාවිතාවය ඉතාම අඩුයි. මොකද ඒවාට අවශ්‍ය සිග්නල් නොලැබෙන නිසා.

    ඔය චීනෙ තියෙන්නෙම කබල් බඩු. ඕය චීන කාරයො පාවිච්චි කරන දුරකථන මූලික උපාංග ඒ කිව්වෙ එක්ස්චේන්ජ් වල අවුලක් නිසා ඔය වගේ තත්වයක් ඇති වුනා මිස ගුවන් යානයේ ගිහිපු අයගේ ජංගම දුරකථන නම් නාද වෙන්න තියෙන හැකියාව ඉතාම අඩුයි.

    ReplyDelete
  4. වටිනා ලිපියක් වගේම වටිනා අදහස් ගොන්නක්

    ReplyDelete