Thursday, February 6, 2014

දයාට සීයයි...!!!


සිංහල බ්ලොග් කළාවේ කියවීමට දෙයක් නැත, වැදගත් යමක් නැත, විකාරයක්ය කියලා මතයක් බ්ලොග් ලියන කියන අයම ගොඩ නගනවා.. මම නම් ඒ මත එකක් වත් පිළිගන්නේ නෑ. විඳින්න පුළුවන් දේ අනන්තයි.. ඒවන් බ්ලොග් අඩවියක් තමයි, "අස්වැන්න".

ලියන්නේ වෘත්තිකයෙක්, වෘත්තියෙන් ඔහු නීතීඥ්ඥයෙක්, එමෙන්ම සුන්දර කළාකරුවෙක්.. කළාවේ ක්ෂේත්‍ර කීපයක්ම නියෝජනයා කරනවා. ඔහුගේ බ්ලොග් අඩවිය රස ගුලාවක්, සුභාවිත සංගීතයම නොවෙයි ඔහු විෂය කොට ගන්නේ. ඒ වගේම හිට්ස් කොමෙන්ට් ගැන කඳුළු හෙලන බ්ලොග් කරුවන්ට ඔහු ආදර්ශයක්.

ඔහුගේ 100 වැනි බ්ලොග් පෝස්ටුව අද එළිදක්වලා තියෙනවා.. ඒකත් නැවුම් අදහසක්.. නැවුම් ඉදිරිපත් කිරීමක්, නැවුම් දැක්මක්.. මේ වගේ මිනිස්සුන්ට මම බොහෝ සෙයින් ආදරය කරනවා..

ඔබත් ගොඩවෙන්න මෙතනින්.. ඔහුට සුභ පතන්න..

(මහාචාර්ය තුමාගේ අදහසුත් එතන තියෙනවා.   :)  මට ලැජ්ජත් එක්ක.. )

5 comments:

  1. ලංකාවෙ හැටියට බ්ලොග් කියන්නෙ තාම විනෝදය සපයන කලාවක්. අපි එයින් මිදෙන්න උත්සාහ කරමු කීප දෙනෙක් හරි එවිට ලෝකයම අපි දෙසට හැරේවි.. ස්තූතියි මාතලන්ට

    ReplyDelete
  2. අපි, අපි වටේට රාමු ගහ ගන්නේ නැතුව නිදහස් රස වින්දනයක යෙදෙනවා නම්, සිංහල බ්ලොග් වල කියවන්න දේ ඕන තරම්.

    ස්තුතියි මාතලන් අයියා ඒ පැත්තට පාර කිව්වට.

    ReplyDelete
  3. බ්ලොග් අවකාශේ බහුතරයක් ඉන්නේ යොවුන් වියේ අය. ඒ වගේම ලිවීමටත් ආධුනික අය. ඒ වගේ කෙනෙකුට ගුරුහුරුකමක් ගන්න කියවන්න හොඳ බ්ලොග් අඩවියක් තමයි අස්වැන්න.

    ReplyDelete
  4. ඇත්ත අපට ගුරුහරුකම් ගන්න තිබෙන බ්ලොග් සංඛ්‍යාව අතලොස්සයි.ඉතින් ඒකයි මේ වගෙ බ්ලොග් හරිම වටින්නෙ

    ReplyDelete

Followers

Powered By Blogger