ඉන්දීය මෝටර් රථ මඟී ආරක්‍ෂක පරීක්ෂණවලින් අසමත්


මෝටර් රථවල ආරක්ෂාව සම්බන්ධ ජාත්‍යන්තර ආයතනයක් විසින් පවත්වන ලද පරීක්ෂණයකින් ඉන්දියාවේ ජනප්‍රියම මෝටර් රථ අසමත් වී ඇත. මෙම පර්‍රික්ශණයේදී පැයට කිලෝමීටර් 40ක වේගයෙන් ධාවනය කල මෙම රථ කොන්ක්‍රීට් ගල් ගොඩක කෙලින්ම ගැටෙන්නට සලස්වා ඇති අතර එය තවත් වාහනයක මුහුණට මුහුණ ලා සිදුවන ගැටීමක් අනුරූ කිරීමක් (simulation) ලෙස සිදුකොට ඇත. මෙහිදී ටාටා නැනෝ රථය ලබාගත් ලකුණු ප්‍රමාණය බිංදුවක් බව මෙම ආයතනය පවසයි. 

යුරෝපයේ සහ උතුරු ඇමෙරිකාවේ මෝටර් රථවල ආරක්ෂාවට අදාළ විධිවිධාන සමඟ සලකා බැලීමේදී, ඉන්දියාවේ නිපදවන කුඩා වර්ගයේ මෝටර් රථ වර්ග පහකම තිබෙන්නේ වසර විස්සකටත් පෙර පැවති ආරක්ෂක විධිවිධාන බව Global NCAP ආයතනය කළ සමීක්ෂණයෙන්පෙන්නුම් කෙරෙයි. මෙම පරීක්ශණ මාලාව NCAP හෙවත් New Car Assessment Programme ලෙස හඳුන්වයි.

“ඉන්දියාවේ තියන අවාසනාවන්ත තත්වය තමයි, මේ පරීක්ෂණ සම්බන්ධයෙන් ප්‍රමිතියක් නැති වීම. ඒ නිසා එවැනි පරීක්ෂණයකදී ඉන්දියාවේ මෝටර් රථ අසමත් වීම පුදුමයක් නෙවෙයි. Global NCAP ආයතනයේ ප්‍රධානී ”ඩේවිඩ් වෝඩ් පවසයි.

ලෝකයේ ලාබම මෝටර් රථය වන ‘ටාටා නැනෝ’ සහ ‘Ford Figo’, ‘Volkswagen Polo’, 'Maruti Suzuki Alto 800' සහ ‘Hyundai i10’ වර්ගවල මෝටර් රථ ද අසමත් වාහන අතර වෙති. එම සියලුම වාහන නිපදවනු ලැබ තිබෙන්නේ ඉන්දියාවේය.

වේගයෙන් ඉහල යමින් පවතින ඉල්ලුම හමුවේ එම වාහන ලාභයට නිපදවීමේ අරමුණින්, රිය අනතුරකදී මගී ආරක්ෂාව සඳහා සවි කෙරෙන වායු මල්ල(Air Bag)ආදිය ඉහත කී වර්ගවල වාහනවලට සවිකොට නැති බව පැවසෙයි.

මෝටර් රථ අනතුරුවලින් ලොව වැඩිපුරම පිරිසක් මරුමුවට පත් වන රට ඉන්දියාවයි.

මේ පිලිබඳව ප්‍රතිචාර දක්වන ටාටා සමාගම සිය වාහන ඉන්දීය ආරක්ශණ සම්මුති (Indian Safety Standards) සියල්ලම සමත්වන ලෙස නිර්මාණය කොට ඇති බව පවසනවා. හයුන්ඩායු සමාගමද මෙම ස්ථාවරයේ සිටින අතර මරුති-සුසුකි සමාගමේ ප්‍රතිචාරය මේවන විට ලැබී නැහැ. ෆෝඩ් සමාගම සිය මෝටර් රථවල ආරක්ශණ විධිවිධාන පූර්ණ සමාලෝචනයක බඳුන් කරන බවට පවසනවා.

Source : http://www.businessinsider.com/indian-cars-are-unsafe-group-says-2014-1

Comments