February 17, 2014

JVP අනුර රාජපක්ෂ වෙනුශාගේ මිනිය විකුණයි

අනුර රාජපක්ෂ නමැති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීම් වලට වතුර අදින කුරුණෑගල ප්‍රදේශයට සම්භන්ධ ප්‍රබල සාමාජිකයෙකු ශ්‍රීමත් ජෝන් කොතලාවල මහා විද්‍යාලයේ මිය ගිය අහිංසක වෙනුශාගේ මිනිය විකුනන් කන බව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිගමනය වී හමාරය. වෙනුශාගේ දෙමව්පියන්ද උසිගන්වමින් පිකටින් සංවිධානය කරමින් කුරුණෑගල ප්‍රදේශය වන කරන්නට යන මේ රකුසා යන එනමන් නැති නීතියේ රැහැනෙන් පලා යමින් සැරිසරණ පුද්ගලයෙක් බව කුරුණෑගල පොලිසියෙන් අද වාර්තා විය. පසු ගියදා බලපත්‍ර නැති බයිසිකලයක මොහු කුරුණෑගලට මාවතගම සිට පැමිණ ඇත. පොලිසියෙන් අල්ලාගත් විගස ඔහු පවසා ඇත්තේ තමන් වෙනුශාගේ පිකටින් එක මෙහෙයවන බවත් ඉක්මනින් යායුතු බවත්ය. එසැණින් පොලිසිය ඔහුට නඩු පවරා ඇත. දේශපාලන පෙළඹවීමක් මත වයඹ මහ ඇමතිගේ චරිතයද කෙලසන්නට මොහුට මුදල්ද ලැබී ඇත. පාසලටවත් විදුහල්පතිටවත් වෙනුශාගේ පවුලටවත් කිසිම සම්බන්ධයක් නැති මොහු මේ ආකාරයෙන් හැසිරෙන්නේ කුමකටදැයි කුරුණෑගල පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි. විශේෂ කාරණය වන්නේ මේ පුද්ගලයා කුරුණෑගල සිටින ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී වරයෙක් සමග විශාල හාදකමක් පවත්වන අතර ඔහුගෙන් කුරුණෑගල සම්බන්ධව සියලු තොරතුරු සොයා ගන්නා බවයි. මොවුන් පිරිස එක්වී අහිංසක දරුවකුගේ ආත්මයක් බිල්ලට ගන්නේ ඔවුන්ගේ පක්ෂයේම සුනඛ චර්යාවන් පිළිඹිබු කරන්නට වනවා සැකයක් නැත. 1980 ගණන් සිට අද දක්වාම ලංකාවේ භීෂණයේ පෙරගමන්කරු නමැති ලාංඡනය ඔවුන් සතුවුයේ සියදහස් ගණනක් අහිංසක ජීවිත බිලිගත් නිසාවෙනි. යුද්ධය නිමාවුවද ලංකාවේ ඇතුලාන්තයෙහි මිනී මරණ කෂඩයින් හෙවත් ජනතා විමුක්ති පෙරමුණේ ගේම් ගහන අවජාතකයින් පන්නා දැමීමට පෙළ ගැසීමට කාලය එළඹී ඇත. හරි වැරැද්ද කාගේ වුවද වෙනුෂා වැනි අහිංසක දරුවන්ගේ දේහය විකුණමින් අධිරාජ්‍යවාදයේ නිරුවත හොල්ල හොල්ලා යන මෙවැනි හිකනලුන්ට ජනතාවගෙන් පිළිතුරු ලැබේවා.

No comments:

Post a Comment

ADVERTISEMENT

------------------------------ -----------------------------

Total Pageviews

Connect With Us

 

Lanka News Hora. Copyright 2014 All Rights Reserved.© All the content on this website is copyright protected.