Wednesday, January 29, 2014

නිරුවතට බය ඇකඩමික් ජිව්ත....


ටික කාලයක් නොලියා ඉදලා ආයේ ලියන්න පටන් ගන්නවා කියන්නේ පට්ට අමාරු වැඩක්. අනික කටින් කියනවා වගේ මුණට කෙලින්ම කියන්න බැරි වෙන එක ඊට වැඩිය අවුල්. අද මේ ලියමන ඇතුලේ කියන්න යන දේවල් උඹලට තේරෙයි ද කියන්න මං දන් නැහැ. අඩුම ගානේ මගෙ ඇග ඇතුලේන් කෑ ගහලා කියන දේ වත් මේ අකුරු වලින් පිලිවෙලකට ලියන්න පුලුවන් වේයිද කියන්න වත් මං දන් නැහැ. ඒත් කරන්න දේයක් නැහැ මට මාව එපා වෙන්න කලින් මේක කියලා දාන්න ඔනේ. කවුරු කියේවුවත් නැතත්.


ලංකාව ඇතුලේ අපි ජිවත් වෙනවද...මම හැමදාම මගෙන් අහලා බලපු ප්‍රධාන ප්‍රශ්නයක් ඕක. මට අනුව නම් හැමදාම උත්තරය. නැහැ. අපි මේ දුපත ඇතුලේ හැමදාම මැරේනවා කියන එක විතරයි තියේන එකම උත්තරය. අපිට මේ තියෙන ඇකඩමික් ජිවිතයත් ඒක්ක අපිට කවදාවත් ජිවත් වෙන්න හුස්ම ගන්න බැහැ. අපි හැමදාම වැඩ කරන්නෙ plan එකකට. ඊලග තප්පරය, අපි මේ වෙනකොටත් සැලසුම් කරලා ඉවරයි. මනුෂ්‍ය ජිවිත්‍යක් ඇතුලේ සැලැස්මක් කියන්නෙ රාමුවක් ඇතුලේ කරන පරික්ෂනක්(experiment) වගේ වැඩක්. උවමනා කරන තත්ව එක්ක කරන ගනුදේණුවක්. අදාල තත්වය(condition) නැති උන ගමන් අපේ test ඉවරයි. අපි මේ ගත කරමින් ඉන්න ඇකඩමික් ජිවිතයත් ඒ වගේ තමා. කාගේ හරි කොන්දේසි වලට යට වෙලා, කාගේ හරි සැලැස්මක කොටස් කාරයෙක් වෙලා. අපි අනුගේ පරික්ෂණයක් වෙනුවෙන් මැරේන්න ඉන්න මීයෝ වගෙ. අපිට මේකෙන් ගැල විමක් නැහැ. පරික්ෂණය සාර්ථක උනොත් කූඩුව ඇතුලේ හිර වෙලා මැරෙනවා..පරික්ෂණය ආසාර්ථක උනොත් අපි එතනම මැරෙනවා. 

 

ඒත් ලංකාවෙ අපිට මේක හේන ආතල් වැඩක්. ඒක ගැන එච්චර හිතන්න දේයක් නැහැ මොකද පරික්ෂණයක් වෙනුවෙන් මැරේන්න ඉන්න මීයෝ කවදාවත් හිතන්නේ නැහැ මිනිස්සු කන්න බොන්න දෙන්නෙ උන්ව මරන්න කියල.

 

මහින්දට ලංකාව දුපත් වෙච්ච මාර ආතල් එකක් උනාට, මට ඒක පට්ට අවුල්. මොකද අපි එකෙන් උනේ ඉන්දියන් සාගරයේ මුලු ගැන්විච්ච එක. කොටින්ම ලංකාව කියන්නෙ අනාථයගේ නාවාතැන් පොලක් උනා. ඒක විජයගෙන් පටන් අරන් ඉන්දියන් ධිවරයා දක්වා පිලිවලට ලියන්න මං මගේ වචන නාස්ති කරන එක අපරාදයක්. අශෝකගේ හිතුවක්කාර ධර්ම ප්‍රචාරනයේ ඉදන් නූතන මානව හිමිකම් අතපේවීම දකවා ලංකාව නිකන් ඒක එක් කේනාට ආතල් දේන්න දැගලුව අතවරයට පත් වෙච්ච රටක්.


අපි නිකන් අවුරුදු 2500 ඇතුලේ හිර වෙලා මාර ත්‍රිල් එකක ගන්නේ. ඒත් ඒක ඇතුලේ අපේ කියලා මේලෝ දේයක් නැහැ. ඔක්කොම අනුන්ගෙන් ශුක්‍රානු. අපිට අපේ කියලා ඉතිහාසයක් තිබුනත් ඒක අපේ අයට ආතල් දේනවා මදි හින්දා අපි අර 2500ම  බදාගෙනම ඉන්නවා. 

 

අපි ඇකඩමික් වෙන්න පටන් ගන්නෙ ඉපදුන දවසේ ඉදන් මයි. පවුලට ඔනේ විදිහටයි, ආගමට ඔනේ විදිහටයි, රටට ඔනේ විදිහටයි, ජාතියට ඔනේ විදිහටයි.......මේක ඉවර කරන්නෙ කොහෙන්ද අපි. අපි පට්ට වහල්ලු තාම. අවුරුදු 2500 ඉතිහාසය ඇතුලේ ලිංගිකත්වය ගැන කතා කරන්න බැරි. මිනිස්සුන්ගේ පරිනාමනය ගැන  සංස්කෘතියෙන් එලියට ගිහින් බලන්න බැරි. ඔහේ ඉපදිලා, තව කවුරු හරි වෙනුවෙන් ඔහේ මැරෙන්න දගලන ගුහාව ඇතුලේ හිර වෙච්ච නාකි සිංහයෝ වගේ අපි.

 

මට අනුව සිද්ධාර්ථ කියන්නෙ මේ කියන ඇකඩමික් කියන එක හා නන් ඇකඩමික් කියන කාලාප වල හොදට හැසිරුන චරිතයක්. එත් ගෞතම කියන චරිතය ඇතුලේ අපි කතා කරන බෞද්ධ කතාවට වඩා මට සිද්ධාර්ථ තරුණයා ලගයි. මොකද එයා මාලිගාව ඇතුලේ පට්ට සැපක් විදින ගමන් තමයි සතර පෙර නිමිති දැකලා හිතන්න පටන් ගන්නේ. ඒ වෙනකන් එයා ඉන්නෙ සතුටක් ඇතුලේ. සිද්ධාර්ථ හොදට කැවා, හොදට යලුවෝ එක්ක පිස්සු නැටුවා, රාජ කුමරියෝ ඉස්සරහා වැඩ දැම්මා...අන්තිමට බැන්දා, ළමයි හැදුවා. එත් අන්තිම එයා ගෞතම කියන චරිතය උනාට පස්සේ එයා අතීතේ කරපු ඔක්කොම අවුල් කියලා කියන්න හදන්වා. සිද්ධාර්ථ හිර වෙච්ච් තැන ඉදන් එයා කතා කලේ රමුවක් ඇතුලේ. එයාට බැරි උනා දුක කියන තැනකින් මිදිලා සතුට කියන තැනට පරාරොපනය වෙන්න.

 

අපි ඇයි මේ ආගමික ශාස්තෘවරුන්ගේ ලිංගික ජිවිත ගැන කතා නොකරන්නෙ. ලංකාවවේ ගොඩක් අයට ලග සිද්ධාර්ථනේ, දැන් අපි දන්නේ එයාට රාහුල කියලා ළමෙක් හිටියා කියලා විතරයි. ඊට කලින් එයා මාලිගාවේ පට්ට සතුටින් හිටියා කියලා කතා කරන් නැත්තේ ඇයි. මේක මේ සිද්ධාර්ථගේ වත් ගෞතමගේවත් වරදක් නෙමේ. ආගම කියන එක පරීනාමනයත් එක්ක ඇති වෙච්ච අවුලක් කියලා මට හිතෙන්නේ. අපේ ලීංගික බේලහීන, ලිංකිකත්වට බය සැදහවත් මිනිස්සු මේක ආගම කියන තැනින් අයින් කලා. 


අපි තව මිනිහෙක්ගේ ලිංගික කාළාප ගැන හාදාරන් ඇතුව, අපි කොහොමද ඒ මනුස්සයිගේ ඉදිරී පැවැත්මක් ගැන තිරණයකට එන්නේ. කොටින්ම බිරිඳයි සැමියයි අතරේ ලිංගික කළාප ගැන එකිනේකාට අවබොධයක් නැත් නම් එතනින් එහාට කොහොමද ඒ පවුලේ පැවැත්ම ගැන අපි කතා කරන්නෙ. මේක ආගමත් පොදුයි. අපි දූපතක් විදිහට වහන්න කොච්චර හැදුවත්. මිනිහෙක් ගේ වෙනස් වීමේ දිශානතිය කියන්නෙ ලිංගික අශාවෙ වෙනස් වීම්. අපි ලිංගිකත්වය ඇතුලේ කොච්චර විශාල වෙනවද කියන එක ඇතුලේ අපි අපේ පැවැත්මේ විශාලත්වය ඇති කර ගන්නවා. 


මං කියාගෙන ආපු මේ ඇකඩමික් සංකලපය ඇතුලේ අපි මේ ලිංගිකත්වය කරන්නේත් අදාල පරික්ශන තත්ව යටතේ. කවුරු හරි කියා දිපු විදිහට. ලංකාවෙ අපි රමණය කියලා දන්නෙ බැදලා ඉවර වෙලා කාමරය ගිහින් කකුල් දෙක පන නැති වෙනකන් එකිනෙකාව බදාගෙන ඉන්න එක විතරයි. ඒත්  ලිංගිකත්වය කියන්නෙ, රමණය කියන්නෙ එතනින් එහාට ගිය ඊට වඩා ගැඹුරු කතාවක්. මිනිස්සුන්ට අලුතෙන් ජිවිතයක් දේන්න පුලුවන් තැනක්.


මේ කතාව මෙච්ච්ර අදුරු කලේ ආගම කියන සංකල්පය . නිකමට හිතන්න ගෞතම කියන චරිතය ඇතුලේ එයාට පවුලක් ඉදලා එයා, එයාගේ ලිංගික ජිවිතය ගැන එයා විවරනයක් කලා නම්, අපි මේ ඉන්න තැනක හිර වෙන්නේ නැහැ.(මෙතන මම වැඩිපුර ගෞතම කියන චරිතය ගැන කතා කරන්නෙ මම වැඩිපුර දන්න චරිතය එයා නිසා) පොදුවෙ ලංකාව ඇතුලේ ව්‍යප්ත අනෙකුත් ආගම් දරන්නේද මේ හා සමාන මතයක්.


ලංකාව ඇතුලේ තියන විශ්ව විද්‍යලවල පවා මේ තත්වෙ මෙසෙමයි. අපිට හම්බේන සිමාවෙන් එලියට ගිහින අලුත් ජිවිතයක් වෙනුවෙන් හුස්ම ගන්න ඒ ඇකඩමික් ජිවිත වලට බැහැ. කොටිනම් ඒක කොච්ච්ර සිමා සහිත  සිතිමක්ද කියනව නම්. කට්ටිය එකතුවෙලා මොනා හරි වැඩක් කරමු කිවුවොත් උන්ට මතක් වෙන්නෙ පහන් පිංකම්...බොඪි පුජා...කෙලවරක් නැති පින් කම්

 

සමාජයේ හා මිනිසුන්ගේ වෙනස් විමක් වෙනුවෙන්  චින්තන්යේ වෙනස කිරිමක් වෙනුට මුන් තොර ගන්නෙම යල් පැනපු පුහු මතවාඳ....එක එකාට ගොන් ආතල් දේනවට වැඩිය ඇයි මුන්ට තොර ගන්න බැරි රාමුවෙන් මිදුන පාරක්...මේ කොහොම කිවුවත් ලංකවේ ඉන්න හොඳම පොත් ගුල්ලො අතරින් අරෙහෙම මහ විශාල වෙනසක් බලපොරොත්තු විමත් වැරදී. මොකද අපි ඒ 70 80 කාලේ වගේ සවර්ණමය යුගයක් ආයේ අපිට එන් නැති නිසා. ඒ වගෙ නිර්මාණශීලි, කැකැරෙන් ලේ තියෙන තරුණයෝ දැන් කැම්පස් එන් නැහැ. උන්ව පාසෙලේ රාමුව ඇතුලේම මැරෙනවා.


මහ බොරු මතවාද වෙනුවෙන් කෑ ගහන කැම්පස් ඇතුලේ කවියක් ලියල එල්ලන්න තැනක් නැති තරමට දැන් කවී ලැලී වල ඉඩ නැහැ. එවායේ තියේන්නෙ දැන්වීම් පමනී. කපල් පැකෙජ් එකයි, ඩොන්ගල් ගැනයි, ඇරෙන්නෙ වෙන ඇති මගුලක් නැහැ. අඩු ගානේ මිනිස්සුන්ගේ රසවින්දන උදෙසා මිල කිරිමකින් තොරව දෙන රසවින්දනයක් දැන් මේහි නැත. ඇත්තේ fund එක ගොඩ දා ගන්න කරන සල්ලි ගැරිමකී. 


ටේලෙර්ගේ, ෆියොල්ගේ, මායෝගේ කලමණාකරනයෙන් මෙපිට හිතන්න බැරි. තව එකෙකුගේ ජිවිත්‍යක් වෙනුවෙන් හුස්ම ගන්න දන් නැති. පොත්ගුල්ලන් රාශියක් සමග මට ගේවිමට ඇති කාලය මට ඇකඩමික් ජිව්තයේ පර්හානිය මොනවට පෙන්වයි.(මේය මට අදාල විශ්ව විද්‍යලය හා බැදේ. අනෙකුත් එවාද මිට මහ ගොඩකින වෙනස නොවන බවයි මගේ හැගීම)


කියන්න ගිය එක කිය උනාද යැයි සැකයක් ඇත. එහෙයින් කියවන උබලාට එක පොටක් හරි අහු නොවීම ගැන මගේ අමනාපයක් නොමැත.



43 comments:

  1. ප්‍රතිචාරය දානවා මං තේමා කීපයක් ඔස්සේ.
    කළමනාකරණ මූලධර්ම
    ඇකඩමියාව කියන එක තුලම තියෙන්නේ යම් ගුරුකුලයකට වහල් වෙන එක.ඉතින් සිතිවිලි සිරවෙලා තියෙන එක පුදුමයක් නෙවෙයි.නමුත් කළමනාකරණය අද ටේලර්,ෆේයෝල්,මින්ස්බර්ග්ලට පස්සේ තව ගුරුකුලවලට ඇද වැටිලා තියෙනවා.(කළමනාකරණ අධ්‍යාපනය)
    දැන්වීම් පුවරුව.
    දැන්වීම් පුවරුවෙයි බිත්ති පුවත්පතෙයි වෙනස අඳුරන්නෙ නැති අය ඉන්නකොට එහෙම තමා.
    භක්තිය තුල සඟවන ලිංගික ජීවිතය
    මෙහෙමයි.අපි කැමති නෑ අපි යම් පුද්ගලයෙක්ව වීරත්වයට නැත්නම් දිව්‍යයත්වයට පත් කරාම අපි කැමති නෑ ඔහුට/ඇයට තරහ යනවා,ඇඬෙනවා,දුක හිතෙනවා,ලිංගික හැඟීම් එනවා කියලා හිතන්න.අනික ලිංගිකත්වය යනු රහසේ තියෙන තාක් කල් ප්‍රමෝදය ලැබෙන දෙයක් කියලා හිතන අය රටේ සංස්කෘතික පොලීසි හදන්න යනකොට තමයි එහෙම වෙන්නේ.www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
    Replies
    1. උබ කියන කතාව හරි පළවනි කරුනු දෙකට. එත් තුන් වනි කරුණ ඊට වඩා වෙනස් මට.

      අපිට විරත්වයක් මවා පාන චරිත ගැන අපි එහෙම හිතන්න අකමැති ඇයි. අපි අන්න එතන ගොඩක් පටලවාගෙන් ඉන්නේ...අපිට එහෙම හිතන්න තිබ්බා මිනිස්සු පරිනාමය වෙන් නැතුව පරන තැනම ඉන්නව කියලා හිතුවා නම්...එත් ගෞතම කියන චරිතය බෞද්ධ දර්ශනය තුල උපරිම උත්සහ ගන්නෙ මනුස්සයෙත් කියල පෙන්වන්න එහෙම බැලුවොත් ගෞත්ම කියන්නෙ බෙලෙහීන චරිත්‍යක් වෙන්වා. මෙකට වගකියන්න ඔනෙ පටු දැක්මෙන්න් ආගම ප්‍රචාරය කල සැදැහැවත් මිනිස්සු හෝ සංඝයා හෝ ඒ අදාල අය.

      මට කියන්න ඔනේ කලේ අපි ආගමක් කියන ජිව්න දර්ශනයත් එක්ක ලිංගිකත්ව කියන එක මීට වඩා ගොඩක් බද්ද වෙන්න ඔනේ කියන එක. නැත් නම් අපි හිර වෙනවා අනිවා එක තැනක.

      Delete
    2. මං මෙතනදි ගෞතම බුද්ධ කියන චරිතය වෙනුවට ටිකක් පුළුල්ව දකිනවා.ආදිම යුගයේ ඉඳන් මිනිසා ආගමට බය කරලා තිබ්බා.ඒ භක්තිය මඟින්.අදටත් භක්තියේ නාමයෙන් ආගම ප්‍රචාරය කරනවනේ.ඩා වින්සි කෝඩ් චිත්‍රපටිය ලංකාවේ තහනම් වෙනවා.ඉරිදට ලමයිව දහම් පාසල් වලට බලෙන් හරි ගෙන්න ගන්න ටියුෂන් තහනම් කරන්න හදනවා.ඒ භක්තිය තුළ පරම පාරිශුද්ධ චරිත ගොඩ නඟනවා.නිකමට හිතන්න මං මේ වගේ ප්‍රශ්න පන්සලක බණ කියන්න එන හාමුදුරුවන්ගෙන් ඇහුවොත් දායකයෝ මට මොනා කරයිද කියලා?www.amuthusithuwili.wordpress.com

      Delete
  2. //// අවුරුදු 2500 ඉතිහාසය ඇතුලේ ලිංගිකත්වය ගැන කතා කරන්න බැරි. මිනිස්සුන්ගේ පරිනාමනය ගැන සංස්කෘතියෙන් එලියට ගිහින් බලන්න බැරි. ඔහේ ඉපදිලා, තව කවුරු හරි වෙනුවෙන් ඔහේ මැරෙන්න දගලන ගුහාව ඇතුලේ හිර වෙච්ච නාකි සිංහයෝ වගේ අපි. /////

    උක්ත උපුටා ගැනීමට පට්ටම ලයික් ය.

    ආගම යනු අබිං කෑමක් වැනි ය. - කාල් මාක්ස්
    උප්පත්තිය තීරණය කරන ලිංගික චර්යාවන් කැසිල්ලක් මෙන් ය ( හොරි ) - සඳරු ( බෙන් )

    කහන්න කහන්න සනීපයි.

    මං ගෞතම කියන දාර්ශනිකයාගේ හේතු ඵල දහමට ලැදි ය සහ මධ්‍යම ප්‍රතිපදාව යෝග්‍ය බව විශ්වාස කරමි. මන්දයත් එහි ඇත්තේ ඇදහිල්ලක් නොව දර්ශනයකි. ඇදහිල්ල ගැන මා තුල ඇත්තේ අවඥා සහගත හැගීමකි

    ReplyDelete
    Replies
    1. බුදු දහම දර්ශනයක් විදිහට ගොඩක් දුරට සාර්තකයි, මට පෙනුන අඩු පාඩුව තමා මම කතා කරන්න try කලේ. ජ්විතේ ගොඩක් දේවල් පිලිබඳ කතා කරපු දර්ශනයකට ලිංගිකත්වය වගේ එකක් මග හැරුනා වෙන්න බැහැ. මේක අපේ අයට ඔනේ විදිහට හදලා වෙනස කලා.

      Delete
  3. uba kiyana eka hariyatama hari putha eth 100 % ekaga wenna beri ewath tiyenawa .009% k withara kese wethatha tarkayaniwaradi

    ReplyDelete
    Replies
    1. උබ කියන එකග නොවන් කාරනා ගැන දැන ගන්න කැමති...උබේ තර්කයත් එක්ක හොද පිලිතුරක් බලාපොරොත්තු වෙමි...

      Delete
  4. කියවලනම් ඉවර කලා..පිස්සු වගේ

    ReplyDelete
    Replies
    1. වැඩිය හිතන්න් එප පුතා...එත් කල්පනාකරල බලපන් මෙහෙම දේයක් ඇත්තට අපිට වෙනවද කියලා..ඉට පස්සේ අයේ කියවලා හිතන්න් පටන් ගනින්...

      අපි ඉන්නෙ දැන් කොහොමත් උමතුවෙන් තමා. එකනෙ බං ඇත්ත මොකක්ද කියලාවත් හොයා ගන්න බැරුව අතරමං වෙලා ඉන්නෙ.

      Delete
  5. හරකෝ, ජාත්‍යන්තර හෙළුවැලි සංස්කෘතිය අපට එපා. පෙ රටේ තාත්තලා දුවව දූෂණය කරන තත්වයට ආවේ මේ දූපත ඇතුලට ඔය ජාත්‍යන්තර ගූ ගොඩවල් ආව නිසයි. සිද්ධාර්ථ දවසට බඩු සීයක් ගැහුවත් අපට වැඩක් නැහැ. අපට වැදගත් වෙන්නේ බෞද්ධ දර්ශනය විතරයි. තොට ඕනෙනම් සිද්ධාර්ථ ගහපු බඩු ගණන, ගැහුවේ බඩුවේද පුකේද ආදී දේවල් හොයමින්, මෝඩ කුහක කමින් ඉඳලා මැරිලා පලයන්.

    ReplyDelete
    Replies
    1. ඇනෝ.. උබට පුලුවන්ද උබෙන් පිට උබේ උබේ පැවැත්ම ගැන කාතාවකට එන්න. පොඩ්ඩා ඇස් ඇරලා බලපන් මේක ආගමටත් පොදුයි. සිද්ධාර්ථ ගහපු බඩු ගණනන කර කර ඉන්න අපිට ඔනේ නැහැ, එත් සිද්ධාර්ථ ඒ කතා එයාගෙ දර්ශනය ගෙනාව නම් මේ කතාව උබ මේ විදිහට මේකෙ type කරන් නැහැ කියල මං දන්නවා....

      අනික සුදිදෝ එන්න කලින් අපි බැදපු ගැනිත් එක්ක විතරක් නිදා ගත්ත කියල උබ ඔප්පු කරන්නෙ කොහොමද...

      Delete
    2. මෙම Anonymous කලින් කියූ දුපත් රාජධානියේ ම කුඩා දුපතක වැසියෙක් බව ඉතා හොදින් පෙනීයයි

      Delete
    3. යකෝ දූපතක නෙවෙයි අබ පියල්ලක හිටියත් ලෝකය අවබෝධ කරගන්න ලෝකය වටේ යන්න ඕනේ නැහැ. විශ්වයේ කෙලවර හොයන්න යන්න එපා. තමන්ව අවබෝධ කරගනින් කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ ඒකයි. අර රටේ මෙහෙමයි මේ රටේ මෙහෙමයි කියා කියා ඉන්නේ නැතුව තම තමන් හැදියල්ල. ඒක ආත්මාර්ථකාමී වැඩක් නෙවෙයි. ලෝකේ හැටි මෙහෙමයි කියලා අවබෝධ කරගෙන තමන් හැදුනම ( ආගමක් ඕනේ නැහැ) ලෝකෙම හැදිලා ඉවරයි. ඔය සරල කාරණය අවබෝධ කරගන්න බැරුවයි උඹලා ඔක්කොම තප්පුලන්නේ.

      Delete
  6. මටනම් කතාව ලෙසටම සෙට් වේ.. ඔයා නිතර ලියන්නේ නැත්තේ ඇයි.. අපරාදෙනේ

    ReplyDelete
    Replies
    1. ඔයාගේ ජීවිත කතාවද වස්තුවේ

      Delete
    2. අපරාදයක් වෙන්නෙ කතාවද ලියන් නැති එකද...පුලුවන් හැම වෙලාවකම ලියන්න try කරනවා...ස්තුතියි අදහස් දැක්වීමට.

      Delete
    3. ඇනෝ @මෝඩ ප්‍රශ්න අහන්න එපා මනුස්සයෝ

      @රස්ති . නොලියන එක.

      Delete
  7. සම්ප්‍රදාය කඩලා කුඩු කරලා තමන්ගේ ගමන ගියාම වැඩේ අහවරයි. සිත් සැහැල්ලුවෙන් ජීවිතේ ගෙවන්න පුළුවන්..

    ReplyDelete
    Replies
    1. සිරාවට ඒක තමා කරන්න ඔනේ..නැත්නම් මේ ගමන ඉවරයක් කරන්න බැරුව යනවා. ඒත් බං සමාජයක් විදිහට ඒ වගේ තලයකට එන්න ගොඩක් දේනා බයයි.

      Delete
    2. එක එකාට බයේ ජීවත් වනවට වඩා හොඳයි, සයනයි කාලා මැරෙණ එක. කියන්නේ නම් මහා නිර්භීත ජාතියක් කියලා.. ඒ උනාට හැම මළදානෙටම බයයි. කොටින්ම දේශපාළඥයෝ පෙන්නන බිල්ලන්ටත් මාර බයයි.. ගොන් හරක්..

      Delete
    3. ඒ මිනිස්සු ටික එතනින් එලිට ගන්න විදීහක් බං අපි හොයන්න ඔනේ. ඒක කරන්න නම් ලේසි නෑ. පොඩි ඇන්දිල්ලක් නේමේ බං අන්දලා තියෙන්නෙ. ඒහේමයි කියලා උඩ බලන් ඉන්න එකත් මොඩ වැඩක් බං.

      Delete
    4. මට ඔය රාමුව කියන වචනයම විහිළුවක්...තමන් තමන් නොවීමම තමයි අපේ කූඩුවීම. මම උත්සාහ කරා....මම ජයග්‍රහනය කරා යම්තාක් දුරට..මට ඒ ඇති. මම බොහෝ දේ කරේ රාමුවෙන් පිට. මම කියන්නේ නිදහස් වෙන්න ඕන නම් සැහැල්ලුවෙන් හිතන්න. අනිත් අයටත් සැහැල්ලුවෙන් හිතන්න ඉඩ හරින්න (බිරිඳට, දරුවාට ) එක් එක් අය නිදහස් වෙන්නේ, සැහැල්ලු වෙන්නේ වෙන වෙන ආකාරයට.

      Delete
  8. මම වෙනස් විදියට හිතන කෙනෙක්.ඒකයි යකා කියන්නෙ.යකා නිර්මලයි කිසිම සංස්කෘතියකින් බැදිල නෑ.ගෞතමගෙ ජීවන චරිතය ගැන මටත් ගැටලු තිබෙනව.එයා තමන්ගෙ ආයතනය පිහිටුවා ගත්ත කතාව හරි.ඒත් එයා මිනිස්සුන්ට ලෝකෙ එපා කෙරෙව්ව.එහෙම එපා කරවීමට භාජනය වුන එකා හැම වැඩක්ම කරන්නෙ දෙකට දෙවාරෙ වරදකාරී හැඟීමෙන්.ගෞතම මටානම් සාමාන්‍ය උතුරු ඉන්දියානුවෙක් විතරයි.එයා ගැන වෙනස් විදියට හිතන්න මම මැලිවෙන්නෙ නෑ.එයා මෙහෙම කිව්වනම් මම වාගෙ උබලත් ජීවිතේ විදපල්ල ඊට පස්සෙ හිතපල්ල මොකක්ද කරන්න ඕන කියන එක.අන්න ඒ විදියට ආව නම් හරි.

    ReplyDelete
    Replies
    1. ගෞතම වෙනස් කතාවක් ලොකේට ගෙනවා. ඒක හරි. එයා එයාගෙ ජ්විතේ ඇතුලේ හොදට රසවින්දා පස්සෙ එයාට එවා අවුල් කියලා හිතුන නිසා අනිත් අයට ඒක කියන්න පටන් ගත්තා...ගෞතම මේ කතාව කියන්නෙ එයාගේ අතීතයත් එක්ක නේමේ එකයි මට අවුල. එයා කාසාවත නැතුව මේ කාතාවට අවා නම් මේක මීට වඩා හොද වෙන්නත් තිබුනා...

      Delete
  9. අපි දැන් කැම්පස් යාගන්නේ උසස් පෙළ කියන ලොකු rat race එකක් දුවලා. ඒ රේස් දුවන අතරේ පොතක් කියවන්ඩ, ෆිල්ම් එකක් බලන්ඩ, ගමේ ඇවිදින්න වෙලාවක් නෑ ගොඩ අයට. මිස්ලා කියන දේ එහෙම්මම ඔළුවට ඔබා ගන්නවා. out of syllabus මොකුත් බලන්නේ නෑ. මේ ගැන සුදාරක ත් ළඟදී ලියල තිබුණ මතකයි.
    ඉතිං අන්තිමට ඔයා කියල තියනවා වගේම කැම්පස් එන්ඩ කලින්ම ගොඩ දෙනාගේ පරිකල්පනය සහ විචාරය මැරෙනවා. එහෙම දේවල් හොයන අයටත් පිස්සෝ කියල ලේබල් ගහනවා. අන්තිමට මෙලෝ රහක් නැති yes man ලා ටිකක් බිහිවෙනවා.

    ReplyDelete
    Replies
    1. ඉතින් ඇයි එහෙමයි කියලා අපි තවත් බලන් ඉන්නේ...අපි එතනින් එහාට යන තැනකට එන්න ඔනේ නේද කියලා හැගිමක් එන් නැද්ද. පාසැල ඇතුලේ මේක බැරි නම් ඇයි මේ ලොකුවට පාරාදීසයක් කියලා පෙන්වන කැම්පස් ඇතුලේ මෙක කරන්න. නිකන් ගමෙන් එන කොල්ලො මොල් කරන එක නවත්වලා අලුත් විදිහට ලොකේ දකින් පාරක් ගැන සංවාදයක් පටන් ගන් නැත්තේ ඇයි.

      මම අදාල රජයේ විශ්ව විද්‍යාලයට ගිහින් දැන් හරියටම අවුරුද්දක් වෙනවා...ලොකූ පොර ටොක් දේන් කාටවත් බැරි උනා මේ කැම්පස් එක ඇතුලේ එක නාට්‍යක් පෙන්වන්න...එක සංවාදයක් ලැස්ති කරන්න...එල ෆිල්ම් එකක් පෙන්නලා ඒක් ගැන කතා කරන්න...මිනිස්සුන්ට නිවැරදි රස්වින්දනයක් නොමිලේ ලබා දේන්න...අඩුම ගානේ කවියක් ලියලා දාන්න කවි ලැල්ලක් සවි කරන්න...කතාව නිදහස් අද්‍යපනේ නිදහසත් අද්‍යපනෙයේ නිදහස...මේවා නිකන් පිකට් කරලා විතරක් ගොඩ දාන්න පුලුවන් ඒවා නේමේ කියලා උන්ට තේරෙන් නැහැ. මට දැන් ලංකාවෙ කැම්පස් ගැන තියෙන්නෙ පට්ට කලකිරිමක්...එත් මට පුලුවන් උපරිම දේ මං කරනවා......

      Delete
    2. මට පුළුවන් මුලිකම දේ අරයා මෙයා ගේ approval බල බල පදේ වෙනස් නොකර තමන්ට අවංකව ජීවත් වෙන එක.
      පුළුවන් විදියට ලියන වැඩේත් ඔයත් මමත් මේ දෙන්නම කරන්නේ...

      ඒ උනාට බහුතරයක් සිංහල බ්ලොග් වල ලියන ඒවා දැක්කම පෙනෙන්නේ මිනිස්සු තමන් අල්ලන් ඉන්න මතවලින් මිදෙන්න අකමැති බවක් මිසක් අලුතින් දෙයක් හිතන්න කැමති බවක් නෙමෙයි. සම්ප්‍රදාය කබල් ගාන එක තමයි දැන් ෆැෂන් එක. එහෙම කරන අයට හරි ශෝක් අනේ කියන අය තමයි වැඩි. නෑ ඔහොම නෙමෙයි මෙහෙම දේවලුත් තියෙනවා කිව්වොත් ඉතින් එක්කෝ දේශද්‍රෝහියා හරි NGO කාරයා හරි දැන් අලුත්ම එක ස්ත්‍රීවාදියා වගේ label එකක් දෙනවා. :D හරියට ගවේෂණය කරලා විචාරයක් කරන අය හරිම අඩුයි. එක එක පාට කණ්නාඩි දාගෙන ෆැන්ටසි වල ජීවත් වෙන්ඩ මිනිස්සු හරි ආසයි. ඒවා ගලවන්ඩ ඉඩ දෙන්නේ නැත්තේ යතාර්තයට තියෙන බය නිසා වෙන්න ඇති.

      Delete
    3. කතාවට මම එකගයි. අපි කාගේ හරි approval බල බල ඉන්නවා කියන්නෙ අපි කවුරු ලග හරි හිර වේනවා කියන එක.

      ලංකාව ඇතුලේ කොහොමත් අලුතෙන් දෙයක් සමාජ ගත කරනවා කියන්න මහ පට්ට අමාරු දෙයක්. අපේ සංස්කෘතික රමුවත් එක්ක හැප්පේන්න ගොඩක් අය බයයි. එකට විරුද්ද උනහම අර ඔයා කියන ලේබල් වදින එක අපේ උන් දැන් පුරුද්දක් කර ගෙන. ඒක කරන්නෙ ලොකු අරමුණක් පාදක කරගෙන. ඒක දේශපාලන අරමුණක්.

      ලංකාව ඇතුලේ දේශපාලන වට පිටාව මේ කතාව මාකට් කරලා තියෙන්නෙ. මොකද ඒ ගොල්ලො depend ඒක මත හින්දා. අපි ගොඩක් වෙලාවට අපේ සංස්කෘතිය විකුණන් කනවා. ඒක දේශපාලකයිගේ ඉදන් ආගමික පුජකවරු දක්වා. ඉතින් ඔය කියන සංස්කෘතිය නැති කර ගන්න එක එයාලගේ පැවැත්මට බාදාවක්.

      පොදුවේ ඔයා ස්ත්‍රී පදනමක ඉදන් වෙනස් කෝනයකින් ලොකේ දිහා බලන එක ගැන සතුටුයි.(profile ඇත්ත නම්)

      Delete
  10. මේ ප්‍රරශ්නය එන්නේ දෙමවු පියෝ බෞද්ධ නිසානේ.මේකට නියම පිලිතුර තමයි.දර්ශනයෙන් ආගමකට මාරුවෙන්න.එතකොට ඔය අසම්මත සියලුම දේවල් විඳීමේ නිදහස ලැබිලා.ඒඩ්ස්.හරි දිය වැඩියාව හරි හාට එටෑක් හරි හදාගෙන ජීවිතය හොඳින් විඳ්වලා මැරෙන්න පුලුවන්.ගෞතම අපිට අවබෝද කරවන්න උත්සාහ කලේ කෑමට ජීවත් වෙනවාද?ජීවත් වීමට කනවාද? කියනදේයි.කෑමට ජීවත් වෙනවානම් කාලා කාලාම බඩපුරෝගෙන පිපිරිලා හරි කෑමනිසා වෙන ලෙඩක් හදාගෙන හරි මැරියං.මේ අවබෝද කරවන්නට කියාදුන් දෙයින් බිඳක් පමණි.අපේ සංවරය වැදගත් වන්නේ අපගේ අද්‍යාත්මික ජීවිතය යහපත් කර ගැනීමටයි.අපි කවුරුත් කැමතියි ජොලි කරලා ජීවත් වෙන්න.නමුත් මෙහි අවසානය කුමක්ද?ගතට පලනය දෙන්න එපා එතකොට තමයි විශ්වයේ පැවැත්මට අපව නතුකර ගෙන තවතවත් අපව සංසාරයේ ඇවිද්ද වන්නේ.කොතනින් හෝ මේ ගම්න නැවැත්විය යුතුයි.ඒ නිසා බුද්ධිමත් සිතට පාලනය ලබාදෙන්න

    ReplyDelete
    Replies
    1. මේහෙමයි මචං උබේ අර කිවුව දර්ශනයෙන් ආගමකට මාරු වෙනවා කියන එකට නම් මම කොහෙත්ම එකග නැත.

      මට මේ post එක හරහා කියන්න ඔනේ උනේ අපි රාමුවක් ඇතුලේ හිර විම කියන් එක ඇතුලේ ජිව්තේ විදින් නැතුව රැවටිමක් කරනවා කියන එක. උබ ආයෙත් යොජනා කරන්නෙ ඒ රාමුව ඇතුලේම හීර වෙන්න කියලා. ගෞතම අධ්‍යත්මයට ලොකු තැනක් දුන්නා මන් එක පිලි ගන්නවා. නමුත් අපේ සමාජය ඒවට වඩා තැන දෙන්නෙ වෙන පුහු වැඩ වලට. ගොඩක් දේනාට හේතුපල දහම, අභිදර්මය තෙරුම් ගන්න උත්සහ කරන්වද නැහැ. අලුතෙන් බොධි පුජාවක් ආවොත් ඔක්කොම ඒකේ, අලුතෙන් හාමුදුරුවෝ කෙනෙක් බණ කිවුවොත් ඔක්කොම එයා ගාව. අපි දර්ශනයක් ආගමක් ඇතුලේ හිර කරහම ඒ වගේ effect එකක් එන එක අහන්න තරම් දෙයක් නේමේ.

      Delete
  11. Rasthage kathawe gath yuthu then godak thiyenawa. Nirmaanakaranaya, Rasawindanaya wal wedila giya kalakanni yugayaka api inne. 70,80 dashakaya aye enne ne. eka aye genna kisi ekekuta kisi uwamanawak ne. widyuth madya thama eka kewe.(wisheshenma kasi kabal FM nalika saha bala rasawindanayak gena TV nalika.

    Kohoma unath budu dahama kiayanne pattama darshanayak. "Eka eheme thama" nokiya hemadeyakma tharkaanukuulawa pehedili karala dena niyma darshanayak. Lingikathwaya ape rate thahanam mathrukawak karala thiyenawa. eth me kalakanni yugaye eththatama thiyenne lingika ganudenu matha redunu pewethmak. ekata sidhdharthage lingika jeewithaya gena hoyanawata wada man nam hithanne hoda de aragena anawashyade behera karala lingika ganudenu walin ehata giyapu sanwedi samajayak bihikireemata daayka weemai wada hoda.

    http://masandumal.blogspot.com/

    ReplyDelete
    Replies
    1. මට සිද්ධාර්තගේ ලිංගික ජිවිතේ වැදගත් වෙන්නෙ මට ඒ අනුව හැදේන්න නෙමේ. ඒත් ඇයි සිද්ධාර්ත ඒ වගේ මතෘකාවක් කතා නොකලේ.(අනෙකුත් ආගම් ගැන මට ලොකු අවබෝධයක් නැති නිසා ඒ පිලිබද කාතාවක් ගොඩනැගිම ඔබලාට බාරයි) ලිංගිකත්වය ගැන කතා නොකර ඔනේම දේක පැවැතම ගැන කතා කරන එක පලක් නැති දෙයක්. අපිට ඒකෙ දිශානතියවත් පැතිරිමවත් හොයා ගන් නැතුව අපි අතරමං වෙනවා.

      නිකමට හිතපං ගෞතම මේ කියන ලිංගික කාරනාව කතා කරලා තිබ්බා නම් මට මේ වචන් ටික මෙතන මේ post එකක ලියලා කතාවක් ගොඩනගන්න උවමනාවක් ඇහැ. පොදුවේ අනෙකුත් ආගම් කියන එකත් මේකට පොදුයි. උබ නිකමට osho පොත් ටිකක් හරි ඒයා ගැන හොයලා බලපං. osho කියන කතා ජ්විතයට පට්ට ලගයි.(osho වෙනත් ආගමක් හෝ පුජකයෙක් නොවේ)

      Delete
    2. මේකයි රස්තෝ, මේ මාතෘකාව හරියට දෙපැත්ත කැපෙන පිහියක් වගේ..බොහොම පරිස්සමට සාකච්චා කරන්නෝනි..ටිකක් අවදානම් සහගතයි..මේකෙන් රිදෙන පිරිස වැඩියි..කොහොම උනත් මම දකින ආකාරයටනම් ආගම් කියන්නෙත් එක්තරා ආකාරයක විකෘතියක්. මිනිසාගේ ස්වභාවික චර්යාවන් පාලනය කරන මිනිසා යම් රාමුවකට කොටු කරල තියෙන ඔහුව පාලනය කරන විකෘතියක්.. එක අතකට ඒකත් හොදයි. එහෙම නොවුනනම් මිනිස්සු මීට වඩා තිරිසන් වෙනවා. දරුනු වෙනවා.. ආගම කියන්නෙත් මිනිහගෙම නිර්මානයක් නිසා එකෙත් සමහර තැන් තියෙනවා වහල ගහපු..මේකත් එහෙම තැනක්..එහෙම නොවුනොත් ආගමටත් පැවැත්මක් නැති වෙනවා.. ඒ නිසා අවුල් කොටස් ටික අඩු කරල ඒවා හන්ගල තමා අපිට පෙන්නන්නෙ. අපේ මිනිස්සු වැඩිහරියක් නරක දේට ඇබ්බෙහි වෙන ප්‍රවණ්තාව වැඩි නිසා ඒ විදියට නරක කොටස කට් කරල තියෙන එකත් හොදයි එක අතකට..නැත්නම් අපේ උන් නරක ටික විතරක් ගනී හොද ටික අයින් කරල..නේද රස්තො?

      Delete
  12. රස්තා......උඹ නැවත ලියන එක ගැන මට තියෙන්නේ බලවත් සතුටක්.

    මම මේ ලිපියේ බොහොමයක් දේ ගැන එකඟයි. මගේ ජීවිතයට ඒ දේවල් අදාලයි. මම බෞද්ධ ආගම කෙසේ වෙතත් බෞද්ධ දර්ශනය තුල ඇති මගේ සතුටට හේතුකර ගත හැකි දේවල් මම අගයෙන් බාර ගන්නවා(ජීවත්වෙලා ඉන්න කාලය තුල සතුටට ). මගේ සතුට හඳුණන්නේ මමයි. කාටවත් හිංසාවක් නොවී මම මගේ කූඩුවේ ජීවත් වෙනවා. තව කෙනෙකුගේ කූඩුවක ජීවත් වෙනවාට වඩා ඒක හරිම නිදහස්. දූපත් මානසිකත්වය අපව පීඩාවට පත් කරනවා. ඒකෙන් මිදෙන්න වෙන රටකට යායුතු නැහැ. වෙන විදිහකට හිතුවාම හරි. මේ මම.

    උඹට පුළුවන් නම් මේකේ අකුරු ටිකක් ලොකු කරපන් කන්නාඩි දෙකක් ගන්නකන්.

    ReplyDelete
    Replies
    1. උබ කියන කතාව හරී. අපි වෙනස් වෙලා ඉන්න ඔනේ අනිත් අය හදන්න කලින්. මම පෞද්ගලිකව මගේ ජිව්තේ වෙනුවෙන් හදන් ඉන්න දේ තමයි "වෙනසක් ඔනේ නම් ඒ වෙනස තුල ජිවත් වෙන්න ඔනේ කියන එක"

      මේ මතෘකා ගැන අපි මීට වඩා කතා කරන්න ඔනේ බං. නැත්නම් මේවා පීස්සු කියන තැනම හිර වෙනවා.

      පුලුවන් හැම වෙලාවකම මම ලියන්න try කරන්වා බං.

      Delete
  13. ඇත්තටම වෙලා තියෙන්නේ අපි දන්නේ නෑ කියල අපි දන්නේ නැති කම... බුද්ධාගම ආගමක් නෙවෙයි දර්ශනයක් කියල අපි මහා ලොකුවට ගැඹුරින් තේරුම් අරගත්තා වගේ කතා කලාට ඒක අපි දන්නේ නෑ... ඕෂෝ ගැන පොතක් කියවල තීරණ ගන්න එපා මචං... තරුණ කාලෙ නිසා ඕෂෝ කියන්නේ සිරා පොරක් කියල හිතෙයි... හැබැයි ඔයාට ඇත්තටම මේ කියල තියෙන්නේ මොකක් ද කියල තේරුම් ගන්න අවශ්‍ය නම් ඔය මහායානය ගැන, සෙන් දහම ගැන, සතර වේදය වගේ දේවල් ගැන කියවන්න... අවුරුදු 2500ක් අපි ඉගෙන ගෙන තියෙන්නේ තනි බයිලා කියල හිතෙයි... රැල්ලෙන් එලියට ඇවිත් රැඩිකල් වෙන්න.. එතකොට අලුත් බොහෝ දේ හම්බවෙයි....

    ReplyDelete
    Replies
    1. ඔව් මචං අපි සිරාවටම කිසි දේයක් දන් නැහැ කියලා පිලිගන්න ඔනේ. මාත් ඒ ගොඩ් ඉන්නවා. මාත් උත්සහ කරන්නෙ එකෙන් මිදිලා එලියට එන්න. osho කියන්නෙ මට එක පුද්ගලයෙක් විතරයි. උබේ වචන ටිකට මම ගරු කරනවා.

      Delete
  14. උඹට අපිට ඕක මෙහෙම කතා කරන්න පුලුවන් ඒත් සමාජ ගතකරන්න තමයි බැරි. මොකද මේව වැරදි විදියට ඔලුවට දාල තියෙන සංස්කෘතියක් අපට තියෙන්නේ. මේවට මිනිස්සුන්ගෙ බ්‍රෙින් වොෂ් කරන්න ඕනේ..

    ReplyDelete
    Replies
    1. ඒත් මේක පොඩියට හරි කරන්න පුලුවන් නම්...ඒක තමා වටින්නේ.

      Delete
  15. මචන් අපි ජිවිතේ ජිවත් වෙනවද කියන එකත් මට ප්‍රශ්නයක් .කොටා අපි උබල කතා කරපු ජිවිතේ කියන වචනෙට උබ සාදාරන නිර්වචනයක් හොයාගත්තද

    ReplyDelete
    Replies
    1. ජිව්තේ කියන සංකල්පෙට අපි මැරෙනකම්ම නිර්වචනයක් හොයන්න බැරි වෙයි බං...ඒත් අපි හුස්ම ගන්න ලෝකයක් හොයන්න ඔනේ බං... නිදහසේ හුස්ම ගන්න මිසක් බලෙන් හුසම පොවන ලොකෙට එහා ගිය තැනක්.

      Delete
  16. ලිංගිකත්වය කියන්නේ ඉහල තලයක කතා කලයුතු සාර දෙයක් නෙවෙයි.ඊට එහා ආදරය,කරුණාව,දයාව,පරාර්ථය වගේ දේවල් තමයි ලෝකයේ සැම ශාස්තෘවරයෙකුම අගය කලේ.ලෝකය තුල ශ්‍රේෂ්ට වන්නේ ආත්ම අර්ථය අභිබවා පරාර්ථය වෙනුවෙන් ජීවිත කැපකළ විටයි.සහෝ..මා ඔබෙන් පොඩි ඉල්ලීමක් කරන්න කැමතියි.ඔබේ රචනා සංවේදී මිනිසුන් ඇතිකිරීමට මිස නොසන්සුන් කිරීමට යොදා නොගන්න.

    ReplyDelete
    Replies
    1. // ලිංගිකත්වය කියන්නේ ඉහල තලයක කතා කලයුතු සාර දෙයක් නෙවෙයි //

      කෙටියෙන්ම. උබේ මේ කතාවට නම් මම එකග නොවෙ. ලිංගිකත්වයයෙන් තොර පැවැත්මක් ගැන උබට කිසිම කාතාවක් කියන්න පුවන් නම්. මම උබත් එක්ක එකග වෙනවා.

      මගේ ලියමන ඇතුලේ මිනිහෙක් සංවෙදි කරන්න කිසිදු බලපොරොත්තුවක් හෝ උත්සහය මම මෙතෙක් නොගෙන් ඇත. ඇත්ත කාතාව පසේකලා බොරු මවාපෑම් කිරිමෙන් පලක් නොවන බවයි මාගේ හැගීම.

      උබේ අදහස් දැක්වීම ගැන මගේ ප්‍රනාමය. කැමති දිගටම සංවාදයක් ගොඩනා ගනි නම්.

      Delete

මං පටන් ගත්ත කතාව ඉස්සරහට අරන් යන එක උබලට බාරයි.
ඒක වෙන්නෙ කමෙන්ට් හරහා....
මේ සංවාදයකට කාලයයි...