Saturday, March 1, 2014

සිරිවර්ධන මහතාට පිහිටවෙමු....

පින්තූරය - ලහිරු ශානක මහතා සතුය

මේ ලියන්නේ සයිබර් අවකාශයේ සිටින දනට පිනට ලැදි, සමාජ සේවයට හිතැති අයගෙන් උපකාරයක් ලබා ගැනීමටය.  සමාජයේ ජීවත්වන අසරණ පුද්ගලයින්ට අපට කලහැකි යම් උපකාරයක් තිබේනම් එය කිරීම අපගේ යුතුකමකි. මෙලොව පරලොව ආනිශංස ගෙනදෙන මහත් පින්කමකි.  බුදුරජාණන් වහන්සේද දානමය කුසලය මහත් ඉහළින් අනුදැන වදාළ සේක.

මේ පින්තූරයේ දකුණු පස සිටින පුද්ගලයා කොට්ටාවේ පදිංචිකරුවෙකි. ඔහු නමින් සිරිවර්ධන වේ. සිංහල බෞද්ධයෙකි. ආතරයිටිස් රෝගයෙන් පීඩා විඳින ඔහුට කිසිදු රැකියාවක නිරත වීමට නොහැකිය. ඔහුගේ බිරිඳ මියගොස් ඇති අතර පිරිමි දරුවන් දෙදෙනෙකු සහ එක් ගැහැණු දරුවෙකු සිටී. වැඩිමහල් පිරිමි දරුවා අවිවාහක වන අතර ඔහුගේ වයස අවුරුදු 37 කි. අධික ලෙස මත්පැනට ඇබ්බැහි වී සිටින ඔහු මේ වන සිටින තැනක් කිසිවෙක් නොදනී. බාල දරුවා (අවු. 34 යි) මත්කුඩු වලට තදින් ඇබ්බැහිව සිටින අයෙකි.  මේ වන විට පොලිසිය විසින් ඔහුව විශෝධන මධ්‍යස්ථානයකට යොමුකොට ඇති අතර ඔහු නේවාසිකව එහි ප්‍රතිකාර ගනී.  ඔහුගේ එකම දියණිය මෙයට වසර හයකට පමණ පෙර රැකියාව සඳහා ලෙබනන් රටට ගිය අතර, එහිදී සේවය කල නිවසේ අයහපත් තත්වය නිසා ඇය එම නිවසින් පැන ඇත. ඉන් අනතුරුව මේ දක්වා ඇය ගැන කිසිදු තොරතුරක් දනගන්නට නැත.  

මේ හේතු නිසා ජීවත්වීමට කිසිදු ආදායමක් නැති සිරිවර්ධන මහතා මේ වන විට ජීවත්වන්නේ දිවයිනේ විවිධ පළාත්වල සිඟමන් යැදීමෙනි.  ගාළු මුවදොර, මොරටුව, කළුතර, අම්බලන්ගොඩ, ගාල්ල ආදී විවිධ ප්‍රදේශවලට යමින් දේශීය පින්වතුන්ට සහ විදේශීය පර සුද්දන්ට අතපා කීයක්හරි හොයාගෙන රාත්‍රීකාලය කොහේ හෝ බස් නැවතුමක ගෙවමින් ඔහු ගතකරන්නේ ඉතා දුක්බර දිවියකි.

මා මෙය විශේෂයෙන් ලියන්නේ සානුකම්පිත ඔබගේ උදව් උපකාර ලබාදී මේ අන්ත අසරණ වැඩිහිටියා මේ දුක්ඛිත තත්වයෙන් ගලවා ගැනීමේ අරමුණිනි. අප වීරෝධාර සිංහල ජාතියේ උපන් වයෝවෘධයෙකු මෙලෙස පර සුද්දන්ට අතපෑ යුතු නැත. ඔහුට එදිනෙදා ජීවත්වීමට අවශ්‍ය ආහාරපාන ස්වල්පය, රෝගී තත්වයන්ට බෙහෙත් හේත් සමග මේ වයසේදී ලැබිය යුතු රැකවරණය ඔහුට ලබාදීමේ අරමුණිනි.

ඔබ මේ වනවිටත් ‘ගිණුම් අංකය එවන්නැයි’  යනුවෙන් මා වෙත පුද්ගලික මැසේජයක් කොටමින් සිටින්නේ නම් ඉතිරි ඩිංගත් කියවා සිටින මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලමි. ඇත්තෙන්ම සිරිවර්ධන මහතාගේ ජීවන තත්වය යහපත් කිරීම සඳහා වඩාත් තිරසාර වැඩපිළිවෙලක් අවශ්‍ය බව මගේ විශ්වාසයයි. ඔහු වෙත යම් මුදලක් ලබාදීමෙන් පමණක් අප ප්‍රාර්ථනා කරන අරමුණූ ඉටු නොවනු ඇත.   

ඔහු අත මුදල් ඇතැයි අන් අය දැනගත්තොත් එම මුදල් සොරකම් කිරීමට සිය ගාණක් සොරුන් සහ කුඩුකාරයන් මොහොතක්වත් පැකිළෙන්නේ නැති බව අමුතුවෙන් කිව යුතු නොවේ. අනික එවන් සොරකමක් සිදුවූ විටකදී  හොරුන්ව හඳුනාගත්තත්, විවිධ දේශපාලන බලපෑම් සහ හරිහමන් නීතියක් ක්‍රියාත්මක නොවන තත්වයක් තුල සිරිවර්ධන මහතාට නැවත එම මුදල් ලැබීමේ ඉඩකඩ ඉතා අවමය. අනික රුපියල් දෙතුන් සීයටත් මිනි රරණ රටක් මේක.

අනික අතමිටේ යම් මුදලක් ගැවසෙන විට  සිරිවර්ධන මහතා මත්පැන් වලට ඇබ්බැහි වීමටද පුළුවන. එයින් ඔහුගේ සෞඛ්‍ය තත්වය තවත් නරක්වනු ඇත. එවන් අබග්ගයක් සිදු නොවුනත්, ඔබ එවන මුදලින් සිරිවර්ධන මහතාට ඔහු වෙනුවෙන් භාවිතා කල හැක්කේ එයින් කොතරම් සුළු ප්‍රමාණයක්දැයි සිතා බලන්න. ඔබ මසකට රුපියල් 1000 ක් එව්වොත්, එයින් රුපියල් හාරපන්සීයක්ම බදු වශයෙන් නැවත ආණ්ඩුව උදුරා ගනී.  ඉතිරි මුදලින්ද උලමලා හලාල් මගඩිය හරහා රුපියල් 200 ක් විතරම ගසා කයි. ඉතින් ඔබ එවන මුදලින් පලක් තියේද?

ඉහත කරුණු කියවා ඔබ සිතේ මේ වන විට දක්මුසු හැඟීමක් ජනිත වී ඇති බව සිතමි.  දුක්වන්න එපා. සිරිවර්ධන මහතාගේ ජීවිතය යහපත් කිරීමට ඔබට උදව් කල හැකි වඩාත් තිරසාර ක්‍රමයක් මා ඔබට පවසමි. එමගින් එක් සිරිවර්ධනයෙකු වෙනුවට සිරිවර්ධනලා ලක්ෂ ගණනකට පිහිට වීමට ඔබට අවස්ථාව සැලසේ.

මා පින්කැමති ඔබට ආයාචනය කර සිටින්නේ සිරිවර්ධන මහතා වෙනුවෙන් විශාල මුදලක් පරිත්‍යාග කරන ලෙස නොවේ. ඉතා පුංචි රුපියල් 100/= ක් හොඳටම ඇති. ඔබගේ රුපියල් සියය ලංකා බැංකුවේ අංක 75 66 74 82 දරණ උදය ගම්මන්පිල මහතාගේ ගිණූමට බැරකරන්න. උදය ගම්මන්පිල මහතා යනු මේ රටේ සිටින ඉතාමත් බුද්ධිමත්, උගත්, කාර්යශූර අවංක දේශපාලනඥයෙකි. ඔහු කිසිදා බොරු කියා නොමැති අතර අනාගතයේදීත් කිසිදු බොරුවක් නොකියන හෝ නොකරන ඉවට අති උතුම් දළදා වහන්සේ ඉදිරියේම දිවුරා ඇති එකම දේශපාලනඥයාය.  ඔහුව ඔබට සීයට සීයක්ම විශ්වාස කල හැකිය.

ඔබ පින් පිණිස එවන රුපියල් 100/= නිසා ලබන 29 වෙනිදා පැවැත්වෙන බස්නාහිර පළාත් චන්දයෙන් එතුමා දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබාගෙන එතුමාගේ එක්සත් ජනතා නිදහස් සන්ධාන කණ්ඩායම අති විශිෂ්ට ජයක් ලබන බව සහතිකය. ඉන්පසු එතුමා  ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානය, බස්නාහිර පළාතේ මත්කුඩු, නීති විරෝධී මත්පැන්, දූෂණය, භීෂණය, අධික ජීවන බර, කොමිස්, දේශපාලන පවුල් බර, හලාල් මගඩිය  ආදී සියළු ව්‍යාධීන් නවත්වා එහි නීතිය සාමය යළි ස්ථාපිත කොට බස්නාහිර පළාත සාමයෙන් සෞභාග්‍යයෙන් උතුරන සමෘද්ධිමත් කලාපයක් කරයි.  අන්න එවිට සිරිවර්ධන මහතාට නැවත තමාගේ නිවසට පැමිණ සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන් පින් පඩියක් අයදුම් කොට එම මුදලින් හොඳින් කා බී සිතේ බයක් නැතුව පිනක් දහමක් කරගෙන අභිත සිංහලයෙක් ලෙස මිය යනතෙක් සතුටින් සිටිය හැකිය.



උදය ගම්මන්පිල මහතාට සහ එතුමා  නායකත්වය දරණ එක්සත් ජනතා නිදහස් සන්ධාන කණ්ඩායමට පින්සිදුවන්නට, නැවත කිසිදා සිරිවර්ධන මහතාට හෝ බස්නාහිර පළාතේ වෙනත් කිසිදු සිංහලයෙකුට මෙලෙස පර සුද්දන්ට අතපා ජීවත්වීමට සිදු නොවනු ඇත.

ඔබ සිරිවර්ධන මහතා වෙනුවෙන් මෙලෙස පරිත්‍යාගකරන රුපියල් සියයේ ආනුභාවයෙන් ඔබටද දෙව් මිනිස් සැප කෙළවර අමා මහ නිවන් සම්පත් සාක්ෂාත් වේවා.....!!
-----------------------

(පසු සටහන - මෙම ලිපියට යොදා ඇති ඡායාරූපය ලහිරු ශානක මහතා සතුය. මෙම ලිපියේ ඒ මහතාගේ දේශපාලන අදහස් අඩංගු නොවිය හැකි බව කරුණාවෙන් සලකන්න)

41 comments:

  1. මේ ලඟදි ඩබ් ජයසිරි මරු කතාවක් කියල තිබ්බ. මිනිහ ෆොන්සේක උන්නැහෙගෙන් අයින් උනේ දින්නොත් මිසක් පැරදුනොත් මොකද කරන්නෙ කියන එකට වැඩපිලිවෙලක් නැති නිසා කියල.

    දැන් හදිසියෙ හරි ගම්මන්පිල පැරදුන පිලට වැටුනොත් අපිට අර කියපු පින් ලැබෙනවද?

    ඒත් එක්කම ගම්මන්පිලගෙ පිලේ ඉන්න උන්ට මොනා වෙයිද?

    කොහොම උනත් මම හිතන්නෙ පැරදුනු පිලට වැටුනොත් ගම්මන්පිළ පිලෙනුත් දොට්ටවටෙයි කියලයි!

    ප/ලි.

    උඹ බුකියෙන් එලියට ඇවිත් මෙහෙම වටින දේ ලියනවට සීයක් එකතුකරල එවන්නද?

    ReplyDelete
  2. චාමි අපිට කියන්න දෙයක් ඉතුරු කරන්නේ නෑ දැනටමත් ලංකාවේ ඉදිරි පරම්පරා ගානකට හිතන්න දේවල් ඇති වෙන්න කියල ඉවරයි...... ඇත්තටම චාමි අයියේ මම තීරණය කරා තවත් මේවා කියල වැඩක් නැහැ වෙන දෙයක් කරන්න ඕනෑ කියල. ......
    මම දේශපාලන ආර්ථික දේවල් ලියන එකෙන් ඈත් වෙනවා information overload කරලා වැඩක් නැහැ... මේ චාමි කියන එක ලිපියකුත් ඇති වෙනස් වෙනවා නම්. ..... ඒක නිසා මම දේශපාලන ආර්ථික කරුණු වලින් අංශක 180 කැරකිලා මිනිස් මනස සහ අධ්‍යාත්මික පැත්ත දිහා බලන්නයි යන්නේ. . මිනිස්සු චාමි අයියා කියන මේවායේ ප්‍රයෝජනේ ගන්න අවුරුදු කීයක් යයිද දන්නේ නැහැ. 50 ක් ????

    නිදහස් වෙළඳ පොලේ පාරිභෝගික මහතෙක් හරි වෙළඳ මහතෙක් හරි වෙනවට වඩා සමාජවාදී ජීවින භාවිතාව ජිවන විලාශයක් කරගෙන රජෙක් යටතේ මතුගම පැත්තේ ගුරුවරයෙක් වෙන එක වහලෙක් වෙනවට වඩා හොඳයි.

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ මල්ලි. ඕකුංට කවදහරි තේරෙයි නෙහ්?

      Delete
    2. ඒකනෙ චාමි අයියේ....ඒකීය පුද්ගලයා ගැන දුරවබෝධයෙන් සිටින පසුගාමී සමාජයක.....මිනිස් වෙහෙසේ ඵලයෙන්.... සියල්ල හෝ කොටසක් බලහත්කාරයෙන් උදුරාගෙන පාලකයාට කැමති ආකාරයට වෙනකෙකුට බෙදා දීම අපි නවත්තන්න ඕනි කියලා මේ හරක්ට තේරෙන්නෙ නැති හැටි....

      Delete
  3. මේ ඇත්තක්ද? නැත්නම් විහිලුවක්ද?

    ReplyDelete
    Replies
    1. ගම්මන්පිල මැතිතුමා ගැන මම කවදාවත් විහිළු කරලා තියෙනවද? මේකේ සත්‍යතාවය ඔයාටම පරීක්ෂා කරන්න පුළුවන් ඔය එකවුන්ට් එකට රුපියල් 100/= ක් දමලා. පැයක් තුල "පොඩි කුමාරිහාමි, ඔබට බොහොම පින්" කියලා මැසේජ් එකක් නොලැබුනොත් ඔය 100 වෙනුවට 1000 ක් මං ගානේ දෙනවා.

      Delete
  4. හිගමන් යදින් ගම්මන් පිලගෙත් කැට හොල්ලන ජෙප්ප්න්ගෙත්හ,බැංකු කඩන යූඑන්පී කාරයගෙත් පස්ස පැත්තට පයින් ගසා ගරු දුමින්ද සිල්ව මැතිතුමාගේත්,,,,,ගරු මර්වින් සිල්වා මැතිදුන්ගේත් සම්භන්ධීකරණ ලේකම්වරු කීප දෙනෙක් මේ පාර පත් කර ගනිමු....ජය වේවා.....

    ReplyDelete
    Replies
    1. ඈයි චීනේන් හිගාකන ආණ්ඩුව......ඵ්ක....................

      Delete
  5. //ඔහුව ඔබට සීයට සීයක්ම විශ්වාස කල හැකිය // මේ කියන්නෙ අපි දෙන සීයට වඩා සතේකට වත් විශ්වාස කරන්න එපා කියන එකද?
    පැහැදිලිකරන්න.
    ඉන්දරේ.

    ReplyDelete
    Replies
    1. මෙච්චර සරළ දෙයක්වත් තේරෙන්නැද්ද ඉන්දරේ? එතුමා අපෙන් රුපියල් දෙසීයක් හෝ පණහක් නොඉල්ලා සීයක්ම ඉල්ලුවේ ඇයි කියලා නිකමට හිතුන්නැද්ද? :D

      Delete
  6. මුල හරියේ දී රැවටුණු බව නොකියා බෑ.

    ගම්මන්පිලට පුළුවන්නද චම්පිකව ගේ මූණ නොදා පෝස්ටර්ස් ගහන්න? ඒ කියන්නේ හෙල උරුමය මාර ලිබරල් පාටියක්නේ?

    ReplyDelete
    Replies
    1. ඇයි ඔයාට අවුල් වගේද?

      Delete
    2. පොඩ්ඩක් අවුල් තමයි. මේකයි හේතුව.

      දැන් බලන්න අඩි දහයේ පාරකට කොන්ක්‍රීට් කරලා විවෘත කරපු තැනක තියෙන නාම පුවරුව, මහින්ද, දමු, බැසිල්, මහාමාර්ග ඇමති, උප ඇමති, ලොකු පලාබබා, මාර්ග පලාබබා, පලාතේ පලාබබා, ප්‍රාදේශීය බබා යනාදී ලයිස්තුවම පෙකින් ඕඩර් එකට දාලා තියෙනවා නේද?

      ගම්සභා පෝස්ටරයක්, කටවුට් එකක වුනත් ෆොටෝ පේලියට දානවා.

      ජේආර්ගේ කාලේ ඉඳලාම එහෙමයි.

      මෙතන වෙනස්. සමහර විට ගම්මන්පිල දැනටමත් චම්පිකට බූට් එක දීලා වෙන්න ඇති.

      Delete
    3. කතන්දර හිතන විදිහ හරි. මොකද කතන්දර දන්න ලංකාවේ දේශපාලනය ඔහොම තමයි. පක්ෂනායකයගෙන් තොර ලෝකයක් නැති දේශපාලනේ. ඒකට කතන්දරට දොස් කියන්න බැහැ. මොකද ලංකාව ගැනවත් ලංකාවේ තියෙන හැම දේශපාලන පක්ෂයක් ගැනමත් කතන්දරට අවබෝධයක් ඇත්තෙත් නැහැ යාවත්කාලීන වෙලත් නැහැ. ඉතිං කතන්දර ඒවා ගැන වෙන රටක ඉඳන් දකින කොට ඔය හැම එකම එක වගේ පේනවා ඇති. ඒක සාමාන්‍යයයි.
      කතන්දරගේ පොඩි වැරැද්දකට තියෙන්නේ කතන්දර දකින්නේ කතන්දරට ඕන පැත්තෙන් විතරමයි. ඒකට මුකුත් කියන්නත් බැහැ. මොකද කතන්දර කියන්නේ සියල්ල දත් කෙනෙක් නෙවෙයිනේ. සාමාන්‍ය මනුස්සයෙක්. නැත්තං කතන්දරට හිතන්න තිබුනා ගම්මන්පිල චම්පිකට බූට් එක තියලාද? නැත්තං හෙළ උරුමේ කියන පක්ෂයේ අනිත් පක්ෂවලට වඩා නිදහසක් ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවද කියලා. එ්කයි මම මුලින්ම කිව්වේ එහෙම කතන්දරට හිතෙන්නෙවත් නැත්තේ කතන්දර දන්නේ රනිල් වගේ මලත් නායකත්වය අතාරින්නේ නැති ඒකාධිපති නායකයො ඉන්න පක්ෂයි. මහින්ද වගේ තමා වටේ මහා පවුරු හදාගන්නා නායකයනුයි ඉන්න පක්ෂ විතරයිනේ.

      හැබැයි කතන්දරට තව දෙයක් මං ගානේ මතක් කරලා දෙන්න ඕන. චම්පික කියන්නේ හෙළ උරුමයේ නායකයා නොවන බව. අනිත් දේ ඔවුන් දෙන්නා බොහෝම හොඳ මිතුරන්. නිතරම එක්වෙලා කතා බහ කරලා තීන්දු තීරණ ගන්න. දැන් දවස් දෙක තුනකට කලින් ඔවුන් දෙදෙනා එක්ක කතා කරන්නට ලැබුන කෙනෙක් හැටියට ඔවුන් දෙදෙනා කොයි තරම් නම් සමාන සිතුම් පැතුම් ඇති දැක්මක් ඇති අයද යන්න මට ඉතා හොදින් වටහා ගන්නට ලැබුනා. ඒ නිසා ඒ බව විශ්වාසයෙන් කියන්න පුළුවන්.

      ස්තූතියි. බ්ලොග් පාඨකයකු වන ඡන්දය කුරුටු ගානා ප්‍රතිපත්තියක විසි හත් වසරක සිට සිටිනා පුද්ගලයෙක්මි.

      Delete
    4. //ඔවුන් දෙදෙනා කොයි තරම් නම් සමාන සිතුම් පැතුම් ඇති දැක්මක් ඇති අයද යන්න මට ඉතා හොදින් වටහා ගන්නට ලැබුනා//
      ඉතින් උන් දෙන්නා බඳින්නෙ නැත්තෙ ඇයි?

      Delete
    5. මොඩස්....

      සමාන සිතුම් තියෙන අදහස් එවුන් බදින්නම් ඔනා නම් උඹ වගේ එවුන් ව බදින්න ඔනා මී හරෙකුකට.....

      Delete
  7. හනේ හපොයි.. කියවල ඉවර වෙන කොට හිත හිස් වුනා..

    ReplyDelete
  8. ඔබ සිරිවර්ධන මහතා වෙනුවෙන් මෙලෙස පරිත්‍යාගකරන රුපියල් සියයේ ආනුභාවයෙන් ඔබටද දෙව් මිනිස් සැප කෙළවර අමා මහ නිවන් සම්පත් සාක්ෂාත් වේවා.....!!

    සාදු සාදු සාදු _/\_

    ReplyDelete
  9. මඩ නොගසා දේශපාලන ලිපියක් ලියන අකාරය ගැන තියෙන නිබන්ධනයක් වගෙයි මේ පොස්ට් එක. ඒ තරමටම රස වින්දා. දාන්න පුළුවන් අවම ගාන හින්ද වෙන්ටෑ 100 තෝරන්න ඇත්තේ. දැන් උදය මහත්තයාට කැමති මිනිස්සු ප්‍රමාණය එයා දන්නවා. දැනට 27,000 ඒ ඇතිද ?

    ReplyDelete
  10. ගම්මන්පිළ අළුත්ම ඇදුමකින් සැරසි නැවත බාර් එකට පැමිණ "සීයක් දෙන්න" යැයි කියන්නේ අපිට ආදරයට නොවන බව දනිමු..!

    පළපුරුදු බාර්කරුවන් ලෙස අපි ගම්මන්පිළගේ කැරැට්ටුව හොඳින්ම දනිමු..! [සභාවේ සිනා]. ඒත් ගමගේට කතා කර ගම්මන්පිළගේ පු*ට දෙකක් දී බාර් එකෙන් එළියට දැමීමට පෙර අප මොහොතක් නතරවී සිතිය යුතුව ඇතැයි සිතමි..!

    ගම්මන්පිළගේ දේශපාලනය මොහොතකට පසෙකින් තැබුවොත් හෝ ගම්මන්පිළ කියන පුද්ගලයා අමතක කර ඔහුගේ ප්‍රචාරක ස්ට්‍රැජිය දෙස පමණක් හිත යොමු කළහොත් අපට දියුණු දේශපාලන ව්‍යපෘතියක් හමුවේ.

    ඒ අපි නිතරම පිළිකුලෙන් බැහැර කරන, අපේ විවේචනයට බඳුන් වෙන පොදුදේපල විකෘති කරන, පොලිතින්, පෝස්ටර්, රිය පෙළපාලි, අරක්කු, බත් පැකට් වලින් තොරව ඡන්දයක් කළ හැකි බව ඔහු ඇස් පනා පිටම ඔප්පු කිරීමට යන නිසාය.

    එනිසා ඔන්න ඔහේ චතුෂ තුෂර කුමාරට සීයක් දෙන්න..!

    ReplyDelete
    Replies
    1. දියුණූ දේශපාලන මොක??

      Delete
    2. දියුණු දේශපාලන ව්‍යාපෘතිය.

      Delete
    3. :)
      පිස්සුද මචං? අමු ඇන්දිල්ලක්. ඇත්තටම උඹ හිතනවද පෝස්ටර් පොලිතින් වලින් ඔය එකෙකුටවත් වැඩිපුර එක චන්දයක් හරි ලැබෙනවා කියලා? මගේ අත්දැකීමනං චන්දෙට නමයෝජනා නම් කරනකොටම අහවලට චන්දෙ දෙන්නෙ කියල මිනිහෙකුට හිතුනොත් හිතුනම තමයි. චන්දෙ දෙන එකාට මොකක්හරි පගාවක් හෝ මානසික අල්ලසක් දීමෙන් හැර ඒක වෙනස්වෙන්නෙ කලාතුරකින්. මොකා පොලිතින් ටොන් ගානක් දැම්මත් ඒක එච්චර තමයි. ගම්මා ඕක නොදන්න බබා කියලද උඹ හිතන්නේ?

      Delete
    4. ගම්මා කියන්නේ අංක එකේ කපටියා. ඒත් බන් කැත දේශපාලන ව්‍යාපෘතීන් වලට වඩා මේක සිරා.

      හැම එකාම රැල්ලට වියදම් කරනවා, අරක්කු වලින් නාවනවා, පොලිතින් යාර ගණන්, පෝස්ටර් තාප්ප පුරා, දොන්ත පතන් කටවුට්, මුයුසිකල් ශෝ මහ සද්දෙට, පාරවල් පුරා මනාප ලකුණු, සාරී, ලැප්ටොප්, මොබයිල් ෆෝන් දන්සැල්.

      යකෝ කාගේ සල්ලිද මේ..?

      සමාන්‍ය මනුස්සයෙක්ට අද දේශපාලනයක් කරන්න පුළුවන්ද..?

      අපිම නේද කතා කරන්නේ සදාචාරවත් දේශපාලනයක් ගැන..?

      Delete
    5. මොකක්ද මාලන් ගම්මන්පිලගේ දියුණු දේශපාලන ව්‍යාපෘතිය? කන්ටෙනර් ගණන් කුඩු එහා මෙහා කරන්න උදව් කරන පාලකයින්ව නැවත පත් කිරීමද? අමුඅමුවේ ඡන්ද නීති කඩ කරලා මම දන්නේ නැහැ කියන එකද? පක්ෂේ නීති උපදේසක නේද?

      Delete
  11. මේ ගැන අව්‍යාජ මාරයා අයියාගේ මත දැක්වීම ඉක්මණින් බලාපොරොත්තු වෙමු.

    ReplyDelete
  12. චතුෂ තුෂර කුමාර වෙනත් තැනක දැක්වූ අදහසක් ඔහුගේ අවසරයෙන් තොරව පළ කෙරේ.

    අපේ මිනිස්සු හිතං ඉන්නේ ගෙඩිය පිටින් ගෙනත් තියලා එක පාර ඔක්කෝම හදන්න.. මෙහෙම උන් එක්ක හදයි මේං කියලා...
    ගම්මන්පිල ගැන විවේචන ඕන තරං තියෙන්න පුළුවන්.. ඒත් අඩුම ගානේ මේ පාර මේ යකා මේ ක්‍රමේට ගන්න ඡන්ද ටික දිහා බලං ඉන්න තව එකෙක් ඕක කොපි කරන එක කරනවම තමා.. (අපි ජාතිය සිංහල ආගම බුද්ධාගමනේ ) ඒ කොපි කරන එකෙක්වත් මහා සුද්ධවන්තයෝ නෙවෙන්න පුළුවන්.. ඒත් දැනට තියෙන මහා සල්ලි ගංගාවක පීනමින් කරන චන්ද ව්‍යාපාරය වෙනස් කරලා මුදල්..පෝස්ටර්..අරක්කු.. බත්... එක්ක දුවන ක්‍රමය වෙනස් කරගත්තොත් හෙට හෝ අනිද්දා දවසක අතේ සල්ලි නැති... ජාවාරම්කාරයින්ගෙන් සල්ලි ගන්න අකමැති.. සුදුසුකම් ඇති බුද්ධිමතුන්ට දේශපාලනයට එනවා කියන එක හීනයක් නොවන තැනටවත් වැඩ සැලසෙයි... ඒ ගැන හිතන්නවත් සමහරු කැමති නැති එක තමා අද තියෙන ලොකුම අවුල...

    ReplyDelete
    Replies
    1. මාලන් දැන් මාරයා අයියාගේ අද්වකාත්ද තෝල්ක මුදලිද?

      Delete
    2. ඇයි ඔයාට ඒ ගැන මොකක් හරි ප්‍රශ්න්යක් තියෙනවද..?
      නිකන් වැඩක් බලන් යනවා මනුස්සයෝ යන්න.

      Delete
    3. අනේ නෑ. මට මොන ප්‍රශ්නයක්ද? ඔයාටම අපූරුවට ගැළපෙන ජොකියානෙ. අයියයි මල්ලියි වගේ දෙන්නා එකට යනකොට.

      Delete
  13. ළමයි ගෑණු ගැන නොහිතන තාත්තා අසරණ වුනත් එකයි ආඩම්බර වුනත් එකයි...මට දුක ලමයි ගැන...එහෙම නැතුව මේ පිම්පියා ගැන නොවේ.

    ReplyDelete
  14. සාමාන්‍යයෙන් ගම්මන්පිළ කියන කක්කා ගොඩ දැක්කාම මාරයා කියන නිළ මැස්සා පියාඹගෙන එන එක අනිවාර්යයි. තවම නැත්තෙ මොකද????

    ReplyDelete
  15. අනේ මාරයියේ, එන්නකෝ මාරයියේ. මාරයියා නැතුව මේ බ්ලොග් පෝස්ට් එක මනමාලයා නැති මඟුල් ගෙයක් වගේ. මිනියක් නැති අවමඟුල් ගෙදරක් වගේ. කෙල්ලෙක් නැති කොටහළු මඟුලක් වගේ. හාමුදුරුකෙනෙක් නැති පන්සලක් වගේ.

    ReplyDelete
  16. නව ගුණ වැල අතේ තියන් මගඩි දේශපාලනයක් කරන ගොම්මන්පිලලගෙ රෙදි ගැලවෙන්නම්ම උඹ ලියල තියෙනවා.. ජයවේවා චාමි,, දිගටම බ්ලොග් එකත් අප්ඩේට් කරපන්...

    ReplyDelete
  17. මට චාමිගේ ලිවීමේ හැකියාව ගැන ඉරිසියයි.

    ReplyDelete
  18. අනේ වාසනාවන්......

    ReplyDelete
  19. dear KAKA,
    thanks you for gave a junk start for the charmis cold engine...

    ReplyDelete
  20. යකෝ ෆට්ට කතාවක් නෙව... හි හි ගම්මංපිල වෙනුවෙන් හිගපතේ යනවද මංද...
    කමක් නෑ කමක් නෑ... කාට හරි හරියනව නං...

    අදයි මෙහෙ ආවෙ... එන්න හැමදාම දාගත්ත රෝලටත් ඔන්න...
    පුලුවං නං එන්න අපේ පැත්තෙත් මෙන්න මම

    අවන්හල

    ReplyDelete
  21. මම නම් දෙසීයක් දැම්මා... නැත්නම් අර කීර්තී ශ්‍රී රාජසිංහද, වර්ණසිංහද කියන එකා පව්නේ... උගෙත් ඇත්තේ මේ අදහස්ම වෙන්න එපාය..

    ReplyDelete