Pages

Saturday, February 22, 2014

Widgets

වසර 100කට පෙර මුහුදට බිලිවූ දූපතක් නැවත මතුවෙයි!!

1905 වර්ශයේදී ඇතිවූ විනාශකාරී ටයිෆූනයක් (ටයිෆූනයක් යනු දරුණු විනාශකාරී සුළඟකින් යුත් නිවර්තන කුණාටුවක්) හේතුවෙන් සම්පූර්ණයෙන්ම මෙන් මුහුදට බිලිවූ නඩික්ඩික් අතල (අතලක් යනු මැද ජලාශයක් සිටින සේ සෑදුනු හිරිගල් දිවයිනක්) වසර සියයකට පසුව නැවතත් මතුව තිබෙනවා. පැසිෆික් සාගරයේ තිබී මුහුදුබත් වූ මෙම දිවයිනට බලපෑ විනාශයෙන් එහි වාසය කල සියල්ලන්ම පාහේ මරණයට පත්ව තිබෙන අතර දිවි බේරාගැනීමට හැකිව ඇත්තේ මිනිසුන් දෙදෙනෙකුට පමණයි. එමෙන්ම මෙම සිද්ධියෙන් සම්පූර්ණ දූපතම මෙන් ජලයෙන් වැසී ගියා.

නවතම නිරීක්ෂණ කටයුතු වලින් නවසීලන්ත නිරීක්ෂණ කණ්ඩායමක් මෙම අතල නැවතත් ප්‍රතිනිර්මාණය වෙමින් පවතින බවට සොයාගෙන තිබෙනවා.

නඩික්ඩික් අතල නැවත ප්‍රතිනිර්මාණය වී ඇති අයුරු

නවසීලන්ත ජාතිකයන් දෙදෙනෙක් වන ආචාර්ය මරේ ෆෝර්ඩ් සහ මහාචාර්ය පෝල් කෙන්ච්ගේ අධ්‍යයන කටයුතු වලින් ටයිෆූන විනාශයෙන් පසු ඉතිරිවූ කොටස් මතින් නැවතත් අතල නිර්මාණය වන බවට ඔවුන් සොයාගෙන තිබෙනවා. ඔවුන් මෙම අධ්‍යයන කටයුතු සඳහා යොදාගෙන තිබෙන්නේ වර්ෂ 1945 සිට 2010 දක්වා මෙම අතලේ ගුවනින් ලබාගත් ඡායාරූපයි.

එම වසර 60ක කාලය තුලදී ගහකොළ ඉතා සාරවත් ලෙසින් වර්ධනය වී ඇති බව ඔවුන් පෙන්වා දෙනවා. එමෙන්ම මෙම කාලය තුලදී මුලින් මුඩුබිම්ව පැවති ප්‍රදේශ වලින්ද 25%ක පමණ ප්‍රදේශ වල ගහකොළ වැවී තිබෙනවා.

ටයිෆූනය හේතුවෙන් විනාශ වී ගොස් වැලි සහ කොරල් පමණක් ඉතිරිව තිබූ නඩික්ඩික් අතල මේ වන විට වෘක්ෂලතාදිය වැවුණු ස්ථායී දිවයිනක් බවට පත්ව තිබෙනවා.

නඩික්ඩික් අතල 1945දී සහ 2010දී


මෙම දූපත වටා පිහිටි මුහුදේ ඇති සාරවත් බව මෙම දූපත ශීඝ්‍ර වර්ධනයට හේතුවී ඇති බව විද්‍යාඥ්‍ය මතයයි. "කුණාටුව (ටයිෆූනය) හේතුවෙන් රොන් මඩ හා කොරල් විශාල වශයෙන් දූපත දෙසට ගසාගෙනවිත් තිබෙනවා. මෙය දූපතේ ශීඝ්‍ර වර්ධනයට හේතු වූවාට සැකයක් නැහැ." විද්‍යාඥ්‍යන් අදහස් දක්වමින් කියා සිටිනවා.

නඩික්ඩික් අතල පිහිටා තිබෙන ස්ථානය

"මෙයින් අපට අවබෝධ කරගතහැකි කරුණ තමයි විශාල විශාල විනාශකාරී සිදුවීමකින් දූපතක සම්පූර්ණයෙන්ම විනාශ වී යාහැකි වුවත් එය නැවත නිර්මාණය වීමට අවශ්‍ය පසුබිමද එමගින්ම සපයන බව." ඒ ආචාර්ය ෆෝර්ඩ්ගේ මතයයි.

පෘථිවි උෂ්ණත්වය ඉහළ නැගීම නිසා සිදුවෙන මුහුදු මට්ටම ඉහළ යාම හේතුවෙන් බොහෝ දූපත් යටවී යනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කලත් මෙම සිදුවීම එම අදහසට විරුද්ධව කරුණු කියාපානවා. (වර්ෂ 1946න් පසු මෙම දූපත වටා මුහුදු ජල මට්ටම වසරකට මිලි මීටර් 2.2කින් ඉහළ නැගි බවට සොයාගෙන තිබෙනවා.)



ඩේලිමේල් ඇසුරිනි.


No comments:

Post a Comment

Related Posts with Thumbnails