සුරඟන….
තනිකමේ ශීත සෘතුව නිමයි
ගල් ගැහුණු හදවතක් අභියස
ප්‍රේමයේ වසත් සමය කැන්දුව
පුංචි සුරංඟන ඇයයි…
ආදරය ලා දලු දමා වැඩෙයි
අඳුරේම තිබි දෑස් අභියස
ප්‍රේමයේ හැඩ රටා පෙන්වන
පුංචි සුරඟන ඇයයි…
දෙතොල් එක් කළ හාදු මල් සුවයි
හැඟුම් සිරවුණු හිතක් අභියස
ප්‍රේමයේ සුව නෙතින් පවසන
පුංචි සුරඟන ඇයයි…
ප්‍රේමයේ වසන්තය ඇයයි
ඇඟිලි පැටලුනු දෑත් අභියස,
එකට යා වුණු දෑස් අභියස,
රෝමාන්තික මතකයන් ගෙන එන
පුංචි සුරඟන මගෙයි!