Monday, February 03, 2014

[300] වන මැදින් සිරිපා පිණිපා කොට..

බස් එකේ විනීතව නුවර පැමිණෙන සෙනග
වැව රවුමේ .. රෑ සංචාරේ
ගියත් ගියායින් එහෙවු ගමනක් නම් ගියේ නැත. අවුරුද්දක් තිස්සේ ප්ලෑන් ගැසුවෙමු. අන්තිමේ 13 රෑ වෙනතුරුම එකදු ප්ලෑනකුදු ක්‍රියාත්මක නොවුනේය. ඒකෙත් හැටි ! හැබැයි සන්තෝසේ බැරිය ! ප්ලෑන් ගසන්නට , කඩන්නට මෙන්ම ප්ලෑනක් නැති නිසාවෙන්ම තුටුවන්නට මේ ගමන් සගයින්ට හැක්කේය.

ඇතමුන්ගේ විනීත චායාරූප
12 දා රෑ වනවිටත් ප්ලෑනක් නම් තිබ්බේම නැත්තේය. එන්නේ කවුද නැත්තේ කවුදැයි දැන ගන්නේ උදෑසන සෝරෝවාගේ ඇමතුමෙනි.

හැටන් දුම් රිය ස්ථානය
 
හැටන් දුම් රිය සිථානයේ බසයේ සිට
බසයේ කල් මැරීම
එහෙනම් හවස දැන් එන්නෙ කොහොමද?  සෝරෝවා මගෙන් අසයි.

මම දන්නෙ නැහැ. එන විදියකට එනවලා . ගෙදර නැවතියෑකි.  සෝරෝට මගෙන් දැනගන්ට ලැබෙන්නේ එච්චරකි.


බස් එක පිටත් වෙන්නේ 10.30 ලු ????
දස අතේ බනිමින් පනුවාට , ඉනෝශාට හසීට සහ සීනයාට කෝල් දෙමින් අවසානයේ හවස 4ට කොටුවෙ 'කො' යන්න යට කට්ටිය මුණ ගැහෙන බවත්, එන විදියකට නුවර එන බවත් තීරණය වෙයි.  ඉනෝශාට කවදත් වාගේ වෙලාවටම වැඩ කිරීමට හිතෙයි. ඒ නිසා රෑ 9 වෙද්දී කට්ටිය නුවරය !
  
වැඩ ඇරී සඳුදා ගෙදර එන මට සිරිපා ගමනට අත්‍යවශ්‍ය ටෙනී සපත්තුව ඇත්තේ ගෙදර නොව ඔපිසියේ බව සිහි වුනාය. තිරෝද රියක නැගී ඔපිසියට රෑ 9ට සැපත්ව මුරකරු අන්දමන්ද කරවන මා , ඔපිසිය ඇරවා , සපත්තුව ගනිමි.  එයත් ගෙන 9ට සැපත්ව සිටින නඩය පිලිගන්ට නුවර යමි.
පොංගල් බත් ලැබුනි
ඔයින් මෙයින් කල්ප ගානක් තිස්සේ ඉනෝශාගේත් මගේත් හිතේ කැකෑරුනු සිහිනයක් සැබෑ වෙයි. රෑ දෙගොඩ හරියේ නුවර රස්තියාදුව ! කෙල්ලන් දෙන්නෙකුට කිසිසේත් තනියම කරන්ට බැරි මේ වැඩය , ආරස්සාවට ඉන්නා කොල්ලන් තුන්දෙනාට පින් සිදුවන්නට ඉටු වුනේය.



සිරිපා වනජීවී කාර්යාලෙන් වන ගමන ඇරඹෙයි
නඩේ ගුරාගේ අණ පිලිපදිමින්, ...
බඩගිනිය. මුස්ලිම් හෝටලය වහන්ට ඔන්න මෙන්නය. වේටරයාට බැගෑපත්ව කන්ට තියන ඕනෙම දෙයක් ගේන ලෙස ඉල්ලමු. යීස්ට් රොටි කීපයකුත් අල හොද්දකුත් , මාලු හොදිත් ලැබුනි. කොල්ලන් තුන් දෙනාට සිරිපා යන්නට මස් මාලු නොකා පේවෙන්නට අවැසි නැත. මන්ද අප උන් වෙනුවෙන් ඒ වතාවත ඉටු කල නිසාය. ඉනෝශා සතියක්ද , හසී දින තුනක්ද , මම එක දවසක්ද එය ඉටු කළෙමු. කැලේ යන අපට දෙයියන්ගේ පිහිට ඉල්ලන්ට එපැයි.

රාජමලෙයි කෝවිල සහ ගම්මානය

මුස්ලිම් හෝටලයෙන් කා බී , වීදි බට අප , ෆුඩ් සිටියට ගොඩ වැදී අයිස්ක්‍රිම් කීපයකින් බඩේ අඩු තැන් පුරවා ගනිමු. වැවරවුමේ තැබිලි එලි පිටවෙන ලාම්පුවට මත් වන ඉනෝශා ට urban chik නම තබන්නේ සිහිනයාය .
යහමින් ගම්මුන් අපට සංග්‍රහ කලෝය
ඇය නුවර වැවරවුමේ අසිරියෙන් මත් වී ෆොටෝ ගසාගෙන ගසාගෙන යන්නීය.නුවර බේබදු මාර්ග සංචාරකයන්ගෙන් මේ අසරණ ගැහැනු ලමුන් තිදෙනා බේරාගෙන කොල්ලෝ තිදෙනා සමග අපේ නිවසට ගාටගතිමු.
ගම් වැසියන්ගේ සොඳුරු සිනහව සමග 
නිදා සිටින අම්මා ඇහැරවා , ගේ පුරා ලයිට් දමා , බැණුම් අසා ගමනට මහත් ප්‍රීති සහගත ආරම්භයක් ගත්තෙමු.  කෙසේ වෙතත් පාන්දර එකේ සිට තුනයි පනහ තෙක් කෙටි කුකුල් නින්දකින් ඇහැරී මූණ කට බාගෙට හෝදා ගන්නා අප එන බස් එකක නැග ගන්නෙමැයි සිත හදාගෙන මගට බසින්නෙමු. (මන්ද මට තෙරෝද රියකට පාන්දර එන්නැයි කියන්නට අමතක වූ හෙයිනි) පයින්ම නුවර යාම හැර වෙන විකල්පයක් නැත.
 
යටිකූරියා මල් - පනුවාගේ සහ රැන්ඩිගේ සොයා ගැනීමකි
නුවර පේනමානය තෙක්ම බසයක් එන්නෙ නැත. වාසනාවට නුවරට කිලෝමීටර භාගයක් තබා තෙරෝදරියක් පැමිණෙයි. සය දෙනාම කිටි කිටියේ නංවා ගන්නට තරම් කාරුණික වූ රියැදුරු නිසාවෙන්ම 5.30ට පිටත් වන හැටන් බසයට විනාඩි හතරකට පෙර නැග ගත්තෙමු.
වෙලාව උදෑසන 8ය. ! හැටන් නගරයෙන් බැස ගන්නා අපට බඩගිනිය. රුපියල් අසූවයි ! උදේ කෑම ඕනෙ තරම් කන්න බුෆේ බුෆේ ! සවනට මී වක්කරන්නා බඳුය. හසි නගාට දැනුන කුඩා කරකැවිල්ලත් කෑම එක්කම සුව වෙයි. බුෆේ එකෙන් පසුව නල්ල තන්නියට බස් සෙවූයෙමු. සිහිනයාට වතුර නැති නිසා කාන්තා ටොයිලට් එකකට රිංගන්නට වූයේය. වෙනත් කාන්තාවන්ට සිහිනයාගෙන් විය හැකි අතවර අවම කරනු වස් , ඔහු පිටට එන තුරු කිසිදු කාන්තාවකට ඒ ප්‍රදේශයට ලංවීමට අපි ඉඩ නොතැබීමු.
සමනල තැන්නේ ගිමන් හරිමින්
හැටන් දුම් රිය පොළ අසල නල්ලතන්නි බසයක් තිබේ . එහෙත් එහි කිසිවකුත් නැත. ටිකක් විමසා බලද්දී පසක් වන්නේ එම බසය පිටත් වන්නේ 10.30 ට බවයි. පැය දෙකක් !!!  බසයට නැගි අප අදහිරිය වන ඒ කියුම හමුවේ අප බසයෙන් යලිත් බසින්නෙමු. ලංගමේ මහත්වරු එයට ඉඩ දෙන්නේ නැත. ඒ බසයට සිටි මගීන් පස් දෙනා අහිමි කරගැනීමට ඔවුන් අකැමතිය. එනිසා බසය 9/30ට පිටත් වීමට එකඟ වුනි.තෛපොන්ගල් දිනය නිසා අතර මගදී කෙසෙල් කොලේක පොංගල් කිරිබත්ද බසයට ලැබුනේය. අහා රස!


මරේ වතුයාය ඔස්සේ සොඳුරු දසුන්
11.30 වන විට රැන්ඩිගේ නඩය සොයා , නුවර නඩය නල්ලතන්නියේ බැස ගතිමු. සිරිපා වන ජිවී කාර්යාලය තෙක් ගමන් ගන්නා අපට මුණ ගැසෙන රැන්ඩි අපට වන ගමන් පිලිබඳ උපදෙස් මාලාවක් සපයනු ලැබුවේය. මෙතැන් පටන් අපේ නඩේ ගුරා රැන්ඩිය.


සමනල තැන්නේදී පෙනෙන සිරිපා කඳු මුදුන
වනජිවි කාර්යාලය අසලින් මරේ වතුයාය ඔස්සේ දැන් අප නිහඬව එකා පසුපස්සේ එකා බැගින් ගමන් ගනිමින් සිටිමි. මනහර තේවතු යාය මැද්දෙන් රැන්ඩිගේ කතා බහ අතරෙන් , විවේකයක් නොදීම අප නඩේ ගුරා එක හැල්මේ අපට කඳු නග්ගවයි.  අපට හතිය! සෑහෙන වෙලාවක් නාහෙන් හැඬීමෙන් සහ කෑම බෑගයට අණ හිතුමතේ අත පෙවීමෙන් අප ගිමන් නිවා ගතිමු.

සමනල තැන්න
රාජමලෙයි කුඩා ගම්මානය , වන අඩවියට පිවිසුම් දොරටුවෙහි හමුවන මනුෂ්‍ය වාසයයි. තෛපොන්ගල් නිමිත්තෙන් සංචාරක අපට සංග්‍රහ කිරීමට ඔවුන් මහත් සන්තෝෂයෙන් ඉදිරිපත් වෙති.  යහමින් කහ බතින් සහ රසවත් මාලි පිණි වලින් සප්පායම් වන අප කටුක වන ගමන අරඹමු. රැන්ඩිගේ අණ අනුව කට පියාගෙන සිටීම මහත් ආයාසයකින් පුහුණු වෙමින් අප පැය දෙකක පමණ ගමනකින් මනහර සමනල තැන්නට ආසන්න වෙමු.
වන මං ඔස්සේ
සමනල තැන්නේ පැයක් පමණ විඩා හරින අපට ජූජක බමුණාගේ කෝලමත් රූගත කිරීමට අවස්ථාව ලැබේ. (වීඩියෝව මග එනවා)  . මනාසේ රුධිර ගමනාගමනය ක්‍රමවත් කරගැනීමෙන් පසුව අප තවත් පැයක් දෙකක පමණ ගමනකින් , අඳුර වැටෙන්නට ඔන්න මෙන්න කියා හරිත සොඳුරු වන පියස කෙළවර කරමින් ඉඳිකටුපානට සැපත් වන්නෙමු. කෝඩුකාර කසුන් 1 , කසුන් 2 සහ හසී නගා කැන්දාගෙන රැන්ඩි ඉඳිකටු පානේ ඉඳිකටු අමුණන්නට පල්ලම් බසිද්දී ඉතුරු අප බිස්කට් ගබඩාවෙන් හතරෙන් එකකට පමණ වග කීවේ මහත් නිර්ලෝභී සිතිනි.
කූඩැල්ලන් ඇසුරේ
කලුවර වැටීගෙන එයි. රාත්‍රී 8 පමණ වෙද්දී කෙමෙන් කෙමෙන් වැඩිවන සෙනග මධ්‍යයේ අප උඩ මලුවට සැපත් වීමු. සෙනග වැඩිවන්නේ තව රෑ වෙද්දීය. ඊට පපෙර විශ්‍රාම ශාලාවේ වර්ග මීටර දෙකක පමණ කුඩා කොටුවක් අප වෙනුවෙන් වෙන් කරගන්නට රැන්ඩි සමත් වෙයි.   දස දෙනෙකුගේ නඩයෙන් නව දෙනෙකුම ඔය කුඩා අගු පිලෙහි ගුලී ගැසී පැය තුනක් නිදා ගත්තේ මෙසේය. එවෙලේ එලියට පැමිණි බයිට් පැකැට්ටුව අමතක කළ නොහැක්කේය.

ඉඳිකටු පාන
උඩ මලුව පෙර කවදාටත් වඩා ශාන්තය. සෙනග අඩුය. ඉනෝශා නගා ගෙනා වැටකෙයා මල් පූජා කරන්නට  හසීටත් මටත් ඉඩ ලැබුනේය.

රෑ එකොළහ පමණ වෙනතුරු සීතලේ ගැහෙමින් ගුලුවී නිදියන අපට ඉර සේවය හෙට බලාපොරොත්තු විය නොහැකි බව ශබ්ද විකාශනයෙන් ඇසෙයි. අදහිරියට පත් වන අප යලිත් පහළට කරුණා කිරීමට තීරණය කලෙමු.


උඩ මලුව - මහ සෙනග
සීතල හැමදේටත් වඩා ඉහලින් නැගී සිටියි. මඳ දුරක් පහළට බසින අපට එක අඩුවක් මතක් වෙයි. කට දන ලුනුමිරිස් සහ රොටී මෙවර සප්පායම් වූයේ අඩුවෙනි. කට්ටියක් රොටී කද්දී තවත් කට්ටියක් බංකුවේම ගුලිවී නිදති. පැයක පමන තවත් කෙටි නින්දකින් යලිත් නඩය සාම චෛත්‍යය තෙක්ම හැල්මේ කරුණා කලෝය.


ගුලිවී නිදන නඩය
පසුගිය සිරිපා සැසියෙහි සින්දු කියා බිස්නස් වැඩි කරදුන් කඩය ඉදිරියෙහි අපේ පුරුදු ගී ගායනා කොට අලෙවි ප්‍රවර්ධන සත්කාරයක් කිරීමට අපි අමතක නොකළෙමු. ඒ කුඩා සංගීත සංදර්ශනය නැරඹීමටම විදේශික කතුන් පිරිසක් සිය කාලයෙන් විනාඩි දහයක් පමන අප වෙනුවෙන්ම වැය කළෝය . 
සීතල උල්පත් වතුර
සාම චෛත්‍යය අසලදී යලිත් අපට නිදිමත හැදුනි.. සීතලද අධිකය. සාම චෛත්‍යයේ පිටත අගුපිලෙහි පැදුරු කොට්ට රේන් කෝට් එලා ගන්නා අපි යලිත් පාන්දර වන තුරු ගුලිවී නින්දට වැටුනි. යලිත් අප ඇහැරෙන්නේ පාන්දර පහයි තිහටය. ඒ ඇටකටු කීරි ගස්වන අධික සීතල නිසාවෙන් නින්ද තවත් නොයන නිසාමය. බිම වැටී සිටි ඇටකිචි ගෙඹි සැකිල්ලක් රැන්ඩි සාක්කුවේ රුවා ගනියි. වනජීවී නිලධාරීන්ට දෙන්නටයැයි කීවාට , ඒ ගෙඹි සුප් හැදීමටදැයි සාක්ෂි නැත්තේය.

යන යන තැන නිදාගත් පනූ
උදෑසන 9 වෙද්දී නල්ල තන්නි බස් නැවතුමට එද්දී හොඳ ගණන්ය. එහෙත් නොසැලී නුවරටම බසයේ යාගත යුතුය.  නල්ලතන්නියෙන් හැටන් යන බසයේ දස දෙනාගේ නඩය එල්ලුනෙමු. හිටගෙනම හැටන් තෙක් කරුණා කරමු. අපේ හිතැති නඩය ශෝකී ලෙස දැන් දෙකට කැඩෙන වෙලාවය . කසුන් 1 සහ සිහින හැටන් වලින් කොලඹ බසයට නැග්ගෝය. අපි හැටන් වලින් නුවර බසයක් ගතිමු. මුල් හෝරාව නිදාගෙනද අවසන් හෝරාව පණුවාගේ ගීත සමුච්චයකින්ද සමන්විත වෙයි.

අපිත් නිදා ගත්තෙ නැතුවා නොවෙයි
බසයේ මිනිස්සු හැරි හැරී බලති. පණුවා මෙලෝ සිහියක් නැතිව අවසන් අසුන් කොනෙහි ගී කියයි. සෝරෝ ද අවසිහියෙන් මෙන් තාල අල්ලයි. අපි ගීතයේ අරුත් විමසමින් හිකි හිකි ගාමින් සිටිමු. 
ශූටින් වලට පෙර උපදෙස් - සමනල තැන්න
මුල්ගම්පලින් අපේ සොඳුරු අඩල් චාරිකාව අවසන් විය. රැන්ඩි අපෙන් සමුගත්තේය. රැන්ඩල්ස් හිල් දුම්‍රිය නැවතුමේ පනුවාත් රැන්ඩිත් එකිනෙකා වැලඳගනිමින් ගමන නිම වෙයි.
සොඳුරු දසුන්
ගියාත් ගියායින් එහෙවු අඩල් ගමනක් ගියේ නැත.  මේ ලියන්නේ සිරිපා ගොස් පැමිණි බාරය ඔප්පු කිරීමට පැයකට පෙරය. පෙනී යන තාලෙට හැම අවුරුද්දේම සිරිපා සැසිය එන්න එන්නම අඩල් වූයේය. ඒ තරම්ම විනෝදබර වූවේය. එන පාර නම් මොනවා (නො) වේද කියා මෙහෙම බලද්දී සැකය. ඒත් ගමනක උපරිමම සතුට ඒකය.

මරේ කවද්ද තේ වත්තක් ගත්තේ ??? :)

සොඳුරු දසුන්
 ගමන නම් අවසන්. ආයෙත් අවාරෙ සිරිපා යන්නත් සැලසුමක් තිබෙයි. ගමන පුරා නොයෙක් දෑ කියා දුන් , අපව වන මං ඔස්සේ පරෙස්සමෙන් එක්කාගෙන ගිය රැන්ඩිට ස්තූතියි. මේ සුන්දර පරිසරය ගැන ලිපියක් ලිව්වෙ බොහොම පැකිලීමෙන්. මන්ද ලිව්ව පමණින් මෙහි ගොස් සොඳුරු සොබා දහම වනසන , සහ එහි ව්‍යාපාර අරඹා ගම්මුන් ටුවරිස්ට් ඒගන්ට්ලා කොට ගමේ මිනිසුන්ගේ ස්වභාවික ජීවිතය අවුල් කරන අයත් ඉන්න නිසා. ඒ නිසා මෙන්න වැන්දා , පරිසරේට ආදරේ නැතිනම් පරිසරය පැත්ත පලාතේ නොයන්න. ආදරේ වැඩිනම් ඒත් නොයන්න. පරිසරයේ තමනුත් එක සතෙක් බව දෑනේ නම් පමණක් යන්න. 

ගිය අවුරුද්දේ වීඩියෝ දසුන් තාම පරණ ෆෝන් වලය. මෙන්න 2013 සිරිපා ගමනේ රූගත කිරීම ... 

මෙවර රූගත කිරීමේ විඩියෝව එන අවුරුද්දේ බලාපොරොත්තු වන්න. :)




20 comments:

  1. සිරිපා කරුණා කිරීමේදී නඩයේ සියලු දෙනා පේ වී ගමන් කල යුතුයයි මතයක් පවතින අතර සතියකට වඩා පේ වෙන්නේනම් එය යහපත් වනු ඇත

    ReplyDelete
  2. මෙයත් සිරීපාහෙ ගිහින්... අපිත් අවුරුදු ගාණකට කලින් ගියා හැටන් නල්ලතන්නිය පැත්තෙන්.. ඒත් මරේ වතු යායක් හරහා ගිය බවක් මතක නෑ... මේ නල්ලතන්නියේ ඉඳන් යන සාමාන්‍ය පාර නෙමෙයි ද?

    තුන්සීයටත් සුභපැතුම් කියමුකෝ එහෙනම්....

    ReplyDelete
  3. මිස් ඉතින් තමන්ටම කියලා ස්කූටියක්වත් ගන්න කාලෙ හරි ඈ.... හැමදාම ටීවීල් වල යන්න බෑ නෙව.

    පොටෝ අල්ලපුවා දාලා තියෙන්නෙ ලිපියට අදාල නැති තැන්වලනොවැ.

    අපිත් සිරිපාදෙ කරුණාකළා නෙව මේ පාර. මුලින් හිටිය නඩේට පොඩි බස් එකක් යොදාගෙන තිබුනත් යන්න කලින් දවසෙ බලද්දි ඉන්න ගානට වෑන් එකකුත් වැඩි. අන්තිමේ බස් එක අයිති කෙනාට දුන්නම ඩ්‍රයිවර් නැතිව වෑන් එකක් දුන්නා. කස්ටිය මාරුවෙන් මාරුවට මාතලීගෙ රාජකාරියත් කොලා.

    ReplyDelete
  4. නියම ගමන් සඟයෝ ටිකක් සමඟ සුන්දර මතක පිරි චාරිකාවක්... 2013 වීඩියෝ එක මරු... මේ පාර එක ඊටත් වඩා හොඳ ඇති... :)

    ReplyDelete
  5. ලිපියේ අන්තර්ගත සමහර කරුණු වල යම් යම් දෝෂ සහිත බවක් දුටුවා. දැන් වෙලාවක් නෑ. ඩොන්ගලේ අනුන්ගේ. පස්සේ වෙලාවක හෙමින් සැරේ ඒ දෝෂ ටික නිවාරනය කරලා දාන්නම්කො.

    ReplyDelete
  6. යෞව්වනයේ සුන්දරත්වයත් පරිසරයේ සොඳුරු බවත් මන්මත් කලා. ලස්සන සටහනක් දිල්.

    ReplyDelete
  7. ටෙනී සපත්තු කියන්නේ මොනවාද ළමයෝ?

    ReplyDelete
  8. හ්ම්!!
    300ට සුභ පැතුම්.

    සිරිපොදෙ ගමනනං කාලෙක ඉඳලා යන්න ඉන්නවා. ඒත් ඉතින් යන්න කවුරුත් නැහැ. තනියම හරි යනවා කියලා හිතාගෙ හිටියට මොනම හේතුවක් නිසා හරි යන්න වෙන්නෙ නැහැ.

    මල්ලි ඉන්න කාලෙනං ඌයි මායි ප්ලෑන් කරේ කොහොම හරි 100 වතාවක් යන්න. මොනව කරන්නද ඉතින්? 50ක් වත් යන්න ට්‍රයි කරන්න ඕනි.

    ReplyDelete
  9. amazing......looking forward to reading more....

    ReplyDelete
  10. නියම ගමනක් !
    ආහ් තුන්සීයයක් ලිව්වද ? මගෙන් සුබ පැතුම් අක්කේ !
    ජීවිතේ මල් !

    ReplyDelete
  11. @Anonymous
    .
    අනේ මන්දා... ඒක කවදාවත් වෙන්නෙ නැහැනේ කොච්චර ට්‍රයි කලත්... :)

    ReplyDelete
  12. @තිසර
    .
    මේක නල්ලතන්නියෙන් පටන් ගත්තත් කෑලේ මෑදින් යන අතුරු පාරක්. පඩිපෙලට වඩා ඉතාම සුන්දරයි....

    ස්තූතියි සුබ පැතුමට ඈ :)

    ReplyDelete
  13. @Roshan Herath
    .
    .
    ආහා ඒකනේ අපිත් ගියානේ....
    අපි නම් දහදෙනයි නඩේ...
    හරි සෝක්...

    ස්කූටියක් වත් ගන්නෝනි තමයි :)

    ReplyDelete
  14. @අනුරාධ
    ...
    හා හා දොස් නිවාරනය කරන්නකෝ
    :)

    ReplyDelete
  15. @Chandi
    .
    .
    ස්තූතියි ඉතින් හැමදාම ඇවිත් යනවාට :)

    ReplyDelete
  16. @arugeadaviya
    .

    අනේ මන්දා අර ඉස්කෝලෙ දාන ජාතියෙ එක ...

    ReplyDelete
  17. @~ChAnDiKa~
    .
    .
    හයෝ මල්ලි ... ඉතින් අපිට කියන්න එපැයි ... එන පාර යන් !

    ReplyDelete
  18. @මධුරංග
    .
    .
    ස්තූතියි මල්ලි...
    හෙ හෙ

    ReplyDelete
  19. අර උඩ තියන පොටෝ වල මං වගේ එකෙකුත් ඉන්නව.. සෝක් සිරිපා ටුවර් එකක් ගිහින් නේද දිල්සාර් ටීච.

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->