Monday, February 17, 2014

ආදරයට වෙඩිතියන්න...!

 

 

ඉලක්කය 

මානමුද 

අපි දෙන්නම

එකතු වෙලා 

පාට කරපු නිල් පාට 

අහසට.....


එක උණ්ඩයක් 

හොදටොම ඇති,

කුඩු වෙලා 

විසිරෙන්න වෙඩිතියන්න

මුලු අහසටම.....


අපේ අහසේ කෑලි 

වැටෙනවා දැකපු

මිනිස්සු කියයි.


"ඇති යාන්තම් නියගය ඉවර වෙලා 

වැහි පොදක් වැටෙනවා" කියලා...


තව එක 

උන්ඩයක් 

ඉතුරුයි...

 

ඒක අපි 

දෙන්නට...



8 comments:

  1. මටත් තිබ්බනං ලොකු බයිනෙත්තුවක් වෙඩි තියන්නෑ අනිනවා රිදෙන්නම

    ReplyDelete
  2. එක උන්ඩය ඇති වෙයිද ඇත්තටම දෙන්නට..

    ReplyDelete
  3. එක උණ්ඩයට අමතරව තව බැකප් එකක් තියාගන්න එක වටිනවා මචෝ...

    ReplyDelete
    Replies
    1. දැන් වෙන දේවල් වල හැටියට එකත් හරි තමයි....

      Delete
  4. දෙන්නටම එක උණ්ඩයක් මදියි එක්කෙනෙක්ට වෙන්නේ සිය දිවි හාණි කරගන්නයි.

    ReplyDelete
    Replies
    1. හරියට ආදරය කලා කියන්නේ වේඩි කෑවා වගේ වැඩක්...

      Delete

මං පටන් ගත්ත කතාව ඉස්සරහට අරන් යන එක උබලට බාරයි.
ඒක වෙන්නෙ කමෙන්ට් හරහා....
මේ සංවාදයකට කාලයයි...