Saturday, March 1, 2014

කාලෙකට පස්සෙ කැමූ

ඉස්තෙපාන් මාර කවියක් උගේ ස්ටේටස් අප්ඬේට් එක විදිහට දාලා. හරියට කැමූ ලියපු එකක් වගේ. ඇත්තටම ‘ඇෙ`ඩන තරමට ජීවත් වෙනවා’ කියන්නෙ කැමූගෙ වචනයක්. ඒත් කවිය ලියලා තියෙන්නෙ ඉස්තෙපාන්. මේ දවස්වල ඌ ජීවිතේ මොකක් හරි අමුතු පරිච්ෙඡ්දයක ඇවිදින්න පටන් අරගෙන. පාවුලෝ කොයෙලො, ඇලන් වොට්ස්, කැමූ කියන්නෙ ඇතුලෙන් පුපුරන සුළු සංයෝගයක්. මොනවා වුණත් ඒ කවිය සිංහලට නොදා බෑ.



‘දවසක මං මැරෙයි
ඒත් මං මැරෙන්නෙ
ඇෙ`ඩන තරමට ජීවත් වුණාට පස්සෙ.

හැම උත්සාහයක්ම වැය කරලා
හැම වචනයක්ම කතා කරලා
හැම සටනක්ම සටන් කරලා
හැම අවදානමක්ම අරගෙන ඉවර වෙලා

මට හදන්න පුළුවන් හැමදේම හදලා
හිනාවෙන්න පුළුවන් උපරිම හිනාවෙලා
අ`ඩන්න පුළුවන් උපරිම අ`ඩලා
 පුළුවන් උපරිම ආදරේ කරලා

මේ ර`ගම`ඩලේ නළුවා මමයි
සංගීතය මවන්නා මමයි
සිහින දකින්නා මමයි

පෙම්වතා
සටන්කාමියා
තනි මිනිසා
සහ පිටුවහලා

මම දිනුම සොයාගත්තොත්
ඔබට එය මං දිනූ දෙයින් පෙනේවි
මා සොයා ගත්තේ පරාජයම පමණක් නම්
එය මාගේ කැළැල් වලින් පෙනේවි

ඒ කොහොම වුණත්
මරණය මා අඳුනන්න බොහෝ කලින්
මා මරණය අඳුනගනු ඇති.
මා දැක බය වෙන්නෙ මා නොවේ මරණයයි.
මොකද මං යද්දි, ඒ මගේ වෙලාව නිසා නෙමෙයි
දෛවයට නිදිවදින්න, කර්මයට මගේ  දෙක ලෙව කන්න

මං යන්නෙ
මට දෙන්න තිබුුණු හැමදෙයක්ම
දීලා ඉවර නිසා
තව මොකුත් ඉතුරු නැති නිසා.

ඇල්බෙයා කැමූගේ පිටස්තරයා කියවපු එක මගේ ජීවිතේට උල්කාපාතයක් කඩං වැටුණ වගේ වුණා. (දීප්තිගේ භාෂාවෙන් කිව්වොත් ක‍්‍රිටිකල් ඩැමේජ් වෙච්ච හදිසි අනතුරක්) ඒ පොත වැරදි වෙලාවක කියෙව්වොත් මර්සො ඒ කියවන මිනිහට ආවේස වෙනවා. ජීවිතේ හැම තැනකින්ම මර්සො එබිලා බලන්න පටන් ගන්නවා. ආයිමත් කෙලින් ඇවිදින්න සෑහෙන කාලයක් ගතවෙනවා.

මේ කවියත් එක්ක ආපු ත‍්‍රිලට ආපහු නෙට් එකේ කැමූ හොය හොය ඇවිදිද්දි හම්බුණා එයා 1957දි නොබෙල් සම්මානය ගනිද්දි කරපු කතාවක්. කතාවම ලියන්න බැරි වුණත් ලස්සන තැන් කීපයක් සටහන් කරගෙන යන්නං. කාලෙකට පස්සෙ කැමූ කියන්නෙ වැස්සකට උණු කෝපි එකක් වගේ. තිත්තයි. කළුයි. මාරයි.
”හැම මිනිහෙකුටම, ඊට වඩා දැඩි හේතු මත හැම ආර්ටිස්ට් කෙනෙකුටම පිළිගැනීමක්, අගය කිරීමක් අවශ්‍යයි.

ඒත් මේ පිළිගැනීම නිසා මගේ ‘ඇත්ත මට’ වෙන්න පුළුවන් බලපෑම් ගැන නොසිතා ඉන්න මට බැරි වුණා. තාමත් තරුණ ... සැකයන්ගෙන් විතරක් පොහොසත්... තාම එයාගෙ වැඩ පටන් ගත්තා විතරක් වගේ... වැඩ එක්ක තනි වෙන්න හරි යාලූවො එක්ක රංචු වෙන්න හරි විතරක් පුරුදු... මිනිහෙකුට එකපාර මේ වගේ දෙයක් වුණහම, හැමෝගෙම අවධානයේ කේන්ද්‍රය වුණහම කලබල නොවී කොහොමද?

ඒ වගේම යුරෝපයේ හු`ගක් විශිෂ්ට තවත් ලියන්නො දැඩි නිශ්ශබ්දතාවයෙන් නොතකා හැර ඇති වෙලාවක, එයා ඉපදුණු රට කෙලවරක් නැති ව්‍යසන ගොඩක් මතින් ඇදෙන වෙලාවක, ඒ මනුස්සයා මොන හිතකින්ද  මේ ගෞරවය බාර ගන්නෙ.

මේ වගේ මගේ ඇතුලෙම ආපු අර්බුද ගොඩක් අතරෙ මේ හදිස්සියේ විවෘත වුණු  ඕනවටත් වඩා ලොකු ත්‍යාගවන්ත බව ඉදිරියේ මගේ තනියට හිටියෙ, මාව ශක්තිමත් කළේ එක දෙයයි. ඒ ජීවිතේ පුරාම හැම අවුල් සහගත වෙලාවකම මගේ ළ`ග හිටපු දේ. ඒ කලාව සහ ලේඛකයෙක් විදිහට මගේ වැඩකොටස ගැන මට තිබුණු අදහස. හු`ගක් නිහතමානීව අවසර ඉල්ලනවා ඒ සරල අදහස කෙටියෙන් කියන්න.

මට මගේ කලාව නැතුව ජීවත් වෙන්න බෑ. ඒත් මං ඒක හැමදේකටම වඩා ඉහළින් තියන්නෙ නෑ. ඒත් අනිත් පැත්තෙන් ඒක මට  ඕනෙ, මට මං විදිහට ජීවත් වෙන්න ඒකෙන් ඉඩ සලසන හින්ද. මාත් එක්ක ඉන්න අනිත් මිනිස්සු වගේම ඒ මිනිස්සුන්ගෙ මට්ටමෙන් සමානව ජීවත් වෙන්න. මොකද ඒ කලාවෙන් ඒ මිනිස්සුන්ව වෙන් කරන්න කවදාවත් බැරි නිසා.  ඒක දහස් ගණන් මිනිසුන්ගේ ජීවිත එකට කැළතුණු සාමාන්‍ය ජීවිතේ තෘප්තීන් සහ වේදනාවන් ගැන කලාවක්. එතනදි කලාකරුවාට ඒකෙන් වෙන් වෙලා ඉන්න බෑ. එයාට සිද්ද වෙනවා යටහත්පහත් විදිහට එක විශ්වීය සත්‍යයක් බාර ගන්න. තමන් අනිත් අයගෙන් වෙනස් කියලා හිතාගෙන කලාව කරන්න ගන්න කලාකරුවාට මෙතනදි තේරුම් යනවා, එයාගේ කලාව හෝ මේ වෙනස පවතින්නෙ නෑ එයා අනිත් මිනිස්සු වගේමයි කියන ඇත්ත පිළි නොගත්තොත් කියල. කලාකරුවා මුලින්ම හැංගිලා ඒ මිනිස්සු අතරෙ යන්න බලනවා. ඒත් ගමන මැද්දෙදි ඒ ආස්වාදය සහ ඒ මිනිස්සු හින්දා එයාට එතනින් තමන්ව වෙන් කරන්න බැරි වෙනවා. ඒකයි හරි කලකරුවෙකුට කිසි දෙයක් හෙළා දකින්න බැරි. එයා තේරුම් ගන්නවා මිසක් විනිශ්චය කරන්නෙ නෑ. කලකරුවෙකුට මොකක් හරි පැත්තක් ගන්න වුනොත්, නීට්ෂෙ එකතැනක ලස්සනට කියනවා වගේ එයාට ඒ පැත්ත ගන්න වෙන්නෙ විනිශ්චයකරුවන් විසින් නෙමෙයි නිර්මාණකරුවන් විසින් පාලනය වෙන සමාජයක් වෙනුවෙන්. ඒ නිර්මාණකරුවා කම්කරුවෙක් වෙන්නත් පුළුවන්, බුද්ධිමතෙක් වෙන්නත් පුළුවන්.

මෙ විදිහටම ආර්ටිස්ට් කෙනෙකුට තමන්ට පැවරිලා තියෙන දුෂ්කර කාර්යය මග අරින්න බෑ. එයාට තියෙන්නෙ ඉතිහාසය ලියන මිනිස්සු එක්ක වැඩ කරන්න නෙමෙයි. එයා වැඩකරන්න  ඕන ඒ ඉතිහාසය විසින් බැටකන මිනිස්සු එක්ක. නැත්තං එයාගෙ කලාවෙන් එයාව නෙරපා හරිනවා හුදකලාවට. ලක්ෂ ගානක් මිනිස්සු, හමුදා වටේ තියාගත්තත් එයාට මේ හුදකලාවෙන් ගැලවෙන්න බැරි වෙනවා. ඒත් ලෝකයේ අනිත් කෙලවරේ අපවාද අවලාද මැද පීඩිත නාඳුනන සිරකරුවෙකුගේ නිහ`ඩතාවයට පුළුවන් ආයිමත් මේ කලාකරුවාව කලාවේ පිටුවහලෙන් මුදවන්න. ඒත් ඒ නිහ`ඩතාවට ඔහුට ඇසෙනවා නම් පමණයි. ඒ නිහ`ඩතාවය ඔහුගේ කලාව තුළ හ`ඩක් වෙනවා නම් පමණයි.

මේ කතාව තව දිගට යනවා. ඒ ඉතුරු ටික ලියන්න ඉඩ මදි වෙනවා. ඒත් කැමූ එක්ක ඇවිදින්න යන එක හැමවෙලාවකම තරුණ වෙන අත්දැකීමක්. සිගරට් එකක් බිබී නිදහස් චතුරශ්‍රෙ ඇ`ග බහින්න ඇවිදින මිනිස්සු ගෑණු මැද්දෙ ඉඳන් කැමූ කියවන්න මං ආසයි.

ඒත් එතන සිගරට් බොන්න තහනං.

-චින්තන ධර්මදාස






No comments:

Post a Comment